Thursday, August 5, 2010

04. ‘පුහුණු කරන්න’

“දරුවන්ට බාධා කිරීම පිළිබඳව පසුගිය සතියේ අපවිසින් අධ්‍යනය කලෙමුව. මෙවර අධ්‍යනයේ අරමුණ දරවන්ට ඔවුන් වැඩිහිටියන් විමට‍ පෙර, කුඩා කාලයේදීම සුභාරංචිය පැවසීම හෙවත් ක්‍රිස්තුස්වහන්සේ හදුන්වාදීම අවශ්‍ය වන්නේ ඇයිදැයි විමසා බැලීමය”.

‘පුංචි අපි තමයි ලොකු මිනිස්සු වන්නේ; මිනිස්සු හොඳ වුනොත් තමයි ලෝකෙ සැදෙන්නේ !’ ශුද්ධලියවිලි පාඨය :- හිතෝපදේශ 22:6

පැරණි අනුවාදය : ‘දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණු කරපන්න. එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය’.
නව අනුවාදය : ‘දරුවා බාල වියේ දී ම යහ මඟ යවන්න, එවිට ඔහු මහලු වියේදීත් ඉන් ඉවත් ව නොයයි’।


මාතෘකාව :- ‘පුහුණු කරන්න’
අවධානය (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

ළමාවියේදී දරුවා තුළ පැළ කරනු ලබන බීජය ඔහු හෝ ඇය වැඩිහිටියෙක් වූ විටදී මහා ගසක් වනු ඇත। එබැවින් අප විසින් දරුවා තුළ පැළ කරන්නේ කිනම් වර්ගයේ බීජයක්ද යන්න ඉතාමත් වැදගත්ය.


1 ‘මාර්ගයෙහි’
දරුවා යම් කිසි මාර්ගයක යවන ලෙස මෙහි සඳහන් වෙයි. එනම් සුදුසු මාර්ගයේ යවන ලෙස අවවාද කරයි.
• සුදුසු මාර්ගය යයි අවධාරණය කරන්නේ අනිවාර්ය්යෙන්ම නුසුදුසු මාර්ගයක් ද ඇති බැවිනි.
• මෙලොව පුද්ගලයෙකුට තෝරා ගැනිමට මාර්ග දෙකක් ඇති බව මතෙව් 7:13-14 සඳහන්වෙයි. එනම් විනාශයේ මාර්ගය හා ජීවනයේ මාර්ගයයි.
• කුඩා කල සිටම ස්වභාවයෙන්ම මනුෂ්‍යායා තෝරාගනු ලබන්නේ පහසු හා පුළුල් වූ විනාශයේ මාර්ගයයි.
• මනුෂ්‍යයා ස්වභාවයෙන්ම මෙම මාර්ගය තෝරා ගන්නේ ඇයි? ඒ පිළිබඳව බයිබලය අපට උගන්වන්නේ කුමක්ද?
• මුල් දෙමව්පියන්ගේ අකීකරුකම නිසා ඔවුනට දාව උපදින සියල්ලෝම ජම්මික පාපය ඇති උපත ලබති.
• එනම් මෙලොව උපදින ඕනෑම කිරිකැටි බිළිදෙක් ස්වභාවයෙන්ම පාපිෂ්ඨය.
• දාවිත්තුමා මේබව ගීතාවලිය 51:5 මැනවින් සඳහන් කරයි.
• පසුගිය සතියේ අපි සාකච්ඡා කළ ලෙස දරුවනන් කෙතරම් අහිංසකවූවත්, මෘදුවූවත් හා ප්රඋසන්නවූවත් ඔවුන්ද වැඩිහිටියන් මෙන්ම පව්කරුවන්ය.
• බොහෝ දෙම්ව්පියන් සිතන්නේ තම දරුවාට දිය හැකි උතුම්ම දෙය, එසේත් නැතිනම් ලොව ඇති හොඳම මාර්ගය, උසස් පාසලක උසස් අධ්යාසපනයක් ලැබීම හෝ උසස් හා සමාජයේ පිළිගැනීම ඇති ධනවත් පවුල්වල දෙමව්පියන්ගේ දරුවන් මිත්රසයින් ලෙස ඇසුරු කිරීම හෝ විදේශ රටක උපාධියක් හෝ උසස් රැකියාවක් ලැබීම කියාය.
• එහෙත් යොහන් 14:6 සඳහන් ලෙස මෙලොව ඔබේ දරුවාට ඇති එකම හා සැබෑ මාර්ගය යේසුස්වහන්සේ පමණි.

2 ‘පුහුණු කරන්න’

මුල්භාෂාවෙන් සඳහන් වන ආකාරයට මෙහි අදහස පුහුණු කරන්න, කැප කරන්න හා ආරම්භ කරන්න ආදී වශයෙන් දැක්විය හැකිය.
• වේලුනු ඉරටුවකට වඩා ළපටි ඉරටුවක් පහසුවෙන් නැමිය හැකිය. වේලුනු ඉරටු නමන කල කැ‍ඩීමට තිබෙන අවස්ථාව වැඩිය. අතේද ඇණී තුවාල හා අනතුරු සිදුවිය හැකිය.
• එබැවින් දරුවන් කුඩා කල පටන් යේසුස්වහන්සේ නැමැති මාර්ගයේ ගෙන යෑම වැදගත්වෙයි. ඔවුන් වැඩිවයසට පත්වී ස්වාධීන තීරණ ගන්නා කාලයේදී ඔබ ප්රසමාද වැඩිය.
• එබැවින් දරුවා ස්වකීය ජීවිතයේ තම සදාකාලය පිළිබඳව තීරණයක් ගන්නා මොහොතේ ඔහු හෝ ඇයට නිවැරදි තීරණය ගැනීමට අවශ්යව කරන අත්තිවාරම දැමීම දෙමව්පිය හා වැඩිහිටියන්ගේ අනිවාර්යහ වගකීමයි.
• මෙහිදී පුහුණු කිරීමක් ගැන සඳහන් කරයි. ඕනෑම සාර්ථක ක්රී්ඩකයෙකුට හෝ ක්රීීඩා කණ්ඩායමකට සාර්ථක පුහුණු කරුවෙක් සිටියි. එලෙසම දරුවාට ක්රි්ස්තුස්වහන්සේගේ අඩිපාරේ යන පිනිස අවශ්ය් වන පුහුණුව ලබාදියුතු පුහුණුකරු දෙමව්පියන්ය. එය සබත්පාසල් ගුරුවරයාට හෝ පල්ලියට භාරදී අත සෝදා ගත නොහැකිය.
• පුහුණුකරුවා පුහුණුවන්නා සමඟ නිතරම එකට ක්රීභඩාවේ යෙදෙමින් තමා දන්නාවූ උපක්රිම, නීතිරීති, තාක්ෂනික පියවර ආදී ස්වකීය දැනුම ක්රාමක් ක්රඟමයෙන් පුහුණුවන්නාට ලබාදෙයි. පුහුණුකරු කිසිවිටෙක තැපැල් මාර්ගිකව හෝ වෙනත් දුරස්ථ පාලන වැඩසටහන්ක් හරයා ක්රී ඩකයන් පුහුණුනොකරයි.
• එනම් දරුවා පුහුණුවන හා ගමන් කරන මෙම ක්රිහස්තුස්වහන්සේගේ මාර්ගයේ යෑමට දෙම්ව්පියන්ටද සිදුවෙයි. දරුවාට බයිබලය කියවන්න කියා ඔබට පුවත් පතක් කියවිය නොහැකිය. දරුවාට යාච්ඤා කරන්න කියා ඔබට රූපවාහිනිය නැරඹිය නොහැකිය; දරුවාට සබත්පාසල් යන්න කියා ඔබට දේවස්ථානයට‍ නොගොස් පුද්ගලික ගමන් යා නොහැකිය; දරුවාට බොරුකියන්න එපා කියා ඔබට බොරුකිව නොහැකිය. දෙමව්පියන්ගේ භක්තිවන්ත චරිතය හා ආදර්ශය ඉතා වැදගත්ය. දරුවන් වැදි බණ අසන්නේ නැත.
• පරණ ගිවිසුම තුළ හා යුදෙව් සම්ප්රසදාය අනුව පියාට ස්වකීය දරුවන් දෙවියන්වහන්සේ තුළ වර්ධයකිරීමේ වගකීම පැවරී තිබුණි.

3 ‘අහක්ව නොයන්නේය’

කුඩා කළ ගමන් කරන මාර්ගය තරුණ කාලයේ පමණක් නොව මහළු විය දක්වා එනම් මුළු ජීවිත කාලය පුරා මරණය තෙක් අත්නොහරින බවයි.
• පුද්ගලයෙකුගේ ජීවිත නැමැති නාට්ය ට අදාල පිටපත ලිවිම පටන් ගන්නේ එම දරුවා කුඩා කල පටන්ය. එනම් ඕනෑම පුද්ගලයෙක් හැසිරෙන්නේ ඔහු හෝ ඇය කුඩා කල ලබන හා විඳින අද්දැකීම් මතය.
• ඔබ කීදෙනෙක්ට ‘වෙරෝන්කාගේ කථාව‘ මතකද? ඈගේ මුලු වැඩිහිටි කාලයම කාලකණ්නි වූයේ කුඩා කල ඇගේ නිවසේ ඈට සිදුවූ දේමතය.
• එබැවින් දෙමව්පියන් හා වැඩිහිටියන්ගේ වගකිම තම දරුවාගේ ජීවිත කථාවේ පිටපත දේවවචනය පදනම් කර ලිවීමය.
• කුඩා කල පටන් දරුවා සුදුසු මාරගයේ පුහුණු කිරීම වැදගත් වන්නේ මේ හේතුව බැවිනි.

අපිට අද දවසේ දරුවන්ට නිවැරදි මඟ යෑමට උපකාර කළ හැකි ආකාරයන් කිපයක්
1. ජීවිත ආදර්ශය. කියන දේට වඩා කරන දේට විශාල බලපෑමක් ඇත.
2. දරුවන්ට දේව වචනය හා ගිතිකා නමස්කාරය ඇසෙනලෙස, දකිනලෙස හා දැනෙනලෙස තැබීම. (ද්විතීය කථාව 6:4-9)
3. සාකච්ඡා කරන්න.

වර්ණ භාවිතයෙන් දරුවන්ට සුභාරංචිය කියාදිය හැකි සරල ක්රශමයක්
1 කහ වර්ණය - මැවිම
හිරුගේ ආලෝකය මෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත අපි අන්ධකාරය දුරුකර උන්වහන්සේමෙන් දිප්තිමත්ව පාපය රහිතව ශුද්ධ ජීවිතයක් ගතකිරීමය.
2 කලු වර්ණය - පාපය
හිරුගෙන් ඈතට යන විටදී කලුවර ඇතිවෙයි. පාපය නිසා අප දෙවියන්වහන්සේගේ ආලෝකයෙන් ඈතට ගොස් ඇත.
3 රතු වර්ණය - කුරුස පූජාව
යේසුස්වහන්සේ අපගේ පාපයට දඬුවම් ලැබ ලේවගුරා මැරී, මරණය පරාජයකර නැවත නැගිට අපව නැවන දෙවියන්වහන්සේගේ ආලෝකය වෙතට ගෙනයන මාර්ගය පිළියෙල කරන ලදි.
4 සුදු වර්ණය - ගැලවිම / මිදීම / සංවර්තනය
යේසුස්වහන්සේට ආදරය කරන හා එතුමා මිත්රමයෙක් ලෙස පිළිගන්නා අයට ලැබෙන අලුත් හා පාපය දුරුකරපු නව ජීවිතය.
5 කොළ වර්ණය - නව ජීවිතය
යේසුස්වහන්සේ හා ඇති මිත්ර ත්වය දිගටම වර්ධනය වීම. එතුමාට කථා කිරීම (යාච්ඤාව) මා එතුමාගේ වදන් (බයිබලය) කියවීම. වෙනත් මිතුරන්ට යේසුස්වහන්සේ ඉතා හොඳ මිතුරෙක් බව පැවසීම (සුභාරංචිය).

වැඩිදුර අධ්ය.නය සඳහා :
http://www.lifewind.org/