Sunday, October 30, 2011

ර‍ට වට කර වැට බැන්ඳත්; කට වට කර වැට බැඳිය නොහැක

යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට)

ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 3:1-12

(මෙම කොටස ශෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

හැ ඳි න් වි :-

අද අපගේ අධ්‍යයනයේ මාතෘකාව අපට නිතරම ඇසෙන්න ලැබෙන ප්‍රකාශනයකි. මෙයින් කියැවෙන්නේ කට පරිස්සම් කරගන්නඑනම් අපගේ වචන පාලය කරගන්නකෙතරම් අපහසු කටයුක්තක්ද බවයි. ර‍‍ටක් ආරක්ෂා කර ගැනීමට එය වටා වැටක් හෝ තාප්පයක් ඉදිකළ හැකි වූවත් අපගේ දිව පාලය කිරීමට කිසිම ඉදිකිරීමක් කළ නොහැකිය. ඇට නැති දිව ඕනෑම පැත්තකට පහසුවෙන් හැරවිය හැකිය. යාකොබ් තුමා මෙහිදී තම පාඨකයාට අනතුරු අඟවන්නේ අපගේ වචන හේතුකොටගෙන ජීවනය හෝ මරණය නික්මවන බවය. දෙවියන්වහන්සේ ලෝකය මැව්වේ උන්වහන්සේගේ වචනය තුලිනි. අප උන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති අතර, අපගේ වචනවලටද බලයක් ඇත. එම බලය අපට තවත් පුද්ගලයෙකුට ආශිරවාදය (ජීවනය) හෝ ශාපය (මරණය) ගෙන දිමට බාවිතා කළ හැකිය.

ධා : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න) :

කට පරිස්සම් කරගන්න බැරි පුද්ගලයාගේ ක්‍රිස්තියානිකාරකමෙන් වැඩක් නැති බව යාකොබ් 1:26 පදය පැහැදිලිවම සඳහන් කරයි. හිතෝපදේශ 10:19 ට අනුව වැඩියෙන් කථා කරන මනුෂ්‍යා ඉක්මනින් වරදට හසුවෙනු ඇත.

න් ර් : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න) .

වගන්ති 1 සිට 2 දක්වා :-

මෙහිදී ගුරුවරුන් ගැන විශේෂ සඳහනක් කර ඇත්තේ ශිෂ්‍යයාට තම දැනුම ලබාදෙන ගුරුවරයාගේ ප්‍රධානතම උපකරණය වචන බැවිනි. ගුරුවරයින් පමණක් නොව ඕනෑම පුද්ගලයෙක් තමාගේ ඇතුලාන්තයේ ඇති අදහස්, යෝජනා, දැනුම, හැකියාවන්, හා හැඟීම් බාහිරට ප්‍රකාශ කරන එක් ප්‍රබල මාධ්‍යයක් නම් වචනය වේ. යේසුස්වහන්සේ දේශනා කළ පරිදි මනුෂ්‍යා අපවිත්‍රවන්නේ තමාගේම මුඛයෙන් පිට වන වචන තුලන්ය (මාරක් 7:16). එබැවින් අපගේ වචන අසන්නන්හට ප්‍රිය උපදවන හා ප්‍රයෝජනයක් ඇති ඒවා විය යුතුය. මෙහි සඳහන්වන පරිදි අපි බොහෝවිට වරදට වැටෙන්නේ අපගේම වචන හේතුවෙනි. කට පරිස්සම් කරගන්න දන්න පුද්ගලයා තම ජිවිතයම ගලවා ගන්නේය.

වගන්ති 3 සිට 6දක්වා :-

අපගේ දිව හා එහි ස්වබාවය තුන් ආකාරයකින් මෙහිදී විස්තර කරයි. එනම් කටකලියාව, සුක්කානම හා ගිණ්න ආදී වශයෙනි.

කටකලියාව හා අශ්වයා

අශ්වයා යනු යාකොබ්තුමාගේ කාලයේ සිටි වේගවත් සතෙකි / යන්ත්‍රයකි. අදටත් විවිද යන්ත්‍රවල වේගය නිර්ණය කරන්නේ අශ්වබල වලිනි. කෙකරම් වේගවත් වූවද, කටකලියාව දැමූ විට අශ්වයා දමනය හෙවත් පාලනය කළ හැකිය. එලෙසම දිව යනු ශරීරය පාලනය කරන කටකලියාව හෙවත් යතුරය


සුක්කානම හා නැව

යාකොබ්තුමාගේ කාලයේ තිබූ විශාලතම වාහනය නැව විය. එය කෙතරම් විශාල වූවත්, කෙතරම් බර වූවත් සියලු මෙහෙයුම් කටයුතු හා හැරවීම් කරන්නේ කුඩා සුක්කානමකිනි. මෙහිදී යාකොබ් සැබවින්ම සඳහන් කරන්නේ සුක්කානම ගැන නොව ඉංග්‍රීසිබසින් ‘rudder’ යන උපකරනය ගැනයි. මෙය රූපසටහනේ දැක්වෙන පරිදි නැවේ පිටුපස යටින් සවිකර ඇති දිවක් වැනි පැතලි දෙයකි. වර්තමානයේ මහා විශාල ගුවන්යානාපවා හැසරවීමට හා හැරවීමට යොදාගන්නේ මෙවැනි කුඩා උපකරණයකි. දිවයනු අපගේ ශරීරය මෙහෙය වන උපකරණයවේ. දිව නිසි පරිදි හසුරවන්නා තම දිවියද නිවැරදිනව හසුරවා ගන්නේය.

ගිණ්න

මහා වනාන්තරයක් විනාශකිරිමට එක් කුඩා ගිණිකූරකට හැකිය. එලෙසම දිව හා ඉන් නික්මෙන වචනද ඒ හා සමාන මහා විනාශයන් ඇති කරයි. ඇතැම්විට සම්බන්ධතා බිඳදමයි, පවුල් බේද කොට වෙන්කරයි, මිනිස් ඝානන කරයි, සභාවන් විනාශ කරයි, රටවල් හා රාජ්‍යවල් හා ජාතීන් අතර යුද්ධ ඇති කරයි.

වගන්ති 7 සිට 8දක්වා :-

දරුණු වනසතුන් මිනිසා විසින් හීලෑ කර ඇති කරනු ලැබුවද, තවම මිනිසාගේ දිව හීලෑ කිරීමට ක්‍රමයක් සොයාගෙන නොමැත. එය හීලෑ කල හැක්කේ ශුද්ධාත්මයාණන්වහන්සේට පමණි (එපිස 5:19).

වගන්ති 9 සිට 12 දක්වා :-

මෙම කොටසේ යාකොබ්තුමා දෙබිඩි ජිවිත රටාවක් ගැන සඳහන් කරයි. එනම් ස්වහාවයෙන්ම කිසිවිටෙක එකම උල්පතිකින් කරදිය ‍හා මිරිදිය නොගලයි. එලෙසම දිවුල් ගසක වෙරළු හෝ මිදිවැලක දිවුල් හට නොගනී. එසේ වන්නේනම් එය විද්‍යාත්මකව පිළිගත හැකි දෙයක් නොවෙයි. එය ව්‍යාකූල හා අස්ව්‍යාබාවික සිද්ධියකි.

දෙවියන්වහන්සේට නමස්කාරකරන මුවින්ම තව අයෙකුට ශාපකිරිම, කේලාම් හා ඕපාදූප, අසභ්‍ය හා දෙබිඩි අදහස් ඇති වචන හෝ විහිළු, ඇණුම් පද, හෙලාදැකීමේ අදහසින් කරන විවවේචන කිසිවිටෙකත් පිළිගත හැකි දෙයක් නොවෙයි. යමෙක් එසේ කරන්නේනම් ඔහු හෝ ඇය සැබෑ ගැලවිම තවමත් අද්දැකනොමැත. එක් වරක් ගැලවිම ලැබූ අපට දිනපතා පාරීශුද්ධීකරණ අද්දැකීමක් ලබා ගැනීම අත්‍යාවශ්‍යය. මෙම ක්‍රියාවලිය සිදුවන්නේ දිනපතා කරන ශුද්ධලියවිලි අධ්‍යනය හා භාවනාව (යාච්ඤාව) තුලින්ය. අපි වනාහී දිනපතා ක්‍රිස්තුස්වහන්සේගේ උසමහතට වර්ධනය වන අය වෙති.

ර් හා දා කි රී .

1. ඔබගේ වචන තුලින් නික්මෙන්නේ ජීවනයද (ආශිරවාදය) මරණයද (ශාපය)?

2. ඔබත් වැඩිපුර කථා කරන අයෙක්ද?

ඊට හේතුව කට පරිස්සම් කරගන්න බැරි පුද්ගලයාගේ ක්‍රිස්තියානිකාරකමෙන් වැඩක් නැති බව 1: 26 පදය පැහැදිලිවම සඳහන් කරයි. හිතෝපදේශ 10:19 ට අනුව වැඩියෙන් කථා කරන මනුෂ්‍යා ඉක්මනින් වරදට හසුවෙනු ඇත.

3. තවත් අයෙක් ඔබ පිළිබඳව කළාවූ ප්‍රකාශනයක් හේතුවෙන් ඔබත් ඇතුලාන්තයෙන් තුවාලවී, තිත්තකමෙන් හා සමාව නොදීමේ ආත්මයකින් සිටින අයෙක්ද?

4. එලෙසම ඔබගේ වචන හේතුවෙන් තුවාල වී සිටින අය සිටිනවාද?

5. ඔබත් දෙබිඩි ජිවිත රටාවක් ගතකරන අයෙක්ද? ඉරුදින අන්‍යභාෂාවෙන් කථා කරන ඔබ සතියේ සෙසු දිනවලදී කථාකරන භාෂාව කුමක්ද?

6. ඔබේ දිව ඔබ යොදාගන්නේ කුමකටද? ඔබ කථාකරන වචන පිළිබඳව ඔබ කුමක් සිතන්නේද?

7. දිවැසිවර යෙසායා මෙන් ඔබගේ මුඛයත් පවිත්‍ර කිරීමට දෙවියන්වහන්සේට ඉඩදෙන්න (යෙසායා 6:6-7).