Sunday, December 4, 2011

දේව සැලැස්ම තුළ පව්කරුවාට ඇති ස්ථානය


ත  ව  ත්       න  ත්  ත  ල  ක්  ද ? 

1 කොටස :  දේව සැලැස්ම තුළ පව්කරුවාට ඇති ස්ථානය

  
ශුද්ධලියවිලි පාඨය :-  මතෙව් සුභාරංචිය 1:1-17

(මෙම කොටස ශෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)



හැ ඳි න් වි :-

ලොව වටා සිටින කිතුනු හා කිතුනු නොවන දස දහස් ගණන් මනුෂ්‍යයන් තවත් නත්තලක් සැමරීමට සූදානම් වෙති. නිවෙස්, විදි හා කඩ සාප්පු නත්තල් සැරසිලිවලින් අලංකාරවෙමින් පවතී. නත්තල් සේල්, නත්තල් දීමනා, නත්තල් වැඩසටහන් ආදියේ පෙරහුරු දක්නට ලැබෙයි. මෙවරත් නත්තල් සීයාගෙන් මට ලැබෙන්නේ මොනවාගේ තෑග්ගක්ද? යයි දරුවන් සිහින මවති. එලෙසම මගේ දරුවාට දෙන්නේ මොනවාගේ නත්තල් තෑග්ගක්ද? යන්න දෙමව්පියන්ගේ සිතුවිල්ලයි. ආයතනයෙන් තමාට හොඳ නත්තල් දීමනාවක් (බෝනස් එකක්) ලැබේ යයි සේවකයින් සිතති. එහෙත් අද දවසේ අපගේ අධ්‍යයනයේ අරමුණවන්නේ දේව වචනයේ මතෙව්තුමා සඳහන් කරන ආකාරයට නත්තල නොහොත් ‘දේව සැලැස්ම තුළ පව්කරුවාට ඇති ස්ථානය’ පිළිබඳව විමසීමය.

ධා : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

මතෙව්තුමා සිය කෘතිය ආරම්භයේම යේසුස්වහන්සේගේ වංශාවලිය සඳහන් කරයි. ඒදෙස බලන විට අපට පෙනීයන්නේ දෙවියන්වහන්සේ සකල මිසින් ඉතිහාසය පුරාවටම ක්‍රියා කර ඇති බවයි. යුදෙව්වන් හට කියවන පිනිස රචනා කර ඇති මෙම ලියවිල්ල තුළින් මතෙව්තුමා කීමට උත්ස්හ කරන්නේ යේසුස්වන්සේ යනු යුදෙව් ඉතිහාසය හා සම්බන්ද නැතැත්තෙක් බවයි[1]. මෙම කොටසේ සඳහන් සියලුම පුද්ගලයන් චරිත ගැන  යුවෙව්වන් හොඳින් දැන ගෙන සිටයහ. ආබ්‍රහම් යනු යුදෙව්වන්ගේ ප්‍රථම ආදිපියවරයා වන අතර දාවිත් යනු ඔවුන්ගේ හදවත් වල සිටි වීරචරිතයකි. යේසුස්වහන්සේ යනු සැබවින්ම යුදෙව්වන් බලාසිටියාවූ මෙසියස් හෙවත්  දෙවියන්වහන්සේ විසින් තෝරාගත් තැනැත්තා බව මතෙව්තුමා කීමට උත්සහ කරයි.       

අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

·   2 වැනි පදයේ සිට 16 පදය දක්වා ආබ්‍රහම්ගේ සිටි යොසෙප් දක්වා පරම්පරා 40 කට අයත් ස්ත්‍රීන් හා පුරුෂයින් පිළබඳව සඳහන් කරයි.  එලෙසම කාන්තාවන් 4 ගේ නම් සඳහන්වන අතර මරියතුමිය හැර ඉන් 3 න් දෙනෙක්ම අන්‍යජාතික හෙවත් යුදෙව් නොවන අය වෙති (තාමාර්, උරියාගේ භාර්යාව වන බෙත්ෂෙබා හා රූත්).  

·  40 යනු බයිබලයේ වැදගත් සංඛ්‍යාවකි. එය සම්පූර්නත්වයේ සංඛේතයක්විය. නික්මයාම ගමනේදී ඉශ්රායෙල් සෙනඟගේ අකීකරුකම නිසා වසර 40 කාන්තාරයේ එහා මෙහා ගමන් කරනන ලදි. යේසුස්වහන්ටස්ගේ උපත මඟින් සියල්ලම සම්පූර්ණත්වයකට පැමිණියේය. උන්වහන්සේගේ මරණය හා උත්ථානය තුළින් සකල මිනිසා ඇතුළුව විශ්වයටම පාපයෙන් හා එහි ශාපයෙන් මිදීම අත්විය.

·      මෙම කොටසේ සඳහන් වන පුද්ගලයෝ රජවරු, දිවැසිවරු, එඬේරුන් හා සාමාන්‍ය ජනතාව විය.

·      එලෙසම ඔවුන් දෙවියන්වහන්සේ  විසින් තෝරාගත් ජාතිය වන යුදෙව්වන් මෙන්ම අන්‍යජාතිකයින් විය.

·      එලෙසම ඔවුන්ගේ චරිත දෙස බලනවිටදී ඔව්හූ (ඇතැම් පුද්ගලයින් පමණක්) දේව කැමැත්තට අකීකරුවූවන්, වංචාකාරයින්, කැරලි කරුවන්, බොරුකාරයින්, දෙවියන්වහන්සේ හැර දමා අන්‍යදේව නමස්කාර කළාවුන්, මිනීමරන්නන්, වෛශ්‍යාවන් හා කාමමිත්‍යාචාරකයින් විය.  

මෙවැනි පව්කරුවන් යේසුස්වහන්සේගේ පෙළපතට ඇතුල්වූයේ කෙසේද? දෙවියන්වහන්සේට වැරදීමක් හෝ මතෙව්තුමාට වැරදිමක් සිදු වූවාද? කොහෙත්ම නැත. දෙවියන්වහන්සේ පාපයට ද්වේෂ කරන අතර  පව්කාරයාට ප්‍රේම කරන සේක. මෙම සෑම පුද්ගලයෙක්ම දෙවියන්වහන්සේ ඉදිරියේ අවංකව පසුතැවී තම ජීවතය නැවත නිවැරදි කරගත් අය වෙති.


ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

1. දෙවියන්වහන්සේ තම සැලැස්ම දියත් කිරීමේදී නිතරම විවධ මට්මේ සිටි පුද්ගලයින් යොදාගත් බව ඉතිහාසය පුරාවටත්, බයිබලට තුළත් පැහැදිලිවම සඳහන් කරයි.

2. දෙවියන්වහන්සේට යුදෙව්වා හෝ අන්‍යජාතිකයා යයි වෙනසක් නැත. අවශ්‍ය විටදී යටහන්වන ඕනෑම පුද්ගලයෙක් උන්වහන්සේ තෝරාගන්නා සේක.

3.   දෙවියන්වහන්සේට ස්ත්‍රීය හා පුරුෂයා යන දෙපාර්ශවයම එක හා සමානව වැදගත්ය. උන්වහන්සේ ඉදිරියේ ස්ත්‍රීය හා පුරුෂයාට ඇත්තේ එකම ‘අනන්‍යතාවයකි’. එහෙත් ‘වගකීම’ අතින් දෙදනාටම වෙන්නූ කාර්‍යයක් ඇත. උදා : දරුවන් බිහිකිරීම හා ඔවුන්ට මව් කිර දීම පියාට කළ නොහැකිය.

4.   මේ මොහොතේ ඔබ සිටින් තත්වය (පාපය) කුමක් වූවත්, සැබෑ පසුතැවිම හා යේසුස්වහන්සේගේ නිර්මල ලෙයින් පිරසිදු වන්නේනම් දෙවියන්වහන්සේ ඔබව උන්වහන්සේගේ සැලැස්මේ කොටස් කරුවෙක් කරන සේක.

5. දෙවියන්වහන්සේට ‘බිඳුනාවූ භාජන’ පාවිච්ච කළ හැකි වූවත් ‘අපවිත්‍ර භාජන’ පාවිච් කළ නොහැකිය. ඔබගේ පාපය උන්වහන්සේට බාදාවකි.

6.   2011 නත්තල ‘තවත් නත්තලක්’ වීමට ඉඩ නොතබා, එය දෙවියන්වහන්සේ මා බලවත් ලෙස එතුමාගේ සැලැස්ම තුළ පාවිච්චි වන නත්තලක් වේවා !


[1] Bible Knowledge Commentary/Old Testament Copyright © 1983, 2000 Cook Communications Ministries; Bible Knowledge Commentary/New Testament Copyright © 1983, 2000 Cook Communications Ministries