Monday, August 22, 2011

ශුද්ධ ලියවිලි අධ්‍යයනයට අත්වැලක්...: විභාගය

ශුද්ධ ලියවිලි අධ්‍යයනයට අත්වැලක්...: විභාගය: යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට) ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 1: 12-18 මාතෘකාව :- ‘වි භා ග ය ’ හැඳි...

විභාගය


යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට)

ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 1:12-18

මාතෘකාව :- ‘වි භා ග ය

හැඳින්විම :-

පාසල් කාලයේදී අපට අමතක නොවන හා අකමැතිම අද්දැකීම් අතරින් විභාග කාලය විශේෂයෙන් සඳහන් කළ හැකිය. ඊට හේතුව අප තුල පවතින අසමත්විමට ඇති අකමැත්තයි. අසමත්වීම හෝ අසාර්ථකවීම යනු ජීවිතයේ අවසානය නොව, තවත් නව ගමනක අරම්භය බව අප සිහියට ගත යුක්තකි.

මොහොතක් රැගෙන ඔබ සිටින ස්ථානයේ අවට බලන්න. දැන් ඔබට විදුලි බල්බයක් දක්නට ලැබෙනවාද? විදුලි බල්බය සොයාගත් තෝමස් අල්වා එඩිසන් මහතා එකවරම එය නිපදුවේ නැත. වසර ගණනාවක් පුරා, සිය දහස් වාරයක් අසාර්ථ වෙමින් සෙමින් සෙමින් අසවානය කරා ලඟා වූයේය. ඔහු කිසිවිටක අසමත්භාවයට හෝ අසාර්ථකභාවයට අකමැතිවූයේ නැත. ඔහු තම අද්දැකිම් මෙලෙස විස්තර කරයි.

“බොහෝ දෙනෙක් සිදුකරන වරදක් නම් සාර්ථකත්වය පෙනි පෙනී උත්සහය අතහැරීමයි. මම අසාරථවූයේ නැත. වරදින හැම වාරයකදීම මා ඉගෙන ගත්තේ නිවැරදිව යමක් නිපදවන්න ඇති හොඳම ක්‍රම හා අනුගමනය නොකළ යුතු ක්‍රම මොනවාද යන්නයි”.

විභාගය යනු අප සතු දැනුම හා හැකියාව උරගා බලන එක් ක්‍රමයක් පමණි. ඉන් ලැබෙන ප්‍රතිථලය මත අපගේ මට්ටම තක්සේරුකර අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සිදු කළ හැක. පරීක්ෂාව හෙවත් සෝදිසි කිරීමද එලෙසමය. දෙවියන්වහන්සේ එය මෙවලමක් (උපකරණයක්) සේ යොදාගෙන මා උරගා බලන සේක.

උදාහරණයක් ලෙස ලොතරැයි පතක් ගැන සිතන්න (සූදුවක් බැවින් කිතුණුවන් කිසිවිටෙක ලොතරැයි මිලට නොගනී). එම ලොතරැයිය නිකුත් කළ ආයතය හැර කිසිවෙකුට එහි වටිනා කම ගැන කිසිම අවබෝධයක් නැත. ඔබ අත ඇති ලොතරැයිය සූරා බලනතෙක් එහි ඇති වටිනාකම ඔබට දැන ගත නොහැකිය. ඇත්තෙන්ම උන්වහන්සේගේ සර්වඥභාවය (සියල්ල දන්නාබව) නිසා මා ගැන උන්වහන්සේට අමුතුවෙන් සෝදිසි කර බැලිය යුතු නැත. උන්වන්සේ මා එවැනි සෝදිසි කිරීම් වලට මුහුණදිමට සලසවන්නේ මගේ වටිනා කම්, දුර්වලකම් හා ශක්තීන් මටම අව‍බෝධකර ගැනිමට අවස්ථාවක් සලසා දිමය.

1. අවධානය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

· දෙවියන්වහන්සේ මා නපුරින් පරීක්ෂා නොකරයි.

· මාගේම තෘෂ්නාව යොදාගනිමින් සාතන් මා පරීක්ෂා කරයි.

2. අන්තර්තය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

i. කව්රුන් විසින්ද?

දෙවියන්වහන්සේ හා සාතන් විසින් අප පරීක්ෂා කර බලයි.

ii. කාටද/කාවද?

ඕනෑම ඇදහිලිවන්තයෙක් (වයස අ 92 වන දැනට ලොව සිටින සුප්‍රසිද්ධ ඉවැන්ජලිස්ත බිලි ග්‍රැහැම් තුමාට පවා).

iii. කවදාද?

ඕනෑම මොහොතකදී පරීක්ෂාව පැමිණෙයි.

iv. කොතැනදීද?

ඕනෑම ස්ථානයකදී පරීක්ෂාව පැමිණෙයි.

v. කෙලෙසද?

පදය 12

හැඳින්වීමේ සඳහන් කර ඇති පරිදි ජිවිතයේ මුහුණ දෙන සෑම දූෂ්කර අද්දැකිමකට පසුව දෙවියන්වහන්සේ අලුත් ආකාරයකින් අපට තවත් සමීපවෙයි. එතුලින් අපගේ ආත්මික ජීවිතය තව තවත් වැඩිවර්ධනය වෙයි.

පද 13 සිට 14

සාතන් අප පරීක්ෂා කිරීමට යොදාගන්නේ අප තෘෂ්ණාවන කාරණාවකි. සීමාව ඉක්මවා ඕනෑම ලෞකික දෙයකට ආශාවිම තෘෂ්ණාවයි. ආහාර අපට අවශ්‍ය දෙයකි. එහෙත් ඊට වැඩියෙන් ආශාවීම කෑදරකමයි. මුදල් අපට ඉතාවැදගත් දෙයකි. එහෙත් ඊට වැඩියෙන් ආශාවීම මසුරුකමයි. අප සතුදේ ආරක්ෂා කිරීම ඉතාවැදගත් දෙයකි. එහෙත් එය කිසිවෙක් හා බෙදා නොගැනිම ලෝභකමයි. ලිංගිකත්වය දෙවියන්වහන්සේ විසින් මිනිසාට දුන් පවිත්‍ර දෙයකි. එය සිමාවෙන් පිටත ක්‍රියාත්මක කිරීම සල්ලාලකම/වෛශ්‍යාකම/කාමමිත්‍යාචාරය වෙයි.

පදය 15

සාතන්ගේ පරීක්ෂා කිරීමේ ක්‍රිවාවලිය ක්ෂණිකයෙන් සිදු නොවෙයි. එය සෙමින් සෙමින් ක්‍රමානුකූලව සිදුවෙයි. උදාහරණයක් ලෙස දරුවෙක් මෙලොවට එක් සැනයකින් බිහිනොවෙයි. මව් කුසේ තැන්පත් වන බීජය (යුක්තානුව) සති කීපයකදී කළලයක් බවට පත්වෙයි. පසුව එය දිනෙන් දින, සතියෙන් සතිය ගතවී මාස දහයකදී පමණ සම්පූර්ණ දරුවෙක් බවට පත්වී මෙලොවට බිහිවෙයි. එලෙසට සාතන්ද ඔහුගේ සියලු ප්‍රයෝග යොදා ගනිමින් අප ආශවන දේ තුළින් අප තුළ තෘෂ්නාව ඇති කර, අප පාපයට ග්‍රහණයකර ගනී. අවසානයේ අප දෙවියන්වහන්සේ හා ඇති සම්බන්ධයෙන් ඉවත් කර ආත්මික මරණයට ඇද දමයි.

පද 16 සිට 18

දෙවියන්වහන්සේ මැවූ සියලුම දේ අතරින් උතුම්ම මැවිල්ලවන මා හට අවශ්‍යවන සියලුම දේ සැපයිමට එතුමා විශ්වාසවන්තවන සේක. එබැවින් කිසිදු දෙයක් ගැන කනස්සලු විය යුතු නැති අතර එතුමාගේ සැපයිම දෙස බලා සිටිය යුතුයි.

3. ආදර්ශය හා අදාළකිරීම

· මෙම මොහොතේ

දෙවියන්වහන්සේ විසින් ඔබ පරීෂා කරන ආකාරය හෝ දෙය කුමක්ද?

සාතන් විසින් ඔබ පරීෂා කරන ආකාරය හෝ දෙය කුමක්ද?

· ඔබ යම් පරීක්ෂාවකට අසුවී ඇද්ද?

· මම ආශාකරන දේ තෘෂණාවක් දක්වා වර්ධනය වී ඇදද? හෝ එසේ විය හැකිද?

· ඔබ දෙවියන්වහන්සේගේ සැපයිම විශ්වාකරනවාද ? එසේ නොමැතිනම් ඔබේම හැකියාවන් කොරහි විශ්වාස කරනවාද?

· එන්න කුරුසිය පාමුලට, ඉඩහරන්න ශුද්ධාත්මයාණන්වහන්සේට ඔබව නව ජීවනයක් කරා ගෙනයන්න.

Friday, August 19, 2011

සමාවදීම හා සමඟිකිරීම


සමාවදීම හා සමඟිකිරීම

(යෝසෙප් හා සහෝදරයන්)

‘සමාව නොදීම යනු මගේ සතුරා මියයනු ඇතැයි සිතමින් මා විසින් වස පානය කිරීම වැනිය’(දේවගැති ඩිෂාන් වික්‍රමරත්න)

උත්පත්ති පරිච්ඡේද 37 සිට 46

  1. යෝසෙප්ගේ ජීවිතයේ ඔහුට හමූවූ සියල්ලෝම වාගේම ඔහුට නපුර, අසාධාරණය, අයුක්තිය, වේදනාව, ප්‍රතික්ෂේපය හා කලකිරීම ගෙනදුන් අය විය.

අපගේ ජීවිතයේ ද අපට බොහෝවිට හමුවන්නේ අපට යහපට වඩා අයහපත කරන අය වෙති. මෙම ලෝකය නපුරෙන් පිරී ඇත.

ඊට හේතුව දෙවියන්වහව්සේ මැවූ සර්වසම්පූර්ණ, සුන්දර හා අවිහිංසක ලෝකය මිනිසාගේම අකීකරුකමින් පාපයට බිළිවීමයි. එය දැන් අසම්පූර්ණ, අසුන්දර හා දුෂ්ඨ ස්ථානයක් ව ඇත.

  1. යහපත් හා දේවගරුබිය ඇති ජීවිතයක් ගත කළ යෝසෙප් හට දෙවියන්වහන්සේ නිතරම සිහින තුළින් ලෝකයේ හා ඔහුගේ අනාගතය ගැන සැල කරන ලදි. එහෙත් ඔහුගේම සහෝදරයන් මීට අකමැතිවූ අතර ඔහුට ඊර්ශ්‍යා හා වෛර කළහ.

  1. වයස අවුරුදු 17 දී යෝසෙප් තම පියාගෙන් හා පවුලෙන් බලහත්කාරායන් වෙන්කරන ලදි. ඔහුට එසේ කළේ වෙනකවුරුත් නොව ඔහුට ඊර්ශ්‍යා හා වෛර කළ ඔහුගේම වැඩිමහල් සහෝදරයන් විය. අපටදට බෙහෝවිට මෙවැනි අයුතුකම් කරන්නේ වෙනකවුරුත් නොව අපේම සමීපතම අය වෙති. එනම් අපගේ සහෝදරයන්, දෙමව්පියන්, නෑදෑයින්, අසල්වාසීන්, මිතුරන් හා ගුරුවරුන් විසින් අප‍ට දැරිය නොහැකි තරම් වේදනාව ගෙන දෙනවා විය හැකිය.

  1. යොසේප්ව තක්සේරු කලේ රිදී මිල 20 කටය. එනම් රිදී බරින් ග්රෑම් 200 කි. එය එදා යුගයේ පුද්ගලයෙකුගේ වසර දෙකක වැටුපට සමානවිය. මෙය ඉතාමත් අවතක්සේරු කිරීමකි. අපගේ ජීවිතටය කිසිවෙක් කිසිවිටක නිවැරදි තක්සේරුවක් ලබා නොදෙයි. බොහෝවිට මිනිසුන්ට අපගේ වටිනාකම නොතේරෙයි. අපව අවලංගු කාසි ලෙස සලකයි.

  1. යොසෙප්ට අවසානයේ නිවසක දාසයෙකුගේ සේවය කරන්නට විය. මෙ‍හොතක් කල්පනා කරන්න. පවුලේ බාල සයෝදරයාවූ, පියාගේ වැඩි ආදරය හා කරුණාව ලද වයස අවුරුදු 17 ක දරුවෙක් වූ යෝසෙප් හට ඈත දුර, තමන් නොදන්නා රටක, නිවසක දාසයෙක් ලෙස බැලමෙහෙවරකම් කරන්නට සිදුවිම මොන කරම් වේදනා කාරී අද්දැකීමක්ද? ඔහුට නිතරම තමාගේ රමේ තමාගේම පවුලේ අය, මිතුරන් හා නෑදෑයින් මෙන්ම දුව පැන සෙල්ලම් කළ අයරු, විනෝද වූ අයුරු ‍ආදී සදුවිම් නිතර සිහියට නැගෙනු ඇත.

එහෙත් මෙවන් දැඩි වේදනකාරී තත්වයකදී වූවද යෝසෙප්ගේ ප්‍රතිචාරය ඉතාමත් වැදගත්ය.

  1. යොසෙප් නිතරම තමාට සිදුවූ අසාධාරණය ගැන කනස්සලු වනවාට වඩා දැන් කරන්නට තිබෙන දේ සතුටින් කළේය. ඔහු තුළ කළකිරීම, වෛරය, පළිගැනීම හෝ කිසිදු තිත්තකමක් ඇතිබවක් සඳහන්නොවෙයි. යොසෙප් නිකරම තමාට අයුක්තිය කරන අයට මුලුහදින්ම සමාව දුන් අයෙකි. යෝසෙප්නිසා ඔහුගේ හාම්පුතාදආශිර්වාද ලැබුවේය. එලෙසම යෝසෙප්ට උසස්වීම්ද ලැබිණි.

  1. යෝසෙප්ගේ ජීවිතයේ අවංකකම නිසා ඔහු නොකළ වරදකට හසුවී බොරුචෝදනා ලැබ සිරගතවිමට සිදුවිය. වරක් සිය සහෝදරයන් තමාට අසාධාරණය කළ අතර දැන් තමා අවංකව සේවය කරන හාම්පුතා ඔහුට අසාධාරණය හා අයුක්තිය කරයි. එහෙත් යෝසෙප් කලබල වූ බවක් දක්නට නැත. ඊටහේතුව ඔහුට පෑරෙන්න කිසිදු පරණ තුවාල නොවීය. ඔහු තමාට වේදනාව දෙන අයට කල්නෑර එම මෙහොතේම සමාව දුන්නේය. ඔහු කිසිවිටෙක වස පානය නොකරන ලදි.

  1. සිරකරුවෙක් වූවත් යොසෙප් තම වටිනාකම් වැඩිකර ගත්තාමිස තමාසිටින තත්වයෙන් පහලට නොගියේය. සිරේදී පවා ඔහුට උසස්විම් ලැබිණි. යොසෙප්ගේ ජීවිතයට හමුවූ සියල්ලෝම ඔහු රවටන අවස්ථාවාදී අය විය. සිරගෙදරදී උදව් ලැබූ අය යෝසෙප් අමතක කලහ. එහෙත් නියමිත මොහොත පැමිණ කල ඔහු තමා නොදන්නා අන් විදේශී රටක අගමැත්කම ලැබීය.

  1. දැන් යොසෙප්ගේ වාරය විය. ‘කොකාට වාරයක් වගේම තිත්තයාටත් වාරයක් පැමිණෙයි’ (දිනක් කොකෙක් තිත්තයාට තමාගේ නිවසේ කෑමට ආරධනා කර, තම දිගහොට දමා දියබිමට ගන්නා උස කෝප්පයකට බීම දමා සංග්‍රය කරයි. මෙය තිත්තයාට ඉතාමත් අපහසු අද්දැකීමක් විය. තිත්තයාද මෙලෙස කොකාට සිය නිවසට ආරාධනා කළ අතර, මෙවර තිත්තයා විසින් බාවිතා කරන පැතලි පීරිසයකට බීම දමා කොකාට සංග්‍රහ කරන ලදි. එවිට කොකාද දැඩි අපහසුතාවකට පත්විය).

  1. එහෙත් යෝසෙප් තම බලය යෙදෙව්වේ සතුරන්ගෙන් පළිගැනීට නොව, සාගතයෙන් ලොව ගලවා ගැනීමටය. පළිගන්න යෝසෙප්ට සතුරන් නොවීය. ඔහු තමාට වරද කරන සියල්ලන්ටම එම මොහොතේම සමාවදී ඔවුන්ගෙන නිදහස්විය.

  1. අවසානයේ යොසෙප් තමාට වරද තළ තම සහෝදරයන් පිළිගෙන ඔවුන් හට නැවත තමා හා සමඟිවීමට අවස්ථාවක් ලබා දුන්නේය. එසේනම් ඔබත් ඔබට වැදිකරන අයට සමාවදී ඔවුන් හා සමඟි වීමට සූදානම්ද? බොහෝ දෙනෙක් ස්වකීය සතුරන්ට සමාවදීමට කැමතිය. එහෙත් ඔවුන් හා සමඟිවීමට කැමැත්ත නොදක්වයි. සමාවදිමා හා සමඟිකිරීම එකම කාසිය දෙපැත්ත වැනිය. එය එකිනෙකෙන් වෙන් කළ නොහැකිය.

Wednesday, August 10, 2011

එක, දෙක, තුන සහ හතර යන මූලධර්මය


යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට)

ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 1:9-11

මාතෘකාව :- ‘එක, දෙක, තුන සහ හතර යන මූලධර්මය

හැඳින්විම :-

බොහෝ දෙනෙකුට පොදු වූ මූලධර්මයක් පිළිබඳව එනම් ‘එක, දෙක, තුන සහ හතර යන මූලධර්මය ගැන අද අපි අධ්‍යයනය කරමු.

එනම්, එක = එක සහකරුවෙක්

දෙක = දරුවන් දෙදෙනෙක්

තුන = කාමර තුනක නිවසක්

හතර = ‍රෝද හතරක වාහනයක්[1] ආදී වශයෙනි.

  1. මෙම මූලධර්මයේ වරදක් තිබේද? එය බයිබලීය ඉගැන්විම් වලට පටහැනිද? නැත; එහි කිසිම බයිබල් විරෝදී කාරණාවක් නැත.
  2. විවාහය ගැන, දරුවන් ඇතිකිරීම, දේපල හා වස්තුව පිළිබඳව ශුද්ධ ලියවිල්ල පුරාවටම කථා කරයි.
  3. එහෙත් මෙම මූලධර්මයේ බොහෝ දෙනෙකුට අමතක වන වැදගත් එක් පියවරක් ඇත. එනම් ‘එක’ යන පියවරට කලින් ඇති ‘බිංදුව’ යන පියවරයි.
  4. සාමාන්‍යයෙන් ඉලක්කම් ගණන් කිරීම පටන් ගන්නේ අංක 1න් වූවද, ඊට කලින් ඇති ‘බිංදුව’ ගැන අප විසින් සැලකිලිමත් නොවෙයි.
  5. ඇත්තෙන්ම ‘බිංදුව’ ඉලක්කම් වල පදනම හා මූලාරම්භයයි.
  6. එසේනම් ‘බිංදුව’යනු අපගේ ජීවිතයේ මූලාරම්භය හා පදනම වන දෙවියන්වහන්සේය. දෙවියන්වහන්සේ පදනම් කරගත්තාවූ ‘බිංදුව, එක, දෙක, තුන සහ හතර යන මූලධර්මය පමණක් නිවැරදි මූලධර්ම බව අප අද සාකච්ඡා කරමු.

1. අවධානය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

· මුදලේ ඇති භයානක පැත්ත සහ

· අප සිටින වාතාවරණය ක්ෂනිකයෙන් වෙනස් විය හැකි බව

2. අන්තර්තය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

i. කව්රුන් විසින්ද?

මෙම කොටස තුල කෙලින්ම සඳහන් නොවුනද දෙවියන්වහන්සේට අප සිටින ඕනෑමවතාවරණයක් හෝ තත්වයක් එක නිමේෂයකින් ‘උඩු-යටිකුරු’ කළ හැකිය.

· හිරකරුවෙක්ව සිටි යෝසෙප් මිසරයේ අගමැතිවිය.

· මහා ධනවතෙක් වූ යොබ්තුමා කිසිවක් නැති අන්ත අසරණයෙන් විය.

ii. කාටද?

මෙහිදී දිළින්දා හා ධනවතා යන දෙදෙනාටම කිරීමට කාරණා දෙකක් සඳහන්වෙයි. දිළින්දා තමාගේ දියුණුව පිළිබදවත් ධවතා තමාට විහැකි පරිහාණිය ගැන සැලකිලිමත් වන ලෙස අවවාද කරයි. බයිලය තුල ඇති තේමාවන් අතරින් දිළින්දන් හා ධනවතුන් ගැනත්, දුබලයන් හා බලවන්තයන් ගැනත් නිතර නිතර සඳහන් කරයි. දෙවියන්වහන්සේ දිළින්දන් ගැන සලකන බවත් දුබලයන්ට බලය දෙන බවත්, දිළින්දන් සූරාකන හා දුබලයන් පාගා දමන බලවන්තයන් විනිශ්චය කරන බව සඳහන්වෙයි.

iii. කවදාද?

ඕනෑම මොහොතකදී අපගේ වාතාවරණය වෙනස් විය හැකිය. ඔබ විසින් දෙවියන්වහන්සේ පදනම් කරගත්තාවූ ‘බිංදුව, එක, දෙක, තුන සහ හතර යන මූලධර්මය අනුගමනය කරන්නෙක් නම් උන්වහන්සේට ඔබසිටින ඕනෑම තත්වයක් යහපතට හැරවිය හැකිය (රෝම 8:28).

iv. කොතැනදීද?

ඕනෑම ස්ථානයකදී මෙම වෙනස, එනම් උසස් වීම හා පහත්වීම සිදුවිය හැකිය. අප විසින් සුරක්ෂිතයැයි සිතන ස්ථානයම අපට අනාරෂිකබව ගෙනදෙයි. අප විසින් සැප පසුයයි සිතන ස්ථානයම අපට අපහසතාවය ගෙනදෙයි. අප විසින් සැනසිම ඇතැයි සිතන ස්ථානයම අපට අසහනය ගෙන දෙයි.

v. කෙලෙසද?

එය උදට ඇති පින්න වැනිය. තණ කොල ගස් මත ඇති පිනි බිඳු , මල් හා කොළ කෙතරම් මණරම් වූවද හිරු කිරණ ආ විගස එවා නැතී වී ගොස් එහි අලංකාරය පහවීයයි. දෙවියන්වහන්සේ නම් මහා හිරු ඉදිරියේ කිසිදු අපවිත්‍රහෝ අශුද්ධ දෙයකට පැවතිය නොහැක. උන්වහන්සේ ස්වකීය බලමහිමයෙන් අයුක්තිය හා අසාධාරණය පහකරන සේක.

3. ආදර්ශය හා අදාළකිරීම

i. ඔබ වනාහී ‘එක, දෙක, තුන සහ හතර යන මූලධර්මය අනුගමනය කරන්නෙක් ද? එසේ නොමැතිනම් දෙවියන්වහන්සේ පදනම් කරගත්තාවූ ‘බිංදුව, එක, දෙක, තුන සහ හතර යන මූලධර්මය අනුගමනය කරන්නෙක්ද?

ii. ඔබ සිටින තත්වය කුමක් වූවත් දෙවියන්වහන්සේට එය ක්ෂනිකව වෙනස් කළ හැකි බව විශ්වාස කරනවාද?

iii. ඔබ දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නෙක් නම්, ඔබගේ ජීවිතයේ සිදුවන සියල්ලම, ඔබගේම යහපට සිදුවන බව විශ්වාස කරනවාද?



[1] ඇස්ද්ට්‍රිඩ් අප්පාදොරේ