Tuesday, November 27, 2012

යෝසෙප්තුමා පිරිනැමූ නත්තල් ත්‍යාගය

ශුද්ධලියවිලි පාඨය :-  මතෙව් සුභාරංචිය 1:18-25

18 fÐiÜia Ù%ia;=ka jykafiaf.a Wm; is³jQfha fufiah' Wka jykafiaf.a uE×hka jQ uúh ;=— fc`fima yd œjdy .sœif.k is‡h ¡" Tjqka tla jkak fmr" Y=oaOd;auhdKka wkÜyiska wE .e’f.k is‡k nj ±k.kakd ,¡' 19 wef.a iajd– mÜreIhd jk fc`fima" i;a mÜreIfhl= jQ neœka weh m%isoafha Úka°jg fkdmuqKÏjk woyiska" ryiska weh w;ayeroukak is;d.;af;a h' 20tfy;a" Tyq f• ldrKh .ek l,amkd lr–ka is‡h ¡" i–¹Kka jykafiaf.a ´;fhla isyskhÙka Tyqg oÈYkh" öö°œ;af.a mÜ;a fc`fima" Tf’" බිú| jk uúhd mdjd.kakg" බිh fkdjkaká ukao" wE .e’f.k we;af;a Y=oaOd;auhdKka wkÜyisÚ' 21wE mÜf;l= \"ys lrkakS há Wka jykafiag fÐiÜia hk kduh ;eබිh hÜ;= há ukao" ish fikó Tjqkaf.a mdmj,ska uq°,kafka t;=udfK` h÷÷hs lS h' 22 f• ish,a, is³jQfha i–¹Kka jykafia æjeisjrhd ,jd ÙfhjQ lSu bÛ jk ms×i h' tk•( 23ööfukak" lkHdjla .e’f.k mÜf;l= \බිys lrkakS há Wka jykafiag t•udkÜfj,a hk kduh ;nkÜ we;"÷÷ hkÜ h' ta kdufha wÈ:h k•" ööfoœhka jykafia wm iuó h÷÷ hkÜhs' 24fc`fima Úkafoka wjæ jQ œg i–¹Kka jykafiaf.a ´;hd Tyqg wK l< f,i" ish බිú| leka°f.k .sfha h' 25tfy;a" wehg mÜ;%hd ,efnk ;=re Tyq weh iuó tla fkdවීh' Tyq Wka jykafiag fÐiÜia hk kduh ;eබූවහුය.

හැ ඳි න් වි ම

නත්තල් සමයේ නිරන්තරයෙන්ම කියවන හා අසන කොටසක්වන මෙය, කුඩා කාලයේ සිටම අපට ඉතාමත්ම හුරුපුරුදු සිදුවීමකි. බයිබලයේ ඇති සිදුවිම් වලට මෙලස පුරදුවීම යහපත් දෙයකි. එහෙත් මෙලස හුරුවීමේ ඇති අයහත් පැත්තනම් එම කොටසේ ඇති වැදගත් ‍තේමාවන් හා ඉගැන්විම් අපට මඟ හැරීයාමය. ඉහත කොටසේ ඉතාමත් වැදගත් සිදුවිම් කීපයක් ඇත. (සෛල සාමාජිකයින්ට ඉහත කොටස කියවා එම සිදුවීම් හඳුනා ගැනීමට කාලය දෙන්න)

උදා- මරියතුමිය යෝසෙප්තුමා හා විවහා ගිවිස ගැනීම; ශුද්ධාත්මයාණන් තුලින් මරියතුමියගේ ජීවිතයේ වූ හාස්කම; යෝසෙප්තුමා තම බිරිඳ හැරයෑමට තීරණය කිරීම; දේවදූතයාගේ එළිදරව් වීම හා දිව්‍යමය සැලැස්ම අනාවරණය; දෙදනාගේ විවහාය හා දරුවා උපදිනතෙක් ලිංගිකව එක් නොවීම; ...


අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

අද දවසේ අප අවධානයට ලක් කරන්නේ යෝසෙප්තුමාගේ ජීවිතය පිළිබඳවය. එනම් මේ මුළුවිශ්වයේම පළමු නත්තලේදී මිනිසෙකු විසින් පළමුවෙන්ම දුන් ත්‍යාගය පිළිබඳවය. යොසෙප්තුමා මෙම සිදුවීම් මාලාවේදී ක්‍රියා කළ ආකාරය ඉතාමත් වැදගත්ය. ඔහු විසින් මරියා හැරගියේනම් හෝ එදා පැවති නීතිය අනුව ක්‍රියා කළේ නම් කුමක් වෙයිද?  (සාකච්ඡා කරන්න).


අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

1.යොසේප්තුමා ‘සත් පුරුෂයෙක්’ හෙවත් ‘ධර්මිෂ්ඨ පුද්ගලයෙක්’ ලෙස බයිබලයේ සඳහන් කරයි (19 වගන්තිය). නව ගිවිසුමේ පළමුවෙන්ම ධර්මිෂ්ඨ යන වචනය යොදාගෙන ඇත්තේ යොසෙප්තුමාව හැඳින්වීමටය.  ධර්මිෂ්ඨ යන වචනයේ එක් අර්ථයක් නම් ‘පූර්ව නිගමනයන් වලින් තොරව ක්‍රියා කිරීම’ හෝ ‘අපක්ෂපාතීව ක්‍රියා කිරීම’ යන්නයි.

2.තමාට විවහාබස් දී සිටි තරුණිය ගැබ්ගෙන ඇති බව යෝසෙප්තුමා දැනගත් ආකාරය පිළිබඳව බයිබලයේ සඳහන් නොවෙයි. ඇතැම්විට මරියතුමිය විසින්ම හෝ විවිධ පුද්ගලයන්ගෙන් ආරංචි වූවා විය හැකිය. තරුණයෙන් ලෙස මෙය ඔබට සිදුවූයේනම් ඔබගේ හැගිම් හා ප්‍රතිචාරය කුමක්ද?  ඔබ වටා සිටින අය මේ සම්බන්ධයෙන් මොන ආකාරයේ අර්ථකථනයන් කරයිද? (සාකච්ඡා කරන්න).

3.යොසෙප්තුමා දැඩි වේදනාවෙන් හා ලැජ්ජාවෙන් සිටියා විය හැකිය. බැලූ බැල්මටම මෙය මරියා විසින් තමාට අවිශ්වාසවන්ත වීමක්, රැවටිමක් මෙන්ම කාමමිත්‍යාචාරයේ යෙදිමකි. එදා පැවති නීතිය අනුව විවහාබස්දී සිටිතරුණියක් මෙලෙස අන්‍ය පුරුෂයෙක් හා කාමය වරදවා හැසිරී අසුවුවහොත් එම දෙදෙනාවම ප්‍රසිද්ධියේ ගල් ගසා මැරිය යුතුවිය (ද්විතීය කථාව 22:23-24). එහෙත් සිදුවූ දේ ගැන ‘පුර්ව නිගමනවලට’ නොඑලබී ‘කිසිවෙකුගේ පක්ෂයක් නොගෙන’ මරියාට අපකිර්තියක් නොකර, රහසින් තම ආදරවන්තියව හැර යෑමට ඔහු තීරණය කලේය.

4.එහෙත් යොසෙප්ට තවදුරටත් මෙලෙස තම වේදනාවත් සමඟ සැඟවී යාටම දෙවියන්වහන්සේ ඉඩ නොදුන්සේක. සිදුවීම් වල සියලු සත්‍ය හා දිව්‍යමය සැලැස්ම උන්වහන්සේ  විසින්ම පහදා දුන් අතර යෝසෙප් මුළු සිතින්ම දේව කැමැත්තට කීකරු වූයේය.


ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම :
(මෙම බයිබල් කොටසින් මාගේ ජීවිතයට ගත හැකි ආදර්ශය හා අදාල කරගැනීම ඇති දේගැන ගැන විමසා බලන්න)

1. යෝසෙප්තුමා ධර්මිෂ්ඨ පුද්ගලයෙක් ලෙස බයිබලය සඳහන් කරන්නේ ඔහුගේ චරිතය හේතුවෙනි. ඔහු මරියාට දුන් ත්‍යාගය කුමක්ද? යෝසෙප් විසින් මරියාට සැබවින්ම ප්‍රේම කළ නිසා ඈට ‘සමාව නම් උතුම් ත්‍යාගය’ ලොව පළමු නත්තලේදී පළමු ත්‍යාගය ලෙස පරිනැමූ සේක. මෙම නත්තලේ දී ඔබ විසින් තවක් අයෙකුට දිය හැකි උතුම්ම ත්‍යාගය නම්,

ü  ඔබව රිදවූ,
ü  ඔබව නොසැලකූ,
ü  ඔබට නින්දා කළ,
ü  ඔබව අමතක කළ
ü  ඔබව හෙළා දැකපු,
ü  ඔබට වරද කර ඇති,
ü  ඔබට අයුක්තිය කළ,
ü  ඔබව ප්‍රතික්ෂේප කළ,
ü  ඔබට අවිශ්වාසවන්තවූ,
ü  ඔබව වරදවා වටහාගත්,
ü  ඔබට අසාධාරණය කළ,
ü  ඔබව ලැජ්ජාවට පත් කළ,

අයට සමාව’ පිරිනැමීමය.

2.සමාව දිය හැක්කේ සමාව ලද අයට පමණයි. ඔබ ඔබගේ පාපයට හා ශාපයට ක්‍රිස්තුස්වහන්සේ තුලින් දෙවියන්වහන්සේ විසින් දුන් සමාව අද්දැක ඇත්නම් ඔබට වරද කරන අයට සමාව පිරිනැමීම ඉතාමත් පහසු කාර්‍යයකි. සමාව නොදිම යනු ‘ඔබේ සතුරා මිය යන පිණිස ඔබ විසින් වස පානය කිරීම වැනිය’.  අවසානයේ විනාශ වන්නේ වරද කළ පුද්ගලයා නොව වරද වූ පුද්ගලයාය. දෙවියන්වහන්සේට වඩා වැදගත් වන්නේ මගේ හැසිරීම හා මගේ ප්‍රතිචාරයයි.

3.මරියාට සමාව දී ඇය නින්දාවට පත්නොකිරීමට තීරණය කළ මොහොතේදී යොසෙප්තුමාගේ සියලු ප්‍රශ්න හා අපහැදිලි කාරණා වලට දෙවියන්වහන්සේගේන් පිළිතුරු හා එළිදරව්වීම් ලැබුනු සේක. ඔබගේ නොවිසදුන ප්‍රශ්න වලට එක් හේතුවක් සමාව නොදීම විය හැකිය.

4.තව සති කිපයකින් උදාවන  2012 නත්තලේ දී සමාව නැමැති උතුම් ත්‍යාගය ඔබ පිරිනමන්නේ කාටද?