Sunday, January 29, 2012

දේව කැමැත්ත

යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)
 
මාතෘකාව :-  ‘දේව කැමැත්ත’
ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 4:13-17


13 ööwo fy` fyg fy` wms wij,a k.rhg f.dia tys wjqreoaola kej;S fj<-fy<¹• fldg ,dN Wmhd.kafkuq÷÷hs Ùhk ;eke;af;Ú" ijka fokak' 14fyg l=ula f› ± hs Tn fkdokakyq h' Tnf.a ãœ;h l=ula o@ Tn u| f›,djla fmkS" miÜ j fkdfmkS hk —³ula jekak' 15tneœka Tn Ùh hÜ;af;a( ööi–¹Kka jykafia leueØ fiala k•" wms ãj;a ta foh fy` f• foh fy` lrkafkuq÷÷hs Ùhd h' 16tfy;a ±ka Tn mÜridr• f°v–ka wyxldrfhka mdr†Û lr.kakyq h' tjeÚ ish® mÜridr• fo‹• kmÜre h' 17tneœka hfula l< hÜ;= hym; ±k ±k;a th fkdlrkafka k•" Tyq m›ldrfhÙ'



හැ ඳි න් වි ම :-

ඉහත රූපයේ ඇති ආකාරයට අපට බොහෝවිට ඇසෙන්නට ලැබෙන කියමනක් නම් ‘පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ’ යනුවෙනි. ඉන් කියැවෙන්නේ මිනිස් ජීවිතය කෙතරම් අවිනිශ්චිත දෙයක්ද යන්නයි. අප අවට සිදුවන සිදූවිම් දෙස හොඳින් අවධානය යොමු කළ විට මෙය මැනවින් පැහැඳිලි වනු ඇත. උදෑසනින් පාසල්යන දරුවගේ හෝ රැකියාවට යන අයගේ මියගිය සිරුර සවසට නිවසට ගෙනෙනු ඇත. මෙවන් අස්ථිරවූ යුගයක ජීවත්විය යුතු ආකාරය යාකොබ්තුමා අපහට අද දවසේ අධ්‍යනයෙන් මතක්කර දෙයි.


අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

දෙවියන්වහන්සේගෙන් තොර වූ සියළු මිනිස් සැලසුම් නිශ්ඵලය. එවැනි සැලසුම් පෙනි නොපෙනී යන මීදුමක් වැනිය.


අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

13 වන වගන්තිය
මෙම පදය අවසානයේ ‘සවන්දෙන්න’ යයි අවධාරණය කරයි.  යාකොබ්තුමා මෙලෙස ආමන්ත්‍රණය කරන්නේ කිනම් වර්ගයේ කණ්ඩායමකටද? මොවූහූ කුමක් කරන අයද? බැලූ බැල්මට මේ අය ව්‍යාපාරිකයන් බව  පෙනෙයි. මේ අය තම අනාගත ව්‍යාපාර සැලසුම් කරන්නෝවෙති. එනම් තම අනාගතය සැලසුම් කරන අයට මෙහිදී විශේෂිත වූ අවධානයක් දී ඇත. අනාගතය සැලසුම් කිරීම ඉතාමත් යහපත් දෙයකි.
අප සෑම පුද්ගලයෙකුටම ජීවිත ‘දර්ශනයක්’ (vision) හෙවත් සැලැස්මක් තිබිය යුතුය. දර්ශනය යනු කුමක්ද? එනම් අනාගතයේදී මම ලබන්නට යන ප්‍රතිඵලය හෙවත් ලඟාවන ස්ථානය දර්ශනය වෙයි. උදාහරණයක් ලෙස තවත් වසර 10 කින් මගේම නිවසක පදිංචිවීමේ සැලැස්ම ඔබගේ එක් දර්ශනයක් විය හැකිය. මෙලෙස නිවසක් පිළිබඳව දර්ශනයක් තිබූ පමණින් එය ඉබේම සම්පුර්ණනොවෙයි. එම දර්ශනය සම්පූර්ණතර ගැනීමට ඔබට ක්‍රමයක්, සැලැස්මක් තිබිය යුතුය. එයට අප ‘මෙහෙවර’ (mission) යයි කියනු ලබයි. ඔබේම නිවස පිළිබඳ දර්ශනය සම්පූර්ණ කරන මහෙවරයේ පියවර ලෙස මුදල් ඉතිරි කිරීම, අවශ්‍යනම් බැංකු ණය පහසුකම් ගැන සොයා බැලීම,  නිවැරදි ලියකියවිලි සුදානම් කිරීම, සුදුසු ස්ථානයක් තෝරා ගැනීම, සැලසුම් නිරමාණය කිරීම, කොන්ත්‍රාත්කරුවන් සොයාගැනීම ... ආදිය සඳහන්කළ හැකිය.
14 වන වගන්තිය
යාකොබ්තුමා මෙහිදී අපගේ මිනිස් ජීවිතය මීදුමකට සමාන කර දක්වයයි. මීදුම පවතින්නේ ඉර පායනතෙක් පමණි. එය සෑම තැනම විසිරී පවතින අතර කිසිවෙකුට ඇල්ලිය හෝ රඳවා තැබිය නොහැකිය. අපගේ ජීවිතයද මිදූමක්මෙන් අස්ථිරව පවතී. එය පවතින්නේ ස්ථිරවූ දෙවියන්වහන්සේගේ හස්ථය මතය. හෙට දවස පිළිබඳව අප කිසිවෙකුට අනාවැකි ඵල කළ නොහැකිය. මතෙව් 6:34 දී යේසුස්වහන්සේ අපට ඉගැන්වූයේ tneœka fyg oji .ek lror fkdjkak' fyg ojfia lror fyg ojig iEfya\' tl ojil lrorj,g ;j lror tl;= fkdlrkak'’ යනුවෙනි.

15 වන වගන්තිය
අපට ඉතාමත් අනර්ඝ ‘දර්ශනයන්’ හා ‘මහෙවරයන්’ තිබිය හැකිය. එහෙත් ඒවා දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත් නොවේ නම් ඉන් කිසි ප්‍රයෝජනයක් නැත. යොබ්තුමා මෙය හොඳින් අවබෝධ කරගත් අයෙකි. ඔහු තම බිරිඳට පැවසුවේ uu Ùis;a keØ j u› l=iska wdfj–á Ùis;a keØ j fmr i–¹fK` ³ka fialá i–¹fK` .;a fialá i–ºka kug .re meiiÜ• f› jd'
(යෝබ් 1:21) යනුවෙනි. තම තරුණ ජිවිතය හා අනාගත විවහා දිවිය පිළිබඳව මරියාට බොහෝ සැලසුම්විය. එහෙත් ඈ නිතරම තම ගෞරවය, තම කැමැත්තට හෝ තම සැලස්මට වඩා දෙවියන්වහන්සේගේ ගෞරවය, දෙවියන්වහන්සේගේ කැමැත්තට හා දෙවියන්වහන්සේගේ සැලැස්මට අවනත වූවාය. ඇ කීවේ එක් දෙයකි. එනම් ‘
uu i–¹Kka jykafiaf.a °ish fj–á Tn mejiÝ f,i u ug bÛ f› jd’. (ලූක් 1:38) යනුවෙනි.


මගේ හැකියාව, මගේ බලය, මගේ ධනය, මගේ උඩගුකම, මගේ අහංකාරය දෙවියන්වහන්සේ ඉදිරියේ නිශ්ඵල දෙයකි. පේත්‍රැස්තුමා සඳහන් කරන ආකාරයට ‘foœhka jykafia Wvó= whg œreoaO j isg hgy;a whg lreKdj olajk fial' tneœka foœhka jykafia iܳiÜ ld,fhys ¡ Tn Wiia lrkÜ ms×i Wka jykafiaf.a n,j;a yia;hg hg;a jkak' Wka jykafia Tn .ek i,lk fyhska\" Tnf.a yeu lrorhla u Wka jykafiag Ndr fokak\' (1 පේත්‍රැස් 5:6-7)

17 වන වගන්තිය
අපගේ සමාජයේ ‘පාපය’ යන ‍වචනයට ඇත්තේ ඉතාමත් බාල අර්ථයකි. මදුරුවන් මැරීම හෝ මස් අනුභව කිරීම වැනි දේ පාපය යයි ඔවුන්ගේ අවබෝධයයි. එහෙත් බයිලය තුළ පාපයට ඉතාමත්  පුළුල් අර්ථයක් ඇත.  යාකොබ්තුමා මෙහි සඳහන් කරන ලෙස ඔබට ඇති වගකීම් හා යුතුකම් පැහැර හැරීම පවා පාපයකි. උදාහරණයක් ලෙස පොදු ස්ථානයක ඇති අනවශ්‍ය විදුලි බල්බ, විදුලිපංකා හෝ ජලකරාම වසා නොදැමීම ආදී සුළු ක්‍රියාවන් පවා දෙවියන්වහන්සේ ඉදිරියේ පාපයකි.


ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

1.      ඔබගේ අනාගතය සඳහා ‘දර්ශනයක්’ හෙවත් සැලස්මක් තිබෙනවාද?
2.      එම සැලැස්ම ඉටු කර ගැනීමට අවශ්‍ය ක්‍රමයක් මෙවත් ‘මෙහෙවරයක්’ යොදා තිබෙනවාද?
3.      ඔබගේ සියලුම සැලසුම් දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත් කර කිබේද?
4.      ඔබත් මරියාමෙන් නිතරම තම ගෞරවය, තම කැමැත්තට හෝ තම සැලස්මට වඩා දෙවියන්වහන්සේගේ ගෞරවය, දෙවියන්වහන්සේගේ කැමැත්තට හා දෙවියන්වහන්සේගේ සැලැස්මට අවනත වන්නට සූදානම්ද?
5.      ඔබත් යහපත දැන නොකර සිටින අයෙක්ද?

Saturday, January 14, 2012

පොල් පරාලය


යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)
ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 4:11-12

   

11 ify`orfhÚ" tÙfkldg œreoaO j «md´m fkdf°vkak' ify`orfhl=g œreoaO j «md´m Ùhkakd" ke;fyd;a ;udf.a ify`orhd œÚYaph lrkakd jHjia:djg wmydi lrkafka há jHjia:dj œÚYaph lrkafka h' bæka Tn jHjia:dj œÚYaph lrkafkys k•" Tn jHjia:dj ms  12we;af;a tl u kSØ °hlfhÙá tl u œÚYaph-ldrfhÙ'



හැ ඳි න් වි :-

අපගේ අධ්‍යයන මාලාවේ   ර‍ට වට කර වැට බැන්ඳත්; කට වට කර වැට බැඳිය නොහැක[1] (යාකොබ් 3:1-12) යන පාඩම ඔබට මතකද? එහිදී අප සාකච්ඡා කරන ලද්දේ දිව හෙවත් වචනයට  අපගේ ජීවිත විනාශය කිරීමට (මරණය ගෙනදිමටහෝ ආරක්ෂා කිරීමට (ජීවනය ගෙනදිමටහැකි බවය. අද දිනද ඒ හා සමානම ඉගැන්විමක් නැවතත් යාකොබ් තුමාගේ ලිපියෙන් අපට හමුවෙයි. යේසුස්වහන්සේද මෙම ඉගැන්වීම ඉතාමත් පැහැඳිලිව කළ බව මතෙව් 7:3 වාර්තා කර ඇත.
Tf’ u wefia weØ ,S fldgh .ek fkd;ld Tf’ ify`orhdf.a wefia weØ ,S l=v .ek n,kafka uka o@


අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

අපගේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය නම් ඉතාමත්ම පහසුවෙන් අන්‍යයන් පිළිබඳව නිගමනයන් හා විනිශ්චයන් වලට එළැඹීමය. මට මාගේ වැරදි පෙනෙන්නේම නැත. ‘සභාවේ සිටින හොඳම ශුද්ධවන්තා මමයයි අපි බොහෝ දෙනෙක් සිතාගෙන සිටිති. එහෙත් වැටුනාවූ (පාපයට හසුවූ) ලොවක සිටින අප කිසිවෙක් හට ධර්මිශ්ඨ වූ විනිශ්චයක් කිසි දිනක දිය නොහැකිය. සර්ව සම්පූර්ණවූත් ධර්මිශ්ඨවූත් විනිශ්චයක් දිය හැක්කේ ධර්මිශ්ඨවූ දෙවියන්වහන්සේට පමණි.



අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

යාකොබ්තුමා මෙහිදී සහෝදරයෙනිකියා ආමන්ත්‍රණය කරයි. ඉන් පෙනී යන්නේ එදා කිතුනු සභාව තුළ පැවති තත්වයක් පිළිබඳවය. එනම්  සභාවතුළ සහෝදර සහෝදරියන් යයි කියා ගනු ලබන අය එකිනෙකාවට විරුද්ධව ක්‍රියාකරමින් තම තමන්වම රිදවා ගැනීමය.  වසර 2000 කට ඉහතදී සිදුවූ මෙම සිදුවිම අදටත් එලෙසින්ම සභාවතුළ සිදුවෙනු ඇත.
ඒ කසේද යත් එකිනෙකා පිළිබඳ විනාශකරන විවේචනය, බොරුසාක්ෂිදීම, දුර්වලකම්, පාපයන්, ගැලවීම ලැබීමට පෙර ජිවිතයේ වැරදි හා පාප, චරිත ඝාතනය, නිර්මාණය හා ගෙතූ කථාවන්, නොදුටු හා මවාගත් දේ, තවත් පුද්ගපයෙක්ගෙන් දැනගත් තොරතුරු, සත්‍ය සිදුවිම තවත් වැඩිකර පැවසීම ආදියයි.

කිසිම පුද්ගලයෙක් තමන්ට කැමති ආකාරයට විනිශ්චය කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩදී නැත. එය කිරීමට බයිබලයේ පැහැඳිලි ක්‍රමක් සඳහන්කර ඇත. විනිශ්චයේදී එනම් ගැටළුව නිරාකරණයේදී මාගේ ආකල්පය ඉතාමත් වැදගත්ය.

1. මම මාගේ දරුණුතම සතුරාට පවා ප්‍රේම කළ යුතුයි (යාකොබ් 2:8, මතෙව් 5:44).
2. වැරදි පෙන්නාදිය යුක්තේ හෝ සත්‍ය කථා කළ යුක්තේ ප්‍රේමයෙනි. ප්‍රේමයෙන් තොර සත්‍යයට වටිනාකමක් නැත (එපීස 4:15).
3. දෙවියන්වහන්සේගෙන් මාද සමාව ලැබූවෙක් බැවින් මාගේ සතුරා‍ට හෝ මට වරද කළ අයට සමාවදීමේ සූදානම මට තිබිය යුතුය.

යමෙක් පිළිබඳව ඔබට ප්‍රශ්ණයක් ඇතිනම් එය විසඳා ගත යුතු ආකාරය යේසුස්වහන්සේ ඉතාමත් සරලව ඉගැන්වූ සේකඑනම්

5ööTnf.a ify`orhd Tng œreoaO j m› lf jro fmkajd fokak\' Tn Ùhk foa Tyq ms 16fkdms me–×,a,la u ia:êr jk ms×i Tn iuó ;j;a tla flfkl= fkdfyd;a fofofkl= le|jdf.k hkak\' 17Tyq Tjqka Ùhk foa;a fkdms iNdj Ùhk foa;a fkdms

..............................................................................................................................................................................

ර්  හා   දා කි රී

1.මාගේ ඇඟිල්ල තවත් පුද්ගලයෙකුට යොමු කරන සැම විටකදීම ඇඟිලි 3නක් මා දෙසටත් එක් ඇඟිල්ලක් ඉහලටත් යොමුවෙයි.
2. ඉන් කිවැවෙන එක් දෙයක් නම් බොහෝ ගැමුම් හා ප්‍රශ්ණ වලට මාගේ වැඩිපුර දායකත්වයක් ඇති බවය.
3. මා තවත් පුද්ගලයෙක් විනිශ්චය කරන සෑම මොහොතකදීම දෙවියන්වහන්සේ ඉහල සිට බලා සිටින සේක.
4. ඔබ කිසියම් පුද්ගයෙකු පිළිබඳව මෙලෙස ද්වේශසහගතව ක්‍රියා කර ඇත්නම් වහාම ගොස් දෙවියන්වහනසේගෙන් මෙන්ම එම පුද්ගලයාගෙන්ද සමාව අයදින්න.
5.  දෙවියන්වහන්සේ මට බෙදන්නේද මම අන්අයට බෙදන හැන්දෙනිමය.                                                     wmg jro l< whg wm lud l wfma jrog wmg lud jqj uekj’ (මතෙව් 6:12).
6. අනුන්ගේ ඇස්වල ඇති පොල්කෙඳි සෙවීම පසෙක තබා මගේ ඇහේ ඇති පොල් පරාලය ඉවත්කර ගනිමු. එනම් ලොකුවැරදි තිබියදී අනුන්ගේ සුළුවැරදි සෙවීම අතහැර දමමු.

Sunday, January 8, 2012

මාතෘකාව :- ‘උසස්වීම’

යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)

ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 4:8-10
   
8 foœhka jykafiag ³la jkak\" fY`l jkak\" y~d je,fmkak\" Tnf.a iskyj yevSug;a\" Tnf.a mS%Øh ³lg;a yefÈ jd\' 10 i–¹Kka jykafia bæúfhys hgy;a my;a jkak\' tœg Wka jykafia Tn Wiia lrk fial\'[1]



හැ ඳි න් වි :-
වර්තමානයේ අප ජීවත්වන්නේ තරඟකාරීත්වයෙන් පිරුණු සමාජයකය. කුඩා දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වා නිතරම තම දියුණුව හා උසස්විම උදෙසා ක්‍රියා කරයි. පුද්ගලික දියුණුව හා අබිවෘදිය උදෙසා ක්‍රියා කිරීම වරදක් නොවෙයි. එහෙත් ඒ සඳහා අප විසින් අනුගමණය කරන ක්‍රමය ඉතාමත් වැදගත්ය. අපට ‍බොහෝවිට අසන්නට ලැබෙන දෙයක් නම් හොඳින් හෝ නරකින් මම ඒ දේ ලබාගන්නවා  යනුයි.  

ධා : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

දෙවියන්වහන්සේගේ සැලැස්ම හා කැමැත්ත තුළ සිටින් පුද්ගලයාට උසස්විම හෝ පහත්වීම ලැබෙන්නේ උන්වහන්සේගෙන් පමණි.

අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

8 වන වගන්තිය
යාකොබ්තුමා මෙහිදී පවිත්‍රවිමක් හා ලංවීමක් ගැන සඳහන් කරයි. පැරණි ගිවිසුම තුළදී දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයට යාමට අවසර තිබුණේ පූජකයාට පමණි. නියමිතවූ දිනක, නියමිතවූ වේලාවක, නියමිතවූ වස්ත්‍ර වලින් සැරසී, නියමිත පවිත්‍රවීමේ ක්‍රම අනුගමනය කළ පසුව, නියමිත ස්ථානයකදී පමණක් පූජකයාට පමණක් සෙනඟ වෙනුවෙන් දෙවියන්නහන්සේට ලංවිමට අවසර හිමිවිය. එහෙත් මෙම ක්‍රියාවලියේදී පූජකයා සතු යම් වරදක් හෝ පාපයක් වූයේනම් ඔවුට හිමිවන්නේ මරණයයි.

එහෙත් නවගිවිසුම තුළදී දෙවියන්වහන්සේගේ අධිකවූ කරුණාව හා අනුග්‍රහය හේතුවෙන්  ක්‍රිස්තුස්වහන්සේගේ අද්ද්විතීය (විශේෂිතවූ / එකම) පූජාව හා උත්ථානය පිළිගෙන එය අදහාගන්නාවූ ඕනෑම පුද්ගලයෙක්ට, ‍ඕනෑම වේලාවක, ඔනෑම වස්ත්‍රයකින් සැරසී, ඕනෑම ස්ථානයකදී දෙවියන්නහන්සේට ලංවිමට අවසර හිමිවී ඇත.

යාකොබ් තුමා පවසන ආකාරයට පව්කාරයින්ට දෙවියන්වහන්සේට ලංවීමට නෙහැකිද? නැත එතුමා සඳහන් කරන්නේ ක්‍රිතුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍ර පැළඳගනු ලබන ඕනෑම අයෙකුට මෙම වරප්‍රසාදය කොන්දේසි රහිතව හිමිවන බවයි.

තවදුරටත් කතුවරයා අපට දුක්වීමටත්, හැඬිමටත් හා ශෝකවිමටත් ආරාධනා කරයි. අප එසේ කළ යුක්තේ ඇයි? කුමක් සඳහාද? අපගේ පාපය හා අපරාධය යනු සැහැල්ලුවෙන් සැලකිය හැකි දෙයක් නොවෙයි. එය ඉතාමත් බරපතලවූ දෙයකි. ක්‍රිස්තුස්වහන්සේ විසික් මා වෙනුවෙන් ගෙවන ලද්දේ කිසිසේත්ම තක්සේරුකළ නොහැකි මිලයකි. ඇතැම්විට අපට කුරුසියේ සිදුවිම තවත් බයිබල් කොටසක් පමණකි. එහි ඇති ගැඹුර හා බරපතල කම අප වටහා ගැනීමට උත්සහ නොකරයි. අප දුක්විය යුක්තේත්, හැඬියුක්තේත් හා ශෝකවිය යුක්තේත් අපගේ / මාගේ පාපය හා අපරාධය උදෙසාය. එවිට අපගේ හැඬිම සිනහටත්, අපගේ දුක ප්‍රීතියටත් උන්වහන්සේ හරවන සේක.

9 වන වගන්තිය
අප ජිවත් වන සමාජක්‍රමය තුළ උසස් ස්ථානයකට යෑමේ ක්‍රමය අනෙකාව බලත්කාරයෙන් යටත්කරගැනීමයිඑහෙත් බයිබලයේ ක්‍රමය  ඊට සම්පූර්ණයෙන් වෙනස්ය. 8 වගන්තියේ විස්තර කරන ආකාරයට දෙවියන්වහන්සේට ලංවන හෙවත් යටත්වන පුද්ගලයාට උන්වහන්සේ විපාක (ප්‍රතිඵල) දෙයි. දෙවියන්වහන්සේට යටත්වීම යනු කුමක්ද? ඉරුදින දේවමෙහෙයේදී අත් ඔසවා ප්‍රශංසා කිරීම පමණක් මෙයට ප්‍රමාණවත් නොවෙයි. ඇදහිල්ල යනු අප දෙවියන්වහන්සේ මත සියට සීයයක්ම හෙවත් සම්පූර්ණයෙන්ම යැපීමයි.  මෙලෙස උන්වහන්සේට යටත්වන්නාගේ සිතුවිලි, ආශාවන්, කැමැත්ත, ආකල්ප, දැක්ම හා ක්‍රියාවන් සියල්ලම ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් වනු ඇත.  මෙලෙස දෙවියන්වහන්සේට යටත්වන්නාට ලැබෙන විපාකය නම් සුදුසු අවස්ථාව පැමිණි කල සුදුසු ස්ථානය ලැබීමය. අප දෙවියන්වහන්සේට යටත්වන්නේ උසස්විම් ලැබීමේ ආශාවෙන් නොවිය යුතුය.



ර්  හා   දා කි රී

1.      දෙවියවන්වහන්සේට ලංවිමට ඔබ සූදානම්ද?
2.      ඔබ යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයෙන් සැරසී සිටිවන්නේද?
3.      යේසුස්වහන්සේගේ පූජාවේ ඇති බැරෑරුම්කම හා මිළ කලනොහැකි කම ඔබට වැටහෙනවාද?
4.      ඔබ දෙවියන්නහන්වහන්සේට සම්පූර්ණයෙන් යටත් අයෙක්ද?