Saturday, February 25, 2012

යාච්ඤාව හා ප්‍රශංසාව




 මාතෘකාව :-  ‘යාච්ඤාව හා ප්‍රශංසාව’

ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 5:13
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

13 Tn w;frka hfula ³la œ¢kafka k• Tyq hdƒÆ flfÈ jd' hfula mS%Øfhka is‡kafka k• Tyq ;=Ø .S .hd jd'

හැ ඳි න් වි ම :

වර්තමාන‍යේ කිතුනුවාට ඇති විශාලතම ගැටළුව කුමක්ද?
(මෙම ප්‍රශ්ණය ඔබගේ කණ්ඩායමෙන් අසන්න. ඔවුන්ගේ පිළිතුරුවිමසා බලන්න)

ඇත්තෙන්ම අපට ඇති විශාලතම ගැටළුව[1] නම් අප විසින් දන්නාවූ ‘සරල-සත්‍යයන්’ හා ‘සරල-මූලධර්මයන්’ ජීවිතයට ප්‍රායෝගිකව අඳාල කර නොගැනීමය. ‘යාච්ඤාව හා ප්‍රශංසාව’ පිළිබඳව පොත් ලිවීමට අවශ්‍ය කරන දැනුම අපට ඇත. ඒ ගැන දේශනා හා සම්මේලන පැවැත්වීමට අවශ්‍ය කරන හැකියාව අපට ඇත. එහෙත් එදිනෙදා ජීවිතයේ මුහුණදෙන ප්‍රශ්න හා අභියෝග වලදී ‘යාච්ඤාව හා ප්‍රශංසාව’ තුලින් ජය ලැබිමට අපට අමතක වෙයි. අපගේ හැකියාවෙන් අභියෝග ජය ගැනීමට නොහැකි වූ විට අවසාන විසඳුම ලෙස බොහෝ දෙනා  ‘යාච්ඤාව හා ප්‍රශංසාව’ තෝරා ගනිති. මෙය කණගාටුවට කරුණකි. විය යුත්තේ පළමු වැනි ක්‍රමය ලෙස ‘යාච්ඤාව හා ප්‍රශංසාව’ තෝරා ගැනීමය.



අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

ජීවිතයේ මුහුණ දෙන ඕනෑම අද්දැකීමකදී, එනම් සැපදේදී හෝ දුකේදී, රෝගයේදී හෝ නිරෝගීනමේදී, දිළිදුබවේදී හෝ ‍ධනවත්බවේදී, ජයග්‍රහනයේදී හෝ පරාජයේදී,  උපතකදී හෝ මරණයදී කිතුනුවාට කළ හැකි දේවල් දෙකක් ඇත. එනම් යාච්ඤා කිරීම හා ප්‍රසංශා කිරීමය. 
අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

‘මේ ජිවන කතරේ සැප දුක සමබර වේ’. මෙම ගීතය ගයන විශාරද W.D. අමරදේව ශූරීන් දැන් වයස අවුරුදු 84 ක මහල්ලෙකි. එතුමා මෙම ගීතය ගන්නේ තම තරුණ අවධියේ වූ අතර එවකට හොඳ කායශක්තියක් හිමි පුද්ගලයෙකි. නිරෝගී ශරීරය ඔහුට එවකට ‘ප්‍රීතියට’ කාරණයක් විය. එහෙත් දැන් මේ මහළු මිනිසා ශාරීරිකව දුබල අතර නිතර ලෙඩ රෝගවලට ලක්වෙයි. මෙ ඔහුට ‘දුකකි’.  ඔහුගේ ගායන ඔහුගේ අද්දැකීම වී ඇත. සැබවින්ම  ජීවිතය යනු දුක හා ප්‍රීතිය සමසේ ඇති දෙයකි.

මෙම පදයේදී යාකොබ්තුමා අප මුහුණදෙන තත්වයන් දෙකක් හා ඊට මුහුණදිය යුතු ආකාර දෙකක් යෝජනා කරයි. එනම් දුක්විඳිමේදී යාච්ඤා කරන ලෙසත්, ප්‍රීතිවීමේදී ප්‍රශංසා කරන ලෙසත්ය.

දුක්විදීම හා යාච්ඤාව

දුක්විදීම විවිධාකාරයෙන් අපට පැමිණෙයි. එය ශාරීරිකව, මානසිකව හෝ අධ්‍යාත්මිකව විය හැකිය. රෝගයකදී අප ශාරීරිකව දුක්විඳිනු ඇත. ආර්ථික හෝ සම්බන්ධතා ප්‍රශණයකදී අප මානසිකව දුක්විඳිනු ඇත. පාපයකදී හෝ අකීකරු කමකදී අප අධ්‍යාත්මිකව දුක්විඳිනු ඇත. ජීවිතයේ දුෂ්කර මොහොතේදී අපගේ ප්‍රතිචාරය කුමක්ද?[2] නික්මයාම ගමනේදී ‘කෙඳිරීම’, මැසිවිලි කීම’ හැර වෙන කිසිදෙයක් ඉශ්‍රායෙල් සෙනඟ දැන නොගෙන සිටියහ. මිසරයේ ඵාරාවෝගේ අතින් ගලවාගෙන රතුමුහුද මැදින් ගෙන ඇවිත් පැය 72 ක් එනම්, දින 3 ක් ‍යාමටත් පෙර තමන්ට පානය කිරීමට ජලය නැතැයි කියමින් සෙනඟ මෝසෙස්තුමාට විරුද්ධව ‘මැසිවිලි’ කීහ. එහෙත් මොසෙස්තුමා දෙවියන්වහන්සේට ‘යාච්ඤා’ කලේය. උන්වන්සේ මාරා හී තිත්ත ජලය මිහිරි කළ සේක (නික්මයාම 15:22-27).

අප විසින් කළ යුක්තේද යාච්ඤාව තුලින්, පවතින අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය කරන ප්‍රඥාව ලබා ගැනීමය (යාකොබ් 1:5). එවිට උන්වහන්සේ අපගේ තිත්ත අද්දැකීම මිහිරි අද්දැකීමක් කරනු ඇත.

යාච්ඤාව හදවතේ සන්තාපය හා දුක ඉවත්කර දේව කැමැත්ට කීකරුවීමට අවශ්‍ය කරන  බලය හා මඟ පෙන්වීම දෙයි. දෙවියන්වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත ඉටුවීමට අපට කීකරුකම හා ඉවසීම අවශ්‍යවෙයි. කීකරුකම හා ඉවසීම ඇතිවන්නේ යාච්ඤා කරන පුද්ගලයා තුළ පමණි. පාවුල්තුමා තම වේදනාව (කටුව) ගැන යාච්ඤා කලේය. ‍ එහෙත් එය ඉවත්නොවූ අතර ඔහුගේ දුර්වලකමේදී දෙවියන්වහන්සේගේ බලය සම්පූර්ණයෙන් අත්දැකිමට අවස්ථාවක් උදාවිය  (2 කොරින්ති 12:7-10).

යේසුස්වහන්සේද පියාණන්වහන්සේගෙන් යාච්ඤාවෙන් ඉල්ලා සිටියේ කැමතිනම් තම වේදනාව (කුසලානය) ඉවත්කරන ලෙසටය. එහෙත් එය එසේ සිදු නොවීය. සිදුවූයේ එම වේදනාව දරාගෙන, දුක් විඳ පසුව කුරුසියේ මරණයට මුහුණ දීමට අවශ්‍ය කරන බලය හා ශක්තිය පියාණන්වහන්සේගෙන් ලැබීමය.

එබැවින් අප මතක තබාගත යුතු සත්‍යක් නම් ‘යාච්ඤාව’ යනු ප්‍රශ්න හෝ කරදර නැතිකර දමන සූත්‍රයක් නොවන අතර, ප්‍රශ්නයට මුහුණ දීමට අවශ්‍ය කරන බලය හා මඟපෙන්වීම ලබා දෙන මූලධර්මයකි.

ප්‍රීතිය හා ප්‍රශංසාව

දුක ඇති මොහොතේ දී අප යාච්ඤා කරන අතර, ප්‍රීතිය ඇති විටදී අප කළයුක්තේ කුමක්ද? තමාට ප්‍රීතිය ගෙනදුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම හැර වෙන කිසි දෙයක් නැත. දෙවියන්වන්සේට ප්‍රශංසා කිරීමට අපට විවධ ක්‍රම ඇත. සංගීතය (ගායනය හා වාදනය), නමස්කාරය හා සාක්ෂි දැරීම මේ අතරින් මුල්තැන ගනියි. ආත්මිකව පරිණත කිතුනුවා නිතරම තම ජීවිතය සමබරව තබා ගනී. හෙතෙම දුකේදී මෙන්ම සැපතේදී යාච්ඤා හා ප්‍රශංසා කිරීමට පුහුණු වූ අයෙකි. පාවුලුතුමා හා සීලස් බොහෝ පහර කා
හිරගෙදර තම බැඳුම් සමඟින්ම ගී ගැයූහ (ක්‍රියා 16:25). යෙරිකෝ පවුර ඇඳ වැටුනේ සෙනඟ ප්‍රශංසා කළ විටය.

විවධ සංගීතයන් ඇත. ඒවා පෙරදිග හෝ අපරදිග විය හැකිය. රෙගේ, රැප්, පොප්, ආර් ඇන්ඩ් බී හෝ රොක් විය හැකිය. ‍සංගීත වර්ගය කුමක් වූවත් ගයන වචන හා පද දේව වචනයට අනුකූල විය යුතුය. එවිට එය දෙවියන්වහන්සේ පිළිගන්නාවූ පූජාවක් වනු ඇත. මනුෂ්‍ය ප්‍රඥාවෙන් ඇතිවන අලංකාර වචන දෙවියවන්වහන්සේට ප්‍රිය නැත. අප කරන ප්‍රශංසාව හිස් වචන හෝ දෙඩිවිලි නොවිය යුතුය. අප එය ආත්මයෙන් හා සිහිබුද්ධියෙන් කළ යුතුය. එය අශෝභන නොවිය යුතුය (1 කොරින්ති 14:13-17). එය හදවතින්ම ගලන, ආත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් සිදුවන පූජාවක් විය යුතුය (එපීස 5:18-19).
ශ්‍රී ලංකාව යනු පෙරදිග සංගීත ආභාශයක් ඇති රටකි. එබැවින් අපගේ කිතුනු නමස්කාරයේදි දේශීය තනු හා සංගීතය යොදා ගැනීම උචිතය. සිංහල හා දමිළ සංස්කෘතියේ දෙවියන්වහන්සේට ප්‍රිය උපදවන බොහෝ දේ ඇත. අප ඒවා තෝරා බේරා ගත යුතුය.

ප්‍රශංසාව හා නමස්කාර යනු ගල්වර්ෂාවක් මෙන් කරන ශබ්ද පූජාවක් නොවිය යුතුය. හඬනගා ගැයීම හා වැයීම මෙන්ම දෙවියන්වහන්සේගේ ගුණ වර්ණනානව ඉතා වැදගත්ය.  අප ගයන, වයන හා කියන දේ අපගේම හදවතින් හා ආත්මයෙන් නොවන්නේ නම් එය අපට ඉහලින් ඇති වහලයට වඩා ඉහලට නොයයි. දෙවියන්වහන්සේ අපගේ ශබ්දයට වඩා හදවත හා ආකල්පය විම‍ස‍න සේක. උන්වහන්සේ පූජාවට වඩා කීකරුකමට ප්‍රිය වන සේක. කීකරු පුද්ගලයා ඉබේම පූජාවෙයි.

ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

1.   ඔබ දන්නාවූ ‘සරල-සත්‍යයන්’ හා ‘සරල-මූලධර්මයන්’ ජීවිතයට ප්‍රායෝගිකව අඳාල කර ගැනීමට සූදානම්ද?

2.   ජීවිතයේ ඕනෑම අද්දැකීමකදී ඊට මුහුණ දෙන පළමු වැනි ක්‍රමය ලෙස ‘යාච්ඤාව හා ප්‍රශංසාව’ තෝරා ගැනීමට ඔබ සූදානම්ද?

3.   ‘යාච්ඤාව’ යනු ප්‍රශ්න හෝ කරදර නැතිකර දමන සූත්‍රයක් නොවන අතර, ප්‍රශ්නයට මුහුණ දීමට අවශ්‍ය කරන බලය හා මඟපෙන්වීම ලබා දෙන මූලධර්මයකි.

4.   ඉශ්‍රායෙල් සෙනඟ මෙන් ‘කෙඳිරීම’ හා මැසිවිලි කීම’ වෙනුවට ‘යාච්ඤාව හා ප්‍රශංසාව’ තෝරා ගැනිමට ඔබ සූදානම්ද?

5.   හදවතින් නැගෙන අර්ථවත් නමස්කාරයක් හා ප්‍රශංසාවක් කිරීම‍ට ඔබ සූදානම්ද?



[1] Bible Knowledge Commentary/Old Testament Copyright © 1983, 2000 Cook Communications Ministries; Bible Knowledge Commentary/New Testament Copyright © 1983, 2000 Cook Communications Ministries. All rights reserved.
[2] The Bible Exposition Commentary. Copyright © 1989 by Chariot Victor Publishing, and imprint of Cook Communication Ministries. All rights reserved. Used by permission.

‘කලු , සුදු හා අළු?’

යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)



මාතෘකාව :-  ‘කලු , සුදු හා අළු?’

ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 5:12
(මෙම කොටස ශෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

12 f• ish,a,g jvd\" udf.a ify`or-fhÚ\" wyi .ekj;a\" fmdftfia h÷÷ Ùhd o\" ööke;÷÷ k• ööke;÷÷ Ùhd o f› jd\'


හැ ඳි න් වි ම :

ඉහත රූප සටහනේ සුදු තිත් හා කලු තිත් කීයක් තිබෙනවාද? මෙම අධ්‍යනයේ ඉදිරි කොටස කියවා බැලීමට පෙර තිත් ගණන් කිරීමට කාලයක් ගන්න.
ඇත්තෙන්ම මෙහි ඇත්තේ සුදු තිත් පමණි. කලු තිත් පෙනෙන හේතුව නම් පසුබිමේ ඇති අළු වර්ණයයි. අළු වර්ණය සෑදෙන්නේ සුදු හා කලු යන වර්ණදෙක එකට එකතුවීමෙනි. මෙහිදී සිදුවී ඇත්තේ කුමක්ද?  එනම් අළු වර්ණය අපව නොමඟ යවා ඇත.  එලෙසම සත්‍ය වසන්කර වැරදි චිත්‍රයක් නිරූපණය කර ඇත. කලු පසුබිමේ සුදු තිත් පමණක් තිබුණේනම් මෙවැනි වියවුලක් හට නොගනී.
දෙවියන්වහන්සේගේ මැවිල්ලේ කථා කිරීමේ හැකියාව ඇත්තේ මිනිසාට පමණයි. සන්නිවේදන ක්‍රියාවලියේදී වාචික සන්නිවේදනය ඉතාමත් වැදගත් ස්ථානයක් ගනු ලබයි. අප විසින් කථා කරන වචනය ඉතාමත් වැදගත්බව යාකොබ් ලිපිය තුල දිගින් දිගටම විස්තර කරයි. යේසුස්වහන්සේ දේශනා කලේ '–Úid flf,ikÜ ,enSug fya;= jkafka lgg we;=½ jk foa fkdj" l‡ka Úlafuk foa h÷÷hkqfjks. (මතෙව් 15:11)


අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

කලු හා සුදු වර්ණ දෙක මෙන්, කිතුනුවාටද ඇත්තේ පිළිතුරු දෙකක් පමණයි. එනම් ‘ඔව්’ හා ‘නැහැ’ පමණයි. මෙයට අමතර පිළතුරක් ඇතිනම් එය යක්ෂයාගෙනි.


න් ර් : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

වර්තමානයේ යම් පාර්ශවයන් අතර ගිවිසුමක් හෝ සම්මුතියක් ඇති කර ගන්නාවිටදී නිත්‍යානුකූල ලියවිල්ලකට අත්සන් කරනු ලබයි. එහෙත් අතීතයේදී සියලු ගිවිසුම් හා සම්මුතියන් ඇතිකර ගත්තේ වාචිකවය. මෙහිදී වචනයෙන්කරනු ලබන ප්‍රකාශනය ඉතාමත් විශ්වාසවන්ත හා ස්ථිර දෙයක් විය. පැරණි ගිවිසුමේද මෙම තත්වය දක්නට ඇති අතර සියලුම ගිවිසුම් දෙවියන්වහන්සේගේ නාමයෙන් කරන ලදි[1].

දසපනතේ 3න් වැනි පනත වන öökÜU foœ i–¹Kka jykafiaf.a kduh w.re f,i Ndœ;d fkdlrj' hfula ta kduh w.re f,i Ndœ;d lrkafka o Tyqg uu o~qj• lr–'÷÷ (නික්මයාම 20:7) යනුවෙන් අදහස් කරනුයේ ගිවිසුම් කඩ කිරීම සම්බන්ධයෙනි. එනම් අප විසින් යම් පුද්ගලයෙක්, ආයතනයක් හෝ සංවිධානයක් සමඟින් යම් පොරොන්දුවක් හෝ ගිවිසුමක් ඇතිකර ගත් පසු එය යම් ‍හෙයකින් මුලුමනින්ම හෝ අර්ධවශයෙන් ඉටුකිරීමට අපොහොසත්වන්නේ නම් එය දෙවියන්වහන්සේගේ නාමය කෙලසිමකි.

ගිවිසුමක් හෝ පොරොන්දුවක් අප අතින් කැඩුනු මොහොතේ අපගේ ක්ෂනික ප්‍රතිචාරය කුමක්ද? නිදහසට කාරණා ඉදිරිපත් කිරීම හෝ යම් බොරුවක් ප්‍රකාශ කිරීමය. එහෙත් යාකොබ්තුමා අපට උගන්වන්නේ සත්‍ය ඒ සැටියෙන්ම ප්‍රකාශ කරනලෙසටය.  

ඔබට යමක් කිරීමට නොහැකි වූයේනම් ‘ආත්මික-බොරු’ කියනවා වෙනුවට ‘නැහැ මට ඒ දේ කිරිමට බැරිවුනා - මට සමාවෙන්න’ කීම දෙවියන්වහන්සේට ප්‍රිය කටයුක්තකි. මනුෂ්‍යන් සතුටු කිරීමට වඩd සමිඳානන්වහන්සේ සතුට පත්කිරීමට අප වගබලා ගත යුතුය. මිනිසාට ඇති දුර්වලකම් වලින් පැරණිතම ගැටළුවද මෙයයි. එනම් නිදහසට කරුණු කිමය. ආදම් විසින් තම වරද පිළිගැනිම වෙනුවට, ඒවට හා දෙවියන්වහන්සේට වරද පටවන ලදි. එලෙසම ඒව විසින් තම වරද පිළිගැනිම වෙනුවට සර්පයාට වරද පටවන ලදි. එදා මෙන් අදටත් අපි බොහෝදෙනාද විසින් කරනුයේ ‘ඔව්’ මම ඒ දේ කලා; හෝ ‘නැහැ’ මම ඒ දේ කලේ නැහැ කීම වෙනුවට නිදහසට කාරණා ඉදිරිපත් කිරීමය.

ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

1.   කලු හා සුදු වර්ණ දෙක මෙන්, කිතුනුවාටද ඇත්තේ පිළිතුරු දෙකක් පමණයි. ‘ඔව්’ හා ‘නැහැ’ පමණයි.
2.   බොරුකීම යනු කුමක්ද?
·      සත්‍ය දැන ගෙන එය ප්‍රකාශ නොකර සිටීම.
·      සත්‍ය අර්ධවශයෙන් ප්‍රකාශ කිරීම
·      නැහැ හෝ ඔව් යන පිළිතුරු දෙකට අමතර පිළිතුරු.
3.   ඔබ විසින් කඩා ඇති පොරොන්දු මොනවාද? ඒ වෙනුවෙන් ඔබ කුමක් කරනවාද?
4.   ඔබ විසින් බොරු කියා තිබෙනවාද? ඒ වෙනුවෙන් ඔබ කුමක් කරනවාද?
5.   යේසුස්වහන්සේගේ ලේවලට  අපගේ සියලු පාප සෝදා දැමිය හැකිය.
6.   මේ මොහොතේ ශුද්ධාත්මයාණන්වහන්සේට ක්‍රියා කරන්නට ඉඩ දෙන්න.
7.   දෙවියන්වහන්සේගෙන් මෙන්ම, අදාල පුද්ගලයන්ගෙන්ද සමාව අයදින්න.



[1] IVP Bible Background Commentary: New Testament by Craig S. Keener Copyright © 1993 by Craig S. Keener. Published by InterVarsity Press. All rights reserved.)

Monday, February 20, 2012

කොපමණ කලක් ඉවසන්නද?



 යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)
 
මාතෘකාව :-  කොපමණ කලක් ඉවසන්නද?’

ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 5:7-11
(මෙම කොටස ශෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

7 tneœka ify`orfhÚ" i–¹Kka jykafiaf.a wd.ukh olajd bjis,af,ka is‡kak' mbjis,af,ka is‡hs' 8 tfia u Tn o bjis,af,ka is‡kaká i–¹Kka jykafiaf.a wd.ukh ±ka 9 ify`orfhÚ\" Tn œÚYaphg ,la fkdjk ms×i tÙfkldg œreoaO j fp`okd fkdlrkak' fukak" œÚYaph-ldrhdfK` f°rlv is‡k fial' 10ify`or-fhÚ" i–¹Kka jykafiaf.a kdufhka l;d l< æjeisjrhkaf.a mSvd œ£u o bjiSu o wdoÈYhg .kak' 11ia:§r j is‡ wh wdYSÈjdo ,oafo` hhs wms Ùhuq. fc`’ ia:êr j is‡ ye‡ Tn wid we;' Tyq .ek i–¹Kka jykafiaf.a ;SrKh o Tng meyeæ,s h" i–¹Kka jykafia ohdkÜl•mdfjka wl f,i fmdfydi;a  is‡k fial'

හැ ඳි න් වි :

අපි ජීවත්වන යුගය තාක්ෂණික වශයෙන් ඉතාමත් ඉහල දියුණුවක් ලබා ගෙන ඇත. ‍මුළු ලෝකයම එකම ගම්මානයක් තරමට ලංවී ඇත. තමාට අවශ්‍යකරන ඕනෑම දෙයක් ඉතාමත් කෙටි කලකින් ලබා ගත හැකිය.  කිසිවක් ගැන ඉවසිල්ලෙන් බලාසීටීමට හෝ කාලය ගතකිරීමට වුවමනා නැත. අධිවේගී මහා මාර්ග, අධිවේගී දුම්රිය මාර්ග, අධිවේගී දුරකථන හා සන්නිවේදන මාර්ග හා අධිවේගී ගුවන් ගමන් ආදී සීඝ්‍රගාමී විසඳුම් දක්නට ලැබෙයි.
මීට වසර කීපයට කලින් යම් පුද්ගලයෙකුට ආහාර පිසීමට අවශ්‍යනම් දර සොයාගෙන ඒවා කැබලිකොට දුම් බටයෙන් හුළං පිබ ලිප ගිණි මොලවා ගනී. පසුව අවශ්‍ය අහාරය ගෙන සෝදා තබ්බා ගනු ලබයි. ඉන් පසුව ඊට අවශ්‍ය කරන ව්‍යංජන වර්ග සාදා ගනු ලබයි. මේ සඳහා අවම වශයෙන් පැයක් එනම් විනාඩි 60 පමණ කාලයක් ගතවෙයි. එහෙත් වර්තමානයේ ගෘහණියන්ට ඕනෑම වර්ගයක ආහාරයක්  විනාඩි 2න් පිළියෙල කිරීමට පහසුකම් ලැබී ඇත. මෙම දියුණුවත් සමඟම මිනිසුන්හට ඉවසීම හෙවත් බලාසිටීම යන ගුණය නැතිවී ගොසින් සෑම දෙයක්ම ක්ෂනිකව සිදුවිය යුතුයයි විශ්වාස කරයි.  
 
අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

දේශනාකරුවා පවසන ආකාරයට yeu fohg u m%ia;djla (අවස්ථාවක්) o, f• uy fmdf’ (දේශනාකාරයා 3:1)' එබැවින් එම අවස්ථාව හා කාලය උදාවනතෙක් ඉවසිල්ලෙන් හා යාච්ඤාවෙන් බලා සිටීට අපට ඇති එකම සැනසිල්ලයි.

න් ර් : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

මෙම කොටස තුළ ඇදහිලිවන්තයාගේ ඉවසීමේ ගුණය වර්ධනය කිරිමට අවශ්‍ය උපදෙස් ලබා දෙයි. ්‍රධානවශයෙන් උදාහරණ 3 ක් ආශ්‍රයෙන් යාකොබ්කුමා එය විස්තර කරයි. එනම් ගොවියා, දිවැසිවරු හා යෝබ්තුමා යන පුද්ගලයන්ය[1].
 
ගොවියා
කිසිදු ඵලදාවක් එක් රැයකින් හෝ ඉබේම හට නොගනී. ඒ සඳහා දින සති හා මාස ගතවන අතර දිවා රෑ දෙකේ හොඳම ශ්‍රමය අවශ්‍යය වනු ඇත. එදා ගොවියාට අද මෙන් දියුණු උපකරණ හෝ කාලගුණ අනාවැකි ඵලකරන මධ්‍යස්ථාන ආදිය, ජලය රැස්කර තැබීමට හෝ බෙදාහැරීමට ජලාශ හා වාරිමාරග ක්‍රම නොවීය. ඔවුන් 100% ක්ම ස්වභාවිකව ලැබෙන වර්ෂාව මත යැපීමට සිදුවිය. සැප්තැම්බර්, ක්තෝබර් හා නොවැම්බර් යන සරත් කාලය (autumn) තුළ ලැබෙව වර්ෂාව, ‘පළමු වර්ෂාවලෙස සලකන ලදි. මෙම කාලයේදී ගොවීන් පොළව සකසා බීජ පැළකරනු ලබයි. පසුව උදාවන වසන්ත කාලය (spring) වන මාර්තු, අප්‍රේල් හා මැයි යන කාලයේදී ලැබෙන වර්ෂාව අන්තිම වර්ෂාවලෙස සලකන ලදි. මෙම වර්ෂාව හේතුවෙන් කලින් වගා කළ අස්වන්න හොඳින් වර්ධනය හා කැපීමට සුදුසු තත්නයට මෝරනු ලබයි. මෙම ක්‍රියාවලියේදී ගොවියාට ඉවසීම හෙවත් බලාසිටීමයන ගුණය වැඩියෙන් අවශ්‍යය වනු ඇත.
ඇදහිලිවන්තයාද ‘ආත්මික ගොවියෙකි’. අපගේ හදවත පොළොව වන අතර දේව වචනය නැමැත් බීජ පැළවී ඒවා ඵල දැරීමට කාලය ගත වනු ඇත.

දිවැසිවරුන්
පැරණි ගිවිසුම තුළ සෑම දිවැසිවරයෙක් වාගේම පීඩාවන් හා අමාරුකම්වලින් ගමන් කරන ලදි. එහෙත් ඒ සෑම මොහොතකදීම ඔවුන් දෙවියන්වහන්සේගේ සැලැස්ම හා කැමැත්තට මුළුමනින්ම කීකරුවී දේව පණිවුඩය දේශනා කළහ.

යෝබ්තුමා
ජීවිතයේ යථාර්ථය රැදී ඇත්තේ දෙවියන්වහන්සේගේ හස්ථයේ බව යෝබ්තුමා හොඳින් දැන සිටියේය. සියල්ල අහිමි වූ මොහො‍තේ ඔහු ඉවසී‍මෙන්’ දෙවියන්වහන්සේ දෙස බලාසිටීයේය. යෝබ්තුමාගේ ඉවසිලිවන්තබාවයේ අවසාන ප්‍රතිථලය වූයේ නැතිවීගිය සෑම දෙයක්ම දෙගුණයකින් ලැබීමය.


ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම
1.   මේ මොහොතේ ඔබ පොරබදින ප්‍රශ්ණය හා ඔබට ඉවසිමට සිදුවී ඇතිදේ කුමක්ද?
2.   ඉවසීම තනිව හෝ පාඨමාලාවක් හරහා ප්‍රගුණ කළ නොහැකිය. පරීක්ෂාවන් හා බාදාවන්ට මුහුණදෙන විටදී එය ඉගෙන ගැනීම හා වර්ධනය කළ හැකිය.
3.   සටනක් නොමැතිව ජයග්‍රහණයක් නොමැත මෙන්ම කන්දකට පසුව බෑවුමක් පැමිණෙයි. එලෙසම පීඩාවිදීමකින් තොරව ආශිර්වාදය උරුම නොවෙයි.
4.   මේ ලෝකයේ අපට බාධා හා පරීක්ෂා ඇතිබව යේසුස්වහන්සේ වසර 2012 කටත් කලින් ප්‍රකාශ කලසේක. ‘‍f,`lfhys Tng ³la.eyeg Øf’' tfy;a ffOÈhj;a jkaká uu f,`lh wNsnjd ch.Ø–÷÷hs j°< fial\'’ (යොහන් 16:33).
5.   ඊට ‍හේතුව අප සිටින්නේ පාපයට වැටුනාවූ ලොවක බැවිනි. අපට සම්බන්ධතා පවත්වන්න සිදුවී ඇතේද වැටුන ස්වභාවය ඇති පුද්ගලයින් සමඟය.
6.   එබැවින් සියල්ලෙන්ම සර්ව සම්පූර්ණ ලොවක් අපට දැනට හිමි නැත. යේසුස්වහන්සේගේ දෙවැනි පැමිණිමත් සමඟ මෙම සම්පුර්ණත්වය අපට ලැබෙනු ඇත.
7.   ගැලවිම අපට නොමිලේ ප්‍රධානය කළද, දේවරාජ්‍යයට ඇතුලුවීම පහසු දෙයක් නොවෙයි. ඊට ‘ඉවසීම’ හෙවත් ‘බලාසිටීම’  යන මිලය ගෙවිය යුතුය. ööwm fndfy` ³la œ¢–ka foœhka jykafiaf.a rdcHhg we;=½jkakg «kE h (ක්‍රියා 14:22).


වසරේ ඍතු බෙදීම

Spring               වසන්ත කාලය   (මාර්තු - අප්‍රේල් - මැයි)                           - අන්තිම වර්ෂාව
Summer           ගිම්හාව කාලය   (ජුනි - ජූලි - අගෝස්තු)
Autumn            සරත් කාලය      (සැප්තැම්බර් - ක්තෝබර් - නොවැම්බර්)            - පළමු වර්ෂාව
Winter              ශිත කාලය        (දෙසැබම්බර් - ජනවාරි - පෙබරවාරි)        



[1] The Bible Exposition Commentary. Copyright © 1989 by Chariot Victor Publishing, and imprint of Cook Communication Ministries.

Saturday, February 4, 2012

සැබෑ ධනවත්කම


යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)
 
මාතෘකාව :-  සැබෑ ධනවත්කම

ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 5:1-6
(මෙම කොටස ශෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

1 ±ka bØka Okj;=Ú" Tn msg me–fKkakg Øfnk wjdikdjka; brKu .ek y~d je,fmkak'
2 Tnf.a Ok OdkH ærdf.dia we;" Tnf.a jia;% ldjqka ldoud we;'
3 Tf’ rka ú¡ u,lv ld we;á ta u,lv Tng œreoaO j idlaIshla" .skakla fuka Tnf.a udxi ldoukÜ             we;' Tn jia;= f.dv.id we;af;a Úu f›f.k hk hÜ.hl h'
4 n,kak" Tnf.a fl;a j;=j, wiajekak fk½E f.dවීkag fkdf.jd Tn jxpd lr.;a Tjqkaf.a l=,sh Tng       œreoaO j fudr.ihs' f.dවීkaf.a fudr.eiSu fiakdj, i–¹Kka jykafiaf.a lkaj, jefgkafka h'
5 Tn fuf,dj l• iem œyrKfhys we,S .e,S" urkakg ;r lrk i;=ka fuka mÜIa‡u;a fj–ka l,a           hejQjyq h' ta ækh ±ka me–K we;'
6 œfr`Ohla fkdmE Úf°ia –Úidg jqj o Tn jro t,a, fldg Tyq urd±uqjyq h'


හැ ඳි න් වි :-

බලය හා ධනය යනු එකම කාසියක දෙපැත්ත වැනිය. ධන‍ය ඇති පුද්ගලයාට ඉබේම බලය හිමිවෙයි. එලෙසම බලය හිමි පුද්ගලයාට ඉබේම ධනය හිමිවෙයි. ධනය හා බලය යනු අපවිත්‍ර හෝ පාපිෂ්ඨ දෙයක් නොවන් අතර එය පරිහරණය කරන ආකාරය හා අරමුණ මත එහි පවිත්‍ර අපවිත්‍රබව තීරණය වනු ඇත. ධනය හා බලය අයුතුලෙස පරිහරණය ගැන මෙන්ම ඊට දෙවියන්වහන්සේගේ උදහස ඇවිළෙන ආකාරය බයිබලය තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙයි.
( ‘ලොකු පුටුව’ යන මාතෘකාව යටතේ  යාකොබ් 2:1-13 කොටස අධ්‍යයනයේ  හැඳින්වීම ඔබට මතකද? දිනක් එක්තරා පුද්ගලයෙක් මෙලෙස පැවසුවේය. ‘සල්ලි දැක්කම, ගල්පිළිමත් ඔළුව වනනවා’. මෙම කියමනේ අර්ථය නම් සාමාන්‍යයෙන් ගල්පිළිමයක් යනු නොවෙනස්වන ස්ථාවර දෙයකි. ගල්පිළිම කිසිවිටෙක චලනය නොවනබව අපට සක්සුදක්සේ ස්ථිරය.  එහෙත් මුදලට ඇති හැකියාව කෙතරම්දයත් ගල්පිළි‍ම වැනි නොවෙනස්වන්නාවූ පුද්ගයෝ පවා ධනය හා බලය ඉදිරියේ හිසනමන බවය. යාකොබ්තුමා මෙහිදී දොස්පවරන්නේ දෙවියන්වහන්සේ නොදන්නා අන්‍යභක්තිකයන්ට නොව, කිතුනුසභාවේ නායකයින් හා ඇදහිලිවතුන්ටය).
යේසුස්වහන්සේද  මතෙව් 19: 24 දී ප්‍රකාශ කළේ h OkmØfhl=g foœhka jykafiaf.a rdcHhg we;=½ ug jvd TÛfjl=g bælÛ u,ska úx.d hdu myiÜ h’ යනුවෙනි. මෙහිදී උන්වහන්සේ පවසන්නේ ධවතුන්ට හා බලවතුන්ට ස්වර්ගයට යා නොහැකි බව නොවෙයි. ඔවුන්ගේ ධනය හා බලය ඊට බාධාවක් විය හැකි බවයි.

අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

සාතන් විසින් ඇදහිලිවන්තයාට පහරදිමට යොදාගන්නා ආයුධ අතරින් ධනය හා බලය ඉතා ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබයි. සදාකාල ජිවනය ලැබීමට ධනය හා බලය බධාවක් විය හැකිය.




අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

මෙම කොටස තුළ ධනවතුන්ට සිදුවන අවාසනාවන්ත සිදූවීම් කීපයක් ගැන සඳහන් කරයි. එනම් ඔවුන් ඉතාමත් වෙහෙස මහන්සියෙන් උපයා ගත් වස්තුව දැනටමත් විනාශවී ඇති බවයි. අටුවල රැස්කළ ආහාර දිරාගොසන්ය. අනර්ඝ හා මිළ අධික වස්ත්‍ර කාවුන් විසින් කා දමා ඇත. රණ් හා රිදී මලකඩ කා ඇත. යම් ලෝහයක් මලකඩබැඳි විට එහි වටිනා කම නැතිවී යයි. සාමාන්‍යයෙන් රණ් හා රිදී යන ලෝහ වර්ග දෙක මලබඳින්නේ නැත. ඉන් කියැවෙන්නේ වස්තුවේ ඇති අස්ථාවරබාවයයි.
එලෙසම 3වන පදය අවසානයේ යුගයක් පිළිබඳව යාකොබ්තුමා සඳහන් කරයි. එතුමා පවසන ලෙස ධනවතුන් විසින් මෙලෙස වස්තුව ගබඩා කර ඇත්තේ ඉතාමත් කෙටි කාලයකට වන අතර මෙම යුගය ඉතාමත් ඉක්මනින් අවසන් වනු ඇත. කිතුනුවන් ලෙස අපි යේසුස්වහන්සේගේ පුණරාගමනය හෙවත් දෙවැනි පැමිණිම බලා සිටිමුව. මෙම සිදුවිම මේ මොහොතේ දී වූවත් සිදුවිය හැකිය. එබැවින් අපි විසින් මෙම පො‍ළොවේ රැස්කරන කිසිදු දෙයක් සදාකාලයට ගෙන ගිය නොහැකිය. යෝබ්තුමාට තම සකල වස්තුවම අහිමිවූ මොහොතේ ප්‍රකාශ කලේ uu Ùis;a keØ j u› l=iska wdfj–á Ùis;a keØ j fmr hkafk–' i–¹fK` ³ka fialá i–¹fK` .;a fialá i–ºka kug .re meiiÜ• f› jd” (යෝබ් 1:21).  ඔහුගේ වස්තුව ඔහුගේ දෙවියන් නොවිය. වස්තුව මාගේ සේවකයෙක් මිස මා වස්තුවේ සේවකයෙක් නොවිය යුතුය.
4 හා 5 වගන්ති තුළ ධනවතුන් විසින් සිදුකරන අයුක්තීන් 2 ක් පිළිබඳව සඳහන් කරයි. එනම් කම්කරුවාට හිමි  නියමිත දෛනික වැටුප් නොගෙවිම හා අවංක හා නිර්දෝශී අයට වරද පැටවීටය. එදා සමාජයේ පැවතියේ කෘෂිකාර්මික ආරථිකයක් වන අතර වැඩි වශයෙන් ගොවීන් දක්නට ලැබීය. බොහෝ දෙනා තම දෛනික වැටුපෙන් ජීවත්වන අය විය. එහෙත් ගොවිබිම් හිමි ධනවත් පුද්ගලයෝ මෙම අසරණ ගොවින්ට වංචාවෙන් සලකන ලදි. ඔනෑම සමාජයක යම් කිසි රැකියාවටහිමි නියමිත හා පිළිගත් වැටුපක් ඇත. දෙවියන්වහන්සේගේ කැමැත්ත නම් සේවකයා තමාට හිමි මිලය ලැබිය යුතුය යන්නයි (ලූක් 10:7). අපි බොහෝවිට පුරුදුවී ඇත්තේ කීයක් හරි අඩුවෙන් වැඩ කරවා ගැනීමයට. කිසිවෙක් වැඩිපුර ගෙවීමට සූදානම් නැත. දෙවියන්වහන්සේ අපට සපයන්සේ මැනබලා හෝ කිරාබලා නොවෙයි. එසේනම් අපිද යම් පුද්ගලයෙකුට ගෙවිමක්  කරනවිටදී නිසි මුදල හෝ ඊට වැඩියෙන් ගෙවිය යුතුය. එලෙසම යමෙකුට ත්‍යාගයක් දෙන විටදී ඉතා අනර්ඝ හා වටිනාදෙයක් දීම වැදගත්ය.

එලෙසම ධනවතුන් හා බලවතුන් තම හැකියාව යොදාගෙ අහිංසක හා අසරණ පුද්ගයෝ වැරදි කරුවන් බවට පත්කරති. මෙය එදා මෙන් අදටත් සිදුවනු ඇත. එහෙත් මෙලෙස ක්‍රියාකරන අයගේ තත්වය ඉතාමත් උපහාසාත්මකව යාකොබ්තුමා විස්තර කරයි. එනම් මස් සඳහා ඇතිකරන සතුන් නිතරම ආහාර කමින් බොමින් සැපට හැදෙයි. ඔවුන්ට නිතරම ඉතාමත් පිරිසිදු, අනර්ඝ හා වටිනා ආහාර පාන ලැබෙයි. එලෙසම ගොවිපොළේ හිමියන්ගේ හා සේවකයන්ගේ අවධානය මෙම සතුන්ට ඉතාමත් ඉහලින් ලැබෙයි. එහෙත් තමන් මස් පිණිස කොයි මොහොතේ හෝ ගෙන යන බව  මෙම සතුන් නොදනී. එලෙසම වැරදිලෙස බලය හා ධනය හසුරුවන අයගේ ඉරණමද මේ හා සමානය. ඔවුන් නොදන්නා පැයකදී දෙවියවහන්සේගේ උදහසට ලක්වෙති.

ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

1.   සැබෑ ධනවත් කම නම් ස්වර්ගයේ වස්තුව රැස්කිරීමයි.
2.   දේවරාජ්‍යයේ ඇති ඔබගේ ගිණුමේ වටිනාකම කොපමණද?
3.   සැබෑ බලය ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පූර්ණවීමයි.
4.   ඔබත් දිනපතා ශුද්ධාත්මබලයෙන් පූර්ණවන අයෙක්ද?
5.   ඔබගේ වස්තුව ඔබගේ දෙවියන්ද?
6.   ඔබ වස්තුවට සේවය කරනවාද? වස්තුව ඔබට සේවය කරනවාද?
7.   ඔබ යටතේ සේවය කරන අයට ඔබ නියමිත වැටුපක් ගෙවනවාද?
8.   ඔබත් යම් කිසි දිනක ඔබගේ බලය, ධනය හා හැකියාව යොදාගෙන අහිංසක හා අසරණ පුද්ගයෝ වැරදි කරුවන් බවට පත්කර තිබෙනවාද?