Thursday, July 17, 2014

මාතෘකාව : ‘පිළිතුර ඇත්තේ ප්‍රශ්නය තුළමය’

ශුද්ධලියවිලි පාඨය : නික්මයාම 2:1-10
1 එකල ලෙවී ගෝත්‍රයේ මිනිසෙක්, එම ගෝත්‍රයේ කාන්තාවක සරණ පාවාගත්තේ ය. 2 ඒ ස්ත්‍රිය ගැබ්ගෙන, දරුවෙකු ලැබූ පසු දරුවා රුවැති බව දුටු ඈ, තෙමසක් ඔහු සඟවා තැබුවා ය. 3 ඔහු තවත් සඟවා තබාගැන්මට නොහැකි වූ කල, ඈ පන් පෙට්ටියක් ගෙන, එය පිට කීල් හා මැලියම් තවරා, දරුවා එහි බහා, ගං ඉවුරේ බට ගස් අතර එය තැබුවා ය. 4 තවද, දරුවා හට කුමක් වේ දෝ කියා දැනගැන්මට ඔහුගේ සහෝදරිය ඈතින් බලා සිටියා ය. 5 එවිට ගඟේ ස්නානය කරනු පිණිස පාරාවෝගේ දූ කුමරිය පැමිණියා ය. ඇගේ සේවිකාවෝ ගං ඉවුර දිගේ ඇවිදිමින් සිටියා හ. ඈ බට ගස් අතර වූ පෙට්ටිය දැක, සේවිකාවක යවා, එය ගෙන්වාගෙන, 6 ඇරිය විට එහි දරුවෙකු දුටුවා ය. බලන්න, දරුවා ද අඬමින් සිටියේ ය. එවිට ඈ ඔහු කෙරෙහි අනුකම්පා උපදවා, ''මේ හෙබ්‍රෙව් ජාතික දරුවෙකැ''යි කීවා ය. 7 එවිට ඔහුගේ සොහොයුරිය පාරාවෝගේ දූ කුමරියට කතා කොට, ''ඔබ උදෙසා දරුවාට කිරි දෙන්නට මා ගොස් හෙබ්‍රෙව් ජාතික කිරි මවක කැඳවාගෙන එන්න දැ''යි විචාළා ය. 8 පාරාවෝගේ දියණිය ඈට, ''යන්නැ''යි කීවෙන්, ඈ ගොස් දරුවාගේ මව කැඳවාගෙන ආවා ය. 9 එවිට කුමරිය ඈ අමතා, ''මේ දරුවා රැගෙන ගොස්, මා වෙනුවෙන් ඔහුට කිරි දෙන්න, මම ද ඔබට කුලිය දෙමි''යි කී විට ඈ දරුවා රැගෙන ගොස් ඔහුට කිරි දී හැදුවා ය. 10 දරුවා වැඩුණු පසු ඈ ඔහු පාරාවෝගේ දියණිය වෙත ගෙනාවෙන්, ඔහු ඈට පුතෙකු සේ විය. තවද ඈ, ''මම ඔහු වතුරෙන් ගොඩ ගතිමි''යි කියා ඔහුට මෝසෙස් යන නම තැබුවා ය. (නව අනුවාදය)

හැඳින්වීම
කුණාට ඉදිරියේදී ගුවන්යානා හෝ නෞකා ආපසු නොහැරෙන අතර කුණාටුව දෙනටම ගමන් කරයි. එලෙසම ජිවිතයේ ප්‍රශ්න හා අභියෝග  වලදී පැන නොදුවන්න, සටන දිගටම කරගෙන යායුතුය. දෙවියන්වහන්සේ සපයා ඇති ආත්මික ආයුධ වලින් ආරක්ෂාවන්නේ ශරීරයේ ඉදිරිපස පමණයි. එබැවින් ආපසු නොහැරෙන්න (එපීස 6:14-18).

1.    ප්‍රශ්නය මැද දෙවියන්වහන්සේ ‘බලාපොරොත්තුව’ දෙන සේක.

නික්මයාම 1:22 වන විට ඉශ්‍රායෙල් ජාතිය සිටියේ මරණයේ දොරටුවේය.
1වන පාඨය
මෙය විවහාවන වේලාවක් නොවීය. එහෙත් යුවලක් මෙම අභියෝග මධ්‍යයේ  දෙවියන්වහන්සේ කෙරේ බලාපොරොත්තුව හා විශ්වාසය තැබූහ.
2-3 වන පාඨ
උපන් පිරිමි දරුවා තවත් සඟවා ගත නොහැකිවිය. රාජ අණට කීකරු විමට කාලය පැමිණ ඇත.
ඇතැම්විට අපිත් රහසක්, පාපයක්, තිත්තකමක්, සමාවනොදිමක්, වරදක්, වේදනාවක් හෝ ඇතුලාන්ත තුවාලයක් සඟවාගෙන සිටිනවා විය හැකිය. එහෙත් මෙවා තව දුරටත් සඟවාගෙන සිටිය නොහැකි මොහොත ඉක්මනින් උදාවනු ඇත.
4 වන පාඨය
මීරියම් දෙවියන්වහන්සේ කෙරේ ඇති බලාපොරොත්තුව අත් හැරියේ නැත. දෙවියන්වහන්සේ දොරටුවක් විවෘත කරනු ඇතැයි ඈ තදින්ම විශ්වාස කළාය.

2.    ප්‍රශ්නය මැද දෙවියන්වහන්සේ ‘සැපයීම’ දෙන සේක.

5 වන පාඨය
පාරාවෝගේ දියණිය මෙම මොහොතට කැදෙව්වේ කව්ද? ඇගේ පැමිණීම අහඹු සිදුවිමක්ද?
6 වන පාඨය
දෙවියන්වහන්සේ සතුරාගේ නිවසින් අනුකම්පාව ගෙන දෙන සේක.
7 වන පාඨය
මීරියම් සැලසුම් සහගතව ප්‍රශ්නයට මුහුණ දුන්නාය. ඈ තම ප්‍රශ්නයේදී දෙවියන්වහන්සේ කෙරේ බලාපොරොත්තුව ඇතුව සිටි නිසා ශුද්ධාක්මයාණන්වහන්සේ  නිවැරදි සැලැස්ම හා නිවැරදි වචන ඈට දුන්සේක.
දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව ඇතුව සිටින්නාට නිතරම පැහැදිලි සැලැසුමක් තිබෙයි.
8-10 වන පාඨ
දෙවියන්වහන්සේගේ සැපයිම් කීපයක්
Ø  මරණට හිමි දරුවාට ජීවනය.
Ø  දෙමව්පියන් අහිමිවීමට ගිය දරුවාට නැවත තම දෙමව්බිය රැකවරණය.
Ø  සහෝදරයා අහිමිවීමට ගිය සහෝදරියට නැවත තම සහෝදරයා හිමිවීම.
Ø  වහල්කම හා විනිශ්චය හිමි පවුලකට රාජකීය අනුග්‍රහය.
Ø  සතුරාගේ නිවසින් විශේෂ වැටුපක්

“තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු”. රෝම 8:28

3.    ප්‍රශ්නය මැද දෙවියන්වහන්සේ ‘ආරක්ෂාව’ දෙන සේක.

9 වන පාඨය
පුර්ණ රාජ්‍ය අනුග්‍රහය මොසෙස්ගේ පවුලට හිමිවෙයි. දෙවියන්වහන්සේ ආරක්ෂාව සැපවූයේ සතුරාගේ නිවසින්මය.
මෙම කාලයේදීම ආරොන්ගේ ඉපදීම සිදුවන්නට ඇත. එක් පුත්‍රයෙක් වෙනුවට දැන් පුත්‍රයන් දෙදෙනෙක්.
“දෙවිදුන්ගෙ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා. ඉහල අහසෙත්, පොළෝ තලයෙත් පුදුම දේ එතුමන් කරයි.”
10 වන පාඨය
දෙවියන්වහන්සේ මොසෙස්ව මරණයෙන් රජගෙදරටත් වහල්කමෙන් පුත්‍රකමටත් උසස් කළසේක.


අවසානය
කුණාටුව දෙසටම යන්න. සටන අත්නොහරින්න.
ප්‍රශ්නයට බිය වී පැනනොයා ඊට මුහුණ දෙන්න.


ප්‍රශ්ණට මැද දෙවියන්වහන්සේගේ ‘බලාපොරොත්තුව’, ‘සැපයිම’ හා ‘ආරක්ෂාව’ අද්දකින්න.