දේව වචනය හා මම අංක 4 :- ‘සරු පස’
ශුද්ධලියවිලි පාඨය :- මතෙව් 13:1-9
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
8 “;j;a
iuyrla ire බිfuys jeˆ
tlÙka ish .=Khla o tlÙka ieg .=Khla o tlÙka Øia .=Khla o ne.ska ඵ, ±øh' 9 ijka we;af;`
ijka fo;a jd ·÷÷ 23m×jqvh wid
th jgyd f.k ish .=Khla o yeg .=Khla o Øia .=Khla o ne.ska flfkla m, orØ' ire බිfuys
jemÜrE" බීc
hkafkka woyia lrkÜfha tjeÚ wh h'”
හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන්
කරයි.)
ගොවියා විසින් වැපුරුවේ එකම වර්ගයේ බීජ වන අතර එය
පතිතවූ ස්ථානය හෙවත් පස මත බීජයේ ඉරණම තීන්දුවිය. බීජ වල කිසිදු වරදක් නොවූ අතර
පසේ ස්වභාවය ඊට මුළුමනින්ම බලපාන ලදි. පසුගිය සති තුන තුළදී අපි බීජ වැටුනාවූ පස්
වර්ග 3 ක් ගැන සාකච්ඡා කලෙමු. එනම් තද පස, ගල් සහිත හා කටුගස් සහිත පසයි. මෙම
ස්ථාන තුනේදීම සිදුවූයේ බීජ විනාශ වීමය. තද පසේ බීජ වහාම කුරුල්ලන්ට ගොදුරු වූ
අතර, ගල් සහිත පසේ වැටුනාවූ බීජ පැළවුවත් පස නොගැඹුරු බැවින් එයද හිරු රශ්මියෙන්
විනාශ විය. එලෙසම කටුසහිත පසේ වැටුනාවූ බීජ පැළවුනද මඳ කලකින් ඒවාද විනාශ විය. එහෙත්
අද දිනයේ සඳහන් වන ස්ථානය සම්පුර්ණයෙන්ම වෙනස්ය. එහි දැනටමත් කිසිදු ගසක් වෑවී නැති
අතර වගාවට ඉතාමත් සුදුසු හා සරුසාර පසකි. එහි
වැටුනාවූ බීජ පැළවුන අතර විවධ මට්ටමෙන් ඵල දරන ලදි.
අ ව ධා න ය : -
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න
විමසා බලන්න)
හදවත නැමැති පස සරුසාර නම් අසන දේව වචනය ජීවිතය
තුළට කා වැදී හොඳින් ඵල දරයි.
අ න් ත ර් ග ත ය :-
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා
බලන්න)
1. සරුපසක් ඉබේම හට නොගනියි. ඒ සඳහා ගොවියා විසින් ඉතාමත් වෙහෙස මහන්සියෙන් සැලකිය
යුතු කාලයක් ගෙවා ක්‍රියා කරනු ඇත.
2. පළමුවෙන්ම සුදුසු කාලයේදී සුදුසු ස්ථානයන් සොයා ගැනීමෙන් පසුව ඔහු තම
ගොවිබිම සැකසිමට පටන් ගනී.
3. දෙවැනුව එහි ඇති සියළුම ගස් වර්ග මුලින්ම ඉවත්කර ඒවා ගිණ්නෙන් පුළුස්සා
දමයි.
4. තෙවැනුව පසේ ඇති ගල්බොරළු ඉවත් කර පස හොඳින් බුරුල් කරනු ලබයි.
5. පසුව මෙලෙස සකසා ගත් බිම මත ගොවියා විසින් බීජ වපුරනු ලබයි. යේසුස්වහන්සේ දේශනාකරන ආකාරයට
කිසිදු බාදාවකින් හෝ අවහිරයකින් තොරව බීජ වර්ධනය වී ඵල හට ගන්නා ලදි.
6. මෙහි සඳහන් වන ආකාරයට පස සරුසාර වූවද, එකම වූවද, එහි හටගත් විවධ ගස් වල
විවිධ ප්‍රමාණ වලින් ඵල ඇතිවිය. එනම් 30,
60 හා 100 බැගිනි. එයට හේතුව කුමක්ද?
ආ ද ර් ශ ය හා අ
දා ළ කි රී ම :-
(මෙම බයිබල් කොටසින් මට ඇති වැදගත් කම විමසා බලන්න)
1. ආත්මික වර්ධනය හා ආත්මික පරිණතභාවය එක් රැයකින් ඇති නොවෙයි. මෙය ක්‍රියාවලියක්
වන අතර, ඊට සැලකිය යුතු කාලයක් ගතවෙයි.
2. යම් පුද්ගලයෙක් යේසුස්වහන්සේ තම ගැලවුම්කරුසේ පිළිගත් මොහොතේම ඔහු හෝ ඇය ධර්මිශ්ඨ
කරනු ලබන අතර පාරීශුද්ධීකරන ක්‍රියාවලිය එම මොහොතේ පටන් අරබනු ඇත.
3. මෙම පාරීශුද්ධීකරන ක්‍රියාවලිය ඇතිවීමට යහපත් යාච්ඤා ජීවිතයක් තිබීම,
භාවනාව, දේවවචනය අධ්‍යනය හා ක්‍රියාවට නැංවීම, ශුද්ධාත්ම බෞතීස්මය හා පුර්ණත්වය
ලැබීම මෙන්ම සභාව හා නිරෝගී සම්බන්ධතාවයක් පවත්වා ගැනීම අනිවාර්‍ය වනු ඇත.
4. පාවුල්තුමා උගන්වන පරිදි ආත්මික බිළිඳන් හට කිරිත් (එනම් මෑතකදී ගැලවිම
ලැබූ අය හට මූලික හා සරල ඉගැන්වීම්ද) ආත්මික වැඩිමහල්ලන් හට මාංශත් (එනම් බොහෝ
කලකට පෙර ගැලවිම ලැබූ අය හට ගැඹුරු ඉගැන්වීම් ද) ලබාදෙන බවය.
5. ආත්මික වර්ධය ඇතිවීම පිණිස දේව වචනය ‘ඇසීම’ , ‘කියවීම’ , ‘අධ්‍යනය’ ,‘මෙනෙහි
කිරීම හෙවත් භාවනාව’ හා ‘ක්‍රියාවට නැංවිම’ යන කාරනා ඉතාමත් වැදගත්ය.
6. ගසක වර්ධනය මනිනු ලබන්නේ එහි හට ගනු ලබන ඵල මඟින්ය. එලෙසම එලයේ රසමත ගස
වර්ගකරනු ඇත. කිතුනුවාගේ ජීවිතයේ සැබෑ
කිතුනුකම මැනිය හැක්කේ ඔහු හෝ ඇයට ඇති ශුද්ධාත්ම ඵල මත මිස ශුද්ධාත්ම දීමනා ගණන මත
නොවය (වැඩිදුර අධ්‍යනය සඳහා ‘සභා-ජීවිතය’
අංක 5 සෛල අධ්‍යන
සටහන බලන්න).
7. මෙම උපමාවට අනුව විවධ මට්ටමින් ඵල හටගත් අතර (එනම් 30, 60 හා 100 බැගින්) ඒ
පිළිබඳව යේසුස්වහන්සේ විසින් කළ කිසිදු ප්‍රකාශනයක් සඳහන් නොවෙයි.
8. ගෝලයින් ලෙස අපගේ ආත්මික වර්ධනය හා ආත්මික ඵල දැරීම විවධ මට්ටම්වල පැවතිය
හැකිය. කිසිවෙක් කිසිවෙකුට පහත්විමක් හෝ සමානවීමක් හෝ උසස්විමක් විය යුතු නැත.
වැදගත් වනනේ එල දැරීම පමණි.