Sunday, November 27, 2011

ගැටුම අංක 3 - සැබෑ සතුරා



යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)

ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 4:7-8
   

7 ta Úid foœhka jykafiag hgy;a j is‡kaká hlaIhdg œreoaO j is‡kak\' tœg Tyq Tn fjØka m,d hkÜ we;\' 8 foœhka jykafiag .’
 
හැ ඳි න් වි :-
හමුදාසෙබළෙක් යනු සතුරා සමඟ සටන් කිරීම සඳහා මනා පුහුණුවක් හා හැකියාවක් ඇති අයෙකි. ඔහු නිතරම අවධානයෙන් යුතුව සූදානමෙන් සිටියි. ඇදහිලිවන්තයා යනු සොල්දාදුවෙකි. සාතන් හෙවත් අපගේ විරුද්ධකාරයා නිතරම අප පරීක්ෂාවට හසුකරගැනීමට බලා සිටියි.

isysika weØ j wjæ j bkak\' Tnf.a œreoaOldrhd jk hlaIhd\" f.drjk isxyfhl= fuka ljfrl= .s,.Ú• fo` fy` hs fidh–ka Tnfudn weœækafka h\' f,dj mÜrd is‡k Tnf.a ify`orhka tu ³la lrorj,g u Ndck jk nj Tn okakd neœka\" Tnf.a weoys,af,ys ia:êr j isg\" hlaIhdg œreoaO jkak’ (1 පේත්‍රැස් 5:8-9)

එබැවින් අප විසින් කළ යුතු ක්‍රියාවන් 2 ක් ඇත.
1.      සැබෑ සතුරා හඳුනාගැනීම
2.      සතුරාට මුහුණ දීමට මැනවින් සූදානම් වීම

ධා : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

අපගේ අධ්‍යයන මාලාවේ ගැටුම අංක 1 - සැබෑ තෘප්තියඅවධානයේ සඳහන් කළ පරිදි ඇදහිලිවන්තයා හට නිතරම ගැමුටක් (සටනක්) ඇත. එය තමාගේම සහෝදරයා හෝ සහෝදරිය සමඟ නොව සාතන් සමඟය (ආත්මික සටන). සාතන්ගේ උපක්‍රමය කෙලින්ම අපට පහර දෙනවාට වඩා අපගේම සමීපතම අයෙක් තුලින් ක්‍රියා කිරීමය. එබැවින් මෙම උගුල අපි හොඳින් වටහා ගත යුතුය.

අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

සැබෑ සතුරා :- (7 වගන්තිය)
මෙම පදයෙන් අපට යාකොබ්තුමා මතක්කර දෙන්නේ අප විසින් දෙවියන්වහන්සේට සම්පුර්ණයෙන් යටත්විය යුතු අතර යක්ෂයාට සම්පුර්ණයෙන් විරුද්ධවිය යුතු බවයි. දෙවියන්වහන්සේට යටත්විම යනු කුමක්ද? එනම් උන්වහන්සේගේ කැමැත්ත හා පාලයට මගේ ජීවිතය භාර කිරීමය. බොහෝවිට අප සිතන්නේ අපි අපගේ ජීවිත දෙවියන්වහන්සේට මුළුමනින්ම යටත් කර ඇති බවයි. එහෙත් සැබෑ තත්වය නම් අපි අපගේ ජීවිත තවමත් අපේ කැමැත්තමත හසුරවයි.

සාතන් යනු ජීවිතයක් ඇති, බුද්ධියක්, අධිෂ්ඨාන ශක්තියක් හා හැඟීම ඇති සැබෑ පුද්ගලයෙක්ය. කෙසේ වූවද, සාතන් ආත්ම භාවයක් නිසා ඔහුට සිරුරක් නැත (වල්ගයක් හෝ අං නොමැත).’[3]
දෙවියන්වහන්සේට ලංවීමටත් සාතන්ගෙන් ඇත් විමටත් අපට කළහැක්කේ කුමක්ද?  එපීස 6:12-18 බලන්න (මෙම කොටස ශෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න).  පාවුල්තුමා මෙම ලිපිය ලියන කාලයේ රෝම සෙබළුන් නිතරම දක්නට ලැබිනි. රෝම සෙබළුන් පහත යුධ උපකරණ හා මෙවලම් වර්ග 6 ක් නිතරම පැළඳගෙන සිටියහ. එනම් හිස්වැසුම, ළය වැස්ම, බඳ පටිය, පාවහන්, පළිහ හා කඩුවය. මෙම ආයුධ 6 න් 5 ක්ම (හිස්වැසුම, ළය වැස්ම, බඳ පටිය, පාවහන් හා පළිහ) යොදා ගන්නේ තමාගේ ආරක්ෂාව සඳහාය (ආරක්ෂක යුද්ධායුධ). කඩුව පමණක් සතුරාට පහර දීමට යොදාගනු ලබයි (ප්‍රහාරාත්මක යුද්ධායුධ).[4]

අපගේ සතුරා වන සාතන්ට මුහුණදීමට අපටද ආත්මික යුධ උපකරණ හා මෙවලම් අවශ්‍ය.

සෙබළාගේ ආයුධය
කාර්යය
ආත්මික ආයුධය
කාර්යය
හිස් වැසුම

ශරීරයේ වැදගත්ම කොටස මොළය හිස ප්‍රදේශයේ පිහිටා ඇත. හිසට ආරක්ෂාව සැපයීම හිස් වැසුම මඟින් කරයි.
ගැළවීම

කිතුනුවා අනිවාර්‍යයෙන්ම ගැලවීමේ අද්දැකීම ලබා තිබිය යුතුය. අප ලබා ඇති ගැලවිම සර්ව සම්පූර්ණවූ, සඳාකාලිකවූ හා කිසිවෙකුට වෙනස් කළ නොහැකි දෙයකි. මෙම සහතිකකම ඇති අයට පමණක් බිය නොමැතිව සතුරාට මුහුණ දිය හැකිය.

ළය වැස්ම

මෙයින් සිදුකරන්නේ පපුව ප්‍රදේශය හෙවත් හදවත ආරක්ෂා කිරීමය.
ධර්මිශ්ෂකම

අපගේ පාපී ස්වභාවය යේසුස් වහන්සේගේ කුරුසිපූජාව තුලින්  මකා දමා උන්වහන්සේගේ ධර්මිශ්ධකමේ වස්ත්‍රයෙන් අපව පෙරවූ සේක. දැන් අපට ඇත්තේ අපගේම යහපත් කමක් නොව ක්‍රිස්තුස්වහන්සේ විසින් අපට දුන් යහපත්කමක් හෙවත් ධර්මිෂ්ඨකමකි.

බඳ පටිය

ශරිරයේ සියළුම ඇදුම් හා පැළදුම් අතරින් බඳ පටිය ඉතා වැදගත්ය. මෙය නොමැතිව සිරුරට ශත්තියක් හෝ ස්ථාවර බවක් නොලැබෙයි. බොහෝ මල්ලව ක්‍රීඩකයින් සිය ක්‍රීඩා කටයුතුවලදී බඳ පටියක් පැළඳ ගනු ලබයි. සොල්දාදුවාගේ ඇතැම් උපකරණ හා ආයුධ වන කඩුව, කිනිස්ස, ඊතල හා වතුර ගෙනයන භාජන රඳවා තිබුණේද බඳ පටිය මතය.
සැබෑකම / සත්‍යතාවය

ජීවිතයේ සත්‍යවාදීකම නැතිව කරන කිසිවකට දෙවියන්වහන්සේ ප්‍රිය නොකරයි. සාතන් පහසුවෙන් අප හසුකරගන්නා එක් ක්‍රමයක් නම් බොරුව හා වංචාව අප තුළ පැවතීමට ඉඩ දීමය. බොරුකීම හා බොරුකිරීමට කිතුනුවාට කොහේත්ම අවසර නැත. බොරුවේ පියා යක්ෂයාය. කිතුනුවා‍ට ඇත්තේ පිළිතුරු දෙකකි. ‘ඔව්’ හා ‘නැහැ’ පමණි. ඒ දෙක අතර සියළු පිළිතුරු යක්ෂයාගෙනි. උදාහරණයක් ලෙස ඔබට යම්කිසි වැඩසටහනකට ආරාධනා කළ විට ඔබගේ ප්‍රතිචාරය කෙලින්ම ප්‍රකාශ කරන්න. ‘එන්න බලන්නං’, ‘සමහරවිට එනවා’, ‘කියන්න බැහැ’ වැනි පිළිතුරු ඇතැම්විට අපගේ සැබෑතත්වය සඟවා පිළිතුරු දිමකි.

පාවහන්

එදා සොල්දාදුවන් ගමන් ක‍ළේ පයින්ය. විවිධ දුශ්කර හා රළු මාර්ග හරහා  සැතපුම් ගණන් යෑමට සිදුවිය. එබැවින් පාවහන් මඟින් පාදවලට අවශ්‍යය කරන ආරක්ෂාව හා පහසුව ලබාදෙන්නා ලදි.  


සුභාරංචිය

මෙය සමාදානයේ සුභාරංචිය ලෙස දක්වා ඇත. සුභාරංචිය යනු කුමක්ද? එනම්  ක්‍රිස්තුස්වහන්සේගේ පූජාව තුළින් දෙවියන්වහන්සේ හා මිනිසාත්, මිනිසා හා මිනිසා අතරත් සමාදානය ඇති වූ බවයි. සාතන්ගේ ක්‍රමය අප ‘තුළ’ හා අප ‘අතර’ අසමාදානය හා බේදය ඇතිකිරිමය. සුභාරංචියේ බලය අත්දැක ඇති පුද්ගලයා ‍බේද කිරීම නොව සමාදානය ඇතිකරයි.

පළිහ

පළිහ මඟින් සිදුකරන්නේ සතුරාගේ ඊතල, ගල් ප්‍රහාර හා කඩුපහරින් ආරක්ෂා විමය. ගිණිදැල්වූ ඊතල විදීම සතුරුහමුදාව විසින් අනුගමනය කළ එක් යුධ උපක්‍රමයක් විය. මෙලෙස විදින ගිණි ඊතල මඟින් ඇති වන ගිණ්නෙන්  ශරීරයට හෝ කඳවුරට ගිණි ඇවිලෙයි.

ඇදහිල්ල

සාතන්ගේ උපක්‍රම වන ‘සැකය’ හා ‘අවිශ්වාසය’ පිළිබඳව අප මැනවින් ප්‍රවේසම් විය යුතුය. යාච්ඤාවට පිළිතුරු ‘ලැබේදෝ’- ‘නොලැබේදෝ’ යන්න සාතන් අපගේ කණට කොඳුරා කියමින් සැකයේ හා අවිශ්වාසයේ බීජ වපුරයි. එහෙත් ඇදහිල්ල ඇති පුද්ගලයා එම බීජ වලට පැළවීමට ඉඩ නොදෙයි. ඇදහිල්ල යනු කුමක්ද? එනම් නොදුටු නමුත් විශ්වාස කිරීමය. දෙවියන්වහන්සේට යටත්වන්නාට හා උන්වහන්සේට ලංවනන්නාට උන්වහන්සේ පිළියෙල කර ඇති දේ අප විසින් ඇසින් දැක හෝ කණින අසා හෝ සිතින් සිතාවත් නැති නරම් අනර්ඝය.

කඩුව

ඉහත සියලුම උපකරණ සෙබලාගේ ආරක්ෂාව ගෙන දුන් අතර, කඩුව පමණක් සතුරාට පහරදීමට ‍යොදා ගන්නා ලදි.

දේව වචනය හා යාච්ඤාව

හෙබ්‍රෙව් 4:12 දේව වචනය දෙමුහත් කඩුවක් බව කියයි. එහි එක් අර්ථයක් නම් ඊට කිකකරුවන්නාට ආශිර්වාදයත්, අකීකරුවන්නාට ශාපයත් හිමිවන බවයි. යේසුස්වහන්සේ පරීක්ෂාවට මුහුණදෙන විට සානත්ට ප්‍රති ප්‍රහාර දැක්වූයේ දේව වචනය උපුටා දක්වමිනි. දාවිත් ගොලියත්ව බිම හෙළුවේ කුඩා ගල් කැටයෙන්ම පම්ණක් නොවෙයි. ඔහුගේ යාච්ඤා ව හා භාවනාව තුළින් දෙවියන්වහන්සේ හා තිබූ සමීප සම්බන්ධතාවය මෙම ජයග්‍රහනයට හේතු විය. ආත්මික සටන කළ හැක්කේ අපගේ ශක්තියෙන් හෝ හැකියාවෙන් නොව ආත්මයාණන් වහන්සේගේ මඟපෙන්විම ඇතිව කරන යාච්ඤාව තුළින් පමණි.


පහත සඳහන් වන්නේ දෙවියන්වහන්සේ සාතන්ට වඩා කොපමණ ශ්‍රේෂ්ඨද යන බවයි. 

ගුණය
දෙවියන්වහන්සේ
සාතන්
පැවැත්ම
සදාකාලිකයි. ස්වයංභූ හෙවත් උන්වහන්සේගේ පැවැත්මේ පදනම උන්වහන්සේමය. නොවෙනස්වන සේක.
සාතන්වීමට පෙර ලුසිපර් නම් අග්‍රදේවදූතයා දෙවියන්වහන්සේ විසින් මවන ලදි. සාතන්ට විනිශ්චයක් හි අවසානයක් ඇත. සාතන් නිතරම වෙනස්වන බොරුකාරයෙකි.
ශුද්ධකම
ඔව් (අතිශුද්ධයි)
අනන්ත ගුණයෙන් යුක්කය.
අපවිත්‍රයි, අශුද්ධයි, පිළිකුල්ය.
සර්වබලධාරීතවය
(සියළු බලය හිමි)
ඔව්
සීමා සහිත බලයක් ඇත.
සර්වඥබාවය
(සියළු දේ දන්නා)
ඔව්
සියල්ලම නොදනී.
සර්වවාසී
(සියළු තැන්හී එකවර වසනා)
ඔව්
එකවරක සිටිය හැක්කේ එක් තැකන පමණි. තම දූතයන් ලවා ලොව පුරා ක්‍රියාකරයි.





ර්  හා   දා කි රී

1.   ඔබගේ සැබෑ සතුරා කව්ද?
2.   ඔබ සතුරාට මුහුණදීමට සූදානම්ද?
3.   වඩා බලවත් දෙවියන්වහන්සේද? සාතන්ද?



[2] එම
[3] ඔල්බන් ඩග්ලස්, බයිබල් පාඩම් 100 ක් (පළමු කොටස), (පේරාදෙණිය: ලංකා බයිබල් විද්‍යාලය, 2004), 278 පි.
[4]  කුණාටු හමුවේ නොසැලී ශක්තිමත්ව සිටීම, (දෙහිවල: ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියාන් ධර්මදාන සංධානය) 74-75 පි.

Saturday, November 26, 2011

ගැටුම අංක 2 - සැබෑ මිතුරුකම


යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)

ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 4:4
(මෙම පදය ශෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
හැ ඳි න් වි :-                                     

ගැටුම යනු කුමක්ද හා ගැටුම් වල ස්වභාවය පිළිබඳව අප පසුගිය සතියේදී සාකච්ඡා කලෙමු. අද එහි දෙවැනි කොටස වන සැබෑ මිතුරුකම පිළබඳව විමසා බලමු.

ධා : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)    

දෙවියන්වහන්සේ විසින් අප ලෝකය හා එහි ක්‍රමයෙන් පිටතට කැඳවා ඇත. එනම් උන්වහන්සේගේ සභාවට තෝරාගෙන ඇත. දැන් අපි මේ ලෝකය හා එහි ක්‍රමයට අයත්වන්නේ නැත. දැන් අපගේ ක්‍රමය උන්වහන්සේ‍ගේ ක්‍රමයයි (දේවචනය එය පැහැදිලි කරයි). එය හරියට මුහුදේ ගමන් කරන නැවක් වැනිය. නැව මුහුද මත වූවද එය මුහුද තුළ නොවෙයි. නැව මුහුදට අයත්වන්නේ වත් මුහුද නැවට අයත්වන්නේවත් නැත. එය පැහැදිලිවම දෙකකි. එබැවින් ක්‍රිස්තුස්වහන්සේ හා මිතුරුකම ලෝකය හා එහි ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමය.

අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න

සැබෑ මිතුරුකම :- (4 වගන්තිය)
දෙවියන්වහන්සේ විසින් අපට විශේෂිතවූ කැඳවිමක් ලබා දී ඇත. එනම් අපව ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය හෙවත් සභාවට කැඳවා ඇත. සභාව යන්නට වනගිවිසුම තුළ ග්‍රීක් භාෂාවෙන් කියනුයේ එක්ලීසියා කියාය. එහි සැබෑ අර්ථයනම් පිටතට කැඳවන ලද[1] යන්නයි. ඇත්තෙන්ම පරණගිවිසුමේ සිට අපට සභාව යන සංකල්පය දැක ගත හැකිය (ලෙවී කථාව 8:4). මිසරයේ වහල්ලුන්සේ දිවි ගත කල ඉශ්‍රායෙල් සෙනඟ දෙවියන්වහන්සේ විසින් මොසෙස්තුමාගේ නායකත්වය යටතේ පිටතට කැඳවාගත් සේක. එලෙස කැඳවාගත් සෙනඟ සෝදිසි හා පරීක්ෂා කිරීම් මධ්‍යයේ වසර 40 ගමන් කර අවසානයේ පොරොන්දු දේශය හෙවත් කානාන් දේශයට පැමිණියේය. මෙම ගමනේදී ඉශායෙල් සභාව (පිටතට කැඳවාගත් සෙනඟ) දෙවියන්වහන්සේ පිළිබඳව දිනෙන් දින එළිදරව්වීම් හා අවබෝධය ලබාගත්තහ. උන්වහන්සේගේ ජීවමානබව හා බලවන්තකම අද්දකින ලදි.

යාකොබ්තුමා 4 වගන්තිය ආරම්භයේදිම තම පාඨකයා ආමන්ත්‍රණය කරන්නේ කාමමිත්‍යාචාරික තැනැත්තෙනි යනුවෙනි (1938 පැරණි අනුවාදය). මුල් ග්‍රීක් බසින් සඳහන්වන්නේද එයමය. පැරණිගිවිසුම තුළ විශේෂයෙන් හොසියා පොතේ දෙවියන්වහන්සේ හා ඉශ්‍රායෙල් අතර සම්බන්ධය විස්තර තරන්නේ විවහා ගිවිසුමක් වැනිය. යේසුස්වහන්සේ මනාලයා වන අතර අපි (සභාව) කන්‍යාවකට උපමා කරයි. එලෙසම ඉශ්‍රායෙල් ජනයා අන්‍යය දේව නමස්කාරයන් වලට යොමුවන විටදී දෙවියන්වහන්සේ එය විග්‍රහ කලේ තම සෙනඟ කාමමිත්‍යාචාරයකරන බවයි. විවාහය තුළ සහකරුවා හෝ සහකාරීය අනියම් සම්බන්ධතා පවත්වන්නේනම් එය තම විවහා ගිවිසුමට පටහැනිව කරන, කාමමිත්‍යාචාරී ක්‍රියාවකි. දෙවියන්වහන්සේගේ සභාවට අයිති අප උන්වන්සේ හා විවහා ගිවිසගෙ ඇත. අපට තව දුරටත් මේලෝකයට හෝ එහි ක්‍රමයට ජීවත් විය නොහැකිය. අපට මාර්ග දෙකක ගමන් කළ නොහැකිය. අප ප්‍රේම  කළ යුක්තේ ලෝකයට නොව උන්වහන්සේගේ ශරීරය වන සභාවටය.  සභාවයනු දෙවියන්වහන්සේ විසින් කැඳවා ඇති ස්ත්‍රීන් පුරුෂයන් හා ළමුන්ය.

ඉශ්‍රායෙල් සෙනඟ මිසරයේ වහලුන්ව සිටි ලෙස, කලක් අපිද යේසුස්වහන්සේ නොදැන, පාපයට හා එහි අධිපතියා වන යක්ෂයාගේ ග්‍රහනය හා පාලනයට යටත්වී, මේලෝකයේ අතරමංවී සිටියෙමුව. ක්‍රස්තුස්වහන්සේගේ ප්‍රේමය, ජීවිත පූජාව හා මරණයෙන් නැවත නැගිටීමේ බලය වන සුභාරංචිය නිසා අපි ගැලවීම හෙවත් නැවත ඉපදීම ලැබුවෙමුව. එලෙසම උන්වහන්සේ දැන් අප සභාවට කැඳවා ඇත. ඇත්තෙන්ම මෙහිදී අපව කැඳවා ඇත්තේ ගොඩනැගිල්ලකට හෝ නිකායක සාමාජිකත්වය දැරීමට වඩා උසස් හා දිව්‍යමය වූ විශ්වී හෙවත් ජගත් සභාවටය (universal church). මෙම විශ්වීය සභාවට අපි කතෝලික සභාවයයි ද කියනු ලබයි. මෙය රෝමානු කතෝලික සභාව නොවන බව හොඳින් වටහා ගන්න. ප්‍රාදේශීය සභාවකට අයත් වීම හා එහි ක්‍රියාකාරී සාමාජිකත්වය දැරීම ඉන්පසුව අපට කිරීමට ඇති  ඉතාමත් වැදගත් පියවරකි. ඊට හේතුව ස්වාමින්වහන්සේ විසින් අපගේ ආත්මික වර්ධනය හා ගණන්දීම සිදු කරන්නේ ප්‍රාදේශීය සභාව තුළිනි.

දැනට ලෝකයේ ප්‍රධාන සභා 3 ක් දැක ගත හැකිය. 
  1. රෝමානු කතොලික සභාව (නවගිවිසුමේ සිට පැවතෙයි) 
  2.  සාධාර්මික හෙවත් ඕතොඩොක්ස් සභාව (ක්‍රි.. 1000 දී පමණ ඇරඹෙයි.) 
  3.  ප්‍රොතෙස්තන්ත සභාව (ක්‍රි. . 1500 දී පමණ ඇරඹෙයි.)

පේත්‍රැස්තුමාගේ නායකත්නය යට‍තේ ආරම්භවූ නවගිවිසුමේ සභාව විවිධ දේවධාර්මික, දේශපාලන හා සාමාජීය වෙනස්වී වලට ලක්වෙමින් දිගින් දිගටම පැවති අතර එය රෝමයේ පාප්තුමාගේ ආධිපත්‍යය යටතේ රෝමානු කතෝලික  සහාවයයි නම් කරයි. ක්‍රි.. 1000 දී පමණ  රෝමානු කතෝලික සහාවේ නායකයින් අතර හටගත් දේවධාරමික මත ගැටුමක් හේතුවෙන් සාධාර්මික හෙවත් ඕතොඩොක්ස් සභාව ඇරඹෙයි. මෙම සභාව අදටත් ලෝකයේ විවිධ ප්‍රදේශවල දැක ගත හැකිය.  එලෙසම නැවතත් ක්‍රි.. 1500 දී පමණ රෝමානු කතෝලික සහාවේ නායකයින් අතර හටගත් දේවධාරමික මත ගැටුමක් හේතුවෙන්  ප්‍රොතෙස්තන්ත සභාව බිහිවිය. මෙම මත ගැටුම් වලට අප ප්‍රතිංස්කරණයන් යැයිද කියනු ලබයි. එලෙසම ප්‍රොතෙස්තන්ත සභාව තුලද විවධ නිකායන් දක්නට ලැබෙයි.

ශ්‍රී ලංකාවේ අපට ප්‍රධාන වශයෙන් දැක ගත හැක්කේ රෝමානු කතොලික හා ප්‍රොතෙස්තන්ත සභාවන්ය. ප්‍රොතෙස්තන්ත සභාවන් නැවතත් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම් ප්‍රධානපෙලේ සභා සහ ප්‍රධානපෙලේ නොවන සභාය. මීට අමතරව ව්‍යාජ සභා යයි නම් කරන යෙහොවා සාක්ෂි කරුවන්ගේ සභාව, මෝමන් වරුන්ගේ සභාව, මේසන්වරුන්ගේ සභාව හා සෙවන්ඩේ ඇඩ්වෙන්ටිස්ට් සභාවන්ද වෙයි.
  
ඉහත බෙදීම කෙසේ වූවත් මෙම පාඩම අධ්‍යනය කරන ඔබ එසෙම්බ්ලි ඔෆ් ගෝඩ් සභාවට අයත් ජනතා දේව සභා‍වේ සාමාජිකයෙක් වීම ගැන අපිදෙවිඳුන්ට ස්තූති කරමුව. ඊට හේතුව දෙවියන්වහන්සේගේ විශේෂතවූ කැඳවිමක් ලබා ඇති අපගේ සභාව සම්පුරණවූ ශුද්ධවූ බයිබලය අකුරක්වත් නෑර විශ්වාසකිරීමට හා පිළිපැඳීමට කැපවී සිටිමුව.

සභාව ශරීරයක් වන බැවින් අප එහි අවයවයන් වෙමුව. සිරුරේ ඇති සෑම අවයවයකටම වෙන්වූ නිශ්චිත කාර්යයක් ඇත. දිවට කළ හැකි දේ ඇසට කළ නොහැකිය. අතට කළ හැකිදේ පයට කළ නොහැකිය. එබැවින් සභාව තුළ සෑම ඇදහිලිවන්තයෙක්ටම නියමිත වූ සේවයක් හෙවත් කොටසක් ඇත. ශරීරයේ ඉතාමත් වැදගත් අවයවයන් පිටතට පෙනෙන්නේ නැත.  මොළය, හදවත, පෙනහැල්ල, වකුගඩු හා අක්මාව වැනි අවයව නැතිව අපට ජිවත්විය නොහැකිය. ඇතැම් විට ඔබ වේදිකාවේ හෝ ඉදිරිපෙලේ දක්නට නොසිටියත් ඔබ තිරයෙන් පිටුපස කරන සේවය ඉතාත් වැතගත් හා අනර්ඝය. ඔබේ සේවය අතුගෑම විය හැකිය. මගේ සේවය ඉගැන්වීම විය හැකිය. ඔබ අතුගා පන්ති කාමරය සූදානම් නොකළේනම් මම උගන්වන්නේ කොතැනද? දෙවියන්වහන්සේ ඉදිරියේ සියල්ලන්ම එකහා සමානය.  

ඉදිරි සතියේදී අපි සැබෑ සතුරාපිළිබඳව අධ්‍යනය කරමු.



ර්  හා   දා කි රී                                                                                                .
  1. දෙවියන්වහන්සේ ඔබ මෙම ලොකයේ ක්‍රමයෙන් පිටතට කැඳවා ඇතිබවට විශ්වාස කරනවාද? 
  2. ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ සභා‍ව සාමාජිකත්වය ලබා තිබේද? 
  3.  ඔබ ජනතා දේව සභා‍වේ සාමාජිකත්වය ලබා තිබේද? 
  4.  ඔබ ජනතා දේව සභා‍වේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ද එසේ නොමැතිනම් නාමික සමාජිකයෙක්ද? 
  5.  සභාව නැමැති ශරීරයේ අවයවයක් වන ඔබ, ඔබගේ කොටස, කාර්යය හෙවත් සේවය අවබෝධ කරගෙන එව විශ්වාවන්තව කරනවාද? 
  6.  ඔබ නොමැතිව සභාවේ සේවය ඉදිරියට නොයනබව ඔබ දන්නවාද? 
  7.  ඔබ අයත් වන සභාවේ අඩුපාඩු හා දුර්වලකම් තිබෙනවා විය හැකිය. පවුලේ ප්‍රශ්ණ තිබෙන නිසා අපි පවුල හැර නොයයි.
  8. සභාව යනු දෙවියන්වහන්සේගේ නැව වෙයි. එදා ලෝකයට තිබූ එකම විසඳුම නෝවාගේ නැව විය. එහි විවිධාකාරවූ සතුන් හා විවධාකාර ගඳ විය. එහෙත් ඊට ඇතුල්වන අයට පමණක් ගැලවිම ලැබිය හැකි විය. සභාවේත් ඇතැම් විට ඔබට විවිධාකාරවූ සතුන් හමුවීම හා විවධාකාර ගඳදැනෙනවා විය හැකිය. එහෙත් ඒවා දරාගෙන නොසිට, සභාවෙන් වෙන්ව නැවෙන් පිටතට පණින අයට හිමිවන්නේ විනාශයයි [2]




[1] Biblesoft's New Exhaustive Strong's Numbers and Concordance with Expanded Greek-Hebrew Dictionary. Copyright © 1994, 2003, 2006 Biblesoft, Inc. and International Bible Translators, Inc.
[2] දේවගැති මයිකල් දිසානායකගේ දේශනාවක් ඇසුරෙන් උපුටා ගන්නා ලදි.