Friday, July 30, 2010

03. ‘මම දරුවන්ට බාධකයක්ද? ’

2009 සංඛ්යා්ලේඛනයන්ට අනුව ශ්රී ලංකාවේ ජනගහනයෙන් 26% වන්නේ වයස අවුරුදු 1-14 අතර දරුවන්ය. එනම් සෑම මනුෂ්යඅයන් 100 දෙනෙක් අතරින් 26 දෙනෙක්ම දරුවන්ය.
තව වසර කීපයකින් ඔබත් මමත් සිටින මෙම සමාජයේ අයිතිකරුවන් හා පාලකයින් වන්නේ අප අද දකින එම දරුවා හෝ දැරියයි. එසේනම් සමාජය භාර ගැනීමට සූදානම් වන මෙම මල් කැකුලු වලට
පිපෙන්නට පෙර, කියාදෙමු අපි, පිපී ලොවට සුවද බෙ‍දා දෙන ආකාරය.
(සමින්ද රණසිංහ; කැකුලු ළමා සේවය: යාච්ඤා ගෘහය සභාව)

යේසුස්වහන්සේ පිළිබඳව දැන ගැනිම අවශ්යය වන්නේ වැඩිහිටියන්ට පමණක්ද? දරුවන්හට යේසුස්වහන්සේ පිළිබඳව දැනගැන්මක් අවශ්යැ නැද්ද? දරුවන් පිළිබඳව යේසුස්වහන්සේ පවසන්නේ කුමක්ද? යන කාරනා මෙවර අධ්ය්නය තුල සාකච්ඡා කරනු ලැබේ”.

ශුද්ධලියවිලි පාඨය :- මාර්ක් 10:13-16
මාතෘකාව :-
‘මම දරුවන්ට බාධකයක්ද? ’
අවධානය
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)
දරුවන් යේසුස්වහන්සේට කෙතරම් වටිනවාද යන්න මෙහි සඳහන් වන්නාසේම, දරුවෙකුට උන්වහන්සේ දැන ගැනිමට ඇති වස්ථාව වලකන අය කෙරෙහි උන්වන්සේ උදහස් වන සේක.

අන්තර්තය ආදර්ශය හා අදාළකිරී

මෙම සිදුවීමට පෙර සිදුවිම් දෙස මොහොතක් අවධානය ලබා දුන්නොත් අපට ප්රසධාන සිදුවීම් 2 ක් දැක ගත හැකිය. එනම්
1. බාලයන්ට බාධා කිරීම (මාර්ක් 9:42-50)
2. දික්කසාදය (මාර්ක් 10:1-12) යන තේමාවන්ය.
දික්කසාදයට පසුව දැඩිවේදනාවට හා කම්පනයට පත්වන්නේ කිසිවෙක්‍ නොව එම පවුලේම දරුවන්ය। ඔවුන්ගේ වේදනාව හා දුක වචනවලට නැගිය නොහැකිය. එම දරුවන් වර්ධනය වන්නේද මෙම සැඟවුන වේදනාවත් සමඟය.

13 පදය : දෙමව්පියන් යේසුස්වහන්සේ දැන සිටි අතර ඔවුන් තම දරුවන් යේසුස්වහන්සේ වෙත ගෙන එයි। එනම් මව හෝ පියා යේසුස්වහන්සේ දැන සිටිම ප්ර්මාණවත් නොවන අතර දරුවන්ද පුද්ගලිකව උන්වහන්සේ හැඳින ගැනීම වැදගත්ය। දරුවන්ට තනිව මෙම සොයාගැනීම කළ නොහැකි නිසා දෙමව්පිය, වැඩිහිටියන්ගේ උපකාරය හා මඟපෙන්වීම අවශ්යොය.

14 පදය : මෙහිදී ගෝලයින්ගේ ක්රි්යාව නිසා යේසුස්වන්සේ අමනාපයට හා නොසතුටභාවට පත්වූබව අපට මෙම සිදුවිම වාර්තා කරන මාර්ක්තුමා මෙන්ම මතෙව් හා ලූක් යන කතුවරුන්ද සඳහන් කරයි. දරුවන්ට බාධාකිරීම පැමිණියේ ගෝලයන් තුළින්මය.
ඇතැම් විට දරුවන් සේසුස්වහන්සේ වෙතට ඒමට ඇති ඉඩ ප්රදස්ථාව නැති කර දමන්නේද උන්වහන්සේගේ ගෝලයින් වන අපමය।

ගෝලයෝ දරුවන්ට තරවටු කරන ආකාරය හා බධා කරන ආකාරය යේසුස්වහන්සේ දුටු බව කියයි। මෙතරම් ජනකායක් ඇති තැන උන්වහන්සේ මෙම සිදුවිම දුටුවේ කසේද?
එතුමාගේ අවධානය දරුවන් කෙරෙහි යොමු වූයේ කෙසේද?
අද දවසේද දරුවන් හට අප විසින් කරන අතවර, හිරිහැර, අසාධාරණය, අයුක්තිය, වධ-හිංසනයන්, අනවශ්යර විහිළු තහළු, වැරදි ආදර්ශයන් උන්වහන්සේ බලාසිට ඒවෙනුවෙන් ක්රි,යා කරන සේක।

මෙම ස්ථානයේ වැඩිහිටියන් බොහෝ ‍දෙනෙක් සිටියද, යේසුස්වහන්සේට කුඩා දරුවන් ඉතා වැදගත්විය। උන්වහන්සේ කුඩා දරුවන් අමතක නොකළ සේක. එනම් යේසුස්වහන්සේට අපගේ ජීවිතවල අප විසින් නොසලකා හරින කුඩා දේද ඉතාමත් වැදගත් වෙයි.

යේසුස්වහන්සේටහට දරුවන් අවශ්යව ‍සේම, දරුවන්ටද යේසුස්වහන්සේ අවශ්යනයි। සේසුස්වහන්සේ ඔවුනට මුණ නොගැසුනොත් ඔවුන්ගේ මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයද නියත වශයෙන් විනාශ‍ වනු ඇත.

ගෝලයින් දේවරාජ්ය‍ය අවබෝධ කරගෙන සිටියේ එය ‍ලෞකික රාජ්යධයක් හා සමානවය. මේ වැරදි අවබෝධය නිසා ඔවුන් සිතුවේ යේසුස්වහන්සේ විසින් පිහිටුවන රාජ්යවය සඳහා දරුවන් වැදගත් නැතිබවයි. එහෙත් උන්වහන්සේ කීවේ දේවරාජ්යයය මෙවන් කුඩා දරුවන්ගේ කියාය. යමෙකුට ඊට ඇතුල්විය හැක්කේ දරුවෙක් මෙන් උන්වහන්සේ පිළිගන්නා අයට පමණක් බවයි. මෙහිදී උන්වහන්සේ අදහස් කරනුයේ කුමක්ද?

පොළොවේ රාජ්යදයන් පිහිටුවන්නේ බලහත්කාරය, මර්දනය, යුද්ධ, සටන් හා යටත්කර ගැනී යොදාගනිමින්ය.
දරුවන් තුළ මෙවැනි දේ දක්නට නැත। ඔවුන් මෘදුයි; අහිංසකයි; අසරණයි; බෙලහිනයි; දුර්වලයි; නිකරම වැඩිහිටියන්ගෙන් යැපෙයි; ඔවුන් සැකකරන්නේ නැත; තරහව කෝපය දිගින් දිගටම තබා නොගනී; ඉක්මනින් සතුරන්ට සමාවදී මිත්රකත්වය ඇති කර ගනී; නිතරම අලුත්දෙයක් ඉගෙන ගනී; නිතරම වර්ධනය වෙයි; ඔවුන්ගේ මනස පවිත්රනය; වැඩිහිටියන්ගේ මෙන් කාමුක සිතුවිලි හා ලෞකික තෘෂ්ණාවෙන් පිරී නැත। ඔවුන් පවිත්රම බඳුන් වැනිය।
(දරුවන්ට යේසුස්වහන්සේ අවශ්යුය ඇයි බව ලබන සතියේදී සාකච්ඡා කරනු ඇත।)
එසේ නම් යමෙකුට ස්වර්ග රාජ්යරයට ඇතුල්වීමට අවශ්යවය නම් යේසුස්වහන්සේ පවසන ආකාරයට දරුවෙකුගේ චරිතයෙන් ඉගෙන ගැනිමට සිදුවෙයි।

අද දවසේ අපි දරුවන්ට බධා කරන ආකාරයන් කිපයක්
1. වැරදි ආදර්ශයන් (සාකච්ඡා කරන්න)
2. දරුවන්ට යේසුස්වහන්සේ පිළිබඳ ඇසීමට හා ඉගෙන ගැනීමට ඇති අවස්ථාවන්ට යොමු නොකිරීම.
3. ඉරුදින දරුවා දේවස්ථානයට රැගෙන ඒම හා සබත්පාසල් යොමු කිරිම වෙනුවට වෙනත් ගමන් හා අමතර උපකාරක පංති වලට යොමු කිරීම.
4. පවුලේ යාච්ඤාව නොපැවැත්වීම.
5. වැඩිහිටියන්ගේ ජීවිතවල වටිනාකම් හා කේන්ද්රැස්ථානය ක්රි ස්තුස්වහන්සේ මත නොව වෙනත් ලෞකික දේමත තබා සිටිම.
6. වැඩිහිටියන්ගේ ජීවිත තුළ ශුද්ධාත්ම ඵලය නොවීම (ගලාති 5:22).
7. වැඩිහිටියන්ගේ අවවාදය හා ආර්ශය එක සමාන නොවීම.

• වැඩිදුර අධ්යයනය සඳහා :
www.lifewind.org

Thursday, July 1, 2010

02. 'අපට සම්බවුනා'

ශුද්ධ ලියවිලි පාඨය : යොහන් සුභාරංචිය 1:41 (35-42)

අවධානය : ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ආත්ම දිනාගැනිම - පුද්ගලික සුභාරංචිකරනය.

මිනිසුන් හා සතුන් අතර වෙනස කුමක්ද? (සාකච්ඡා කරන්න)

  1. සතුනට ඇත්තේ ශරීරයක් හා ප්‍රාණයක් පමණි. එබැවින් ඔවුනට ඇත්තේ භෞතික ජීවිතයක් පමණි. එහෙත් මිනිසාට ශරීරය හා ප්‍රාණයට අමතරව ආත්මයක් ඇත.
  2. ආත්මය හේතුවෙන් මිනිසාතුළ භෞතික ජීවිතයට අමතරවූ සතුනට නොමැති ආධ්‍යාත්මික හෙවත් ආත්මික ජීවිතයක් පවතියි.
  3. ආහාර සොයා ගැනිම මිස සතුන්ට කිසි කලෙක දෙවියන් සෙවිමට හෝ දෙවියන් වැදපුදා ගැනීමේ ආශාවක් ඇති නොවෙයි.
  4. කෑම-බිම, ඉදුම්-හිටුම්, යාන-වාහන, රැකී-රක්ෂා වලට අමතරවූ, ඉන් ඔබ්බට ගිය ගැඹුරැ ආධ්‍යාක්මික ආශාවක් මිනිසාට ඇත.
  5. මෙම ආශාවට හේතුව මිනිසාගේ පැවැත්ම ඇරඹුන දින පටන් (මැවීමේ දින සිට) ස්වකීය මැවුම් කරුවාණෝ එම ආත්මික ස්වභාවය ඔහු තුල තැන්පත් කළ හෙයිනි.
  6. මෙලොව සිටි, සිටින හා සිටින්නට යන ඕනෑම පුද්ගලයෙක් සෑබැ දෙවියන් සොයන ගමනක නිරත වෙයි. ඔවුන් අසන ප්‍රශ්නයක් නම් ‘සත්‍යය’ කුමක්ද? යන්නයි.
  7. මෙලෙස ‘සත්‍යය’ සොයාගිය පුද්ගලයින් දෙදෙනෙක් අප විසින් ඉහත කියවන ලද ශුද්ධ ලියවිලි කොටසේදී හමුවෙයි.
  8. ඔවුන්දෙදෙනාගෙන් එක් අයෙක් අන්දෘ වන අතර සෙසු පුද්ගලයා යොහන් යයි අපි විශ්වාස කරමු. මොවුන් දෙදෙනා භක්තිවක්ත යුදෙව්වරැ විය. යුදෙව්වරු තම ව්‍යවස්ථාවට අනුව ‘මෙසියස්’ (හෙබ්‍රෙව් වචනය) හෙවත් ‘ක්‍රිස්තුස්’ (ග්‍රීක වචනය) නම් ගැලවුම් කරුවෙක් ලොව පහලවන තෙක් බලා සිටියහ. මෙහි අදහස ආලේපලත් යන්නයි. ඇතැම් ‍බෞද්ධ කොටස්ද මෙලෙස පහල වන දියසේන කුමරුන් හා මෛත්‍රීය බුදුන්ගේ පැමිණිම බලාසිටිති.
  9. වෘතීමය වශයෙන් ධීවරයින් වූ මෙම මිතුරන් එවකට සිටි සුප්‍රසිද්ධ ගුරැවරයෙක් හා ප්‍රෝපේතවරයෙක් වූ යොහන් බෙව්තිස්තගේ ගෝලයින් වූහ. යොහන් බෙව්තිස්තගේ මගපෙන්වීම අනුව මේ මිතුරන් දෙදනා හට ඔවුන් සෙවූ ‘සත්‍යය’ හමු වෙයි.
  10. 41 වන පදයේ සදහන් වන ආකාරයට අන්දෘ විසින් කළ පළමු වැනි ක්‍රියාව නම් එම සත්‍යය තම සොහොයුරැ පේත්‍රැස් හා බෙදාගැනීම හා ඔහු යේසුස්වහන්සේ වෙත කැදවාගෙන යාමයි. යොහන් සුභාරංචියේ අන්දෘ ගැන සදහන් වන හැම විටම ඔහු තවත් පුද්ගලයෙක් යේසුස්වහන්සේ වෙත කැදවාගෙන එයි (යොහන් 6:8, 12:20-21).
  11. මෙහිදී සදහන් වැදගත් කරුණක් නම් අන්දෘ හට යේසුසුවහන්සේ පිළිබදව නිවැරදි අවබෝධයක් විය. යේසුස්වහන්සේ යනු සැබෑ ගැලවුම්කරැ යන යන විශ්වාසය
  12. මෙහිදී අන්දෘ විසින් කළ ක්‍රියාව ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් ලෙස අදටත් කිතුනු සභාව සලකනු ලබයි. ඊට හේතුව නම් ප්‍රේත්‍රැස් වනාහී මුල් සභාවේ සිටි විශිෂ්ඨ වූ ප්‍රධානපෙලේ නායකයෙකි. සභාව බිහිවූයේ ඔහුගේ දායකත්වයත් සමගය. යේසුස්වහන්සේ අනාවැකි පල කල ආකාරයටම ඔහු සභාවට පර්වතයක් බදුවිය.
  13. පේත්‍රැස් පිළිබදව නව ගිවිසුම තුල 176 වතාවක් හා ඔහුගේ දේශනා හා හාස්කම් විස්තර කර ඇත. එහෙත් අන්දෘ පිළිබදව නව ගිවිසුම තුල 14 වතාවක් පමක් සදහන් වන අතර ඔහුගේ කිසිදු දේශනාවක් හෝ හාස්කමක් පිළිබදව වාර්තාවී නැත. පේත්‍රැස්ගේ පළමු දේශනාව ඇසූ ගණන 3000 කටත් අධිකය. එහෙත් අන්දෘගේ පුද්ගලික සුභාරංචිකරනයෙන් පේත්‍රැස් ගැලවීම කරා පැමිණියේය.
  14. ඔබට දේශනා අසන්න විශාල සෙනගක් නැතිවූවත් අන්දෘට ප්‍රෙත්‍රැස් හමුවුනාසේ ඔබේ සාක්ෂිය අසන්න එක් අයෙක් බලා සිටිනවා විය හැකිය. ඒ ඔබගේ ළග සිටින මිත්‍රයා, සහෝදරයා හෝ සහෝදරිය, ඥාතියා, අසල්වාසියා, පාසලේ මිතුරා හෝ දිනපතා මුණ ගැසෙන කඩේ මුදලාලි, කීර විකුණන අම්මා වැනි අය විය හැනිය.
  15. ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ආත්ම දිනන්නෙක් ලෙස අන්දෘ තම ක්‍රියාවෙන් අනර්ඝ දේශනා කළ පුද්ගලයෙකි. අද සභාවට අවශ්‍යවන්නේද වචනයෙන් මෙන්නම ක්‍රියාවෙනුත් එනම්, ජීවිතය දේශනයක් වූ අන්දෘ වැනි ගෝලයින්ය.
  16. ඔබ අවසාන වතාවට යම්පුද්ගලයෙකුට ක්‍රිස්තුස්වන්සේ ගැන සාක්ෂි දැරූ දවස මතකද? ඔබ දකින අය ඔබ තුල සිටින ක්‍රිස්තුස්වහන්සේ දකිනවාද? ඔබ කථා කරන කල අසන අයට ක්‍රිස්තුස්වහන්සේගේ හඩ ඇසෙනවාද?

01. ‘සම්පූර්ණ ඉවසිලිවන්තකම'

ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 1:1-8

මාතෘකාව :- ‘සම්පූර්ණ ඉවසිලිවන්තකම’

1. අවධානය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

ක්‍රිස්තුස්වහන්සේගේ කැමැත්ත කිරීම නිසා ජීවිතයේ මුහුණදෙන ප්‍රශ්න හා පීඩාවන් තුලින් අපගේ ඉවසීමේ ගුණය සම්පුර්ණත්වයට පැමිණෙන බව.

2. අන්තර්තය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

i. කව්රුන් විසින්ද?

යාකොබ් (1වන පදය).

මෙම යැවුම් පත්‍රයේ කතෘවරයා යේසුස්වහන්සේගේ සොහොයුරු වන යාකොබ් ‍ලෙස පිළිගනු ලබයි. මෙම ලිපිය ලියන කාලයේ යෙරුසලම සභාවේ පේත්‍රැස් හා සමාන උසස් හා ජ්‍යෙෂ්ඨ නිලයක් දැරූ යාකොබ්තුමා තමන් හඳුන්වා දෙනු ලබන්නේ දෙවියන්වහන්සේගේත් යේසුස්වහන්සේගේත් දාසයෙක් ලෙස මිස තමන්ට ඇති අධිකාරීත්වය පිළිබඳව සටහන් කරමින් නොවෙයි.

මම කුමන තත්වයේ සිටියත්, කුමන නිලයක් දැරුවත්, මා යටතේ කෙතරම් සෙනඟක් සිටියත් මතක තබා ගත යුතු දෙයක් නම් අප සැමට ඉහලින් ස්වාමියෙක් සිටින බවයි‍. මම අනිත් පුද්ගලයන්ට සැලකිය යුත්තේ මමත් දාසයෙක් මිස ස්වාමියෙක් යන ආකල්පය ඇතිව නොවෙයි.

ii. කාටද?

විසිරී සිටින්නාවූ ගෝත්‍ර 12 ට (1වන පදය).

එනම් යෙරුසලමේ මෙන්ම අනෙකුත් ප්‍රදේශවල ජීවත් වන යුදෙව් දහමේ සිට කිතුනුවන් බවට පත්වූ සියලුම ඇදහිලිවතුන්වෙත ලියනු ලබයි.

iii. කවදාද?

පළමු ශතවර්ෂයේදී (ක්‍රි.ව. 66 ට පෙර).

මුල් සභාවේ එනම් පළමු ශතවර්ෂයේ ජීවත්වූ කිතුන්වන් වෙත ලියනු ලබයි. එහෙත් මෙහි සඳහන් ඉගැන්වීම් හා උපදෙස් අදටත්අපට ගැලපෙන කරුණුය.

iv. කොතැනදීද?

යෙරුසලමේ සිට ලියනු ලැබූ අතර එය ලොව සෑම ප්‍රදේශයකටම යවා ඇත.

v. කෙලෙසද?

1 වැනි පදය අවසානයේ දී යාකොබ් තුමා මෙම ලිපිය ලියන අරමුණ ඉතාමත් පැහැදිලිව සඳහන් කරයි.

එනම් ‘ගෝත්‍ර දොළොසට ශුභ සිද්ධවන ලෙස’යනුවෙනි. මෙහි ඇති ඉගැන්විම් හා ඒවා පිළිපදින අයගේ ජිවිතවලට අනිවාර්යයෙන්ම යහපත සිදුවනු ඇත.

2 සිට 4 වැනි පදය දක්වා ඇති ප්‍රධාන වචන 3 කුමක්ද?

i. ඇදහිල්ල

ii. පරීක්ෂාව

iii. ක්ෂාන්ති ගුණය (ඉවසිලිවන්තකම)

ü මෙහිදී යාකොබ්තුමා පරීක්ෂාව යනුවෙන් අදහස් කරන්නේ එදා කිතුනුවන් තම අවංක ඇදහිල්ල ආරක්ෂා කර ගැනීමේදී, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා මුහුණ පෑ විවිධාකාර දුෂ්කරතාවයන් මිස, තමන්ගේ පාපය හෝ අකීකරුකම් නිසා ඇතිවූ තත්වයක් ගැන නොවෙයි.

ü විශේෂයෙන් රජයෙන් හා අන්‍යභක්තික සමාජයෙන් එල්ලවන බලපෑම් නිසා ඔවුන් සමාජීය, දේශපාලන හා ආර්ථිකමයලෙස විවිධ අපහසුතාවයන් හා හිඟකම් වලට ලක්වුනි. එනම් අපට දිනපතා ඔසවාගෙන යාමට කුරුසියක් ඇත.

ü අපට ඇති කුරුසය නම් ඉහත සඳහන් ලෙස දේවකැමැත්ත කිරීම නිසා විඳීමට සිදුවන වේදනාකාරී අද්දැකීම්ය.

ü මෙම ප්‍රධාන වචන 3න අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? අපගේ ඇදහිල්ල පරීක්ෂාව‍ට ලක්වන විටදී ඉවසිලිවන්තකම නැමැති ශුද්ධාත්ම ඵලය වර්ධනය වෙයි.

ඇදහිල්ල => පරීක්ෂාව => ඉවසිලිවන්තකම

ü ඇදහිල්ලයනු කුමක්ද? එනම් ජීවිතයේ සියලු අවශ්‍යතාවයේදී (ශාරීරික, මානසික හා ආධ්‍යාත්මික) ස්වාමීන්වහන්සේ කෙරෙහි බලා සිටීමය.

ü අපට අපහසුම දේද බලාසිටීමය. එනම් ඉවසිලිවන්තකමය. තාක්ෂනිකමය ලෙස දියුණු වී ඇති වර්තමානයේ සෑම දෙයක්ම විනාඩි 2කින් අපගේ අතට ලැබෙයි. මෙම හේතුව නිසා අපට ස්වාමීන්වහන්සේගේ කැමත්ත සිදුවන තෙක් බලා සිටීමටද අපහසුවී ඇත.

ü ඉවසීමද ප්‍රගුණ කළ යුතු දෙයකි. එලෙසම එය ශුද්ධාත්ම ඵලයකි. ශුද්ධාත්ම බෞතීස්මය ලද මොහොතේ මෙම ඵලය උන්වහන්සේ ඔබ තුළ ඇතිකරන සේක (ගලාති 5:22). ගසක ඇති ඵලයක් අනිවාර්යයෙන්ම වර්ධනය වී ඉන් තව තවත් බීජ ඇතිකර විශාල වර්ධනයක් හා ව්‍යාප්තියක් ඇති කරයි. එය වර්ධනය කිරීම උදෙසා අප විසින් පරීක්ෂාව යොදා ගැනීම කළ යුතුය.

3 වන පදය තුළ මහා පුදුමාකාර දෙයක් සඳහන්ව ඇත. එය අපගේ ලෞකික මනසට කිසිසේත්ම පිළිගත නොහැකි විහිළුවකි. (ඔබගේ සෛල සාමාජකයින්ට මේදේ සෙවිමට කාලය ලබා දෙන්න.)

ü එනම් ජීවිතයේ දුෂ්කර අවස්ථාවන් දුකක් ලෙස නොව ප්‍රීතියක් ලෙස සලකන ලෙස යාකොබ්තුමා සඳහන් කරයි.

ü යේසුස්වහන්සේ තමන්වහන්සේගේ කුරුසිය නිසා ලැජ්ජාවූයේ නැත. මිනිසුන් එතුමාට අපහස කළද උන්වහන්සේ

ü ලබන්න යන මහිමය නිසා එය ප්‍රීතියක් කොට සැලකූසේක (හෙබ්‍රෙව් 12:1‍- 4).

5 සිට 9 වැනි පදය දක්වා දෙවියවන්වහන්සේගෙන් කරන ඉල්ලීමක් ගැන කථා කරයි. මෙහිදී ඉල්ලන්න කියන්නේ කුමක්ද? (ප්‍රඥාව)

ü දුක්විදීමේදී ප්‍රඥාව අවශ්‍ය වන්නේ ඇයි. ප්‍රඥාව හා දැනුම අතර වෙස කුමක්ද? අධ්‍යාපනය තුළින් අපට දැනුම ඕනෑතරම් ලබාගත හැකිය. එහෙත් එම දැනුමේන් ප්‍රයෝජනයක් ගැනීමට හා එම දැනුම ජීවිතයට නිවැරදිව අදාලකර ගැනීමට ප්‍රඥාව අවශ්‍ය වෙයි.

ü ජීවිතයේ දුෂ්කර මොහොතේදී ක්‍රියා කළ යුතු ආකාරය, ප්‍රතිචාර දැක්විය යුතු අකාරය ඉතාමත් වැදගත්ය. එසේ නොවුනහොත් අප සිටින තත්වය, තව තවත් භයානක හා වියවුල් විය හැකිය. මෙනිසා දෙවියන්වහන්සේගෙන් ලැබෙන ප්‍රඥාව තුලින් මෙම තත්වයෙන් ජයගත හැකි වනු ඇත.

3. ආදර්ශය හා අදාළකිරීම

i. යාකොබ්තුමා මෙන් ඔබත් දාසකමේ ආත්මයකින් පූර්ණ අයෙක්ද?

ii. ක්‍රිස්තුස්වහන්සේ ‍කෙරෙහි ඇති ඇදහිල්ල නිසා මුහුණදෙන පරීක්ෂා හේතුකොටගෙන ඔබගේ ඉවසීමේ ගුණය වර්ධනය කිරීමට සූදානම්ද?

iii. ස්වාමීන්වහන්සේ නිසා ඔබ මුහුණදෙන අමිහිරි අද්දැකීම් මිහිරියයි කිමට ඔබ සූදානම්ද?

iv. ඔබගේ ඇදහිල්ල පවතින්නේ කිනම් මට්ටමකද? ඔබ ජීවිතයේ සියලු අවශ්‍යතාවයේදී (ශාරීරික, මානසික හා ආධ්‍යාත්මික) ස්වාමීන්වහන්සේ කෙරෙහි බලා සිටින අයෙක්ද?

v. මේ මොහොතේදී ඔබ මුහුණ දෙන ‍හා පොරබදින පරීක්ෂාව හෙවත් අප ඉගෙන ගත් ලෙස දුෂ්කර අද්දැකීම කුමක්ද?

vi. ඔබත්, ඔබගේ කුරුසිය දරාගත නොහැකිව එය රහසින් අතහැර යාමට බලාසිටින අයෙක්ද?

vii. දෙවියන්වහන්සේ ඉදිරියේ අවංක ජීවිතයක් ගතකිරීම නිසා අද ඔබ පත්වී සිටින තත්වය කුමක්ද? ඔබේ ව්‍යාපාරයේ දියුණුව, ලාභ ගැබීම, රැකියාවේ උසස්වීම, ගැලවීම නොලත් පවුලේ සාමාජිකයන් හා නෑදෑ හිතමිත්‍රයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්ද?

viii. ඔබගේ ඉවසිලිවන්තබාවය ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?

· වැඩිදුර අධ්‍යනය සඳහා :