Sunday, July 29, 2012

දේව වචනය හා මම අංක 1 ‘තද පස’


මාතෘකාව :-  දේව වචනය හා මම අංක 1 :- ‘තද පස’

ශුද්ධලියවිලි පාඨය :- මතෙව් 13:1-9
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

මෙම උපමා කථාවට අනුව බීජ (දේව වචනය) වැටුන ස්ථාන (අපගේ ජීවිත) කොටස් 4 කට බෙදා දක්වයි. එනම්

1.      තද පස (මාර්ගයේ වැටුන බීජ)
2.      ගල් සහිත පස
3.      කටුගස් සහිත පස
4.      සරු පස

බීජ වැටුන පොළවේ ස්වභාවය මත් එහි ඉරණම තීරය විය. එකම ගොවියා විසින් වපුරන ලද්දදේ එකම වර්ගයේ බීජ වර්ගයක් වන අතර ඒවා වර්ධනය හා ඵල දැරීම මත විනිශ්චයට ලක්වනු ඇත. 12 වැනි වගන්තියේ සඳහන් ව ඇති විනිශ්චය නම් ‘ඇති-තැනැත්තා’ යනු දේව වචනය අසා තේරුම් ගන්නා වන අතර ඔහුට වඩ වඩා දේව වචනයේ රහස්  හා එළිදරව් ලැබෙනු ඇත. එලෙසම ‘නැති-තැනැත්තා’ යනු තමා අසන දේව වචනයට පිටුපා යන පුද්ගලයාය. එවන් පුද්ගලයාට දෙව්යන්වහන්සේගෙන් කිසිදු එළිදරව්වක් නොලැබෙයි.
අද දිනයේ අප විසින් සාකච්ඡා කරනුයේ තද පස හෙවත් මාර්ගයේ වැටුන බීජ පිළිබඳවය.

අ ව ධා න ය : -
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

හදවත නැමැති පස තද නම් අසන දේව වචනය ජීවිතය තුළ‍ට කා නොවදිනු ඇත.
අ න් ත ර් ග ත ය :-
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

1.   මුලින්ම සඳහන් වන්නේ බීජ මඟ දිගේ වැටුන බවයි. සමාන්‍යයෙන් මාර්ගයක් සලකා බලන විට එහි ඇති පස මිනිසුන් හා සතුන් ගමන් කිරීම හේතුවෙන් තද වීමට ලක් වනු ඇත. මෙම බිම කිසිදු වගාවකට සුදුසු ස්ථානයක් නොවන අතර එය සම්පූර්ණයෙන්ම නිසරු බිමකි.
2.   එලෙසම එවැන් බිමක බීජ පැළ කළද මිනිසුන් හා සතුන් එම මාර්ගයෙන් ගමන් කිරීම හේතුවෙන් පහසුවෙන්ම බීජ විනාශ වී යනු ඇත.
3.   උපමාවට අනුව මෙම තද පසේ බීජ වැටුනු සැනින්ම කුරුල්ලන් පැමිණ ඒවා ගිල ගන්නා ලදි.
4.   මෙයට හේතුව බිජ හොඳින් නිරාවරණය වී තිබීමය. එසේ වූයේ පස ඉතාමත් තද නිසා බීජ වලට පොළෙවෙ තුළට යෑමට හා මුල් ඇඳිමට කිසිදු අවකාශයක් නොවීමය.


ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම :-
(මෙම බයිබල් කොටසින් මට ඇති වැදගත් කම විමසා බලන්න)

1.   දේව වචනය බීජ වලට ද, තද පස මිනිස් හදවතට, කුරුල්ලන් සාතන්ට හා ඔහුගේ ක්‍රියාකාරීත්වයට සමාන කර දක්වයි.
2.   ඇතැම් විට අපගේ හදවතද මෙලෙස තද හා නිසරු බිමක් විය හැකිය. කෙතරම් දේවචවන‍ය ඇසුවත් එය තේරුම්ගත නොහැකිවන සේ හදවතේ ඇති ආත්මික ඇස් වැසී ගොසින්ය.
3.   සාතන් විසින් ඉතාමත් සහසුවෙන් හා ක්ෂනිකව අප විසින් අසන ලද වචනය නැමැති බීජ සොරා ගනු ඇත.
4.   මේ හේතුවෙන් අප වම් කනින් අසන වචනය දකුණු කනින් පිට වී යනු ඇත.
5.   ජීවිත වෙනස්වන්නේත් ශුද්ධාත්ම ඵල හට ගනු ලබන්නේත් දේව වචනය ඇසීමෙන් ඇති වන ඇදහිල්ල කරණකොට ගෙනය.
6.   ආත්මික කන් වැසී, එය තද පසක් මෙන් ඇතිවිටදී ඇහිල්ලක් ඇති නොවෙයි. එවිට එල දැරීමක් හෝ ජීවිත වෙනස් විමක් ඇතිවන්නේ කෙසේද?
7.   සත්‍ය නොදකින හා නොවැහෙටමන පිණිස, මේ ලෝකයේ දෙවියා වන සාතන් මිනිස් සිත් තද පසක් හෙවත් අඳුරු බවට පත් කර ඇත.
8.   මෙම ආත්මික අන්ධබවින් මිනිස් සිත් මිදෙන පිණිස අප උනන්දුවෙන් හා නිරාහාරව යාච්ඤාවේ හා ආත්මික සටනේ නියැලිය යුතුය.
9.   දේව වචනය තේරුම් ගත නොහැකිවනසේ  ඔබේ සිත හා හදවතත් මෙලෙද තද පසක්ද? එසේනම් එම තද පස බුරුල් කිරිමට ශුද්ධාත්මයාණන්වහන්සේට මේ මොහොතේම ඉඩ දෙන්න.

Sunday, July 15, 2012

දේව කැමැත්තට පිටුපෑම අංක 2




මාතෘකාව :-  ‘දේව කැමැත්තට පිටුපෑම අංක 2

ශුද්ධලියවිලි පාඨය :-  ජෝනා 1:7-17
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
7 tl, kdœl msúi ;u ;uka w;fÈ l;d lr.Ú–ka" ööf• œm;aØh wmg me–×fha ljfrl= Úid ± hs ±k.kak ms×i mi weg ouuq÷÷hs lS y' ta wkÜj T›yq mi weg ±uQ y' mi wegh fc`kdg je‡×' 8tœg T›yq fc`kdf.ka m%Yak lr–ka" ööwmg me–× f• œkakeyshg j.Ùj hÜ;af;a ljfrla o@ Tf’ /Ùhdj l=ula o@ Tn fldfya isg wdfjys o@ Tf’ rg l=ula o@ Tf’ cdØh l=ula ±÷÷hs weiÝ y'
9 Tyq msබිu;a uejQ iajÈ.fha foœ i–¹Kka jykafia woy–÷÷hs lS h' 10Tyq i–¹Kka jykafia fjØka m,d hk nj Tjqka ±kf.k is‡ Úid T›yq b;d භිhm;a" ööTn l< f• yæh l=ula ±÷÷hs weiÝ y'11 l=KdÛj jv jvd;a f›.j;a jQ neœka" ööuqyqo ÚYap, jk ms×i wm Tng l=ula l< hÜ;= ±÷÷hs T›yq Tyqf.ka weiÝ y' 12 ööud /f.k uqyqog බි,s fokak' tœg uqyqo ÚYap, jkÜ we;' f• uy l=KdÛj weØ වී Øfnkafka ud Úid nj uu oÚ–÷÷hs Tyq Tjqkag lSf› h'
13 flfia fj;;a" kdœl msúi fjrවීÈhfhka kej meojQ y' tfy;a" uqyqo jv jvd iefrka Tjqkag œreoaO j keóS wd neœka Tjqkag tfia lrkakg neú œh'14 tœg T›yq i–¹Kka jykafiag y~ .id" ööwfy` i–ºÚ" f• –Úidf.a m%dKh Úid wm msg œkdYhla fkd f› jd· Úf°ia flfkl=f.a urKhg wms j.Ùj hÜ;af;` fkdfj• jd· ukao" i–ºÚ" Tf’ leue;a; múæ Tn Ù%hd l< fiale÷÷hs lS y'15 bkamiÜ T›yq fc`kd uqyqog බි,s ³kay' tœg uqyqfoa le<šu kejØ×' 16f• fya;=fjka kdœl msúi i–¹Kka jykafia flfrys wØYhska භිhm;a විය. Wka jykafiag mÝcdjla TmamÜ lr ndrydr ms´ y'
17 i–¹Kka jykafia o fc`kd .s,.kak ms×i uyd u;aiHfhl= iÝ°k• l< fial' ta u;aiHhdf.a l=i ;=< fc`kd °j,a ;=kla o ? ;=kla o is‡fha h'

හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

දේව කැමැත්තට පිටුපා ගමන් කරන් කල අපට කුණාටු වලට මුහුණ දීමට සිදුවන බව පසුගිය සතියේදී අපි සාකච්ඡා කළ අතර, අද දිනයේ අප විමසා බලන්නේ ජීවිත කුණාටු ඉදිරියේ කළ යුතු දේ කුමක්ද යන්නයි.

අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

ජීවිතයට හමණ කුණාටු වලින් මිදීමට ඇති විසඳුම එම කුණාටුවලට හොඳින් මුහුණ දීමය.

අ න් ත ර් ග ත ය
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)
ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

7-8 වගන්ති වලට අනුව ජෝනා වරද කරු බවට  පත්වෙයි.
දෙවියන්වහන්නේ කිසි විටක වැරදි කරුවන්ට නිදහසේ සිටින්නට ඉඩ ‍නොදෙයි.
9 වැනි වගන්තියට අනුව ජෝනා තවදුරටත් සැඟවී සිටීම වෙනුවට සත්‍ය ප්‍රකාශ කරනු ලබයි.
ජීවිතයට හමණ කුණාටු වලට එක් හේතුවක් නම් අපගේම මුරණ්ඩුකම හා අකීකරුකමයි. එයින් මිදීමට ඇති හොඳම මාර්ගය සත්‍ය ප්‍රකාශ කිරීමය.
එක් බොරුවක් වසන්න තවත් බොරු සීයයක් කීමට සිදුවෙයි.
10-11 වගන්ති වලට අනුව නැවේ සිටි සෙසු අය ජෝනා වැරදිකරු බව දැන ගෙන සිටියත් ඔහුට දඩුවම් කිරීමට හෝ විනිශ්චයට පත්කිරීමට ඉක්මන් නොවීය.
වැරදි කරුවන්ට දඬුවම් දීමට හෝ ඔවුන් විනිශ්චයට පත්කිරීමට ඉක්මන් නොවන්න.
මාගේ නොයිවසීම නිසා දෙවියන්වහන්සේගේ බලය හා සැලැස්ම අද්දැකීමට ඇති අවස්ථාව නැතිවී යා හැකිය.
  
12-16 වගන්ති වලට අනුව පෙනී යන්නේ කුණාටුව නිසල විමට ඇති එකම ක්‍රමය ජෝනාව මුහුදට බිළිදීම  වූවත්, ඔවුන් විසින් එසේ නොකර දිගින් දිගටම තම උත්සහයෙන් කුණාටුව ජය ගැනීමට උත්සහ කිරීමයි.
මෙහි ප්‍රතිඵලය වූයේ කුණාටුව තව තවත් ප්‍රබල විමය.
එහෙත් නිවැරදි දේ කළ විට කුණාටුව නිසල විය.
ජිවිත කුණාටු වලදී ඉන්මිදීමට ඇති හොඳම ක්‍රමට දෙවියන්වහන්සේට  මුළුමනින්ම යටත්විමය.

දෙවියවහන්සේගේ කැමැත්ත වූයේ ජෝනා මුහුදට හෙලීමය.

කුණාටුව මඟහැර යාමට වඩා, ජෝනා මෙන් ඊට මුහුණදීම දේව කැමැත්තයි.
17 නැවවේ සිටි අය සිතුවේ ජෝනා තම වරදට හිමි දඬුවම වන මරණය ලැබූ බවයි.
එහෙත් ජෝනාගේ ඉදිරිපත්විම හා තම වරද පිළිගැනීම නිසා ඔහුට දෙවියන්වහන්සේගෙන් තවත් අවස්ථාවක් ලැබුණු සේක.

පාපය හා වරද පිළිගනු ලබන පුද්ගලයාට නිතරම තවත් අවස්ථාවක් ලැබෙනු ඇත.





Sunday, July 8, 2012

දේව කැමැත්තට පිටුපෑම අංක 1




මාතෘකාව :-  ‘දේව කැමැත්තට පිටුපෑම අංක 1

ශුද්ධලියවිලි පාඨය :-  ජෝනා 1:1-6
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

1i–¹Kka jykafiaf.ka w–;a;hsf.a mÜ;a fc`kdg me–× m×jqvh fufia h( 2öökeósg ÚÚjh k• fYa%IaG k.rhg f.dia Bg œreoaO j fudr.ikaká ukao\" tys jeishkaf.a ³Iaglu ug b;d fyd¢ka fmfka'÷÷ 3tfy;a\" fc`kd i–¹Kka jykafia uó yer m,d hk ms×i ;ÈIsIag hkakg msg;a œh' ta i|yd Tyq fcdmamdjg .sfha h' tys ¡ Tyqg ;ÈIsIag hk kejla yuqවී" Bg .dia;=j f.jd i–¹Kka jykafia fjØka m,d hk ms×i ;ÈIsIa n,d hk kejlg keó=fKa h'
4 tfy;a" i–¹Kka jykafia uqyqo msg ;o iÜ<óla yukak ie,eiÝ fial' thska uqyqfoa uyd l=KdÛjla weØ  kej" බිf|kakg œh' 5tœg kdœlfh` "h" tl tld ;u ;udf.a foœhkag fudr.eiÜfj` h\' T›yq kej ieye,a® lr.kak ms×i tys ØnqKÏ nvq uqyqog වීis lf<` h\' tfy;a\" fc`kd kef› my; ;†Ûjg nei f.dia nr Úkaolg jeˆ yqkafka h\'
6 tœg ke›mØhd Tyq <óg wjq;a\" ööTn fyd|g u Ú°f.k isˆf• f;areu l=ula o@ keósg Tf’ foœhkaf.ka msysg b,a,kak\' iuyr œg Wka jykafia wm œkdY fkdjk f,i wm .ek i,lkÜ we;e÷÷hs lS h\'

හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)
නිනීවය යනු එදා පැවති බලවත් අධිරාජ්‍යයක් වන අසිරියාවේ අග නගරයි. අසිරියාව යනු ඉශ්‍රායෙල් ජනයාගේ සතුරෙක් වන අතර ඔවුන් හට බලවත් සේ හිංසා කල ‍රාජ්‍යයකි. මොවුන් විවිධ අවස්ථාවන්හී ඉශ්‍රායෙල් ජනයා වහල්කමට රැගෙන ගියහ. ‍ජෝනා යන නමේ අර්ථය පරවියායන්නයි. දෙවියන්වහන්සේ නිනීවය පිළිබඳ උදහස් වී ඇති බවත්, ඒ බව ඔවුන්ට දැනුම් දෙන ලෙස ජෝනාට පවසියි

අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

දේව කැමැත්තට පිටුපා ගමන් කරන් කල අපට කුණාටු වලට මුහුණ දීමට සිදුවෙයි.

අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

1.   දෙවියවන්වහන්සේ ‍ජෝනාට ඉතාමත් පැහැදිළිව කථා කරයි. උන්වහන්සේ පොළොවේ සෑම ජාතියක් දෙසම බලා සිටින සේක. නිනීවයට විනිශ්චය පැමිණීම ආසන්න බැවින් එතුමා ඔවුන්ට අනතුරු ඇඟවිමක් කරන පිණිස ජෝනා දිවැසිවරයා තෝරා ගනු ලබයි.

2.   එහෙත් ‍ජෝනා දෙවියන්වහන්සේගේ සැලැස්මට පිටුපා තමන්ට කැමති දිශාවකට ගමන් කරයි. ‍ඔහු මෙසේ කළේ ඇයි? දෙවියන්වහන්සේට ජෝනා යන ස්ථානය හෝ ඔහුගේ සිතුවිලි දැනගත නොහැකි වනු ඇතැයි ඔහු සිතුවේද? මෙය බැලූබැල්මට අඥාන (මෝඩ) ක්‍රියාවකි. කිසිවෙකුට දෙවියන්වහන්සේගෙන් සැඟවිය නොහැකිය.

3.   ජෝනා දෙවියන්වහන්සේ කී ලෙස නැගිට පිටත්වී ගියේය. එහෙත් ගියේ උන්වහන්සේ කී ස්ථානයට නොවෙයි. ඔහු මෙසේ වෙතන් දිශාවකට ගියේ ඇයි? තමා දේවකැමැත්ත තුළ සිටිව බව අන් අයට ඒත්තු ගන්වන පිණිස මෙය කළා විය හැකිය.

4.   එහෙත් අවසානයේ දෙවියන්වහන්සේ හෝ තමා අවට සිටින අය රැවටීම වෙනුවට තමාවම රවටා ගැනිමට ජෝනාට සිදුවිය.

5.   ජෝනාගේ අකීකරුකම නිසා නිසා මුළු නැවේ සිටි අයටම කුණාටුවම මුහුණ දී අලාභ සිදුවිය. දේවදරුවන්ගේ කිකරු කමෙන් ඔවුන් අවට සිටින අන්‍ය භක්තිකයන් ආශිර්වාද ලබනවාසේම දේවදරුවන්ගේ අකිකරු කම නිසාද  ඔවුන් අවට සිටින අන්‍ය භක්තිකයන් පීඩා පැමිණිය හැකිය.

6.   නැව්පතියා දන්වන තුරු කුණාටුව පිළිබඳව ජෝනාට කිසුදු හැඟිමක් නොවූ අතර ඔහු සැපට නිදා ගෙන සිටියේය.

ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

1.   දෙවියන්වහන්සේ පොළොවේ සිටින සෑම ජාතියක් විනිශ්චය කරන සේක. උන්වහන්සේ නොදන්නා අය අනිවාර්‍යයෙන්ම විනාශයට යන අතර ඔවුන්ට සුභාරංචිය ප්‍රකාශකිරීම හා එය පිළිගන්නා අය ගෝලත්නවය ගෙන ඒමට ඔබට දෙවියන්වහන්සේ අණ කර ඇත. එම කැඳවීමෙන් අපට ඵලා යා නොහැකිය.

2.   ඔබත් දේවකැමැත්තට පිටුපා ගමන් කරන අයෙක්ද? දෙවියන්වහන්සේගේ ඇස්වලින් කිසිවක් සැඟවී නැත.

3.   ඇතැම්විට මමත් ජෝනා මෙන් දේවකැමැක්ත මට අවශ්‍ය ලෙස වෙනස් කර, මට කැමති දිශාවකට ගමන් කරන අයෙක් විය හැකිය.

4.   අනුන් රවටන්නා තමාවම රවටා ගනී. දෙවියන්වහන්සේ රැවටීමට කිසිවෙකුට නොහැකි වන අතර මිනිසා තමා වපුරන දේම කපා ගනු ලබයි.

5.   දෙවියන්වහන්සේට කීකරුවන පුද්ගලයාගේ පරම්පරා දහස් ගණනකට ආශිර්වාදය ගලායන්නාසේ, උන්වහන්සේට අකීකරුවන්නාගේ තුන්වන හතර වන පරම්පරාව දක්වා ශාපය උරුම කර ගනී

6.   දේවකැමැත්තට පිටුපා ක්‍රියා කරන විට අපගේ ආත්මික ඇස් වැසීයන අතර සත්‍ය වටහා ගැනීමට හෝ නිවැරදි දේ දැකීමට ඇති හැකියාව අපගෙන් ඈත්වීයයි. මෙය ආත්මික මුලාව යෑමකි.