Sunday, April 22, 2012

සභා-ජීවිතය අංක 2


මාතෘකාව :-  ‘සභා-ජීවිතය’ අංක 2

සභා-ජිවිතයක් අවශ්‍ය වන්නේ ඇයි ?

ලෝකයට ඇති එකම විසඳුම කිතුනු-සභාවයි.

ශුද්ධලියවිලි පාඨය :-  යොහන් 14:6 (මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
5 f;`uia l;d fldg" ööiajd—Ú" Tn fld;ekg jŠk fiala ± hs wms fkdoÚuqá tfia k• udÈ.h ±k.kafka flfia ±÷÷hs weiS h' 6fÐiÜia jykafia ms

හැ ඳි න් වි ම :  
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

මෙම අධ්‍යයනය කිරීමට පෙර ‘සභා-ජීවිතය අංක 1’ යන අධ්‍යයනය අනිවාර්‍යයෙන්ම කළ යුතුය. ඊට හේතුව මෙම අධ්‍යයන මාලාවේදී අපි සාකච්ඡා කරනු ලබන්නේ සභා-ජීවිතයේ ඇති වැදගත්කම බැවිනි. පසු ගිය සතියේ අපි සභාව යනු කුමක්ද යන්න ඉගෙන ගත් අතර, ඇදහිලිවන්තයන්ගේ සහභාගීකමේ අවශ්‍යතාවය හා එලෙස නොවන විට සිදුවන දේ විමසා බලන ලදි. අද දින අපගේ අධ්‍යනයේ අරමුණ අපට ‘සභාව අවශ්‍යය වන්නේ ඇයි?’ යන්න සොයා බැලීමය.

අ ව ධා න ය :   
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

මිනිසාගේ ගැලවිම හා සදාකාල ජීවනය උදෙසා ලෝකයේ විවධ ආගම්, දර්ශනයන් හා මාර්ගයන් පැවතියද සැබෑ මාර්ගය ඇත්තේ යේසුස්වහන්සේ තුල පමණි.

අ න් ත ර් ග ත ය :   
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

සභා-ජිවිතයක් අවශ්‍ය වන්නේ ඇයි ?  ලෝකයට ඇති එකම විසඳුම කිතුනු-සභාවයි.

1.යොහන් 14:6 ට අනුව යේසුසුවහන්සේ තුලින් පමණක් සදාකාල ජිවනය ලබා ගත හැකිය. වර්තමානයේ යේසුස්වහන්සේගේ ජිවමාන වැඩසිටීම හෙවත් දෘශ්‍යමානබව ඇත්තේ සභාව තුලය. එබැවින් පාපයට කමාවත් සදාකාල ජීවනයත් ලැබිටම අවශ්‍ය කරන මඟපෙන්විම හා පෝෂණය ලැබීටම කිතුනු-සභාවට අයත්විම ඉතාමත් වැදගත් දෙයකි.

2.කිතුනු ජීවිතය යනු ආගමකට, දර්ශනයට, ඉගැන්වීම් හෝ ප්‍රතිපත්ති මාලාවකට යටත්වුනු දෙයක් නොවෙයි. කිතුනු ජීවිතය යනු සම්බන්ධතාවයකි. එනම් එය සිරස් (ඉහලට) හා තිරස් (හරහට) ක්‍රියාවලියකි. සිරසට (ඉහලට) ඇති සම්බන්ධතාවය යේසුස්වහන්සේ හා සමඟ වන අතර, තිරසට (හරහට) ඇති සම්බන්ධතාවය සහෝදර, සහෝදරියන් හා සමඟය. අපගේ සිරස් (ඉහලට) සම්බන්ධතාවය නිවැරදි නම් තිරස් (හරහට) සම්බන්ධතාවය ඉබේම නිවැරදි වෙයි. බොහෝ විට සභාවේ අපි එකිනෙකා අතර ගැටුම් ඇත්තේ අපගේ සිරසට (ඉහලට) ඇති සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් ඇති විටය.

සම්බන්ධතාවය යනු සේප්පුවක තබා ආරක්ෂා කිරීම පිණිස පැත්තකින් තබා තියෙන දෙයක් නොවෙයි. සම්බන්ධතාවය යනු නිතරම ක්‍රියාත්මක වන, අලුත්වන හා වර්ධනය වන දෙයකි.

3.සභාව යනු දෙවියන්වහන්සේගේ නැව වෙයි. එදා ලෝකයට තිබූ එකම විසඳුම නෝවාගේ නැව විය. එහි විවිධාකාරවූ ‘සතුන්’ හා විවධාකාර ‘ගඳ’ විය. එහෙත් ඊට ඇතුල්වන අයට පමණක් ගැලවිම ලැබිය හැකි විය. සභාවේත් ඇතැම් විට ඔබට විවිධාකාරවූ ‘සතුන්’ හමුවීම හා විවධාකාර ‘ගඳ’ දැනෙනවා විය හැකිය (එනම් සභාවේ ඇතැම් සාමාජිකයින්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් දරාගත නොහැකි රිදීම් හා වේදනාවන් හා සිත්තැවුල් ආදිය).  එහෙත් ඒවා දරාගෙන නොසිට, සභාවෙන් වෙන්ව නැවෙන් පිටතට පණින අයට හෙවත් සභාව අතහැරයන අයට හිමිවන්නේ විනාශයයි [1]. දෙවියන්වහන්සේ කැමැත්ත නම් ඔබ කුණාටුවේදී පවා, සැම කල්හීම සභාවතුල රැදී සිටීමය. ජිවිතයේ අපට එන කුණාටුවලට හේතු 2 ක් ඇත. ඉන් පළමුවැන්න අපගේ ජීවිතයේ වැරදි තැන් නිවැරදි කරගැනීමය (අපගේ භාජනය පවිත්‍ර කිරීමට). දෙවැන්න අපව වඩාත් දෙවියන්වහන්සේට ලංකර ගැනීමයට (අපගේ ආත්මික ජිවිතය වඩා පරිණත කිරිමට).

සභාවේ අභ්‍යන්තරයේ ඔබට ගැටුම් හා වේදනාත්මක අද්දැකීම් තිබෙනවා විය හැකිය. එසේ             නොමැතිනම් ඉදිරියේදී ඇතිවිය හැකිය.  ඊට හේතුව සභාව යනු ශුද්ධවන්තයන්ගේ පිරුණාවූ තරු          පහේ හෝටලයක් නොව පව්කාරයින්ගෙන් පිරුණාවූ, රෝහලකි.

4. අපි සියල්ලෝම පාපය නිසා අසම්පූර්ණ වූ අය වෙති. එහෙත් අපි වනාහී ශුද්ධාත්ම බලයෙන් දිනෙන් දි තුවාල සුව කරගෙන ඉදිරියට යන අය වෙති. අපි අපගේම තුවාලයට ප්‍රතිකාර කරගන්නා ගමන් අසල්වාසීයාගේ තුවාලයටද ප්‍රතිකාර කරන්නෙමුව. එනම් මගේ ප්‍රශ්නයට මම විසඳුම් සොයන අතරේදීම මගේ සහෝදරයාගේ හෝ සහෝදරියගේ ප්‍රශ්නයට පිළිතුරුසෙවිමට උදව් කිරීමය.

5. කිතුනු සභාව යනු මරණාදධාර සමිතියක්, ණය දෙන සමිතියක්, සහනාධාර බෙදන සංවිධානයක්, වෙළඳ සමාගමක්, රැකියා ලබාදෙන ආයතනයක්, සිතූ පැතූ දේ ලබාදෙන ස්ථානයක් හෝ සමාජ ශාලාවක් නොවෙයි. බොහෝ දෙනා සභාවට පැමිණෙන්නේ යම්කිසි භෞකිත ලාබ ප්‍රයෝජනයක් ලබන සිතුවිල්ලෙනි.

6. සභාව පවතින්නේ ඇදහිලිවන්තයන්ව නඩත්තු කිරිම හෝ සතුටු කරන පිණිස නොවෙයි. ඇහිලිවනුතයන්ගේ වගකීම සභාව නඩත්තු කිරිමය. පරණ ගිවිසුමේදී සෑම යුදෙව්වෙක්ම දේවමාලිගාවට තම ආදායමෙන් දසයෙන්කොටස (එනම් ඵලදාවෙන්, සත්ව රැලෙන් හා මුදලින්), සම්මාදම්, තුටු පඬුරු හා බදු ගෙවන ලදි. කිසිවෙක් දේවමාලිගාවෙන් කිසිවක් නිවසට රැගෙන ගියේ නැත.                                

7. කිතුනු-සභාව පවතින එකම අරමුණ නම් ශ්‍රේෂ්ඨ ආඥාව සම්පූර්ණ කිරීම පිණිසය.  fÐiÜia jykafia Tjqka fj;g wjq;a l;d fldg\" ööiajÈ.fhys o fmdf (මතෙව් 28:18-20).

එනම් යේසුස්වහන්සේ නොදන්නා අයට උන්වහන්සේගේ ගැලවීමේ පුවත ප්‍රකාශ කිරීම හා එය පිළිගෙන අදහා ගනු ලබන අයට ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක් විමට අවශ්‍ය කරන ඉගැන්විම් හා මඟපෙන්විම් ලබාදීමය.


ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

ලෝකයට ඇති එකම විසඳුම කිතුනු-සභාවයි. එම විසඳුමේ කොටස් කරුවෙක් විමට ඔබ සූදානම්ද? එසේනම් අදම සභාවේ සේවය හා ඔබට හැකි අයුරින් අත්වැල් බැඳ ගන්න.



[1] දේවගැති මයිකල් දිසානායකගේ දේශනාවක් ඇසුරෙන් උපුටා ගන්නා ලදි.

Saturday, April 21, 2012

සභා-ජීවිතය : අංක 1


මාතෘකාව :-  ‘සභා-ජීවිතය’ අංක 1

ශුද්ධලියවිලි පාඨය :-  හෙබ්‍රෙව් 10:25
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
 
we;e• wh lrk f,i wfmau /iaවී•j,ska wE;aj fkdisg\"
i–¹Kka jykafiaf.a ækh jeŠ jeŠfhka tÙfkldg ffOÈh fouq.”

හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

ඉහත රූපයේ ඔබට දක්නට ලැබෙන්නේ කුමක්ද? මෙය හොඳින් දැල්වෙන ගිණිමැළයකි. එහි සියලුම දර ඉපලි එකට ලංවී ඇති නිසා හොඳින් දැල්වෙනු ඇත. එහෙත් මෙලෙස ලංවී ඇති ගිළි ඉපලි වලින් එකක් ඉන් ඉවත්කළ විට සිදුවන දේ කුමක්ද? මෙම ඉවත් කිරීම නිසා එම ගිණි ඉපල දිගින් දිගටම වැඩි වැඩියෙන් දැල්වෙනවා වෙනුවට කෙමෙන් කෙමෙන් නිවී යනු ඇත. කිතුනු සභාවද දැල්වෙන ගිණිමැලයක් හා සමානය. එහි සියලු සාමාජිකයිකන් එකමුතුව හා එක්සිත්ව සිටින විට ශුද්ධාත්මයාණන්වහන්සේගේ ගිණ්න වැඩියෙන් දැල්වෙනු ඇත (ගීතාවලිය 133:1-3).

‘සභාව යනු ඇදහිවන්තයන්ගේ එකමුතුවක් මිස ගොඩනැගිල්ලක් නොවෙයි’. සභාවේ සාමාජිකයින් තම වගකීම් හා යුතුකම් ඉටුකිරීම හෙවත් නිවැරදි සභා-ජීවිතයක් ගත කරන විටදී සභාවටත්, සමාජයටත් ආශිර්වාදයක් වනු ඇත.

අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

ඇදහිලිවන්තයා ‘කිතුනු සහභාගීකම’ හෙවත් ‘සභා ජීවිතය’ හැරයන විටදී නිවීයන ගිණි ඉපලක් මෙන් කෙමෙන් කෙමෙන්  ශුද්ධාත්ම ගිණ්නෙන් ඈත්වී නැවතත් මේලෝකයේ ක්‍රමයට හසුවනු ඇත.

අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

හෙබ්‍රෙව් කතුවරයා සඳහන් කරන අකාරයට මුල් සභාවේ ඇතැම් ඇදහිලිවතුන් නොවරදවා ඉරුදින දේවමෙහෙයට, කුඩා කණ්ඩායම හෙවත් සෛලයට ඇතුලුව සභාවේ සියලු කටයුතුවලදී විශ්වාසවන්ත ලෙස සහභාගී විය.

දෙවියන්වහන්සේ විසින් අපට විශේෂිතවූ කැඳවිමක් ලබා දී ඇත. එනම් අපව ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය හෙවත් සභාවට කැඳවා ඇත. සභාව යන්නට වනගිවිසුම තුළ ග්‍රීක් භාෂාවෙන් කියනුයේ ‘එක්ලීසියා’ කියාය. එහි සැබෑ අර්ථයනම් ‘පිටතට කැඳවන ලද’ හෙවත් ‘දෙවියන්වහන්සේ උදෙසා වෙන්කරන ලද’[1] යන්නයි. ඇත්තෙන්ම සභාවේ ආරම්භය පෙන්තකොස්ත දිනයටත් කලින්ය. පරණගිවිසුමේ සිට අපට සභාව යන සංකල්පය දැක ගත හැකිය (ලෙවී කථාව 8:4). මිසරයේ වහල්ලුන්සේ දිවි ගත කල ඉශ්‍රායෙල් සෙනඟ දෙවියන්වහන්සේ විසින් මොසෙස්තුමාගේ නායකත්වය යටතේ පිටතට කැඳවාගත් සේක. එලෙස කැඳවාගත් සෙනඟ සෝදිසි හා පරීක්ෂා කිරීම් මධ්‍යයේ වසර 40 ගමන් කර අවසානයේ පොරොන්දු දේශය හෙවත් කානාන් දේශයට පැමිණියේය. මෙම ගමනේදී ඉශායෙල් සභාව (පිටතට කැඳවාගත් සෙනඟ) දෙවියන්වහන්සේ පිළිබඳව දිනෙන් දින එළිදරව්වීම් හා අවබෝධය ලබාගත්තහ. උන්වහන්සේගේ ජීවමානබව හා බලවන්තකම අද්දකින ලදි. එලෙසම නවගිවිසුම තුල මෙම සභාව නව මුහුණුවරකින් යේසුස්වහන්සේ විසින් ස්ථාපනය කරන ලදි. විවිධ කිතුනු-නිකායන් පැවතියද අප සියලු දෙනාම අයත්වන්නේ එකම සභාවකටය. ශුද්ධ වූ බයිබලය හෙවත් දේව වචනය එලෙසින්ම උගන්වන හා පවත්වන කිතුනු-නිකායකට හෝ කිතුනු-ප්‍රාදේශීය සභාවකට ඔබ අයත්වීම දේව කැමැත්තයි. සභාවේ සාමාජික ලැයිස්තුවේ පමණක් ඔබේ නම පැවතීම ප්‍රමාණවත් නොවෙයි. සෑම පුද්ගයෙකුටම  විශේෂිත වූ හා වෙන්වූ දෙවියන්වහන්සේගෙන්ම වන වගකීමක් හා සේවයක් ඇත. එය තේරුම් ගෙන ක්‍රියා කිරීම අ‍පගේ යුතුකම වනු ඇත. එවිට අපට නිරෝගී සභා-ජීවිතයක් ගත කරනු හැකි වනු ඇත.

ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

සභා-ජිවිතයක් අවශ්‍ය වන්නේ ඇයි ? (පහත කරුණු ඉදිරි සතිතුලදී සවිස්තර කරනු ඇත.)

1.      ලෝකයට ඇති එකම විසඳුම කිතුනු-සභාවයි.

2.      දේව ආඥාවට කීකරුවිම පිණිස.

3.      ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සම්පූර්ණවන පිණිස.

4.      ආත්මික වර්ධනය හා පරිණතභාවය ලැබීම පිණිස.







[1] IVP Bible Background Commentary: New Testament by Craig S. Keener Copyright © 1993 by Craig S. Keener. Published by InterVarsity Press.