Saturday, March 24, 2012

හිස් වූ සොහොන අංක 2



 
මාතෘකාව :-  හිස් වූ සොහොන අංක 2

ශුද්ධලියවිලි පාඨය :-  මාක් 16:12-13 (වැඩි විස්තර සඳහා ලූක් 24:13-35 බලන්න)
12 blaබිØ Tjqkaf.ka fofofkl= ms‡irg hk l, Wka jykafia wka œ,iÙka Tjqkag oÈYkh jQ fial' 13 ta fofok wdmiÜ f.dia wÚla whg tmj;a ±kajQ y' T›yq Tjqka lS foh o                          œYajdi  fkd l'
හැ ඳි න් වි :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

ගෝලයින්ගේ අන්ධකම ගැන මෙහිදී සඳහන් කරයි. යේසුස්වහන්සේගේ මරණය ගැන පමණක් සාකච්ඡා කළ මොවුන් හට  උන්වහන්සේ ජිවත්ව සිටියදී තම මරණය හා නැවත නැගිටීට ගැන කළ කිසිදු දේශනයක් මතක නොවීය. මොවුන්ගේ අන්ධකම කෙතරම්ද යත් තමා සමඟ කිලෝමීටර් 11 පමණ ගමන් කළ යේසුස්වහන්සේ පවා හඳුනාගත හැකි නොවීය.

අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

පාස්කුවේ සැබෑ අර්ථය නම් දෙව්යන්වහන්සේ විසින් මිනිසාට දුන් ගැලවිම (පව් කමාව) ප්‍රකාශ කිරීමය.


 අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

මොවුන් දෙදෙනාහට යේසුස්වහන්සේ හඳුනාගත නොහැකි වූයේ ඇයි?
අතීතයේ සිදුවූදේ ගැන පමණක්ම කථා කිරීම මෙයට එක් හේතුවකි. අතීතයේ අපට සිදුවූදේ හා අප මුහුණදුන් අත්දැකීම් ඉතාමත් වැදගත්ය. එහෙත් අතීත සිදුවීම් අපගේ වර්තමානය හා අනාගතය පාලනය කරන්නේනම් එය බරපතල තත්වයකි. ගෝලයින්දෙදනා අන්ධව සිටිබවට ලූක් 24:31 සඳහන් කරයි. මෙහිදී සත්‍ය වටහාගත නොහැකි ලෙස ඔවුන්ගේ ආත්මික ඇස් වැසී තිබිණ. අප කිසිවෙකුට අතීතය අමතක කළ නොහැකිය. එසේ අමතක වනවානම් එය රෝගී තත්වයකි. විය යුක්තේ අතීතයේ අමිහිරි අද්දැකීම් දෙවියන්වහන්සේට භාරදී එවාට වර්තමානය හා අනාගතය පාලනය තරන්නට ඉඩ නොදී ජීවත් විමට ඉගෙන ගැනීමය.

ඇත්තෙන්ම ලූක් 26:32 ට අනුව යේසුස්වහන්සේ කුරුසිපත්විමට කලින් දින රාත්‍රියේ ‍ගෝලයින්ට කීවේ කුමක්ද? එම්මාවුස් වෙත යන ලෙසද? ගලීලය වෙත යන ලෙසද? එතුමා උත්ථානයෙන් පසු මුලින්ම ගලීලයේදී ඔවුන් හමුවීමට සැලසුම් කරගෙන සිටිසේක.  බොහෝ විට අපට ඇති එක් දුර්වලකමක් නම් ගැටුළු සහගත තත්වයන් වලදී උපදෙස් පිළිනොපැදිමය. කිතුනුවාගේ ජීවිතයේ සැබෑ ආත්මික මෙහෙරුත්වය ප්‍රකාශවන්නේ ඔහු කරන යාච්ඤාව, ගයන ගිතිකාව, කියන කථාව හෝ යෙදෙන සේවය මත නොවෙයි. පීඩන කාරී හෝ වේදනාකාරී මොහොතකදී දක්වන ප්‍රතිචාරය මතය. දේවවචනයේ ඇති උපදෙස් ක්‍රියාත්මක කිරිමට හොඳම අවස්ථාව නම් ඔබ ප්‍රශ්නයකට මුහුණ දෙන අවස්ථාවයි.

ගොලයින්‍ දෙදෙනා කම්පාවෙන් යුක්තව අධෛර්යෙන් ගමන් කළද යේසුස්වහන්සේ ඔවුන් තනි කර හැර දමා නොගිය සේක. පාස්කුවේ තවත් අරුතක් නම් අපට හැඟුනත් නැතත් යේසුස්වහන්සේ අප සමඟින්ම ගමන් කරන බවයි.

යේසුස්වහන්සේ ජීවමානබව දැනගත් සැනින්ම මෙම ගෝලයින් දෙදනා ගමන් මන්සිය නොබලා නැවතත් රාති‍්‍රයේම යෙරුසලම බලා වහා දිව ගියේය. ඔවුන් එසේ ගියේ ඇයි? බලාපොරොත්තුවක් නැතිව, අසහනයෙන් හා වේදනාවෙන් සිටි තම සහකාර ගෝලයින්හට යේසුස්වහන්සේ ජිවමානබවට ශුභාරංචිය රැගෙන යාම පිණිසය.

එහෙත් කොපමණ වෙහෙස දරා කිලෝමිටර 11 ආපසු දුවගෙ ඇවිත් මෙම සුභාරංචිය ප්‍රකාශ කපද කිසිදු ප්‍රතිථලයක් නොවීය. මාක්තුමා වාර්තා කරන ආකාරයට කිසිවෙක් මේ පුවත විශ්වාස කළේ නැත. ඇතැම් විට අප උද්‍යෝගයෙන් සූභාරංචිය ප්‍රකාශ කළත්, සේවය කළත් කිසිවෙක් ඊට නිසි ප්‍රතිචාර දකිවන්නේ නැතිවිය හැකිය. සුභාරංචිය ප්‍රකාශ කිරීම මගේ වගකීම වන අතර, ප්‍රතිචාර දැක්විම අසන්නාගේ වගකීමකි. අසන්නා නිවැරදි ප්‍රතිචාර නොදක්වන විට විනිශ්චය දෙවියන්වහන්සේට අයිති දෙයකි.

ර්  හා   දා කි රී
1.   ඔබත් අතීතයේ ජීවත්වන අයෙක්ද? ඔබගේ වර්තමානය හා අනාගතය පාලනය තරන්නේ තවමත් අතීත සිදුවිම් මඟින්ද?

2.   ඔබගේ ජීවිතයේ සැබෑ ආත්මික මෙහෙරුත්වය ප්‍රකාශවන්නේ ඔබ කරන යාච්ඤාව, ගයන ගිතිකාව, කියන කථාව හෝ යෙදෙන සේවය මත නොවෙයි.

3.   පීඩන කාරී හෝ වේදනාකාරී මොහොතකදී ඔබ දක්වන ප්‍රතිචාරය කුමක්ද?
4.   අපට හැඟුනත් නැතත් යේසුස්වහන්සේ අප සමඟින්ම ගමන් කරන සේක.
5.   යේසුස්වහන්සේ ජිවමානබවට ශුභාරංචිය ඇසීමට දස දහස්ගණන් සෙනඟ ඔබ එන තෙක් බලා සිටිති.
6.   සුභාරංචිය ප්‍රකාශ කිරීම මගේ වගකීම වන අතර, ප්‍රතිචාර දැක්විම අසන්නාගේ වගකීමකි.


Saturday, March 17, 2012

හිස් වූ සොහොන අංක 1


මාතෘකාව :-  ‘හිස් වූ සොහොන අංක 1

ශුද්ධලියවිලි පාඨය :-  මෙතව් 28:1-10
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
in;a æk Úu iØfha mh fkdjkak" Tn l=reisfhys weK .eiÝ fÐiÜia jykafia fidhk nj oÚ–á 6Wka jykafia fuys ke;á Wka jykafia j°< f,i u W;a:dk jQ fial\' tkak" i–¹Kka jykafia ;ekam;a l< ia:dkh n,d" 7jyd u f.dia" öWka jykafia u වී Wka jykafiaf.a md je<|f.k" Wka jykafiag mió msysÛjd kuialdr lh fkdjkaká udf.a ify`orhka fj;g f.dia" .,S,h n,d hkak Tjqkag Ùhkaká tys ¡ Tjqka ud oÙkÜ we;e÷÷hs j°< fial'

හැ ඳි න් වි :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

බයිලයේ ඇති මංගල්‍යයන් අතරින් පාස්කු මංගල්‍ය ඉතාමත් පැරණි මංගල්‍යයකි. නික්මයාම 12 වැනි පර්ච්ඡේදයේ මේ පිළිබඳව සවිස්තර වාරතාවක් ඇත. ඵාරාවෝගේ සිත් දැඩිකම නිසා මිසරට පැමිණි පීඩා 10 න් අවසන් පීඩාව වන ‘කුලුඳුලන් නැසීම’ දිනයේදී ඉශ්‍රායෙල් කුලුඳුලන් ආරක්ෂාවූයේ (ගැලවූනේ) පාස්කු බැටළුවාගේ ලේ හේතුවෙනි. මෙම මංගල්‍ය යුදෙව්වෝ සෑම වසරකම පැවැත්වූහ. එලෙම අද සකල මිනිස් වර්ගයාට ගැලවිම හෙවත් පව් කමාව ඇත්තේ මහ සිකුරාදා දින දුක්විඳ, කුරුසියේ මැරී, පසුව තැන්පත් කරනු ලැබ දින තුනකට පසුව පාස්කු ඉරුදින නැවත නැගිටි යේසුස්වහන්සේ හා එතුමාගේ රුධිරය තුළින් පමණි.


අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

පාස්කුවේ සැබෑ අර්ථය නම් දෙව්යන්වහන්සේ විසින් මිනිසාට දුන් ගැලවිම (පව් කමාව) සිහිකිරීමය.


අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

මෙතව් 28:1-10 දක්වා ඇති සිදුවීමම අපට මාර්ක්තුමා, ලූක්තුමා හා ‍යොහන්තුමා යන තිදෙනාද තවත් සවිස්තරව වාරතා කරයි. මෙහි සඳහන් කරන ආකාරයට මෙම ස්ත්‍රීන් උදෙන්ම සොහොනට ගියේ යේසුස්වහන්සේගේ මෘත දේහය ආලේප කරන අදහසිනි. සාමාන්‍යයෙන් එදා සමාජයේ යම් අයෙක් මිය ගිය විට දින 3ක් යනතෙක් සොහොන වෙත ගොස් වැලපිම දක්නට ලැබූ සිදුවිමකි.

සොහොන විශාල ගලකින් ආවරණය කළ බව දැන දැනත් මෙම කාන්තාවෝ පැම්ණියේ ඇයි?
එහෙත් මෙම ස්ත්‍රීන්ට සිදුවූයේ තම වේදනාව තවත් වැඩිවන සිදුවිමකට මුහුණදිමටය. එනම් තමා අනුගමනය කළ හා ප්‍රේම කළ නායකයාගේ දේහය සොහොන තුළ නොතිබීමය.

මෘත දේහය වෙනුවට ඔවුන්ට දැකගත හැකිවූයේ දොර විවර වූ හිස් සොහොනකි. දේවදූතයා කරුණු පැහැදිළි කළ සැනින් මෙම විශ්වාසවන්ත කාන්තාවෝ වහාම ක්‍රියාත්මක විය.  ඔවුන්ගේ පළමු ඉලක්කය වූයේ හැකි ඉක්මනින් ගොලයන් සිටින සිථානයට දිව ගොස් දේව දූතයා කී ඔවුන් හට ප්‍රකාශ කිරීමය.  මේ වන විටත් ඔවුන් සතුව යේසුස්වහන්සේ නැවත නැගිට ජීවමානව වාසය කරන බවට ඇසින් දුටු කිසිදු සාක්ෂියක් නොවීය.

ගතවූයේ තත්පර කීපයකි. මෙම විශ්වාසවන්ත කාන්තාවන්හට ජීවමාන සාක්ෂියක් අද්දැකීමට හැකි විය. එනම් නැවත නැගිටි යේසුස්වහන්සේම මුණ ගැසීමය. දේවදූතයා හා යේසුස්වහන්සේ යන දෙදනාගෙන්ම මෙම කාන්තාවට පැවරුණේ එකම වගකීමකි. එනම් සොහොන හිස් වී ඇති බව සෙසු ගෝලයන්ට ප්‍රකාශ කිරීමය.

එදා සමාජයේ කාන්තාවකගේ සාක්ෂියට කිසිදු වටිනාකමක් හෝ බලපෑමක් නොවීය. එහෙත් මෙම කාන්තාවෝ නැවත උත්ථානවූ පණිවුඩය රැගෙන ගිය පළමු  සාක්ෂිකාරියන් විය[1].


ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

1.   දෙවියන්වහන්සේගේ වටිනා කම් මිනිස් වටිනාකම් හා සමාන කළ නොහැකිය. එදා සංස්කෘතිය කාන්තාවකගේ සාක්ෂිය පිළිනොගත්තද, යේසුස්වහන්සේ තම නැවත නැගිටීම ගැන මුලින්ම සාක්ෂි දැරීමට තෝරා ගත්තේ කාන්තාවන්ය. දෙවියන්වහන්සේ අප දෙස බලන්නේ සමාජය අප දෙස බලන ආකාරයෙන් නොවෙයි.

2.   පාස්කුවේ සැබෑ අර්ථය සොහොන හිස් වී ඇති බව ලෝකයාට ප්‍රකාශ කිරීමය. සොහොන හිස් වීම යනු සේසුස්වහන්සේ මැරී නැවත නැගිටි බවය.

3.   පැරණි ගිවිසුම තුළ පාස්කු මංගල්‍යයේදී බැටළු පැටියකුගේ ලෙයින් ලද පව් කමාව තාවකාලික හා වසරක් පතා නිතරම කිරීමට සිදුවිය. එහෙත් ලොවෙහි පාපය දුරුකරන දෙවියවන්වහන්සේගේ බැටළු පැටවා එකවරක් පූජාවීමෙන් සදාකාලයටම වලංගුවන පාප කමාවක් නොමිලේම දුන් සේක.





[1] IVP Bible Background Commentary: New Testament by Craig S. Keener Copyright © 1993 by Craig S. Keener. Published by InterVarsity Press.

Thursday, March 8, 2012

ඔබටත් හැකිය


හැ ඳි න් වි :
(මෙම බයිබල් අධ්‍යනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

අද දවසේ අපගේ අධ්‍යනයේ පසුබිම පසුගිය සතියේ පාඩම වන තෙල්, වතුර හා තැඹිලි හා කෙලින්ම සම්බන්ධ බැවින්, පළමුව එය නැවත වරක් සිහි කරන්න. ‍ඇතැම් රෝග වලට හේතුව විශබීජ වන අතර තවත් විටක පාපය හේතුකාරකයක් වෙයි. මෙහිදී යාකොබ්තුමා සඳහන් කරන්නේ පාපය නිසා ඇතිවන රෝගී තත්වයන් පිළිබඳය. එලෙසම සැබෑ පසුතැවීම ඇති තැන සම්පූර්ණ සුවය ඇත. බයිබලය තුල සඳහන් කර ඇති සෑම බලවත් ක්‍රියාවක්ම කර ඇත්තේ ඔබත් මමත් වැනි සාමාන්‍ය මිනිසුන්ය. ඔවුන්ද අප හා සමානම හැඟිම් දැනීම් ඇති, අපි මුහුණ දෙන ආකාරයේම ප්‍රශ්න හා අභියෝග වලට ලක්වූ අය වෙති. එකම රහස නම් ඔවුන් ගත කළ ධර්මීශ්ඨ ජීවිතය හා ඇදහිල්ලෙන් නොපසුබටව කළ යාච්ඤාවයි.


අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

බයිලය තුළ සඳහන් කර ඇති සෑම හාස්කමක්ම අදටත් එලෙසින්ම හෝ ඊටත් වැඩියෙන් ඔබටත් කළ හැකිය. එසේ කිරීමට අවශ්‍ය සුදුසුකම් නම් ධර්මීශ්ඨ ජීවිතය හා ඇදහිල්ලෙන් නොපසුබටව කරන යාච්ඤාවයි.

අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

මෙම කොටස ආරම්භ වන්නේ එබැවින්යනුවෙන් සඳහන් කරමිනි. ඉන් අදහස්වන්නේ පෙර ඇති බයිබල් කොටස හා  මෙම කොටස අතර සම්බන්ධයක් ඇති බවයි (පසු ගිය පාඩම සිහිගන්වන්න).

අප අතර සිටින ඇතැම් සහෝදර සොයුරියන් දිර්ඝ කාලයක් සුව නොවන රෝග හෝ නොවිසෙදන ප්‍රශ්න වලින් ගමන් කරනවා විය හැකිය. කොපමණ යාච්ඤා කළත් පෙනෙන තෙක්මානයක විසඳුමක් දැකිය නොහැකිය. මෙයට හේතුව ඇතැම් විට රහස් පාපයක් හෝ පාපොච්චාරණය නොකළ වරදක් සමඟින් පොරබඳිමින් සිටීම විය හැකිය. යාකොබ්තුමා අපට උගන්වන්නේ මෙවන් අවස්ථාවලදී විශ්වාසවන්ත එක් අයෙක් සමඟ තම පාපය හෝ වරද එළිකර ගණන්දීමෙන් යුතුව ක්‍රියා කරමින් සුවය ලබන ලෙසටය.  මෙම ලිපිය ආරම්භයේදිම එතුමා මතක් කර දෙන්නේ fufia ;DIaKdj ms<="" mdmh="" span="">බිys lrhs' mdmh o uqyql=rd f.dia urKh is³ lrhs'’  (යාකේබ් 1:15) යනු වෙනි.

මෙහිදී මතක තබා ගතයුතු දෙයක් නම් බොහෝ විට දෙවියන්වහන්සේ සමාව දුන්නත් මිනිසුන් සමාව නොදෙන බැවින් නිවැරදි පුද්ගලයා හා පමණක් අපගේ ප්‍රශ්න සාකච්ඡා කළ යුතු බවය.  හැම විටම පුරුෂයෙක් පුරුෂයෙක් සමඟ ද, ස්ත්‍රීයක් ස්ත්‍රීයක් සමඟ ද, පමණක්ම මෙවැනි සංවේදී කරුණු සාකච්ඡා කළ යුතුමය. ඔබ තෝරා ගනු ලබන තැනැත්තා ආත්මිකව පරිණත අයෙක් වීමද තවත් වැදගත් කරුණකි. එවිට එම තැනැත්තාට නිවැරදි අනුශාසනාවක් හා නිවැරදි යාච්ඤාවක් කළ හැකි වනු ඇත.

wmg mdmhla ke;e hs Ùhuq k•" wms wm u rjgd.Úuqá i;Hh o wm ;=< ke;' 9tfy;a wms mdfm`ƒpdrKh lruq k•" œYajdijka; jQ o" OÈ–IaG jQ o" foœhka jykafia ish® mdmj,ska o wo–Ûl•j,ska o wm mœ;% lrk fial' 10wms m› lr ke;e hs Ùhuq k•" wms Wka jykafia fndreldrfhl= lruq( Wka jykafiaf.a jpkh o wm ;=< fkdmjØh’ (1 යොහන් 1:8-10).

පැරණි ගිවිසුම තුළ එළියා දිවැසිවරය ඉතාමත් ප්‍රබල පුද්ගලයෙක් විය. ඔහුගේ ජීවිතය දෙස බලන විට අද දවසසේ ඔබත් මමත් මුහුණ දෙන සෑම අර්බුදයකටම ඔහුද මුහුණ දෙන ලදි. අපි වාගේම කලකිරිම්, බිය, පරාජය හා අධෛර්ය තුළ ගමන් කළේය. එහෙත් ඔහු උනන්දුවෙන් හා ඇදහිල්ලෙන් අත්නොහැර කළ යාච්ඤාවේ ප්‍රතිථලයන් ඉමහත්ය.

ර්  හා   දා කි රී

1.   ඔබත් දිර්ඝ කාලයක් සුව නොවන රෝග හෝ නොවිසෙදන ප්‍රශ්න වලින් ගමන් කරන අයෙක්ද?
2.   කොපමණ යාච්ඤා කළද තවමත් එය සුවවී හෝ විසදී නැද්ද?
3.   ඇතැම්විට යාච්ඤාවට පිළිතුරු ප්‍රමාදයට හේතුව රහස් පාපයක් හෝ පාපොච්චාරණය නොකළ වරදක් විය හැකිය.
4.   එසේනම් දැන්ම ආත්මිකව පරිණත, ඔබේම ලිංගයේ අයෙක් තෝරාගෙන පාපොච්චාරණය කර ආත්මික, මානසික හා ශාරීරික සුවය උදෙසා යාච්ඤා කරන්න.

Saturday, March 3, 2012

තෙල්, වතුර හා තැඹිලි


යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)


මාතෘකාව :-  ‘තෙල්, වතුර හා තැඹිලි’

ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 5:14-15බී
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

14Tn w;frka hfula fr`.S j is‡kafka k•" Tyq iNd uQ,slhka le|jd.kS jd' ta uQ,slfh`
i–¹Kka jykafiaf.a kdufhka Tyq f;,ska wdf,am fldg" Tyq Wfoid hdƒÆ lr;a jd' 15tœg weoys,af,ka mÜok hdƒÆfjka fr`.shdg iÜjh ,ef’' i–¹Kka jykafia Tyq keósÛjkÜ we;'


හැ ඳි න් වි :
(මෙම බයිබල් අධ්‍යනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

වර්තමානයේ කිතුනු සභාවන් තුල විවධාකාර වූ සම්ප්‍රදායන් හා චාරිත්‍ර දැක ගත හැකිය. මෙවා අතරින් බොහොමයක්ම බයිබලයට පටහැනි හා බයිබලීය සත්‍යයන් විකෘති කර ඉදිරිපත් කරයි. එබැවින් කිතුනු නාමයෙන් අප විසින් කරන දේ විමසීමකට ලක්කර, එය දේව වචනයට අනුකූලදැයි නිතරම බැලිය යුතුව ඇත. ඇතැම් සභාවන් වල ‘යාච්ඤා කරන ලද’ හෝ ‘ආශිර්වාද කරන ලද’ ‍තෙල්, වතුර, හා තැඹිලි ඇදහිලිවතුන්හට ලබා දෙති. එහෙත් එවැනි ඉගැන්වීමක් බයිබලය තුල දක්නට නැත.


අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

ශාරීරික, හෝ ආත්මිකව රෝගීවී ඇති පුද්ගලයා සුවය ලබන්නේ ‍‘යාච්ඤා කරන ලද’ හෝ ‘ආශිර්වාද කරන ලද’ තෙල් හෝ වතුර හෝ තැඹිලි නිසා නොව ඇදහිල්ලෙන් කරන යාච්ඤාව අසන දෙවියන්වහන්සේගේ කරුණාව මතය.


අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

යාකොබ්තුමා තම ලිපිය තුළ එවකට පැවති එක් යාච්ඤා සම්ප්‍රදායක් සඳහන් කරයි. එනම් යම් පුද්ගලයෙක් රෝගී වූ අවස්ථාවකදී සභාවේ වැඩිමහල්ලන් විසින් කරනු ලබන ක්‍රියාවකි. මුල් ග්‍රීක් පිටපත්වල සඳහන්වන ආකාරයට මෙහි විස්තර කරන්නේ ශාරීරික ‍රෝගී තත්වයක් ගැන පමණක්ම නොවෙයි. යාකොබ්තුමා යොදාගෙන ඇති ග්‍රීක වචනය වන  Astheneí - ඇස්-තෙ-නෙයි’  යන්නෙහි අර්ථය ‘දුර්වලකම’ යන්නයි. එනම් ඕතෑම ආකාරයේ දුර්වලකමකදී යාච්ඤාවෙන් එම තත්වය වෙනස් කර ගත හැකිය. මෙම දුර්වල කම ශාරීරික, ආත්මික හෝ මානසික රෝගී තත්වයන් විය හැකිය[1].

මෙහිදී යාකොබ්තුමා උගන්වන ආකාරයට රෝගී පුද්ගලයා සුවය ලබන්නේ තෙල් ආලේප කළ නිසා නොව නායකින් යාච්ඤා කළ විටය[2]. එලෙසම එම යාච්ඤාව ඇදහිල්ලෙන් යුතුව කළ යුක්තක් බව සඳහන් කරයි. ඇත්තෙන්ම සුවය ප්‍රධානය කරන්නේ ස්වාමීන්වහන්සේ විසිනි. i–¹Kka jykafia Tyq keósÛjkÜ we;’. එනම් රෝගී පුද්ගලයෙක් වෙනුවෙන් ඇදහිල්ල ඇති ඕනෑම අයෙකුට යාච්ඤා කළ හැකිය. නායකයෙක් හෝ වැඩිමහල්ලෙක් පැම්ණෙනතෙක් බලා සිටීමට අවශ්‍ය නැත. දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් කරන ඕනෑම යාච්ඤාවක් අසන සේක.

බයිලයේ සඳහන්වන ආකාරයට තෙල් ආලේපයක් ලෙසත් බෙහෙතක් ලෙසත් බාවිතා කරන ලදි. විශේෂයෙන් ඔලීව තෙල් මෙහිදී යොදා ගන්නා ලදි. පැරණි ගිවිසුමේදී රජවරුන් හා දිවැසිවරුන් පත්කිරීමේදී මෙන්ම යම් කිසි නිලයක් තහවුරුකිරීමකදී තෙල් ආලේප කිරිමක් දක්න ඇත.

අප ජිවත්වන්නේ අන්‍යාගමික වත්පිළිවෙත් වලින් බහුල සමාජයකය. එබැවින් ඔවුන් විසින් තෙල්, වතුර, නූල් හා තැඹිලිවලට කරන යම් යම් මන්ත්‍ර, ජීවන් කිරීම් හා ගුරුකම් වලින් ආතුරයන්ට (රෝගීන්ට) සුවය දෙන ආකාරයට අපගේ යාච්ඤාව පත්නොකිරීමට අප දැඩිව වග බලා ගත යුතුය. අපගේ යාච්ඤාව මේවාට කොහේත්ම සමාන කළ නොහැකිය.

දෙවියන්වහන්සේ අසන්නේ ධර්මිෂ්ධ පුද්ගලයින් ඇදහිල්නේ කරන යැදීම් පමණි. යාච්ඤා කරන පුද්ගලයාගේ ජීවිතයේ ශුද්ධකම මෙන්ම යාච්ඤාව ලබන පුද්ගලයාගේ ඇදහිල්ල යන දෙකම මෙහිදී වැදගත්ය. එහෙත් සුවය ලැබෙන්නේ අපගේ ශුද්ධකම හෝ ඇදහිල්ල නිසා නොව දෙවියන්වහන්සේගේ කරුණාව මතය.

බයිබලය විශ්වාස කරන කිතුනුවන් ලෙස අප ශාරීරික, ආත්මික හෝ මානසික යනු ඕනෑම රෝගී තත්වයන් වලදී ‘දිව්‍ය සුවය’ මෙන්ම ‘වෛද්‍ය සුවයද’ විශ්වාස කරන්නෙමුව. ඊට හේතුව අප කුමණ බෙහෙතක් පානය කළත් අවසානයේ සුවය දෙන්නේ දෙවියන්වහන්සේ විසින් වන බැවිනි. වෛද්‍යවරුන් හා වෛද්‍ය විද්‍යාවේ දියුණුව ගැන අප දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමු.


ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

1.    ඔබත් ‘යාච්ඤා කරන ලද’ හෝ ‘ආශිර්වාද කරන ලද’ ‍තෙල්, වතුර, හා තැඹිලි සොයා යන අයෙක්ද?
2.    සුව කිරීමේ බලය ඇත්තේ යාච්ඤාවට මිස ‍තෙල්, වතුර, හෝ තැඹිලි වල නොවෙයි.
3.   රෝගී පුද්ගලයෙක් වෙනුවෙන් ඇදහිල්ල ඇති ඕනෑම අයෙකුට යාච්ඤා කළ හැකිය.
4.   කවුරුන් යාච්ඤා කළත් සුවය දෙන්නේ ස්වාමීන්වහන්සේ විසිනි.
5.   අපි ‘දිව්‍ය සුවය’ මෙන්ම ‘වෛද්‍ය සුවයද’ විශ්වාස කරන්නෙමුව.







[1] Bible Knowledge Commentary/New Testament Copyright © 1983, 2000 Cook Communications Ministries.
[2] ජාතික ක්‍රිස්තියානි ධර්මදාන ආයතනයේ දූතන අංශයේ සේවය කරන ජෙබසින් මරේ හා කළ සාකච්ඡාවක් ඇසුරෙන්.