Saturday, April 21, 2012

සභා-ජීවිතය : අංක 1


මාතෘකාව :-  ‘සභා-ජීවිතය’ අංක 1

ශුද්ධලියවිලි පාඨය :-  හෙබ්‍රෙව් 10:25
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
 
we;e• wh lrk f,i wfmau /iaවී•j,ska wE;aj fkdisg\"
i–¹Kka jykafiaf.a ækh jeŠ jeŠfhka tÙfkldg ffOÈh fouq.”

හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

ඉහත රූපයේ ඔබට දක්නට ලැබෙන්නේ කුමක්ද? මෙය හොඳින් දැල්වෙන ගිණිමැළයකි. එහි සියලුම දර ඉපලි එකට ලංවී ඇති නිසා හොඳින් දැල්වෙනු ඇත. එහෙත් මෙලෙස ලංවී ඇති ගිළි ඉපලි වලින් එකක් ඉන් ඉවත්කළ විට සිදුවන දේ කුමක්ද? මෙම ඉවත් කිරීම නිසා එම ගිණි ඉපල දිගින් දිගටම වැඩි වැඩියෙන් දැල්වෙනවා වෙනුවට කෙමෙන් කෙමෙන් නිවී යනු ඇත. කිතුනු සභාවද දැල්වෙන ගිණිමැලයක් හා සමානය. එහි සියලු සාමාජිකයිකන් එකමුතුව හා එක්සිත්ව සිටින විට ශුද්ධාත්මයාණන්වහන්සේගේ ගිණ්න වැඩියෙන් දැල්වෙනු ඇත (ගීතාවලිය 133:1-3).

‘සභාව යනු ඇදහිවන්තයන්ගේ එකමුතුවක් මිස ගොඩනැගිල්ලක් නොවෙයි’. සභාවේ සාමාජිකයින් තම වගකීම් හා යුතුකම් ඉටුකිරීම හෙවත් නිවැරදි සභා-ජීවිතයක් ගත කරන විටදී සභාවටත්, සමාජයටත් ආශිර්වාදයක් වනු ඇත.

අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

ඇදහිලිවන්තයා ‘කිතුනු සහභාගීකම’ හෙවත් ‘සභා ජීවිතය’ හැරයන විටදී නිවීයන ගිණි ඉපලක් මෙන් කෙමෙන් කෙමෙන්  ශුද්ධාත්ම ගිණ්නෙන් ඈත්වී නැවතත් මේලෝකයේ ක්‍රමයට හසුවනු ඇත.

අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

හෙබ්‍රෙව් කතුවරයා සඳහන් කරන අකාරයට මුල් සභාවේ ඇතැම් ඇදහිලිවතුන් නොවරදවා ඉරුදින දේවමෙහෙයට, කුඩා කණ්ඩායම හෙවත් සෛලයට ඇතුලුව සභාවේ සියලු කටයුතුවලදී විශ්වාසවන්ත ලෙස සහභාගී විය.

දෙවියන්වහන්සේ විසින් අපට විශේෂිතවූ කැඳවිමක් ලබා දී ඇත. එනම් අපව ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය හෙවත් සභාවට කැඳවා ඇත. සභාව යන්නට වනගිවිසුම තුළ ග්‍රීක් භාෂාවෙන් කියනුයේ ‘එක්ලීසියා’ කියාය. එහි සැබෑ අර්ථයනම් ‘පිටතට කැඳවන ලද’ හෙවත් ‘දෙවියන්වහන්සේ උදෙසා වෙන්කරන ලද’[1] යන්නයි. ඇත්තෙන්ම සභාවේ ආරම්භය පෙන්තකොස්ත දිනයටත් කලින්ය. පරණගිවිසුමේ සිට අපට සභාව යන සංකල්පය දැක ගත හැකිය (ලෙවී කථාව 8:4). මිසරයේ වහල්ලුන්සේ දිවි ගත කල ඉශ්‍රායෙල් සෙනඟ දෙවියන්වහන්සේ විසින් මොසෙස්තුමාගේ නායකත්වය යටතේ පිටතට කැඳවාගත් සේක. එලෙස කැඳවාගත් සෙනඟ සෝදිසි හා පරීක්ෂා කිරීම් මධ්‍යයේ වසර 40 ගමන් කර අවසානයේ පොරොන්දු දේශය හෙවත් කානාන් දේශයට පැමිණියේය. මෙම ගමනේදී ඉශායෙල් සභාව (පිටතට කැඳවාගත් සෙනඟ) දෙවියන්වහන්සේ පිළිබඳව දිනෙන් දින එළිදරව්වීම් හා අවබෝධය ලබාගත්තහ. උන්වහන්සේගේ ජීවමානබව හා බලවන්තකම අද්දකින ලදි. එලෙසම නවගිවිසුම තුල මෙම සභාව නව මුහුණුවරකින් යේසුස්වහන්සේ විසින් ස්ථාපනය කරන ලදි. විවිධ කිතුනු-නිකායන් පැවතියද අප සියලු දෙනාම අයත්වන්නේ එකම සභාවකටය. ශුද්ධ වූ බයිබලය හෙවත් දේව වචනය එලෙසින්ම උගන්වන හා පවත්වන කිතුනු-නිකායකට හෝ කිතුනු-ප්‍රාදේශීය සභාවකට ඔබ අයත්වීම දේව කැමැත්තයි. සභාවේ සාමාජික ලැයිස්තුවේ පමණක් ඔබේ නම පැවතීම ප්‍රමාණවත් නොවෙයි. සෑම පුද්ගයෙකුටම  විශේෂිත වූ හා වෙන්වූ දෙවියන්වහන්සේගෙන්ම වන වගකීමක් හා සේවයක් ඇත. එය තේරුම් ගෙන ක්‍රියා කිරීම අ‍පගේ යුතුකම වනු ඇත. එවිට අපට නිරෝගී සභා-ජීවිතයක් ගත කරනු හැකි වනු ඇත.

ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

සභා-ජිවිතයක් අවශ්‍ය වන්නේ ඇයි ? (පහත කරුණු ඉදිරි සතිතුලදී සවිස්තර කරනු ඇත.)

1.      ලෝකයට ඇති එකම විසඳුම කිතුනු-සභාවයි.

2.      දේව ආඥාවට කීකරුවිම පිණිස.

3.      ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සම්පූර්ණවන පිණිස.

4.      ආත්මික වර්ධනය හා පරිණතභාවය ලැබීම පිණිස.







[1] IVP Bible Background Commentary: New Testament by Craig S. Keener Copyright © 1993 by Craig S. Keener. Published by InterVarsity Press.