මාතෘකාව :- ‘සභා-ජීවිතය’
අංක 5
සභා-ජිවිතයක් අවශ්‍ය වන්නේ ඇයි ?
ආත්මික
වර්ධනය හා පරිණතභාවය ලැබීම පිණිස
ශුද්ධලියවිලි පාඨය :- යොහන් 15:1-8
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
öienE –æ je, uuhá udf.a
mshdKka jykafia WoHdk md,lhdfK`h' 2Wka jykafia" ud ;=< weØ" ඵ, fkdork ish®
w;= lmd yúk fial' ඵ,
ork ish® w;=" jvd ඵ,
ork ms×i mdysk fial' 3ud Tng j°< oyu lrKfldgf.k Tn ±kg u msúis³ය' 4ud ;=<
is‡ka" uu o Tn ;=< is‡–' w;a; –æ je,g hd ke;ak• fjka j ඵ, orkakg Bg
fkdyeÙ fia" Tn ud yd taldnoaO fkdjkakyq k•" ඵ, ±øug Tng fkdyeÙ h' 5öö–æ je, uu
h" Tn w;= h' hfula ud ;=< is‡kafka o" uu Tyq ;=< is‡• o"
ta ;eke;af;a fndfy` ඵ,
orhs' ukao" udf.ka fjka j Ùisjla lrkakg Tng fkdyeÙ h' 6h• ;eke;af;la ud
;=< fkdis‡kafka k• Tyq w;a;la fuka msg; oukÜ ,en œh
හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)
මෙම අධ්‍යයන මාලාවේදී අපි සාකච්ඡා කරනු ලබන්නේ
සභා-ජීවිතයේ ඇති වැදගත්කම පිළිබඳවය. මේවන විට අපි පහත සඳහන් මාතෘකාවන් 4 යටතේ අධ්‍යයනයන් කර අවසන්ය. එනම් සභා-ජීවිතය යනු කුමක්ද, ලෝකයට ඇති එකම
විසඳුම කිතුනු-සභාවයි, දේව ආඥාවට කීකරුවිම පිණිස හා ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සම්පූර්ණවන පිණිස
සභා-ජිවිතයේ ඇති වැදගත්කම ආදී වශයෙනි. එලෙසම අද දිනයේ අප විමසා බලන්නේ ආත්මික වර්ධනය හා පරිණතභාවය ලැබීම පිණිස සභා-ජීවිතයේ ඇති දායකත්වයයි.
අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න
විමසා බලන්න)
ක්‍රිස්තුස්වහන්සේ ශරීරයවන සභාව සමඟ සම්බන්ධතායක්
නැතිව කිතුනුවාට තනිව ජීවත්විය නොහැකිය.
අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)
1.
පහත සමීකරණය දෙස බලන්න.
Ø
ක්‍රිස්තුස්වහන්සේ = මිදි වැල
Ø
මම = මිදි අතු
Ø
සභාව = ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය
එනම් මම සභාව හා සම්බන්ධවීම =
මම ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ සම්බන්ධවීම
2.
මෙම සමීකරණයට අනුව මම සභාව හා සම්බන්ධවන විටදී ක්‍රිස්තුස්වහන්සේ හා
සම්බන්ධවිම ප්‍රකාශ වනු ඇත.
3.
පසුගිය සතියේ අධ්‍යයනයෙන් අපි සාකච්ඡා කරන ලද්දේ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය
සම්පූර්ණවන පිණිස එනම් විවධා කාර ආත්මයාණන්වහන්සේගේ දිමනා දේව කැමැත්ත අනුව සභාවේ
සාමාජිකයන් අතර බෙදී යාම පිළිබඳවය.
4.
එලෙසම අද දිනයේ ආත්මයාණන්වහන්සේගේ ඵල ගැන විමසා සිටිමු. ආත්මයාණන්වහන්සේගේ දිමනා මෙන්ම ආත්මයාණන්වහන්සේගේ
ඵල යනු එකම කාසියක දෙපැත්තවැනිය.
‘tfy;a
wd;auhdKka jykafia lrK fldgf.k weØ
jk m%ØM, k•( fm%auh" mS%Øh" iduh" bjiSu" lreKdj"
hym;alu" œYajdilu" 23uD³lu yd wd;au oukh hk f•jd h’ (ගලාති 5:22-23).
5.
ඇතැම් කිතුන්වන් හට ආත්මික දිමනා හ ආත්මික ඵලය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව
ඇත්තේ ඉතාමත් අඩු අවබෝධයකි.
6.
ආත්මික දිමනා අපට දෙනුලබන්නේ දේව කැමැත්ත අනුව ආත්මයාණන්වහන්සේ විසිනි. ආත්මික
දිමනා යනු ස්වර්ගයට යෑමට හෝ සැබෑ කිතුනු දිවියක් ගත කිරීමට අත්‍යාවශ්‍යම
දෙයක් නොවෙයි.
7.
එහෙත් ආත්මික ඵලය යනු, ආත්මයාණන්වහන්සේ විසින් අපට දෙන, අප විසින්
වර්ධනය කළ යුතු හා ස්වර්ගයට යෑමට හා සැබෑ කිතුනු දිවියක් ගත කිරීමට අත්‍යාවශ්‍යම
දෙයකි.
8.
ගලාති 5:22 පදය මුල් ග්‍රීක භාෂාවෙන් සඳහන් වන්නේ ආත්මයාණන්වහන්සේගේ එලය
යනුවෙනි.[1] එනම් මෙය
ඒකවචනයෙන් සඳහන්වෙයි. මෙම පදයේ එල වර්ග 9 ක් තිබුනද ඒවා එකක් ලෙස සලකනු ලබයි. සැබෑ
කිතුනුවාගේ ජීවිතයේ මේවා සියල්ලම තිබිය යුතුය.
9.
ගසක ගෙඩි එක රැයකින් හට නොගනියි. එලෙසම අපගගේ ජීවිතයේ මෙම ආත්මික ඵලය
කෙමෙන් කෙමෙන් වර්ධනය වනු ඇත. යාච්ඤා ජීවිතයක් ගතකරන හා ශුද්ධලියවිලි අධ්‍යනය කරන
පුද්ගලයාගේ මෙම ඵලය හොඳින් වර්ධනය වනු ඇත.
10. මෙම ඵල 9 භාවිතය අනුව පහත ලෙස වර්ග
කළ හැකිය.
i.
සිරස් : මා සහ දෙවියන්වහන්සේ අතර සම්න්ධව (ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය)
ii.
තිරස් :මා සහ එකිනෙකා අතර සම්න්ධව (ඉවසීම, කරුණාව, යහපත්කම)
iii.
ස්වයං : මා තුළ (විශ්වාසවන්තකම, මෘදුකම, ආත්ම දමණය)
11. මෙම ඵලය දැරීමට අපට තනිව කළ හැකිදෙයක් නොවෙයි.
යොහන් 15:1-8 සඳහන් වන ආකාරයට යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ සභාව හා සම්බන්ධවිම
හෙවත් සභාජීවිතය කිතුනුවාට ඉතාමත් වැදගත් දෙයකි.
ආ ද ර් ශ ය හා අ
දා ළ කි රී ම
1.
ඔබගේ සභාජීවිතය ගැන ඔබ සැහීමකට පත්වෙනවාද? එසේනම් ඔබ හා ක්‍රිස්තුස්වහන්සේ අතර ඇති
සම්බන්ධතාවය ගැන සොයා බලන්න.
2.
ඔබගේ සභාජීවිතය ගැන ඔබ වෙහෙසට පත්වී සිටිනවාද? එසේනම් ඔබගේ අරමුණු හා
ආකල්ප ගැන විමසා බලන්න.
3.
ආත්මික දීමනා මෙන්ම ආත්මික ඵලයටද ආශා කරන්න.