ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 1:1-8
මාතෘකාව :- ‘සම්පූර්ණ ඉවසිලිවන්තකම’
1. අවධානය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)
ක්‍රිස්තුස්වහන්සේගේ කැමැත්ත කිරීම නිසා ජීවිතයේ මුහුණදෙන ප්‍රශ්න හා පීඩාවන් තුලින් අපගේ ඉවසීමේ ගුණය සම්පුර්ණත්වයට පැමිණෙන බව.
2. අන්තර්තය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)
i. කව්රුන් විසින්ද?
යාකොබ් (1වන පදය).
මෙම යැවුම් පත්‍රයේ කතෘවරයා යේසුස්වහන්සේගේ සොහොයුරු වන යාකොබ් ලෙස පිළිගනු ලබයි. මෙම ලිපිය ලියන කාලයේ යෙරුසලම සභාවේ පේත්‍රැස් හා සමාන උසස් හා ජ්‍යෙෂ්ඨ නිලයක් දැරූ යාකොබ්තුමා තමන් හඳුන්වා දෙනු ලබන්නේ දෙවියන්වහන්සේගේත් යේසුස්වහන්සේගේත් දාසයෙක් ලෙස මිස තමන්ට ඇති අධිකාරීත්වය පිළිබඳව සටහන් කරමින් නොවෙයි.
මම කුමන තත්වයේ සිටියත්, කුමන නිලයක් දැරුවත්, මා යටතේ කෙතරම් සෙනඟක් සිටියත් මතක තබා ගත යුතු දෙයක් නම් අප සැමට ඉහලින් ස්වාමියෙක් සිටින බවයි. මම අනිත් පුද්ගලයන්ට සැලකිය යුත්තේ මමත් දාසයෙක් මිස ස්වාමියෙක් යන ආකල්පය ඇතිව නොවෙයි.
ii. කාටද?
විසිරී සිටින්නාවූ ගෝත්‍ර 12 ට (1වන පදය).
එනම් යෙරුසලමේ මෙන්ම අනෙකුත් ප්‍රදේශවල ජීවත් වන යුදෙව් දහමේ සිට කිතුනුවන් බවට පත්වූ සියලුම ඇදහිලිවතුන්වෙත ලියනු ලබයි.
iii. කවදාද?
පළමු ශතවර්ෂයේදී (ක්‍රි.ව. 66 ට පෙර).
මුල් සභාවේ එනම් පළමු ශතවර්ෂයේ ජීවත්වූ කිතුන්වන් වෙත ලියනු ලබයි. එහෙත් මෙහි සඳහන් ඉගැන්වීම් හා උපදෙස් අදටත්අපට ගැලපෙන කරුණුය.
iv. කොතැනදීද?
යෙරුසලමේ සිට ලියනු ලැබූ අතර එය ලොව සෑම ප්‍රදේශයකටම යවා ඇත.
v. කෙලෙසද?
1 වැනි පදය අවසානයේ දී යාකොබ් තුමා මෙම ලිපිය ලියන අරමුණ ඉතාමත් පැහැදිලිව සඳහන් කරයි.
එනම් ‘ගෝත්‍ර දොළොසට ශුභ සිද්ධවන ලෙස’යනුවෙනි. මෙහි ඇති ඉගැන්විම් හා ඒවා පිළිපදින අයගේ ජිවිතවලට අනිවාර්යයෙන්ම යහපත සිදුවනු ඇත.
2 සිට 4 වැනි පදය දක්වා ඇති ප්‍රධාන වචන 3 කුමක්ද?
i. ඇදහිල්ල
ii. පරීක්ෂාව
iii. ක්ෂාන්ති ගුණය (ඉවසිලිවන්තකම)
ü මෙහිදී යාකොබ්තුමා පරීක්ෂාව යනුවෙන් අදහස් කරන්නේ එදා කිතුනුවන් තම අවංක ඇදහිල්ල ආරක්ෂා කර ගැනීමේදී, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා මුහුණ පෑ විවිධාකාර දුෂ්කරතාවයන් මිස, තමන්ගේ පාපය හෝ අකීකරුකම් නිසා ඇතිවූ තත්වයක් ගැන නොවෙයි.
ü විශේෂයෙන් රජයෙන් හා අන්‍යභක්තික සමාජයෙන් එල්ලවන බලපෑම් නිසා ඔවුන් සමාජීය, දේශපාලන හා ආර්ථිකමයලෙස විවිධ අපහසුතාවයන් හා හිඟකම් වලට ලක්වුනි. එනම් අපට දිනපතා ඔසවාගෙන යාමට කුරුසියක් ඇත.
ü අපට ඇති කුරුසය නම් ඉහත සඳහන් ලෙස දේවකැමැත්ත කිරීම නිසා විඳීමට සිදුවන වේදනාකාරී අද්දැකීම්ය.
ü මෙම ප්‍රධාන වචන 3න අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? අපගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක්වන විටදී ඉවසිලිවන්තකම නැමැති ශුද්ධාත්ම ඵලය වර්ධනය වෙයි.
ඇදහිල්ල => පරීක්ෂාව => ඉවසිලිවන්තකම
ü ඇදහිල්ලයනු කුමක්ද? එනම් ජීවිතයේ සියලු අවශ්‍යතාවයේදී (ශාරීරික, මානසික හා ආධ්‍යාත්මික) ස්වාමීන්වහන්සේ කෙරෙහි බලා සිටීමය.
ü අපට අපහසුම දේද බලාසිටීමය. එනම් ඉවසිලිවන්තකමය. තාක්ෂනිකමය ලෙස දියුණු වී ඇති වර්තමානයේ සෑම දෙයක්ම විනාඩි 2කින් අපගේ අතට ලැබෙයි. මෙම හේතුව නිසා අපට ස්වාමීන්වහන්සේගේ කැමත්ත සිදුවන තෙක් බලා සිටීමටද අපහසුවී ඇත.
ü ඉවසීමද ප්‍රගුණ කළ යුතු දෙයකි. එලෙසම එය ශුද්ධාත්ම ඵලයකි. ශුද්ධාත්ම බෞතීස්මය ලද මොහොතේ මෙම ඵලය උන්වහන්සේ ඔබ තුළ ඇතිකරන සේක (ගලාති 5:22). ගසක ඇති ඵලයක් අනිවාර්යයෙන්ම වර්ධනය වී ඉන් තව තවත් බීජ ඇතිකර විශාල වර්ධනයක් හා ව්‍යාප්තියක් ඇති කරයි. එය වර්ධනය කිරීම උදෙසා අප විසින් පරීක්ෂාව යොදා ගැනීම කළ යුතුය.
3 වන පදය තුළ මහා පුදුමාකාර දෙයක් සඳහන්ව ඇත. එය අපගේ ලෞකික මනසට කිසිසේත්ම පිළිගත නොහැකි විහිළුවකි. (ඔබගේ සෛල සාමාජකයින්ට මේදේ සෙවිමට කාලය ලබා දෙන්න.)
ü එනම් ජීවිතයේ දුෂ්කර අවස්ථාවන් දුකක් ලෙස නොව ප්‍රීතියක් ලෙස සලකන ලෙස යාකොබ්තුමා සඳහන් කරයි.
ü යේසුස්වහන්සේ තමන්වහන්සේගේ කුරුසිය නිසා ලැජ්ජාවූයේ නැත. මිනිසුන් එතුමාට අපහස කළද උන්වහන්සේ
ü ලබන්න යන මහිමය නිසා එය ප්‍රීතියක් කොට සැලකූසේක (හෙබ්‍රෙව් 12:1- 4).
5 සිට 9 වැනි පදය දක්වා දෙවියවන්වහන්සේගෙන් කරන ඉල්ලීමක් ගැන කථා කරයි. මෙහිදී ඉල්ලන්න කියන්නේ කුමක්ද? (ප්‍රඥාව)
ü දුක්විදීමේදී ප්‍රඥාව අවශ්‍ය වන්නේ ඇයි. ප්‍රඥාව හා දැනුම අතර වෙස කුමක්ද? අධ්‍යාපනය තුළින් අපට දැනුම ඕනෑතරම් ලබාගත හැකිය. එහෙත් එම දැනුමේන් ප්‍රයෝජනයක් ගැනීමට හා එම දැනුම ජීවිතයට නිවැරදිව අදාලකර ගැනීමට ප්‍රඥාව අවශ්‍ය වෙයි.
ü ජීවිතයේ දුෂ්කර මොහොතේදී ක්‍රියා කළ යුතු ආකාරය, ප්‍රතිචාර දැක්විය යුතු අකාරය ඉතාමත් වැදගත්ය. එසේ නොවුනහොත් අප සිටින තත්වය, තව තවත් භයානක හා වියවුල් විය හැකිය. මෙනිසා දෙවියන්වහන්සේගෙන් ලැබෙන ප්‍රඥාව තුලින් මෙම තත්වයෙන් ජයගත හැකි වනු ඇත.
3. ආදර්ශය හා අදාළකිරීම
i. යාකොබ්තුමා මෙන් ඔබත් දාසකමේ ආත්මයකින් පූර්ණ අයෙක්ද?
ii. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල නිසා මුහුණදෙන පරීක්ෂා හේතුකොටගෙන ඔබගේ ඉවසීමේ ගුණය වර්ධනය කිරීමට සූදානම්ද?
iii. ස්වාමීන්වහන්සේ නිසා ඔබ මුහුණදෙන අමිහිරි අද්දැකීම් මිහිරියයි කිමට ඔබ සූදානම්ද?
iv. ඔබගේ ඇදහිල්ල පවතින්නේ කිනම් මට්ටමකද? ඔබ ජීවිතයේ සියලු අවශ්‍යතාවයේදී (ශාරීරික, මානසික හා ආධ්‍යාත්මික) ස්වාමීන්වහන්සේ කෙරෙහි බලා සිටින අයෙක්ද?
v. මේ මොහොතේදී ඔබ මුහුණ දෙන හා පොරබදින පරීක්ෂාව හෙවත් අප ඉගෙන ගත් ලෙස දුෂ්කර අද්දැකීම කුමක්ද?
vi. ඔබත්, ඔබගේ කුරුසිය දරාගත නොහැකිව එය රහසින් අතහැර යාමට බලාසිටින අයෙක්ද?
vii. දෙවියන්වහන්සේ ඉදිරියේ අවංක ජීවිතයක් ගතකිරීම නිසා අද ඔබ පත්වී සිටින තත්වය කුමක්ද? ඔබේ ව්‍යාපාරයේ දියුණුව, ලාභ ගැබීම, රැකියාවේ උසස්වීම, ගැලවීම නොලත් පවුලේ සාමාජිකයන් හා නෑදෑ හිතමිත්‍රයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්ද?
viii. ඔබගේ ඉවසිලිවන්තබාවය ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?
· වැඩිදුර අධ්‍යනය සඳහා :