Monday, September 6, 2010

05. ‘සකල ජාතියටම ආශිර්වාදයක් වන්න අංක1 (පීනෙහාස්)’

ශුද්ධලියවිලි පාඨය :- ගණන් කථාව 25‍:1-18
මාතෘකාව :- ‘සකල ජාතියටම ආශිර්වාදයක් වන්න අංක1 (පීනෙහාස්)’
අවධානය
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)
බොහෝවිට අප අතර ඇති මතයක් නම් එක් පුද්ගලයෙකුගේ ධර්මිශ්ඨ කමින් පමණක් මුළු මහත් ජාතියක් මිදීම ලැබීම හෝ දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලබන්නේ නැති බවයි. ඒ සඳහා සභාවේ නායකයින් හා රටේ පාලකයින් පළමු කොට ධර්මිෂ්ඨ විය යුතු බව අපගේ සාමාන්යු පිළිගැනිමයි. එහෙත් එය සැමවිටම එසේ විය යුතු නැතිබව අද දවසේ අපගේ අධ්යියනයෙන් විමසා බලනු ඇත. එක් තරුණයෙකුගේ ධර්මිෂ්ඨකම හා කීකරුකම තුළින් සමස්ථ ජාතියක්ම දේව උදහසින් ගැලවී ශාපය වෙනුවට ආශිර්වාදය උරුම කර ගත් ආකාරයත්, ඔහුගේ පරම්පරාව සදාකල් හිමිවන ආශිර්වාදයක් ලැබූ අයුරු පහත සාකච්ඡා කරමු.

1 හා 2 පද
මේවන විට නික්මයාම ගමනේ විශාල දුරක් ගෙවා ඉශ්රාායෙල්වරු කානාන් දේශය ආසන්නයටම පැමිණ සිටිය. ඔවුනට යටත් කිරීමට හා පසුකර යෑමට තිබුණේ තව දේශයන් කීපයක් පමණයි.
එහෙත් ඉශ්රාකයෙල් පුරුෂයින් අන්යුජාතිකයින් වූ මෝවබ් කාන්තාවන් හා වේශ්යාපකමේ හැසිරෙන ලදි. එපමණක්ද නොව මෙම වෛශ්යායවන් ඇතැම් ඉශ්රාුයෙල් සෙනඟ තමන්ගේ දේව වන්දනා හා පූජාවන්වලට දායක කර ගන්නා ලදි.

3 සිට 5 දක්වා පද
ඉහත පාපය නිසා දෙවියන්වහන්සේගේ උදහස ඇවිළුන බවත්, උන්වහන්සේගේ මරණ දඬුවම එම වරද කළ අයට හිමි විය. එලෙසම වසංගතයක්ද කඳවුර පුරා විය.
වරද කළ අය මරා සියල්ලන්ට පෙනෙන ලෙස කඳවුර ඉදිරියේ එල්ලා තබන ලදි.

මෝසෙස් ඇතුලු ඉශ්රා්යෙල් කායකයින් හා උත්තමයන් සම්මුඛ වීමේ කූඩාරම හෙවත් එදා දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය පැවති ස්ථානයේ සෙනඟගේ පාපය උදෙසා අඬමින් මැදහත්කාරකම් කරන ලදි.
එහෙත් දෙවියන්වහන්සේගේ උදහස ඉන් පහව නොයන ලදි. සෙනඟ කෙරෙහි දේව ශාපය දිගින් දිගටම විය.

බයිබලය තුළ රූප වන්දනාව නැමැති පාපය වේශ්යාදකමේ පාපයට සමාන කරයි.
ඊට හේතුව දෙවියන්වහන්සේ හා අපගේ සම්බන්ධතාවය ස්වාමිපුරුෂයා හා බිරිඳ එකිනෙකාට විශ්වාසවන්තව සිටින ආකාරයෙන් පැවතිය යුතු බැවිනි. එනම් වේශ්යාාකම යනු විශ්වාසය කඩ කිරීමකි.
මෙහිදී ඉශ්රාියෙල් සෙනඟ දෙයාකාරයකින් වේශ්යාාකම් කරන ලදි.
1. රූප වන්දනාව
2. වේශ්යා්වන් ඇසුරු කිරීම

6 සිට 8 දක්වා පද
සෙනඟ ස්වකීය අනාචාරය ගැන හඬා වැටටෙද්දී හා මෙම සියලු ඛේදවාචකයන් මැද තවත් ඉශ්රා යෙල් පුරුෂයෙක් ප්රඟසිද්ධියේම, පාපයට කිසිදු භියක් හෝ ලැජ්ජාවක් නැතිව, තම නායකයින් හා සම්මුඛවීමේ කූඩාරම ඉදිරියෙන් අන්ය ජාතික මිදියන් ස්ත්රිදයන් රැගෙන සොහොයුරන් හා එක්වී වෛශ්යාමකමේ යෙදෙන පිණිස තම කූඩාරම වෙත ගමන් කරන ලදි.

6 වැනි පදය ආරම්භයේම සඳහන්වන්නේ සෙනඟ හඬා වැලපෙන අයුරු දැක දැකත්, අනාචාරයේ පාපයේ විපාක දැක දැකත්, එල්ලි ඇති මළමිණී දැක දැක දැකත් මේ මිණිසා නිර්භීතව පාපයට ඇති ජ්වලිතයෙන් කිසිවක් ගණන් නොගෙන ක්රිනයා කළ බවයි.
එපමණක්ද නොව ඔහු පසු කර ගිය කාරණා 2 ක් ඇත.
1. මොසෙස් ඇතුලු තම නායකයින්
2. සම්මුඛවීමේ කූඩාරම (දේව අභිමුඛත්වය)

පාපය අපව කෙතරම් අන්ධ කරනවාද යත් එය අපගේ ආත්මික නායකයින් සුළු කර සිතීමට පොළඹවනවා පමණක් නොව අප දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයෙන් පවා ඉවතට ඇද දමයි.
7 පදය
මෙම සියලු සිදුවීම් දෙස හොඳින් බලා සිටි පීනෙහාස් එක්තරා තැරුණයෙක් විය. ඔහු මෝසේස් ගේ සොහොයුරු ආරොන්ගේ පුත් එවකට උත්තම පූජකයා වූ එලෙයාසර්ගේ පුත්රසයා විය. ඔහු ද සභා මධ්යවයේ සිටිමින් සෙනඟ උදෙසා මැදහත් කාරකම් කළ අයෙකි.
එහෙත් තව දුරටත් මේ තරුණයාට මේ මහත් දුෂ්ඨකම බලාසිටිය නොහැකිව වහාම ක්රිැයාත්මක වන ලදි.
දෙදෙනෙකුට එකවර හෙල්ලයකින් අණින්නේ කෙසේද? අනිවාර්යියෙන්ම මේ දෙදෙනා ලංවී සිටිය යුතුය. එනම් මොවුන් කූඩාරම තුළ වෙශ්යා්කමේ යෙදෙද්දීම පීනෙහාස් විසින් මරන ලදි.

8 පදය
පීනෙහාස්ගේ ක්රිෙයාවත් සමඟ ඒ මොහො‍තේදිම වසංගතය නැවතී දෙවියන්වහන්සේගේ උදහස නිවීගොස්, එතුමාගේ ශාපය වෙනුවට ආශිර්වාදය මුළු ඉශ්රාසයෙල් ජාතියටම හිමිවිය.
මේවන විටත් වසංගතයෙන් 24,000 සෙනඟක් මිය ගොසිනි.

දේව උදහස පහව ගියේ මෝසස් ඇතුලු සභානායකයන්ගේ යාච්ඤාව ‍හෝ පසුතැවිලි වීමෙන් නොව පීනෙහාස් නම් එක් තරුණයෙක්ගේ ධර්මිෂ්ඨ ක්රියයාවන් තුලිනි.
ධර්මිෂ්ඨ වූ තනි පුද්ගලයෙකුට සමස්ථ ජාතියකම ඉරණම වෙනස් කළ හැකිය.

10 හා 11 පද
දෙවියන්වහන්සේ පීනෙහාස් ගැන වර්ණනා කරයි. එතුමා කී පරිදි ධර්මිෂ්ඨකම උදෙසා පීනෙහාස්ට තිබූ ජ්වලිතය නිසා, සෙනඟ විනාශ කිරීමට දෙවියන්වහන්සේට තිබූ ජ්වලිතය නැතිවූ බවයි.
දෙවියන්වහන්සේ නිතරම උන්වහන්සේගේ දරුවන්ගේ ක්රිසයාවට ප්රකතිචාර දක්වන සේක.

මේ මොහොතේ ඔබගේ ජ්වලිතය කුමක් උදෙසාද?

12 හා 13 පද
එපමණක්ද නොව පීනෙහාස්ගේ ක්රිෙයාව තුලින් ආරොන්ගේ වංශයට පූජකත්වය ස්ථිර ගිවිසුමක් සේ උරුම වෙයි.

ඔබගේ ක්රිොයාවන් තුලින් ඔබේ පරම්පරාව උරුමකරගන්නේ කුමක්ද?