Sunday, September 12, 2010

06. ‘සකල ජාතියටම ආශිර්වාදයක් වන්න අංක 2 (නෙහෙමියා)’


මාතෘකාව :-‘සකල ජාතියටම ආශිර්වාදයක් වන්න අංක 2 (නෙහෙමියා)’
ශුද්ධලියවිලි පාඨය :-
නෙහෙමියා පරිච්ඡේද 1 සිට 13 දක්වා

හැඳින්වීම
මෙලොව සිටන සෑම පුද්ගලයෙකුටම නමක් ඇත. එලෙසම එම නම් වලට විවිධාකාර අර්ථයන්ද වෙයි. ‘රාජා’ යන නමේ අර්ථය රජෙක් යන්නයි. ‘කුමාර’ යන නමේ අර්ථය රජෙකුගේ පුතෙක් යන්නයි. ‘කුමාරි’ යන නමේ අර්ථය රජෙකුගේ දුවෙක් යන්නයි ‘දේවිකා’ යන නමේ අර්ථය රජෙකුගේ බිසව යන අර්ථයයි. ඔබගේ නම කුමක්ද? එහි තේරුම ඔබ දන්නවාද?

අද අප අධ්‍යනය කරන බයිබල් චරිතය වන්නේ ‍ ‘නෙහෙමියා’ ය. එය හෙබ්රෙමව් නමකි. හෙබ්රෙජව් නම් වලට විශේෂ හා ගැඹුරු අර්ථ ඇත. ‘නෙහෙමියා’ නමේ අර්ථය ‘දෙවියන්වහන්සේගේ සැනසිලිදායකයා’, ‘දෙවියන්වහන්සේ විසින් සනසනු ලැබීම’ හා ‘දෙවියන්වහන්සේ සනසනසේක’ ආදීවශයෙන් දැක්විය හැකිය.

නෙහෙමියා‍ගේ ජීවත්වූයේ ක්‍රිස්තු පූර්ව 430, එනම් අදින් වසර 2440 පමණ පෙරය. මේවන විට යුදා දේශය අරාජිත තත්වයක, එනම් රජෙක් නොමැති අවධියක විය. ඊට හේතුව එවකට ලෝක බලවතා වූ පර්සියානු අධිරාජ්‍යයා විසින් යුදා දේශය යටත් කර එහි සිටි සියලුම උත්තමයන් හා නායක්වය දැරීමට සුදුසු අය වහලුන් ලෙස තම රටට ගෙනයෑමය. නෙහෙමියා නම් තරුණයාද මෙලෙස ගෙන ගිය වහලුන් අතර විය. එහෙත් ඔහුගේ යහපත් චරිතය හා වීශ්වාසවන්තකම නිසා රජු තම කුසලාන දරන්නා ලෙස නෙහෙමියා පත්කරන ලදි. එදා එම තනතුර ඉතාමත් උසස් හා බලවත් නිලයක් විය (1:11, 2:1).
එලෙසම යෙරුසලමේ පිහිටා තිබූ දේවමාලිගාව යුදේව්වන්ගේ හදවත බඳුවිය. තවද නගරය ආරක්ෂා කිරීම‍ට ඒ වටා විශාල තාප්පයක් විය. එහෙත් මෙම තාප්පය නොයෙකුත් සතුරු ආක්‍රමණ හා නඩත්තු නොකිරීම් නිසා විනාශ වෙමින් පැවතිනි. මේ පිළිබඳව දැනගත් නෙහෙමියාගේ ප්‍රතිචාරය අද අපි විමසා බලමු(1:1-10).

අවධානය
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)
නෙහෙමියා තම මව් රටින් සැතපුම් දහස් ගණනක් ඈතින් පිටරටක ජීවත් විය. ඔහු සිටියේ අධිරාජ්යායාගේ රජ මාලිගාවේ, එනම් එදා ලෝකයේ වූ අනර්ඝතම හා සුඛොපබෝගී ජීවිතයක් ගත කළ හැකි ස්ථානයකය. ඔහුට කිසිම දෙයකින් කිසි අඩුවක් නොවීය. බලය, ධනය හා සමාජයේ උසස් පිළිගෑනීම නෙහෙමියාට ප්රටශ්ණයක් නොවීය.

එහෙත් ඔහුගේ හදවත හා ආත්මය සැනසීමට ඔහු බුක්තිදි විඳි ලෞකික දෙයට හැකිනොවීය. ඔහුගේ හදවත නිතරම ස්වකිය දුක්විඳින යුදෙව් ජනතාව හා විනාශවන යුදා දේශය සමඟ විය. වරෙක දෙවියවන්වහන්සේගේ මහිමයෙන් උතුරාගිය දේවමාළිගාව, යෙරුසලම නගරය හා ඒ වටා ඇති පවුර, ආත්මිකව පරිහාණියට ගිය යුදෙව් ජන ජීවිතය නැවත ගොඩ නැගීමට නෙ‍හෙමියා විසින් ගත් උත්සහය එනම්,
‘දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට, තම සැප-පහසු කලාපයෙන් පිටතට පැමිණීම’
පිළිබඳව අද අප විසින් අධ්යියනය කරමු.

අන්තර්ගතය,ආදර්ශය හා අදාළකිරීම
1:1-11
යෙරුසලමේ සිටින ජනතාව හා පවුරට සිදු වී ඇති දේ දැන ගත් විට යෙරමියාගේ ප්ර තිචාරයන් 2 ක් අප‍ට දක්නට ලැබෙයි.
එනම් ක්ෂනික ප්රිතිචාරය හා දීර්ඝ කාලීන ප්රිතිචාරය:

1. ක්ෂනික ප්රචතිචාරය:
දෙවියන්වහන්සේ ඉදිරියේ දණ ගැසීම.
නෙහෙමියා රෑ-දහවල් දෙකේදිම, නිරාහාරව යාච්ඤා කළේ පහත කාරණා 2 ක උදෙසාය.
i. 1:4-10 ස්වකීය ජනතාවගේ පාපයට කමාවන ලෙසත්,
ii. 1:11 පවුර හා තම දේශය නැවත ගොඩනැගිමට තමාට අවශ්යතකරන දෙවයන්වහන්සේ කරුණාව ලැබෙන පිණිසය.

පවුරකින් කරන්නේ යම් ප්රලදේශයක් ආරක්ෂා කිරීමය. එලෙසම අපගේ ජීවිතය ආරක්ෂා කරන පවුරු කිපයක් පහත දක්වා ඇත.
එනම් බලය හා ධනය, තනතුරු හා තානාන්තර, රැකී-රක්ෂා, දැනුම හා අධ්යානපනය, සුවය හා සමාදානය ආදියයි. ඔබගේ ජීවිතයේ මෙවන් පවුරු බිඳුන විටදී ඔබගේ ප්රතතිචාරය කුමක්ද?
ඔබ එවිට දණ ගසන්නේ කා ඉදිරියේද?
ජීවිතයේ ආරක්ෂක පවුරු බිඳවැටෙන විටදී අපට ආරක්ෂා විමට ඇති හොඳම පවුර දෙවියන්වහන්සේය.
දෙවියන්වහන්සේ ජීවිතයේ ආරක්ෂක පවුර කර නොගෙන වෙනත්දේ පවුර කරගත් විටදි, අපි නොසිතන මොහොතකදී ඒවා බිඳි අප අසරණ කර දමයි.

8 දීර්ඝ කාලීන ප්රපතිචාරය:
සැලසුම් කිරීම.
නෙහෙමියාට යෙරුසලමේ තත්වය ආරංචි වූයේ (1:1) කිස්ලෙව් මාසය එනම් නොවැම්බර් මසය. එහෙත් ඔහු යෙරුසලමට යාමට රජුගෙන් අවසර ගන්නේ (2:1) නිසාන් මාසයේ එනම් මාර්තු මසය. මේවන විටත් මාස 4 ක් ගෙවි ගොසිනි. එනම් දින 120 ක පමණ කාලයකි.

මෙම දින 120 කාලයේදි නෙහෙමියා විසින් කුමක් කළේද?
ඔහු කරනු ලැබුවේ නගරයේ හා පවුරේ නවතම තත්වය හා විස්තර සොයාබලමින් පවුර ප්රේතිසංස්කරණයට අවශ්යිවන ඇස්මේන්තු, ගතවන කාලය, අවශ්යොවන දේ, අවශ්යස පුද්ගලයින්, අවශ්ය්වන අවසරයන්, සැලසුම් අසාර්ථක වුවහොත් විකල්ප සැලසුම්, බාධා හා තර්ජන පැමිණියහොත් මුහුණ දෙන ආකාරය යාච්ඤාවෙන් සැලසුම් කිරීමය.

නෙහෙමියාට තම ව්යාගපෘතිය පිළිබඳව මනා අවබෝධයක් විය. (2:3-8) රජු ගෙන් අවර ඉල්ලා කළ සාකච්ඡාව දෙස බලන විට මේ බව මනා සේ පැහැදිලිය. පවුරේ වැඩ අවසන්වන කාලය හා ගතවන දින ගණන පිළිබඳව ඔහු හොඳින් දැන සිටියේය.

ඔබත් ඔබේ ජීවිත පවුරු ගොඩනැගිමට කලින් නෙහෙමියා මෙන් කාලය වෙන්කරගෙන දෙවියන්වහන්සේගේ පාමුල ඉවසීමෙන් හා යාච්ඤාවෙන් ඒවා සැලසුම් කරනවාද?

එසේ නොමැතිනම් තවත් ප්රඒමාද නොවී දැන්ම, මොහොතක් නැවතී, උන්වහන්සේගේ පාමුල නැවතී බලන්න.

සැලසුම් ක්රිතයාත්මක කිරීම
2:12-16
යෙරුසලමට පැමිණි නෙහෙමියා මුලින්ම කළේ මාස 4 කට කලින් තමා කනින් ඇසූ දේ ඇසින් බලා තහවුරු කර ගැනීමයි.

මෙහිදී අපට ඉගෙන ගැනීමට වැදගත් ප්රලතිපත්තියක් ඇත. එනම් අප විසින් කනින් අසන දේ ඇසින් බලා තහවුරු කරගත යුතු සේම, ඇසින් දකින දේ කනින් අසා තහවුරු කරගත යුතු බවයි.
ඊට හේතුව අසන හා දකින දේ අතර විශාල වෙනසක් තිබෙන හෙයිනි.

2:17-18
සියල්ල හොඳින් පරීක්ෂා කළ නෙහෙමියා පසුව තම දර්ශනය හා ඉදිරි සැලසුම් පළමුව නායකයින් හා සෙසු උත්තමයන් හා බෙදා ගන්නා ලදි.

නෙහෙමියා විශ්වාස කළ පරිදි දෙවියන්වහන්සේ තමාට දුන් දර්ශනය තනිව සම්පූර්ණ කළ හැකි දෙයක් නොවන අතර එය සෙසු අයගේ සහයෝගය ඇතිව එනම් සභාවේ ආශිර්වාදය ඇතිව කළ යුතු බවයි.

මේ වන විටත් යෙරුසලමේ සිටි යුදෙව් නායකයින් හා ජනතාව විශ්වාසකළේ තමාට කිසි දවසක පරිහානියට යන පවුර ප්රවතිසංස්කරණය කළ නොහැකි බවයි.
එහෙත් මෙම වැරදි මතය ක්ෂනයකින් නැති කිරිමට නෙහෙමියාට හැකිවිය.
ඔවුන්ගේ ප්රැතිචාරය වූයේ “අපි නැගිට ගොඩනගමු” යන්නයි.

සභාවේ පොදු දර්ශනය හා එකඟව ක්රිුයාකිරීම අපි සැමගේ වගකීමකි.

එලෙසම දෙවියන්වහන්සේ අපි එකිනෙකාට වෙන්වූ විශේෂ දර්ශනයක් (එනම් විශේෂ වූ සේවයක්) දී ඇත.
එලෙසම මා එය හඳුනා ගැනීම හා නායකත්වයේ ආශිර්වාදය හා මඟපෙන්වීම ඇතුව එය ක්රිමයාත්මක කිරීම ඊටත් වඩා වැදගත් ප්රරතිපත්තියකි.

ඔබට ලැබී ඇති දර්ශනය සැබවින්ම දෙවියන්වහන්සේගෙන් නම් එය සම්පූර්ණ කිරීමට අවශ්යය කරන සෙසු සියල්ලද එතුමා ලබා දෙන සේක.

ඉදිරි පරිච්ඡේද දෙස බලන විට අපට පෙනෙන දෙයක් නම් නෙහෙමියාට දෙයාකාර බාධාවන්ට මුහුණ දිමට සිදුවිය.

8 පිටතින් පැමිණි බාධා (2:19-20, 4:1-23, 6:1-14 )
ටෝබියා හා සන්බලට් විසින් ගෙනා සියලුම කුමන්ත්රමණ හා උපායන් නෙහෙමියා විසින් සාරථකව පරාජය කලේය.

8 ඇතුලතින් පැමිණි බාධා (5:1-19)
සහෝදර යුදෙව්වන් අතර වූ ආර්ථික සූරා කැම් හා අසාදාරණයන් වහාම නෙහෙමියා විසින් නිවැරදි කළේය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත (දර්ශනය) කිරීම පහසු දෙයක් නොවෙයි. අපගේ විරුද්ධකාරයා වන සාතන් විසින් එය අසාර්ථක කිරීමට හැකි සැම උපායක්ම යොදයි.
ඔහුගේ හොඳම හා ප්රකබලම උපාය ඔබට සමීපතම අය යොදා ගැනිමයි.
2
1 සිට 7 වැනි පරිච්ඡේදය දක්වා පවුරේ ප්රොතිසංස්කරණ වැඩකටයුතු සඳහන් වන අතර එය දින 52 කදී සාර්ථකව නිම කරන ලදි (6:15). මෙය නෙහෙමියාගේ දර්ශනයේ පළමු අදියර විය.
පවුර නැවත ගොඩනැගීම තුලින් යු‍දෙව් ජාතියට යලිත් දේශපාලනමය ස්ථාවරයක් උදාවිය.
ඇතැම් විට දෙවියන්වහන්සේ ශ්රීඔ ලංකාව තුළ ධර්මිෂ්ඨ පාලනයටක නායකත්වය දිමට ඔබ කැඳවා තිබිය හැකිය.
එලෙසම දැනටමත් දේශපාලන කටයුතු වල නිරත අපගේ සහෝදරයන් යාච්ඤාවෙන් කැප කිරීම අපට මඟහැර ගිය නොහැකි වගකීමකි.
ඊට හේතුව ඔවුන් පොරබදින්නේ අපගේ රටේ ඉතාමත් වැදගත් මෙන්ම ඉතාමත්ම වැඩියෙන්ම දූෂණයට ලක්වු පිරිසක් සමඟ බැවිනි.

8 සිට 13 වැනි පරිච්ඡේදය දක්වා ඔහුගේ දර්ශනයේ දෙවැනි අදියර සඳහන්වෙයි. එනම් දේශපානල ස්ථාවරයක් ලද ජාතිය ආගමික වශයෙන් පුණරුදයක් ඇති කිරීමය (8 හා 9 පරිච්ඡේද).
මෙතෙක් දේවමාලිගාවේ වත්පිළිවෙත් නිසියාකාරව සිදු නොවූ අතර, සෙනඟ ව්යයවස්ථාව හෙවත් දේවවචනයෙන් ඈත්වී සිටයහ.
නෙහෙමියා හා එස්රා නම් පූජකතුමා එකතු වී සෙනඟ නැවත දේව වචනය ඇසිමට හා ඊට කීකරුවීමට යොමු කරන ලදි.

ශ්‍රී ලංකාවට කුමන දේශපාලන විසඳුම් ගෙනාවත්, ව්යවවස්ථා සංශොධන කෙතරම් ගෙනාවත් ඒවා තාවකාලික හා අසම්පූර්ණ විසඳුම්ය.

ලක්මවට ඇති එකම එක විසඳුම නෙහෙමියාගේ යුගයේ මෙන් සිංහල, දෙමළ මුස්ලිම් ඇතුලු සියලු ජන කොටස් ක්රිවස්තුස්වහන්සේ තම ගැලවුම් කරු ලෙස පිළිගෙන උන්වන්සේගේ වචනය වන ශුද්ධලියවිල්ලට අනුව තම ජීවිත හැඩගස්සවා ගැනීම පමණි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම උදෙසා තම සැපපහසු කලාපයෙන් පිටත පැමිණි නෙහෙමියා අවසානයේ තම දේශය හා ජාතියට මහත් ආශිර්වාදයක් විය.

නෙහෙමියාගේ නමේ අර්ථයලෙසම ඔහු සැබවින්ම ස්වකීය දේශයට දෙවියන්වහන්සේ‍ගේ සැනසීම විය.

එසේ නම් ඔබත් නෙහෙමියා ඉදිරිපත් වු‍නාසේ පවුරු බිඳී ඇති ශ්රීි ලංකා මාතාව ගොඩ නැගිමට එක්වෙනවා?

ශ්‍රී ලංකාවට දෙවියන්වහන්සේගේ සැනසීමේ නියෝජිතයා විමට ඔබ සූදානම්ද?




(නෙහෙමියා විසින් ප්රෙතිසංස්කරණය කළ යෙරුසලමේ පවුර)

“මෙම ‍සෛල අධ්යවයනය සටහන්වල ඇති දුර්වල ස්ථාන ශක්තිමත් කිරිමට හා වැරදි නිවැරදි කිරීමට කරුණාකර පහත අංකයට අමතන්න. එලෙසම ඔබගේ අදහස් හා යෝජනා ඉතා අගයකොට සලකමු”
සුරංග : 0716-301-701