මිත්රදත්වය තුලින් එකිනෙකාට සේවය කිරීම (පරිවර්තනයකි)
මිත්රදත්වය ගොඩ නැගිම පිළිබඳව අපි පසුගිය සතියේදී විමසා බැලුයෙමුව. අද දවසේ අපි විමසා බලන්නේ ආත්මාර්ථකාමීත්වයෙන් තොරවූ මිත්රිත්ය තුලින් සේවය කරන ආකාරයයි.
ආත්මාරථකාමී මිත්රනත්වය:
කැපවිම යනු වර්තමාන ලෝකයේ සංකල්පවලින් බැහැර වූ දෙයකි. සම්පූර්ණයෙන්ම ආත්මාර්ථකාමී අපේක්ෂාවන් හා තමාට යමක් ලබා ගැනීමේ අරමුණින් මිනිසුන් මිත්රිත්වය දක්වයි.
හිතෝපදේශ 14:20
හිතෝපදේශ 19:4
කෙසේ වෙතත් සැබෑ කිතුනු මිත්රනත්වය යන්රැ යහපත් කාලයේදී මෙන් අයහපත් කාලයේදීත්, ධනවත්කමේදී මෙන් දිළිදුකමේදී නොවෙනස්ව පවතින දෙයකි. හිතෝපදේශ 17:17 සඳහන් කරන ලෙස ‘මිත්රතයෙක් සෑම කල්ම ප්රේදමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නේ විපත්තියේදී පිහිට වීමටය.’
අප අපගේ මිත්රේත්වයන් ඇගයිමකට ලක්කර යුතු අතර, ඒවා සැබවින්ම එකිනෙකා ගොඩනංවන හා දෙවියන්වහන්සේ මහිමයට පත්කරන සම්බන්ධතාදැයි විමසා බැලිය යුතුය. අපගේ සෛල හා G12 දෙස බලන්න. අපි අපගේ සෙසු සාමාජිකයින් හා සැබෑ මිත්රිත්වයක් පවත්වනවා ද? එසේත් නැත්නම් ඒ වෙනුවට එකිනෙකාගේ අවශ්යහතාවයන් පිළිබඳව කිසිදු හැඟිමක් නැතිව ක්රිකයා කරනවාද?
අවිශ්වාසවන්ත මිත්රියන් හා ඇසුරු කිරීම:
හිතෝපදේශ 25:19
හිතෝපදේශ 19:22
පුද්ගලයෙකුගේ චරිතය හා කැපවීම මැන බලන හොඳම අවස්ථාවා නම් කරදර හා පීඩා කාලයන්ය පීඩා හා අමාරු කාලයේදී අපට යැපෙන්න හැකි මිතුරෙක් අපගෙන් ඈත්ව යෑම අපට දරාගත නොහැකි දෙයකි. පීඩාකාලයේදී පාවුල්තුමාවද එතුමාගේ මිතුරන් අතහැර ගියහ (2 තිමොති 4:16). එහෙත් එතුමා ඔවුන් පිළිබදව කිසිදු තිත්තකමක් හෝ අමණාපයක් නොමැතිව ඔවුන්ගේ මිදීම උදෙසා යාච්ඤා කලේය.
බිඳුනු හා අවිශ්වාසවන්ත මිත්රකත්වයන් නැවත ඇතිකිරිමට හා ගොඩනැංවීමට අනුග්රකහය හා කාලය අවශය කරයි. වැටුනු අයට නැවත ප්රේ්මය තුල ගොඩනැගිම පිණිස, අපට අවශය කරන ඉවසිම ප්රශගුණ කළ යුතු අතර, ඊට අවශ්යර කරන අවස්ථාවද උදා කරදිය යුතුය. එලෙස නැවත් ගොඩනගන මිත්රඤත්වය කලින්වතාවට වඩා ශක්තිමත් වනු ඇත.
මිත්රවත්වය තුලින් සේවය කිරීම:
a) කාලය වෙන්කරීම
තවත් කෙනෙකුගේ අවශ්යුතාවයේදී පිහිට නොහැකි වීම පිළිබඳව බොහෝ දෙනා ඉදිරිපත් කරන නිදහසට කාරණයක් නම් “මට ඒකට වෙලාවක්” නැහැ යන්නයි. වරතමාන කාර්යබහුල ලෝකයේ අපට කරන්නට ඇති දේ බොහොමය. අපට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට හැකිවූවත් ඉන් අවශයාන තාවය සම්පූර්ණ නොවෙයි. මතෙව් 25:42-45 සඳහන් ආකාරයට දෙවියන්වහන්සේගේ නාමයෙන් අනිත් අයට උපකාර කිරීමට නොහැකි වූවන්, විනිශ්චය දවසේදී උන්වහන්සේ විසින් ප්ර්තික්ෂේප කරයි. තමාගේ පවුලෙන් පිටත අයට උපකාර කිරීමට වේලාවක් නැති සමහර යහපත් පුද්ගයන් සිටිති. ඔවුන් අනුන්ගේ කරදරයේදී හා අවශ්යපතාවේදී මැදිහත්වී අපහසුතාවයන්ට ලක්විමට අකමැතිය. හිතෝපදේශ 17:17 සඳහන් කරන ලෙස ‘මිත්ර යෙක් සෑම කල්ම ප්රේතමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නේ විපත්තියේදී පිහිට වීමටය.’
ක්රිමස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස අප හැකි සෑම විටම අපගේ සේවය ලබන හා අප වටා සිටින අයට උපකාර කිරීමට කාලය සොයා ගත යුතුය. ‘යහපත් සමාරිතයාගේ’ උපමාව විමසා බලන්න (ලූක් 10:30-37).
b) අන්අය උදෙසා යාච්ඤා කරන්න:
කිතුනු මිතුත්වයේ ඇති වැදගත්ම බැම්ම නම්, අපි හා ක්රි’ස්තුස්වහන්සේ අතර ඇති පොදු බැඳිමයි. එනම් ආත්මික මිත්ර්ත්වය හා මිත්ර යන් යාච්ඤාවේ කැපකිරීම වැදගත් දෙයකි. අප හා සේවය කරන හෝ අපගේ සේවය ලබන අය උදෙසා යාච්ඤා කිරිමට ඔවුන් සිටින දුර ප්රගමාණය බාධාවක් නොවෙයි. පාවුල්තුමා තිමොතියස් ගැන දිවා රෑ නොකඩවා යාච්ඤා කලේය (2 තිමොති 1:3). යේසුස්වහන්සේ පේත්රැඅස් පිළිබඳවත් (ලූක් 22:32), තමාගේ දැනට සිටින හා මතු බිහිවන ගෝලයින් උදෙසා යාච්ඤා කල සේක (යොහන් 17). තමා විසින් සේවය කරන අය උදෙසා යාච්ඤා නොකිරීම, සාමුවෙල් තුමා සැලකුවේ පාපයක් ලෙසය (1 සාමුවෙල් 12:23).
c) බාධාවන් හා අවහිරයන් මඟහැරීම:
මිත්රෙත්වයේ ඇති වැදගත් ගුණාංගයක් නම් එකිනෙකාට ප්රේෙමකිරීමට හා එකිනෙකා පිළිබඳව දැනගැනිමට ඇති මහත් ආශාවයි. ඔබගේ මිත්ර්යන් හඳුනාගැනිමට වෑයම් කරන්න. ඔවුගේ චරිතයේ ඇති ඔබ එකගඟ තැති දේට විවේචන නොකර ඔවුන්ගේ චරිත ගුණාංග හා පුද්ගලිකත්වය හඳුනාගෙන ඒවා අගය කරන්න.
හිතෝපදේශ 17:19
යෙසායා 43:25 .
මිතුරන්ගේ පරණ වැරදි හා අතීතයේ වූ අප්රතසන්න සිදුවිම් යලි යලිත් මතක් නොකරන්න. ‘සමාව ලැබූ පාපයන් නැවත මතක් කිරීම තුලින් මිත්ර තවය පාවාදෙනු ලබයි’.
සමාවදුන් පසු දෙවියන්වහන්සේ අපගේ පව් නැවත සිහි නොකරන සේක (යෙරමියා 31:34).
“සමාවදිම” හා “අමතක කිරීම” යන දෙකේදිම ‘දිමක්’ හා ‘ගැනිමක්’ ඇත.
සමාවදීමේදී ඔබ මිතුරාගේ ස්ථානයේ සිට ගනියි.
අමතක කිරීමේදී ඔබ ගෙන් මිතුරා යමක් ලබයි.
හිතෝපදේශ 27:9 කියවා බලන්න.