යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට)
ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 1:9-11
මාතෘකාව :- ‘එක, දෙක, තුන සහ හතර යන මූලධර්මය’
හැඳින්විම :-
බොහෝ දෙනෙකුට පොදු වූ මූලධර්මයක් පිළිබඳව එනම් ‘එක, දෙක, තුන සහ හතර’ යන මූලධර්මය ගැන අද අපි අධ්‍යයනය කරමු.
එනම්, එක = එක සහකරුවෙක්
දෙක = දරුවන් දෙදෙනෙක්
තුන = කාමර තුනක නිවසක්
හතර = රෝද හතරක වාහනයක්[1] ආදී වශයෙනි.
- මෙම මූලධර්මයේ වරදක් තිබේද? එය බයිබලීය ඉගැන්විම් වලට පටහැනිද? නැත; එහි කිසිම බයිබල් විරෝදී කාරණාවක් නැත.
- විවාහය ගැන, දරුවන් ඇතිකිරීම, දේපල හා වස්තුව පිළිබඳව ශුද්ධ ලියවිල්ල පුරාවටම කථා කරයි.
- එහෙත් මෙම මූලධර්මයේ බොහෝ දෙනෙකුට අමතක වන වැදගත් එක් පියවරක් ඇත. එනම් ‘එක’ යන පියවරට කලින් ඇති ‘බිංදුව’ යන පියවරයි.
- සාමාන්‍යයෙන් ඉලක්කම් ගණන් කිරීම පටන් ගන්නේ අංක 1න් වූවද, ඊට කලින් ඇති ‘බිංදුව’ ගැන අප විසින් සැලකිලිමත් නොවෙයි.
- ඇත්තෙන්ම ‘බිංදුව’ ඉලක්කම් වල පදනම හා මූලාරම්භයයි.
- එසේනම් ‘බිංදුව’යනු අපගේ ජීවිතයේ මූලාරම්භය හා පදනම වන දෙවියන්වහන්සේය. දෙවියන්වහන්සේ පදනම් කරගත්තාවූ ‘බිංදුව, එක, දෙක, තුන සහ හතර යන මූලධර්මය’ පමණක් නිවැරදි මූලධර්ම බව අප අද සාකච්ඡා කරමු.
1. අවධානය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)
· මුදලේ ඇති භයානක පැත්ත සහ
· අප සිටින වාතාවරණය ක්ෂනිකයෙන් වෙනස් විය හැකි බව
2. අන්තර්තය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)
i. කව්රුන් විසින්ද?
මෙම කොටස තුල කෙලින්ම සඳහන් නොවුනද දෙවියන්වහන්සේට අප සිටින ඕනෑමවතාවරණයක් හෝ තත්වයක් එක නිමේෂයකින් ‘උඩු-යටිකුරු’ කළ හැකිය.
· හිරකරුවෙක්ව සිටි යෝසෙප් මිසරයේ අගමැතිවිය.
· මහා ධනවතෙක් වූ යොබ්තුමා කිසිවක් නැති අන්ත අසරණයෙන් විය.
ii. කාටද?
මෙහිදී දිළින්දා හා ධනවතා යන දෙදෙනාටම කිරීමට කාරණා දෙකක් සඳහන්වෙයි. දිළින්දා තමාගේ දියුණුව පිළිබදවත් ධවතා තමාට විහැකි පරිහාණිය ගැන සැලකිලිමත් වන ලෙස අවවාද කරයි. බයිලය තුල ඇති තේමාවන් අතරින් දිළින්දන් හා ධනවතුන් ගැනත්, දුබලයන් හා බලවන්තයන් ගැනත් නිතර නිතර සඳහන් කරයි. දෙවියන්වහන්සේ දිළින්දන් ගැන සලකන බවත් දුබලයන්ට බලය දෙන බවත්, දිළින්දන් සූරාකන හා දුබලයන් පාගා දමන බලවන්තයන් විනිශ්චය කරන බව සඳහන්වෙයි.
iii. කවදාද?
ඕනෑම මොහොතකදී අපගේ වාතාවරණය වෙනස් විය හැකිය. ඔබ විසින් දෙවියන්වහන්සේ පදනම් කරගත්තාවූ ‘බිංදුව, එක, දෙක, තුන සහ හතර යන මූලධර්මය’ අනුගමනය කරන්නෙක් නම් උන්වහන්සේට ඔබසිටින ඕනෑම තත්වයක් යහපතට හැරවිය හැකිය (රෝම 8:28).
iv. කොතැනදීද?
ඕනෑම ස්ථානයකදී මෙම වෙනස, එනම් උසස් වීම හා පහත්වීම සිදුවිය හැකිය. අප විසින් සුරක්ෂිතයැයි සිතන ස්ථානයම අපට අනාරෂිකබව ගෙනදෙයි. අප විසින් සැප පසුයයි සිතන ස්ථානයම අපට අපහසතාවය ගෙනදෙයි. අප විසින් සැනසිම ඇතැයි සිතන ස්ථානයම අපට අසහනය ගෙන දෙයි.
v. කෙලෙසද?
එය උදට ඇති පින්න වැනිය. තණ කොල ගස් මත ඇති පිනි බිඳු , මල් හා කොළ කෙතරම් මණරම් වූවද හිරු කිරණ ආ විගස එවා නැතී වී ගොස් එහි අලංකාරය පහවීයයි. දෙවියන්වහන්සේ නම් මහා හිරු ඉදිරියේ කිසිදු අපවිත්‍රහෝ අශුද්ධ දෙයකට පැවතිය නොහැක. උන්වහන්සේ ස්වකීය බලමහිමයෙන් අයුක්තිය හා අසාධාරණය පහකරන සේක.
3. ආදර්ශය හා අදාළකිරීම
i. ඔබ වනාහී ‘එක, දෙක, තුන සහ හතර යන මූලධර්මය’ අනුගමනය කරන්නෙක් ද? එසේ නොමැතිනම් දෙවියන්වහන්සේ පදනම් කරගත්තාවූ ‘බිංදුව, එක, දෙක, තුන සහ හතර යන මූලධර්මය’ අනුගමනය කරන්නෙක්ද?
ii. ඔබ සිටින තත්වය කුමක් වූවත් දෙවියන්වහන්සේට එය ක්ෂනිකව වෙනස් කළ හැකි බව විශ්වාස කරනවාද?
iii. ඔබ දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නෙක් නම්, ඔබගේ ජීවිතයේ සිදුවන සියල්ලම, ඔබගේම යහපට සිදුවන බව විශ්වාස කරනවාද?