
සමාවදීම හා සමඟිකිරීම
(යෝසෙප් හා සහෝදරයන්)
‘සමාව නොදීම යනු මගේ සතුරා මියයනු ඇතැයි සිතමින් මා විසින් වස පානය කිරීම වැනිය’(දේවගැති ඩිෂාන් වික්‍රමරත්න)
උත්පත්ති පරිච්ඡේද 37 සිට 46
- යෝසෙප්ගේ ජීවිතයේ ඔහුට හමූවූ සියල්ලෝම වාගේම ඔහුට නපුර, අසාධාරණය, අයුක්තිය, වේදනාව, ප්‍රතික්ෂේපය හා කලකිරීම ගෙනදුන් අය විය.
අපගේ ජීවිතයේ ද අපට බොහෝවිට හමුවන්නේ අපට යහපට වඩා අයහපත කරන අය වෙති. මෙම ලෝකය නපුරෙන් පිරී ඇත.
ඊට හේතුව දෙවියන්වහව්සේ මැවූ සර්වසම්පූර්ණ, සුන්දර හා අවිහිංසක ලෝකය මිනිසාගේම අකීකරුකමින් පාපයට බිළිවීමයි. එය දැන් අසම්පූර්ණ, අසුන්දර හා දුෂ්ඨ ස්ථානයක් ව ඇත.
- යහපත් හා දේවගරුබිය ඇති ජීවිතයක් ගත කළ යෝසෙප් හට දෙවියන්වහන්සේ නිතරම සිහින තුළින් ලෝකයේ හා ඔහුගේ අනාගතය ගැන සැල කරන ලදි. එහෙත් ඔහුගේම සහෝදරයන් මීට අකමැතිවූ අතර ඔහුට ඊර්ශ්‍යා හා වෛර කළහ.
- වයස අවුරුදු 17 දී යෝසෙප් තම පියාගෙන් හා පවුලෙන් බලහත්කාරායන් වෙන්කරන ලදි. ඔහුට එසේ කළේ වෙනකවුරුත් නොව ඔහුට ඊර්ශ්‍යා හා වෛර කළ ඔහුගේම වැඩිමහල් සහෝදරයන් විය. අපටදට බෙහෝවිට මෙවැනි අයුතුකම් කරන්නේ වෙනකවුරුත් නොව අපේම සමීපතම අය වෙති. එනම් අපගේ සහෝදරයන්, දෙමව්පියන්, නෑදෑයින්, අසල්වාසීන්, මිතුරන් හා ගුරුවරුන් විසින් අපට දැරිය නොහැකි තරම් වේදනාව ගෙන දෙනවා විය හැකිය.
- යොසේප්ව තක්සේරු කලේ රිදී මිල 20 කටය. එනම් රිදී බරින් ග්රෑම් 200 කි. එය එදා යුගයේ පුද්ගලයෙකුගේ වසර දෙකක වැටුපට සමානවිය. මෙය ඉතාමත් අවතක්සේරු කිරීමකි. අපගේ ජීවිතටය කිසිවෙක් කිසිවිටක නිවැරදි තක්සේරුවක් ලබා නොදෙයි. බොහෝවිට මිනිසුන්ට අපගේ වටිනාකම නොතේරෙයි. අපව අවලංගු කාසි ලෙස සලකයි.
- යොසෙප්ට අවසානයේ නිවසක දාසයෙකුගේ සේවය කරන්නට විය. මෙහොතක් කල්පනා කරන්න. පවුලේ බාල සයෝදරයාවූ, පියාගේ වැඩි ආදරය හා කරුණාව ලද වයස අවුරුදු 17 ක දරුවෙක් වූ යෝසෙප් හට ඈත දුර, තමන් නොදන්නා රටක, නිවසක දාසයෙක් ලෙස බැලමෙහෙවරකම් කරන්නට සිදුවිම මොන කරම් වේදනා කාරී අද්දැකීමක්ද? ඔහුට නිතරම තමාගේ රමේ තමාගේම පවුලේ අය, මිතුරන් හා නෑදෑයින් මෙන්ම දුව පැන සෙල්ලම් කළ අයරු, විනෝද වූ අයුරු ආදී සදුවිම් නිතර සිහියට නැගෙනු ඇත.
එහෙත් මෙවන් දැඩි වේදනකාරී තත්වයකදී වූවද යෝසෙප්ගේ ප්‍රතිචාරය ඉතාමත් වැදගත්ය.
- යොසෙප් නිතරම තමාට සිදුවූ අසාධාරණය ගැන කනස්සලු වනවාට වඩා දැන් කරන්නට තිබෙන දේ සතුටින් කළේය. ඔහු තුළ කළකිරීම, වෛරය, පළිගැනීම හෝ කිසිදු තිත්තකමක් ඇතිබවක් සඳහන්නොවෙයි. යොසෙප් නිකරම තමාට අයුක්තිය කරන අයට මුලුහදින්ම සමාව දුන් අයෙකි. යෝසෙප්නිසා ඔහුගේ හාම්පුතාදආශිර්වාද ලැබුවේය. එලෙසම යෝසෙප්ට උසස්වීම්ද ලැබිණි.
- යෝසෙප්ගේ ජීවිතයේ අවංකකම නිසා ඔහු නොකළ වරදකට හසුවී බොරුචෝදනා ලැබ සිරගතවිමට සිදුවිය. වරක් සිය සහෝදරයන් තමාට අසාධාරණය කළ අතර දැන් තමා අවංකව සේවය කරන හාම්පුතා ඔහුට අසාධාරණය හා අයුක්තිය කරයි. එහෙත් යෝසෙප් කලබල වූ බවක් දක්නට නැත. ඊටහේතුව ඔහුට පෑරෙන්න කිසිදු පරණ තුවාල නොවීය. ඔහු තමාට වේදනාව දෙන අයට කල්නෑර එම මෙහොතේම සමාව දුන්නේය. ඔහු කිසිවිටෙක වස පානය නොකරන ලදි.
- සිරකරුවෙක් වූවත් යොසෙප් තම වටිනාකම් වැඩිකර ගත්තාමිස තමාසිටින තත්වයෙන් පහලට නොගියේය. සිරේදී පවා ඔහුට උසස්විම් ලැබිණි. යොසෙප්ගේ ජීවිතයට හමුවූ සියල්ලෝම ඔහු රවටන අවස්ථාවාදී අය විය. සිරගෙදරදී උදව් ලැබූ අය යෝසෙප් අමතක කලහ. එහෙත් නියමිත මොහොත පැමිණ කල ඔහු තමා නොදන්නා අන් විදේශී රටක අගමැත්කම ලැබීය.
- දැන් යොසෙප්ගේ වාරය විය. ‘කොකාට වාරයක් වගේම තිත්තයාටත් වාරයක් පැමිණෙයි’ (දිනක් කොකෙක් තිත්තයාට තමාගේ නිවසේ කෑමට ආරධනා කර, තම දිගහොට දමා දියබිමට ගන්නා උස කෝප්පයකට බීම දමා සංග්‍රය කරයි. මෙය තිත්තයාට ඉතාමත් අපහසු අද්දැකීමක් විය. තිත්තයාද මෙලෙස කොකාට සිය නිවසට ආරාධනා කළ අතර, මෙවර තිත්තයා විසින් බාවිතා කරන පැතලි පීරිසයකට බීම දමා කොකාට සංග්‍රහ කරන ලදි. එවිට කොකාද දැඩි අපහසුතාවකට පත්විය).
- එහෙත් යෝසෙප් තම බලය යෙදෙව්වේ සතුරන්ගෙන් පළිගැනීට නොව, සාගතයෙන් ලොව ගලවා ගැනීමටය. පළිගන්න යෝසෙප්ට සතුරන් නොවීය. ඔහු තමාට වරද කරන සියල්ලන්ටම එම මොහොතේම සමාවදී ඔවුන්ගෙන නිදහස්විය.
- අවසානයේ යොසෙප් තමාට වරද තළ තම සහෝදරයන් පිළිගෙන ඔවුන් හට නැවත තමා හා සමඟිවීමට අවස්ථාවක් ලබා දුන්නේය. එසේනම් ඔබත් ඔබට වැදිකරන අයට සමාවදී ඔවුන් හා සමඟි වීමට සූදානම්ද? බොහෝ දෙනෙක් ස්වකීය සතුරන්ට සමාවදීමට කැමතිය. එහෙත් ඔවුන් හා සමඟිවීමට කැමැත්ත නොදක්වයි. සමාවදිමා හා සමඟිකිරීම එකම කාසිය දෙපැත්ත වැනිය. එය එකිනෙකෙන් වෙන් කළ නොහැකිය.