
කි සි වෙ කු වි නා ශ නො ව න පි ණි ස
ශුද්ධලියවිලි පාඨය :- යොහන් 3:16-18
හැඳින්විම :-
‘සුනාමිය’ නම් වචනනය අපගේ ජන ව්‍යවහාරයට එක්වී වූයේ 2004 දෙසැම්බර් 26 දිනට පසුවය. එදා ආසන්න වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් හා වෙනත් ජාතික ජීවිත 40,000 පමණ අපට අහිමි විය. එහෙත් ශ්‍රී ලංකාවට ප්‍රථම වරට සුනාමි තත්වයක් ඇති වූයේ ඈත ඉතිහාසයේ කැළනි-තිස්ස රජ දවසය. මෙම රජතුමා ඉතාමත් ධාර්මික රජෙක් වූ අතර වැරදි අවබෝධයක් හේතුකොටගෙන විශාල වරදක් සිදු කරන ලදි. එනම් අවංක හා නිර්දෝෂී භික්ෂූන්වහන්සේ නමක් උතුරන තෙල් කටාරමකට දමා සාහසික ලෙස මරාදමන ලදි.
මේ කාලයේදීම හදිසියේම කැළිය ආශ්‍රිත ප්‍රදේශයට මුහුද ගොඩගැලීමට පටන්ගන්නා ලදි. මෙම සුනාමි තත්වය දිගින් දිගටම පැවති අතර විශාල වශයෙන් දේපල හා මිනිස් ජීවිත විනාශයක් සිදුවිය. රජුගේ පාපය නිසා දෙවියන්ගේ උදහස ඇවිළී ඇතැයි රටේ ජනයා විසින් රජුට චෝදනා කරන ලදි. මෙයට ඇති එකම විකල්පය ‘මිනිස් බිල්ලක්’ පූජාවක් කොට මුහුදට බිලිදිය යුතු බව රජතුමාට උපදෙස් දුන් අය ප්‍රකාශ කරන ලදි. එහෙත් මෙලෙස රට වෙනුවෙන් හෝ රජුගේ පාපය මකාලන්නට කිසිවෙක් තම ජීවිතය පූජා කිරීමට ඉදිරිපත් නොවීය. අවසානයේ කැළනි තිස්ස රපුගේ ‘එකම දරුවා’ වන දේවී කුමරිය (පසුව විහාරමහාදේවී නමින් ප්‍රකට විය) සිය ජීවිතය රට වැසියන්ගේ ගැලවීම උදෙසා පුජා කිරීමට ඉදිරිපත්විය. පසුව රජු විසින් කුඩා නැවකට ඈ නංවා මුහුදට පාකර යවන ලදි. මෙම පූජාවෙන් පසුව මුහුද ගොඩගැලීම නැවතුන බව ඉතිහාසය සඳහන් කරයි.
අවධානය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)
යොහන් 3:16-18 ට අනුව ලෝකය හා මිනිස් වර්ගයා කෙරෙහි දෙවියන්වහන්සේගේ අසීමිත ප්‍රේමයේ තරම සඳහන් කරයි. යේසුස්වහන්සේගේ පළමු පැමිණීමේ අරමුණ හා දෙවැනි පැමිණීම අතර වෙනසද සඳහන් කරයි.
අන්තර්ගතය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)
16 වගන්තිය :-
දෙමව්පියන්ගේ ලෝකය දරුවන් බව අපි දනිමු. ඔවුන් සිය දරුවන්ට අසීමිත ලෙස ප්‍රේමය හා කැපවීම දක්වයි. දිවා රෑ නොබලා දරුවාගේ දියුණුව හා ආරක්ෂාව සපයා දෙයි. මෙලෙස දරුවන්ට ආදරය කරන කිසිදු මවක් හෝ පියෙන් තම දරුවා තව කෙනෙක්ගේ ගැලවිමක් උදෙසා මිනිස් බිළි පූජාවක් කොට හෝ පාප පූජාවක් ලෙස කිසිවිටෙකත් ඉදිරිපත් නොකරයි.
එහෙත් දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ එකම පුතුවන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පූජාවක් කොට, මුළු මැවිල්ලේම ගැලවිම හා විමුක්තිය උදෙසා ඉදිරිපත් කරන ලදි. යේසුස්වහන්සේද ස්ව කැමැත්තෙන්ම තම නිර්මල වූ පාප රහිත ජීවිතය කුරුසිය මත පූජා කළ සේක. මිනිස්වර්ගයාගේ පාපයට පමණක් නොව සකල විශ්වයේම පාපය උන්වහන්සේමතට ගෙන නිසි වන්දිය ගෙවා මරණය පරදා 3 න් දිනකින් නැවත නැගිට ස්වර්ගයට උත්ථානය වූ සේක.
17 හා 18 වගන්ති :-
යේසුස්වහන්සේ හැර මිනිස්වර්ගයාට වෙනත් ගැලවීමක් නැති අතර උන්වහන්සේ එකම එක විසඳුමයි. යෙසුස්වහන්සේගේ පළමු පැමිණිමේ අරමුණ තම ජීවිතය පූජාකර ලෝකයට හා මිනිසාට පාපය හා එහි ශාපයෙන් ගැලවිම ප්‍රධානය කිරීමය.
එලෙසම නුදුරු අනාගතයේ සිදුවිමට නියමිත යේසුස්වහන්සේගේ දෙවැනි පැමිණීමත් සමඟ මහා විනිශ්චයකට සෑම අයෙකුටම මුහුණදිමට සිදුවනු ඇත. මෙහිදී යේසුස්වහන්සේගේ පළමු පැමිණීමේ දී එතුමා කළ පූජාව පිළිගෙන උන්වහන්සේ අදහාගත් අයට පමණක් විනිශ්චයෙන් ගැලවී සදාකාල ජීවනය ලබා ගත හැකිය. උන්වහන්සේ පිළිනොගන්නා අය සදාකාල නිරයට යනු ඇත.
එහෙත් දෙවියන්වහන්සේගේ කැමැත්ත මෙලොව සිටි, සිටින හා සිටින්නට යන සැම පුද්ලයෙක්ම පාපයේ ශාපයෙන් මිදීම ලැබීමය.
ආදර්ශය හා අදාළකිරීම
1) දෙවියන්වහන්ටස් ස්වකීය ඒක ජාකත පුත්‍රයා දෙන තරම් ඔබට ප්‍රේම කරනවානම් ඔබ එතුමාට දක්වන්වන ප්‍රතිචාරය කුමක්ද?
යේසුස්වහන්සේ තම පාපරහිත නිරමල ජීවිතය ඔබ වෙනුවෙන් පූජා කළ බව ඔබ අදහනවාද? උන්වන්සේගේ අසීමිත ප්‍රේමය හා සමාදානය ඔබ අද්දැක තිබෙනවාද?
යේසුස්වහන්සේගේ දෙවැනි පැමිණිම මේ මොහොතේ සිදුවුවහොත් ඊට මුහුණදිමට ඔබ සූදානම්ද?
යේසුස්වහන්සේගේ දෙවැනි පැමිණිම මේ මොහොතේ සිදුවුවහොත් ඊට මුහුණදිමට ඔබ ගේ බිරිඳ, සැමියා, දරුවන්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, නෑදෑයින්, අසල්වාසීන් හා මිතුරන් සූදානම්ද?
5) ඔබ විසින් අවසාන වරට දෙවියන්වහන්සේගේ ප්‍රේමය (ක්‍රියාවෙන් හෝ වචනයෙන්) තවත් අයෙක් හා බෙදාගත් දිනය කවදාද?