Thursday, October 13, 2011

පාලමක් ගොඩනගමු


කි සි වෙ කු වි නා ශ නො ව න පි ණි ස

ශුද්ධලියවිලි පාඨය :- ක්‍රියා 17:16-34

මාතෘකාව :- පාලමක් ගොඩනගමු

හැඳින්විම :- ‍‍

ලෝකයේ දැනට ඇති දිගම පාලම පිහිටා ඇත්තේ චීනයේය. දිගින් කිලෝමීටර 165 වන මෙය ෂැන්හැයි හා නැන්ජින්යන නගර දෙක යාකරමින් දිවෙන දුම්රිය මාර්ගයට අයත්ය. ශ්‍රී ලංකාවේ ජීවත්වන අපට පාලම හා ඒදණ්ඩ යනු හොඳට හුරු පුරුදු දෙයකි. පාලමක්යනු දෙපැත්තක් යා කරන දෙයක්වන අතර එය එක් රැයකින් පහසුවෙන් තනා නිම කළ හැක්කක් නොවෙයි. පාලමක් ගොඩනැගීමට සැලකිය යුතු කාලයක් ගත වෙයි. එය ආරම්භවන්නේ මුල් ගලක් තැන්පත් කිරීමක් සමඟින්ය.

එලෙසම ‍පාපය නිසා දෙවියන්වහන්සේගෙන් ඈත් වූ මිනිසා නැවත උන්වන්සේ හා සම්බන්ධ කිරීමේ වගකීම අපට (මා හට) පැවරී ඇත. පියාණන්වහන්සේ වෙත යන එකම පාලම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන සේක (යොහන් 14: 6). මෙකී පාලම වන යේසුස්වහන්සේ නොදන්නා අය මෙලොව ජීවිතය පමණක් නොව ඔවුන්ගේ සදාකාලයද අඳුරුකර ගනිති. මෙම ජීවන පාලම ගොඩනැගිම සඳහා යේසුස්වහන්සේ නොහඳුනන අයගේ ජීවිතයේ මුල් ගලක් හෙවත් බීජයක් පැළකිරීමේ වගකිමට මට ඇත. එසේ නම් උන්වහන්ස්සේ නොදන්නා අයට එතුමාගේ ගැලවීමේ මාර්ගය පහදා දීය හැකි ප්‍රායෝගික හා සරල ක්‍රම කීපයක් අද දවසේ විමසා බලමු.

අවධානය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

පාවුල්තුමා ඇතනස් නගරයේදී සුභාරංචිය ප්‍රකාශ කිරීමට බාවිතා කළ එක් ක්‍රමයක් ගැන ක්‍රියා 17:16-34 සඳහන් කරයි. එනම් ඇතනස් හී වැසියන් දැනසිටියා වූ දේ බාවිතා කරමින් ඔවුන් නොදන්නාදේ පහදා දීමය. එනම් දන්නා‍ දෙයින් නොදන්නා දෙයට . අප පාලම ගොඩනැගිම ආරම්භ කළ යුක්තේ දන්නා හා අඳුනන පැත්තෙන්ය.

අන්තර්ගතය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

16 සිට 21 වගන්ති :- මෙම කොටස තුළ පාවුල් තුමා විසින් කරන ලද නිරීක්ෂණයක් ගැන සඳහන් කරයි. එනම් ඇතනස් නුවර වැසියන් මොනතරම් විශාල දෙවිවරු සංඛ්‍යාවක් ඇදහුවදයත් ඒම නුවර දෙවිවරුන්ගෙන් පිරී තිබූ බවට සඳහන් කරයි.

22 වගන්ති :- ඔවුන්ගේ දේවභක්තිකකම විවේචනය කරනවා වෙනුවට එතුල ඇති යහපත් කාරණාවක් ඔස්සේ පාවුල් තුමා සිය පාලම තැනීම අරබයි.

23 වගන්තියේ සඳහන් වන ආකාරයට ඇතන්ස්වැසියන් දෙවිවරුන්ට කෙතරම් භක්තියක් දැක්වූවද කිවහොත්, යම් හෙයකින් ඔවුන්ට කිසියම් දෙවියෙක් වන්දනාමාන කිරීමට අතපසු වුවහොත් එම දෙවියාගේ උදහසින් මිදී ආශිර්වාදය ලබා ගැනීමට එම දෙවියාටද පූජාසනයක් වෙන්කර වැඳුම් පිදුම් කරන ලදි. මෙම පූජාසනයක ඔවුන් නොදන්නා දෙවියන්ට කියා නම් කරන ලදි. මෙම පූජාසනයේ කිසිදු පිළිමයක් හෝ රූපයක් නොවීය. ඊට හේතුව එම පූජාසනය හිමි දෙවියන් තවම ඔවුන්ට එළිදරව් වී නොමැති හෙයිනි.

පාවුල්තුමා මෙහිදී පාලම ගොඩනැගිමට යොදාගත් බීජය හෙවත් උපක්‍රමය නම් ඇතනස්හී වැසියන් දන්නා‍ දෙයින් නොදන්නා දෙයට ගෙනයාමය.

ඔවුන් දැන සිටි දෙය නම් තමන් නොදන්නා තවත් දෙවි කෙනෙක් වාසය කරන බවයි. ඔවුන් නොදැන සිටි දෙය නම් එ දෙවියන් කවුරුන්ද යන බවයි.

ඇතන්ස්හී වැසියන් මෙලෙස නොදැන නමස්කාර කරන දෙවියන් යනු සකල විශ්වය මවා වඳාල සර්වබලධාරී දෙවියන්වහන්සේ බවත්, උන්වහන්සේ විසින් ලෝවැසියන් පාපයෙන් මුදා ගත්බවත්, එලෙසම නුදුරු දවසකදී එතුමා සෑම පුද්ගලයෙක්ම සෑම දෙයක්ම විනිශ්චයකට පත්කරන බව පාවුල්තුමා දේශනා කලේය.

ආදර්ශය හා අදාළකිරීම

1. යම් පුද්ගලයෙක් හා පාලමක් ගොඩනැගීම, මුල් ගලක් තැබීම හෝ බීජයක් පැළකිරීමට පෙර පාවුල්තුමා මෙන් එම පුද්ගලයා පිළිබඳව හැකිපමණ හොඳින් නිරීක්ෂනය කරන්න ඒ වාගේම හොඳින් යාච්ඤා කරන්න. එවිට පැළ කළ යුක්තේ කිනම් බීජයක්ද යන්න පිළිබඳව ශුද්ධාත්මයණන්වහන්සේ විසින් ඔබට මඟපෙන්වනු ඇත.

2. වැළි සහිත, මුහුදට කිට්ටු පසක පොල් හොඳින් වැවෙන අතර කඳුසහිත සිසිල් දේශගුණයක් ඇති ප්‍රදේශයේ තේ හොඳින් වැවෙයි. නිවැදි බීජය පැළකිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ගෙනදෙනු ඇත. මාගේ වගකීම නම් යේසුස්වහන්සේ නොදන්නා පුද්ගලයාගේ ජීවිතයට යම් බිජයක් තැන්පත් කිරීමයි. එවිට උන්වහන්සේ ඊට අවශ්‍ය කරන වර්ධනය දෙන සේක (1 කොරින්ති 3:6-8).

කිසිවිටෙක අන් ආගමක් හෝ විශ්වාසයක් හෙලා දැකීම හෝ පහත් කර කථා නොකරන්න. දෙවියන්වහන්සේ කෙතරම් සර්වබලධාරීද යත් සෑම ආගමක් තුලම සැබෑදෙවියන් වන උන්වන්සේ හඳුනා ගැනීමට දොරටුවක් තබා ඇත (මෙයින් අදහස් කරන්නේ සෑම ආගමකින්ම ගැලවිම ඇති බව නොවෙයි. ගැලවිම ඇත්තේ කුරුසිය තුළින් පමණි).

උදාහරණ ලෙස

ඇතැම් බෞද්ධයින් නැවත පහලවන මෛත්‍රී බුදුන්, දිය‍සෙන කුමරුන් වැනි ගැලවුම් කරුවන් ගැන විශ්වාස කරති (යුදෙව්වන් බලාසිටි මෙසියන්වහන්සේ ලෙස).

:- යේසුස්වහන්සේ යනු දැනටමත් පහලවූ ගැලවුම්කරුය.

මුස්ලිම්වරුන් එකම සර්වබලධාරී දෙවිකෙනෙක් විශ්වාස කරති. එලෙසම කුරානය තුල යේසසුස්වහන්සේ පිළිබඳව මෙසේ සඳහන් කරයි. එතුමා පාප රහිත එකම නබි වරයා (ප්‍රොපේතවරයා) වන අතර අනාගතයේ එතුමා පැමිණ ලොව විනිශ්චය කිරීමට නියමිත බවයි.

:- යේසුස්වහන්සේ පාප රහිත නිසා උන්වහන්සේගේ පූජාව මිනිසාහට සර්ව සම්පූර්ණ විමුක්තිය හා ගැලවීම ලබා දෙයි. උන්වහන්සේගේ පූජාව පිළිගන්නා අයට පමණක් විනිශ්චයෙන් ගැලවිම ලැබෙයි.

හින්දුවරුන් බොහෝ දෙවියන් පිළිබඳව විශ්වාස කලද සෑම දෙවිවරුන්ට වඩා බලවන්ත ශිව දෙවියන් පිළිබඳව අදහති. එලෙසම දෙවියන් මිනිස් වේශයෙන් පොළවට ඇවිත් මිනිසුන්ගේ දුකේදී පිහිටවන බවටද විශ්වාස කරති (ක්‍රිශ්ණා දෙවියන් රාමාලෙස පැමිණ රාවණාගේන්මිනිසුන් බේරා ගත්බවට රාමායණය නම් හින්දු ග්‍රන්ථයේ සඳහන් කරයි.).

:- යේසුස්වහන්සේ යනු සර්වබලධාරී දෙවියන්වහන්සේ මිනිස් වෙසින් මෙලොවට පැමිණ මිනිසාගේ පාපයට වන්දි ගෙවා මිනිසුන්ට පිහිට වන තැනැන්වහන්සේය.

4. පාලමක් ගොඩ නගන පිනිස ඔබට යම් පුද්ගලයෙකුගේ ජීවිතයේ මුල්ගලක් හෙවත් බීජයක් තැන්පත් කළ හැකි ආකාර කීපයක්.

ඔබට මුණ ගැසෙන හා ඔබ ඇසුරු කරන සෑම පුද්ගයෙක්ම දෙවියන්වහන්සේ විසින් දුන් දිව්‍යමය අවස්ථාවකි. එබැවින් මෙම දිව්‍යමය අවස්ථාව මඟහැර නොයන්න; ඊට සංවේදී වන්න

එබැවින් දවස ආරම්භයේ, හිමිදිරි උදෑසන ඔබගේ යාච්ඤාවේදී කිව යුක්තේ පියාණෙනි ඔබගේ පුත්‍රවූ යේසුස්ක්‍රිස්තුස්වහන්‍සේ යමෙකුට හඳුන්වාදීමට සුදුසු වදන් හෝ ක්‍රමයන් මට දුන මැනවි යනුවෙනි.

කෙටි පණිවුඩ ක්‍රමය (SMS) යටතේ සුදුසු බයිබල් පදයක් හෝ යම් සිතුවිල්ලක් යැවීම.

1. ඔබගේ facebook ගිනුම ඉතාමත් කාලෝචිත උපකරණයකි. මේ හරහා ඔගේ මිතුරන් හා අදහස්, බයිබල් පද, කිතුණු වීඩියෝ ක්ලිප් ආදිය බෙදා ගත හැකිය.

2. ඉමේල් පණිවුඩ හා හරහාද මෙලෙස කළ හැකිය.

3. ඔබගේ ජීවිත කථාව බෙදාගැනීම තවත් ප්‍රබල ක්‍රමයකි. හැකිනම් මෙය කුඩා පත්‍රිකාවක් සේ සකසා ගන්න.

4. ඔබට අන්තරජාලයට පිවිසීමට අවස්ථාව ඇතිනම් ‍කිතුණු වෙබ් අඩවියක්හෝ බ්ලෝග්සේවයක් පවත්වාගෙන යා හැකිය (කැමති භාෂාවකින්).

5. දුරකථන ඇමතුමක් මඟින් ඔබගේ මිතුරන් හෝ නෑදැයින්ගේ සුව දුක් සොයා බැලිය හැකිය.

6. නිතරම ඔබගේ ගමන් මල්ලේ හෝ මුදල් පසුම්බියේ සුභාරංචි පත්‍රිකාවක් තබා ගන්න.

7. යම් අයෙකුට ත්‍යාගයක් පිරිනමන්නේනම් කිතුනු පොතක්, බිත්ති සැරසිල්ලක්, කිතුනු ගීත, දේශනා හා චිත්‍රපට අඩංගු CD හෝ DVD බලබාදෙන්න.

8. ඔබගේ නිවසේ, රථයේ කිතුණු ගීතිකා හෝ බයිබලය ඇසීමට සලසන්න (ඔබට නොමිලේ සිංහල mp3 බයිබලය අවශ්‍යනම් 0771-087-304 අංකයට අමතන්න). ගමේ ඇති පොදු වැඩසටහන් සමිති සමාගම් දේශපාලන ක්‍රියාකාරකම් හා සමීපව කටයුතු කරන්න.

9. පවුලේ, නෑදෑයින්ගේ හෝ අසල්වාසීන්ගේ දාන, බණ ආදී ආගමික කටයුතු වලදී ඒවා මඟහැර යනවා වෙනුවට ඔබගේ කිතුනු අනන්‍යතාවය රැකගෙන ඊට සහභාගීවන්න.

10. උපන්දින හා විවහා සංවස්තර වලදී කිතුනු සුබ පැතුමක් බෙදාගන්න.

11. හැකි හැම විටකදී රෝගී මිතුරන් හා නෑදෑයින් බැහැදකින්න. ඔවුන් කැමතිනම් පමණක් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්න.

සුභාරංචිය යනු කුමක්ද?

සැබෑවූ එකම මැවුම්කාර දෙවියන්වහන්සේ විසින් මිසිසා ඇතුලු පෙනෙන නොපනෙන සියල්ල ඇතුලත් විශ්වය මැවූසේක.

2. පාපය නිසා දෙවියන්වහන්සේ හා මිනිසා අතර වූ සම්බන්ධය මුළුමනින්ම ඈත්විය.

3. පාපයේ විපාකය ලෙස ශාරීරික හා ආත්මික මරණය, වේදනාව, දුක හා කඳුල, රෝගය හා ශාපය මිනිසාට උරුම විය. මිනිසා පමණක් නොව ස්වභාවධර්මය පවා පාපයේ ශාපයට හසු විය.

4. පාපයට හිමි දඬුවම, වන්දිය මරණය වන අතර එම වන්දිය ගෙවිමට දෙවියන්වහන්සේ විසින්ම තම පුත් යේසුස්ක්‍රිස්තුස්වහන්සේ මෙලොවට මිනිස් වෙසින් එවූ සේක.

5. යේසුස්වහන්සේ විසින් තම නිර්මල පාප රහිත ජීවිතය ස්ව කැමැත්තෙන්ම බොහෝ දුක් විඳ කුරුසියක පූජාකර මැරී තැන්පත්කරනු ලැබ දින 3 කට පසුව මරු පරදා නැවත නැගිටි සේක. මෙලෙස මිනිස්වර්ගයා හා ලෝකයේ පාපයට වන්දි ගෙවා සකල ලොවට විමුක්තිය දී, එතුමා නැවත ස්වර්ගයට ගිය සේක.

6. යේසුස්වහන්සේගේ පළමු පැමිණීමේදී අපට නොමිලේ හිමිවූ පාප කමාව පිළිගෙන උන්වහන්සේ අදහාගනු ලබන අයට නැවත දෙවියන්වහන්සේ හා සම්බන්ධකම, පාපයෙන් ගැලවිම, ධර්ම්ෂ්ඨකම හා නව ජීවිතයක්‍ හිමිවෙයි.

7. මෙලෙස ස්වර්ගයට ගිය එතුමා නුදුරු දවසකදී මෙලොව විනිශ්චය කිරීමට නැවත එන සේක. එහිදී පළමු පැමිණිමේදී උන්වහසේවිසින් දුන් ගැලවිම ලත් අය පමණක් සදාකාල ජීවනයට යන අතර උන්වහන්සේ ප්‍රතිශේප කළ අය සදාකාල නිරයට යනු ඇත.