
යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට)
ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 2:14-26
හැ ඳි න් වි ම
ඇතැම්විට අද අපගේ බයිබල් අධ්‍යනයයේ මාතෘකාව වන ‘දන්-දෙමු’ යන්න ඔබට පුදුමය ගෙන දෙන්නක් විය හැකිය. ඊට හේතුව නම් බොහෝ කිතුනුවන්හට තවමත් ‘දන්-දිම’ පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැතිකමයි. මෙම කොටස යාකෙබ් යැවුම් පත්‍රයේ ප්‍රධානතම ඉගැන්වීමයි. ‘දන්-දිම’ හා ‘යහපත් ක්‍රියාකිරීම’ බයිබලයට පටහැණිදෙයක් නොව, එය අප විසින් අනිවාර්‍යයෙන්ම කළ යුතුදෙයක් බව බයිබලයේම සඳහන් කරයි (ලෙවී කථාව 25 පරිච්ඡේදයේ සාරංශය නම් දිළිදුන් හා අසරණයින්ට පිහිට විම පිළිබඳවයි). යේසුස්වහන්සේද මතෙව් 6:2-4 කොටසේ දී දන්දිය යුක්තේ කෙසේද හා කුමන ආකල්පයකින්ද යන්න් පිළිබඳව ඉගැන්වූ සේක. එලෙසම යොහන් බව්තීස්ක දේශනා කළේ වස්ත්‍ර 2ක් ඇති අයෙක් ඉන් එකක් නැති අයෙකුට ‘දන් දෙන’ ලෙසයට (ලූක් 3:11).
බොහෝ දෙනා ‘දන් දිම’ හෝ ‘යහපත් ක්‍රියා’ කරන්නේ ආපසු යම්කිසි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙනි. එනම් පින් ලැබිමට, අපල දුරුවිමට, දේව ආශිර්වාදය ලැබීමට, වාසනාව ලඟා කරගැනීමට, මතු භවයේ හොඳ ජිවිතයක් ලැබීම වැනි අරමුණු ඇතිවය. කිතුනුවන් ‘දන් දෙන’ හෝ ‘යහපත් ක්‍රියා’ කරන අරමුණ කුමක්ද?
දෙවියන්වහන්සේ පරිත්‍යාගයේ දෙවියන්ය. උන්වන්සේ ස්වකීය ඒකජාතක පත්‍රයා පවා පරිත්‍යාග කළ සේක. එලෙසම පුත්‍රයණන්වහන්සේ සිය දිවි පරිත්‍යාග කළ සේක. උන්වහන්සේ මෙම පරිත්‍යාගය කලේ කිසිම ලාභයක් හෝ විපාකයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. එතුමා එසේ කලේ අපට ඇති ‘ප්‍රේමය’ හේතුකොටගෙනය.
යහපත් සමාරිතයා විසින් සොරුන්ගෙන් පහරකා, බිම වැටීසිටි යුදෙව්වාට යාච්ඤාවක් පමණක් කර, ගියානම් ඒ යුදෙව්වාට කුමක් වෙයිද? විවධකාරවූ අවශ්‍යතා ඇති අයට යාච්ඤාකිරීම ඉතාමත් වැදගත්වූ දෙයකි. එලෙසම එවන් අවශ්‍යතා ඇති අයට ප්‍රායෝගිකව යමක් කිරීමද ඒ හා සමානම වැදගත් ක්‍රියාවකි. ඊට හේතුව ‘දෙවියන්වහන්සේගේ ක්‍රමය මනුෂ්‍යාය’[1]. උන්වන්සේ නිතරම අවශ්‍යතාවයකින් සිටින පුද්ගලයෙකුට පිහිටවිමට තවත් පුද්ගලයෙක් පොළඹවන සේක.
අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා ඩඩඩඩඩඩ
සැබෑ ඇදහිල්ල ඇති පුද්ගලයා නිතරම ‘දන් දෙන’ එනම් ‘යහපත් ක්‍රියාවේ’ නිරත වන්නෙකි. එනම් සැබෑ ඇදහිල්ල ප්‍රකාශවිම හෙවත් ක්‍රියාවට නැංවීම සිදුවිය යුතුය.
අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න) .
14 වගන්තිය :-
ඇතමුන් මෙහි ඇති ඉගැන්විම වරදවා වටහා ගනිති. මෙහිදී යාකොබ්තුමා පවසන්නේ දන්-දෙන හෝ යහපත් ක්‍රියා කරන අයට ගැලවීම ලැබෙන බව නොව, ගැලවීම ලැබූ අය දන්-දෙන හෝ යහපත් ක්‍රියා කරන බවයි.
15 හා 16 වගන්ති :-
යේසුස්වහන්සේද දේශනා කළේ අවශ්‍යතාවයෙන් සිටින ඔනෑම අයෙකුට උපකාර කිරීම උන්වහන්සේට උපකාර කිරිමක් වැනිය (මතෙව් 25:35-36). එලෙසම අවශ්‍යතාවයෙන් සිටින ඔනෑම අයෙකුට උපකාර නොකිරීම උන්වහන්සේට උපකාර නොකිරිමක් වැනිය (මතෙව් 25:42-43).
17 හා 26 වගන්ති :-
මෙම පද දෙකේම සඳහන් වන්නේ සමාන අදහසකි. යහපත් ක්‍රියා නොකරන, එනම් ප්‍රේමයේ ක්‍රියාවන් නොකරන පුද්ගලයා සැබෑ ඇදහිලිවන්තයෙක් නොවන බවයි.
18 හා 20 වගන්ති :-
මෙම පද වලින් කිවැවෙන එක් අදහසක් නම් දෙවියන්වහන්සේ දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර උන්වහන්සේට කීකරුවිම ඉතා වැදගත් බවය.
21 හා 25 වගන්ති :-
යාකොබ්තුමා මෙහිදී අපට ගෙන හැර දක්වන ආදර්ශය නම් අප විසින් කරන යහපත් ක්‍රියා, දන් දීම හා ප්‍රේමයේ ක්‍රියා තුලින් අපගේ ඇදහිල්ලේ තරම තවත් තහවුරු හා ස්ථිර වන බවයි.
ආ ද ර් ශ ය හා අ දා ළ කි රී ම
i. දන්දීම යනු යහපත් ක්‍රියාවකි. ඇදහිල්ල හා යහපත් ක්‍රියා යනු එකම කාසියක දෙපැත්ත වැනිය. එනම් සැබෑ ඇදහිල්ල ඇති පුද්ගලයා නිතරම යහපත් ක්‍රියාවේ නිරත වන්නෙකි.
ii. කිසිවක් බලාපොරොත්තු වීමකින් තොරව කිතුනුවන් ‘දන් දීම’ හෝ ‘යහපත් ක්‍රියා’ හෝ ‘ප්‍රේමයේ ක්‍රියා’ කරන්නේ ඔවුන් තුල ඇති දේව ප්‍රේමය හේතුවෙනි.
iii. දෙවියන්වහන්සේගේ ක්‍රමය නිතරම මනුෂ්‍යයා බැවින් ඒ මනුෂ්‍යයා විමට ඔබ කැමතිද?
iv. ඔබ විසින් කරන දන්-දීම හෝ යහපත් ක්‍රියාවන් දෙවියන්වහන්සේට පමණක් පෙනෙන ලෙස රහසින් කරනවාද එසේ නොමැතිනම් මිනිසුන්ට පෙනෙන පිනිස කරනවාද?
අද ඔබ යම් පුද්ගලයෙකුට වතුර කෝප්පයකින් සංග්‍රහ කරනවා විය හැකිය। එහෙත් ඔබගේ කුඩා යහපත් ක්‍රියාව විනිශ්චය දවසේදී ඉතා වැදගත්කොට සලකනවා ඇත.
vi. ඔබේ අල්මාරියේ ඇති වැඩිපුර ඇඳුම් පැලදුම්, පෙට්ටවල පුරවා ඇති අමතර සපත්තු සෙරප්පු, පොත් රාක්කයේ ඇති අමතර පොත්, ගබඩාවේ හෝ නිවසේ ඇති වැඩිපුර භාණ්ඩ ආදී එකී මෙකී නොකී අමතර සියලු දේට ඔබ කුමක් කරන්නේද?
vii. මේවා ඔබට දුන්නේ, සැපවූයේ කව්රුන්ද? කුමකටද?
viii. අවම වශයෙන් දිනපතා එක් ‘ප්‍රේමයේ ක්‍රියාවක්’ කිරීමට ඔබ කැපවනවාද?
ඔ බ ද න් න වා ද ?
Ø දිළිදුබව හා ආහාර නොමැතිව සාගින්නෙන් ලොව දිනකට මියයන දරුවන් ගණන = 22,000
එනම් ආසන්න වශයෙන් සෑම තත්පර 4 දීම එක්දරුවෙක් මියයි. [2]