
යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට)
ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 3:13-18
හැ ඳි න් වි ම :- .
හැම දෙමව්පියෙක්ගේම උත්සහය තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් හා දැනුමක් ලබාදිම තුළින් පැණවත්, ප්‍රඥාවෙන් පූර්ණ අයෙක් බවට පත්කිරීමය. එහෙත් සැබෑ ප්‍රඥාව පාසලෙන් හෝ විශ්වවිද්‍යාලයකින් ලබා ගත හැකිදෙයක් නොවෙයි. ඒවායින් ලැබෙන්නේ ලෞකික ප්‍රඥාවක් පමණි. එලෙස පාසලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හා විෂය දැනුම ලබාගැනීම කිසිදු වරදක් හෝ පාපයක් නොවෙයි. එහෙත් එම දැනුම සැබෑ හා සම්පුර්ණ දැනුමක් බවට පත්වන්නේ ඊට ලෝකෝත්තර හෙවත් ඉහලින් එන ආත්මික ප්‍රඥාව එකතුවූ විටදී පමණි. සැබෑ ප්‍රඥාව ලැබෙන්නේ දෙවියන්වහන්සේට ගරුබිය හා කිකරු මනුෂ්‍යාට පමණි (හිතෝපදේශ 9:10-12). පාවුල්තුමා යනු නව ගිවිසුමේ අපට හමුවන ඉතාමත් ඉහල බුද්ධියක් හා දැනුම් සම්භාරයකින් පරිපූර්ණ අයෙකි. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ අදහාගැනීමත් සමඟ ඔහුට ලැබූ ආත්මික ප්‍රඥාව කෙතරම් අනර්ඝදයත් කිවහොත්, එතෙක් ඔහුට තිබූ ලෞකික ප්‍රඥාව කුණුයයි ප්‍රකාශ කරයි (1 කොරින්ති 4:13).
අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න) :
අපට දෙයාකාර වූ ප්‍රඥාවන් දැක ගත හැකිය. එනම් ඉහලින් එන හෙවත් දෙවියන්වහන්සේගෙන් එන ප්‍රඥාව හා පහලින් එන හෙවත් යක්ෂයාගෙන් එන ප්‍රඥාවයි. මෙම ප්‍රඥා දෙකේ වෙනස දැක ගත හැකිවන්නේ ඒ ඒ පුද්ගලයාගේ හැසිරීම නොහොත් ක්‍රියාව මතය. ගසේ හට ගනුලබන ඵල වලින් එම ගස කුමන වර්ගයේ ගසක්ද යන්න හොඳින් වටහා ගතහැකිය.
අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න) .
වගන්ති 13 සිට 17 දක්වා :-
පහත දැක්වෙන හැසිරිම් වලින් අපට දෙවියන්වහන්සේගේ වූ සැබෑ ප්‍රඥාව හා යක්ෂයාගන් වූ බොරු ප්‍රඥාව වෙන් කර දැක්විය හැකිය.
සැ බෑ ප්‍ර ඥා ව (සැබෑ ධර්මිශ්ඨකම) | බො රු ප්‍ර ඥා ව (බොරු ධර්මිශ්ඨකම) |
විනීත ක්‍රියා කරයි | අවිනීත ක්‍රියා කරයි |
සදාචාරාත්මකයි | සදාචාරවිරෝදීය |
ඊර්ෂ්‍යා නොකරයි | ඊර්ෂ්‍යා කරයි |
පොදු දියුණුන ගැන සිතයි | උන්නතිකාමය (තම දියුණුව ගැන පමණක් සිතයි) |
දෙවියන්වහන්සේගේ හැකියාව ගැන පමණක් වර්ණනා කරයි. | පුරසාරම් දොඩවයි. (තමාගේ හැකියාව ගැන පමණක්) |
සත්‍යට එකඟය | සත්‍යට විරුද්ධය |
ලෝකෝත්තර දෙයට (ආත්මික) ඇලුම් කරයි | ලෞකිකදෙයට ඇලුම් කරයි |
ආත්මය පිනවීමට මුල්තැන දෙයි. (සීමාවන් තුල ශරීරය පිනවිම වැරදි නැත) | සීමාවන් පසුකර ශරීරය පමණක් පිනවයි |
මානුෂිකව ක්‍රියා කරයි | අමානුෂිකව ක්‍රියා කරයි |
නිරවුල් හා සාමකාමීය | අවුල් හා වියවුල්ය |
නිර්මල හා පවිත්‍රය | අපවිත්‍ර හා පිළිකුල්සහගතය. |
සානුකම්පිත හා සාධාරණය | අසාධාරණය |
දයාවන්තය | නපුරුකමින් පිරී ඇත |
යහපත් ක්‍රියාවෙන් පූර්ණය | අයහපත් හා නපුරු ක්‍රියාවෙන් පූර්ණය |
අපක්ෂපාතීය (පැති ගැනීම හෝ පිල්බෙදීම නොකරයි) | පක්ෂපාතීය (පැති ගැනීම හෝ පිල්බෙදීම කරයි) |
කුහකකම නොමැත (තමාට ඇති දේ පමණක් පෙන්වයි) | කුහකයම ඇත (තමාට නැති දෙයක් ඇති ලෙසට රඟපෑම) |
18 වගන්තිය :-
සැබෑ සාමය ඇතිකරන්නේ සැබෑ ප්‍රඥාවන්ත මනුෂ්‍යයින් පමණි[1].
ආ ද ර් ශ ය හා අ දා ළ කි රී ම .
1. ඔබට ප්‍රඥාව තිබෙනවාද?
2. එසේනම් ඉහත බෙදීමට අනුව ඔබ අයත්වන්නේ කුමන පැත්තටද?
3. ඔබට සැබෑ ප්‍රඥාව අවශ්‍යය නම් ස්වාමීන්වහන්සේට සම්පූර්ණයෙන් කීකරුවන්න. ආත්මයාණන්වහන්සේගේ මඟපෙන්විම ඇතිව ශුද්ධවූ වචනය (බයිබලය) කියවන්න, අධ්‍යනය කරන්න.
[1] ව්‍යවහාර නවගිවිසුම් අටුවාව, (ලංකා බයිබල් විද්‍යාලය, 2004) , 1234 පි.