යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට)
ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 4:11-12
හැ ඳි න් වි ම :-
අපගේ අධ්‍යයන මාලාවේ ‘රට වට කර වැට බැන්ඳත්; කට වට කර වැට බැඳිය නොහැක’[1] (යාකොබ් 3:1-12) යන පාඩම ඔබට මතකද? එහිදී අප සාකච්ඡා කරන ලද්දේ ‘දිව’ හෙවත් ‘වචනයට’ අපගේ
ජීවිත විනාශය කිරීමට (මරණය ගෙනදිමට) හෝ ආරක්ෂා කිරීමට (ජීවනය ගෙනදිමට) හැකි බවය. අද දිනද ඒ හා සමානම ඉගැන්විමක් නැවතත් යාකොබ් තුමාගේ ලිපියෙන් අපට හමුවෙයි. යේසුස්වහන්සේද මෙම ඉගැන්වීම ඉතාමත් පැහැඳිලිව කළ
බව මතෙව් 7:3 වාර්තා කර ඇත.
‘Tf’ u wefia weØ ,S fldgh .ek fkd;ld Tf’
ify`orhdf.a wefia weØ ,S l=v .ek n,kafka uka o@’
අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා
බලන්න)
අපගේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය නම් ඉතාමත්ම
පහසුවෙන් අන්‍යයන් පිළිබඳව නිගමනයන් හා විනිශ්චයන් වලට එළැඹීමය. මට මාගේ වැරදි
පෙනෙන්නේම නැත. ‘සභාවේ සිටින හොඳම ශුද්ධවන්තා මම’ යයි අපි බොහෝ
දෙනෙක් සිතාගෙන සිටිති. එහෙත් වැටුනාවූ (පාපයට හසුවූ) ලොවක සිටින අප
කිසිවෙක් හට ධර්මිශ්ඨ වූ විනිශ්චයක් කිසි දිනක දිය නොහැකිය. සර්ව සම්පූර්ණවූත් ධර්මිශ්ඨවූත්
විනිශ්චයක් දිය හැක්කේ ධර්මිශ්ඨවූ දෙවියන්වහන්සේට පමණි.
අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)
යාකොබ්තුමා මෙහිදී ‘සහෝදරයෙනි’ කියා ආමන්ත්‍රණය
කරයි. ඉන් පෙනී යන්නේ එදා කිතුනු සභාව තුළ පැවති තත්වයක්
පිළිබඳවය. එනම් සභාවතුළ සහෝදර සහෝදරියන් යයි කියා ගනු ලබන අයම එකිනෙකාවට
විරුද්ධව ක්‍රියාකරමින් තම තමන්වම රිදවා ගැනීමය. වසර 2000 කට ඉහතදී සිදුවූ මෙම
සිදුවිම අදටත් එලෙසින්ම සභාවතුළ සිදුවෙනු ඇත.
ඒ කසේද යත් එකිනෙකා පිළිබඳ විනාශකරන විවේචනය, බොරුසාක්ෂිදීම, දුර්වලකම්, පාපයන්, ගැලවීම ලැබීමට පෙර
ජිවිතයේ වැරදි හා පාප, චරිත ඝාතනය, නිර්මාණය හා ගෙතූ
කථාවන්, නොදුටු හා මවාගත් දේ, තවත්
පුද්ගපයෙක්ගෙන් දැනගත් තොරතුරු, සත්‍ය සිදුවිම තවත් වැඩිකර පැවසීම ආදියයි.
කිසිම පුද්ගලයෙක් තමන්ට කැමති ආකාරයට විනිශ්චය කිරීමට ව්‍යවස්ථාවෙන්
ඉඩදී නැත. එය කිරීමට බයිබලයේ පැහැඳිලි ක්‍රමක් සඳහන්කර ඇත. විනිශ්චයේදී එනම්
ගැටළුව නිරාකරණයේදී මාගේ ආකල්පය ඉතාමත් වැදගත්ය.
1. මම මාගේ දරුණුතම
සතුරාට පවා ප්‍රේම කළ යුතුයි (යාකොබ් 2:8, මතෙව් 5:44).
2. වැරදි පෙන්නාදිය
යුක්තේ හෝ සත්‍ය කථා කළ යුක්තේ ප්‍රේමයෙනි. ප්‍රේමයෙන් තොර සත්‍යයට වටිනාකමක් නැත (එපීස 4:15).
3. දෙවියන්වහන්සේගෙන්
මාද සමාව ලැබූවෙක් බැවින් මාගේ සතුරාට හෝ මට වරද කළ අයට සමාවදීමේ සූදානම මට තිබිය
යුතුය.
යමෙක් පිළිබඳව ඔබට
ප්‍රශ්ණයක් ඇතිනම් එය විසඳා ගත යුතු ආකාරය යේසුස්වහන්සේ
ඉතාමත් සරලව ඉගැන්වූ සේක. එනම්
5ööTnf.a
ify`orhd Tng œreoaO j m› lf jro fmkajd fokak\' Tn Ùhk foa Tyq ms 16fkdms me–×,a,la u ia:êr jk ms×i Tn iuó
;j;a tla flfkl= fkdfyd;a fofofkl= le|jdf.k hkak\' 17Tyq Tjqka Ùhk foa;a
fkdms iNdj Ùhk foa;a
fkdms
..............................................................................................................................................................................
ආ ද ර් ශ ය හා අ දා ළ කි රී ම

2. ඉන් කිවැවෙන එක්
දෙයක් නම් බොහෝ ගැමුම් හා ප්‍රශ්ණ වලට මාගේ වැඩිපුර දායකත්වයක් ඇති බවය.
3. මා තවත්
පුද්ගලයෙක් විනිශ්චය කරන සෑම මොහොතකදීම දෙවියන්වහන්සේ ඉහල
සිට බලා සිටින සේක.
4. ඔබ කිසියම්
පුද්ගයෙකු පිළිබඳව මෙලෙස ද්වේශසහගතව ක්‍රියා කර ඇත්නම් වහාම
ගොස් දෙවියන්වහනසේගෙන් මෙන්ම එම පුද්ගලයාගෙන්ද සමාව අයදින්න.
5. දෙවියන්වහන්සේ මට
බෙදන්නේද මම අන්අයට බෙදන හැන්දෙනිමය.
‘wmg jro l< whg wm
lud l wfma jrog wmg lud jqj uekj’ (මතෙව් 6:12).
6. අනුන්ගේ ඇස්වල ඇති පොල්කෙඳි සෙවීම පසෙක තබා මගේ ඇහේ ඇති පොල් පරාලය ඉවත්කර
ගනිමු. එනම් ලොකුවැරදි තිබියදී අනුන්ගේ සුළුවැරදි සෙවීම අතහැර දමමු.