Sunday, January 8, 2012

මාතෘකාව :- ‘උසස්වීම’

යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)

ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 4:8-10
   
8 foœhka jykafiag ³la jkak\" fY`l jkak\" y~d je,fmkak\" Tnf.a iskyj yevSug;a\" Tnf.a mS%Øh ³lg;a yefÈ jd\' 10 i–¹Kka jykafia bæúfhys hgy;a my;a jkak\' tœg Wka jykafia Tn Wiia lrk fial\'[1]



හැ ඳි න් වි :-
වර්තමානයේ අප ජීවත්වන්නේ තරඟකාරීත්වයෙන් පිරුණු සමාජයකය. කුඩා දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වා නිතරම තම දියුණුව හා උසස්විම උදෙසා ක්‍රියා කරයි. පුද්ගලික දියුණුව හා අබිවෘදිය උදෙසා ක්‍රියා කිරීම වරදක් නොවෙයි. එහෙත් ඒ සඳහා අප විසින් අනුගමණය කරන ක්‍රමය ඉතාමත් වැදගත්ය. අපට ‍බොහෝවිට අසන්නට ලැබෙන දෙයක් නම් හොඳින් හෝ නරකින් මම ඒ දේ ලබාගන්නවා  යනුයි.  

ධා : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

දෙවියන්වහන්සේගේ සැලැස්ම හා කැමැත්ත තුළ සිටින් පුද්ගලයාට උසස්විම හෝ පහත්වීම ලැබෙන්නේ උන්වහන්සේගෙන් පමණි.

අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

8 වන වගන්තිය
යාකොබ්තුමා මෙහිදී පවිත්‍රවිමක් හා ලංවීමක් ගැන සඳහන් කරයි. පැරණි ගිවිසුම තුළදී දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයට යාමට අවසර තිබුණේ පූජකයාට පමණි. නියමිතවූ දිනක, නියමිතවූ වේලාවක, නියමිතවූ වස්ත්‍ර වලින් සැරසී, නියමිත පවිත්‍රවීමේ ක්‍රම අනුගමනය කළ පසුව, නියමිත ස්ථානයකදී පමණක් පූජකයාට පමණක් සෙනඟ වෙනුවෙන් දෙවියන්නහන්සේට ලංවිමට අවසර හිමිවිය. එහෙත් මෙම ක්‍රියාවලියේදී පූජකයා සතු යම් වරදක් හෝ පාපයක් වූයේනම් ඔවුට හිමිවන්නේ මරණයයි.

එහෙත් නවගිවිසුම තුළදී දෙවියන්වහන්සේගේ අධිකවූ කරුණාව හා අනුග්‍රහය හේතුවෙන්  ක්‍රිස්තුස්වහන්සේගේ අද්ද්විතීය (විශේෂිතවූ / එකම) පූජාව හා උත්ථානය පිළිගෙන එය අදහාගන්නාවූ ඕනෑම පුද්ගලයෙක්ට, ‍ඕනෑම වේලාවක, ඔනෑම වස්ත්‍රයකින් සැරසී, ඕනෑම ස්ථානයකදී දෙවියන්නහන්සේට ලංවිමට අවසර හිමිවී ඇත.

යාකොබ් තුමා පවසන ආකාරයට පව්කාරයින්ට දෙවියන්වහන්සේට ලංවීමට නෙහැකිද? නැත එතුමා සඳහන් කරන්නේ ක්‍රිතුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍ර පැළඳගනු ලබන ඕනෑම අයෙකුට මෙම වරප්‍රසාදය කොන්දේසි රහිතව හිමිවන බවයි.

තවදුරටත් කතුවරයා අපට දුක්වීමටත්, හැඬිමටත් හා ශෝකවිමටත් ආරාධනා කරයි. අප එසේ කළ යුක්තේ ඇයි? කුමක් සඳහාද? අපගේ පාපය හා අපරාධය යනු සැහැල්ලුවෙන් සැලකිය හැකි දෙයක් නොවෙයි. එය ඉතාමත් බරපතලවූ දෙයකි. ක්‍රිස්තුස්වහන්සේ විසික් මා වෙනුවෙන් ගෙවන ලද්දේ කිසිසේත්ම තක්සේරුකළ නොහැකි මිලයකි. ඇතැම්විට අපට කුරුසියේ සිදුවිම තවත් බයිබල් කොටසක් පමණකි. එහි ඇති ගැඹුර හා බරපතල කම අප වටහා ගැනීමට උත්සහ නොකරයි. අප දුක්විය යුක්තේත්, හැඬියුක්තේත් හා ශෝකවිය යුක්තේත් අපගේ / මාගේ පාපය හා අපරාධය උදෙසාය. එවිට අපගේ හැඬිම සිනහටත්, අපගේ දුක ප්‍රීතියටත් උන්වහන්සේ හරවන සේක.

9 වන වගන්තිය
අප ජිවත් වන සමාජක්‍රමය තුළ උසස් ස්ථානයකට යෑමේ ක්‍රමය අනෙකාව බලත්කාරයෙන් යටත්කරගැනීමයිඑහෙත් බයිබලයේ ක්‍රමය  ඊට සම්පූර්ණයෙන් වෙනස්ය. 8 වගන්තියේ විස්තර කරන ආකාරයට දෙවියන්වහන්සේට ලංවන හෙවත් යටත්වන පුද්ගලයාට උන්වහන්සේ විපාක (ප්‍රතිඵල) දෙයි. දෙවියන්වහන්සේට යටත්වීම යනු කුමක්ද? ඉරුදින දේවමෙහෙයේදී අත් ඔසවා ප්‍රශංසා කිරීම පමණක් මෙයට ප්‍රමාණවත් නොවෙයි. ඇදහිල්ල යනු අප දෙවියන්වහන්සේ මත සියට සීයයක්ම හෙවත් සම්පූර්ණයෙන්ම යැපීමයි.  මෙලෙස උන්වහන්සේට යටත්වන්නාගේ සිතුවිලි, ආශාවන්, කැමැත්ත, ආකල්ප, දැක්ම හා ක්‍රියාවන් සියල්ලම ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් වනු ඇත.  මෙලෙස දෙවියන්වහන්සේට යටත්වන්නාට ලැබෙන විපාකය නම් සුදුසු අවස්ථාව පැමිණි කල සුදුසු ස්ථානය ලැබීමය. අප දෙවියන්වහන්සේට යටත්වන්නේ උසස්විම් ලැබීමේ ආශාවෙන් නොවිය යුතුය.



ර්  හා   දා කි රී

1.      දෙවියවන්වහන්සේට ලංවිමට ඔබ සූදානම්ද?
2.      ඔබ යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයෙන් සැරසී සිටිවන්නේද?
3.      යේසුස්වහන්සේගේ පූජාවේ ඇති බැරෑරුම්කම හා මිළ කලනොහැකි කම ඔබට වැටහෙනවාද?
4.      ඔබ දෙවියන්නහන්වහන්සේට සම්පූර්ණයෙන් යටත් අයෙක්ද?