යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට)
මාතෘකාව :- ‘සැබෑ ධනවත්කම’
ශුද්ධලියවිලි පාඨය
:- යාකොබ් 5:1-6
(මෙම කොටස ශෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
1 ±ka bØka Okj;=Ú" Tn msg me–fKkakg Øfnk wjdikdjka; brKu
.ek y~d je,fmkak'
2 Tnf.a Ok OdkH ærdf.dia we;" Tnf.a
jia;% ldjqka ldoud we;'
3 Tf’ rka ú¡ u,lv ld we;á ta u,lv Tng œreoaO j
idlaIshla" .skakla fuka Tnf.a udxi ldoukÜ we;' Tn jia;= f.dv.id we;af;a Úu f›f.k hk hÜ.hl
h'
4 n,kak" Tnf.a fl;a j;=j, wiajekak fk½E f.dවීkag fkdf.jd Tn jxpd lr.;a Tjqkaf.a l=,sh Tng œreoaO j fudr.ihs' f.dවීkaf.a fudr.eiSu fiakdj, i–¹Kka jykafiaf.a lkaj,
jefgkafka h'
5 Tn fuf,dj l• iem œyrKfhys we,S .e,S" urkakg
;r lrk i;=ka fuka mÜIa‡u;a fj–ka l,a hejQjyq h' ta ækh ±ka me–K we;'
6 œfr`Ohla fkdmE Úf°ia –Úidg jqj o Tn jro t,a, fldg Tyq
urd±uqjyq h'
හැ ඳි න් වි ම :-
බලය හා ධනය යනු එකම කාසියක දෙපැත්ත වැනිය. ධනය ඇති
පුද්ගලයාට ඉබේම බලය හිමිවෙයි. එලෙසම බලය හිමි පුද්ගලයාට ඉබේම ධනය හිමිවෙයි. ධනය හා බලය යනු
අපවිත්‍ර හෝ පාපිෂ්ඨ දෙයක් නොවන් අතර එය පරිහරණය කරන ආකාරය හා අරමුණ මත එහි පවිත්‍ර
අපවිත්‍රබව තීරණය වනු ඇත. ධනය හා බලය අයුතුලෙස පරිහරණය ගැන මෙන්ම ඊට දෙවියන්වහන්සේගේ උදහස
ඇවිළෙන ආකාරය බයිබලය තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙයි.
( ‘ලොකු පුටුව’ යන මාතෘකාව යටතේ යාකොබ් 2:1-13 කොටස අධ්‍යයනයේ හැඳින්වීම ඔබට මතකද? දිනක්
එක්තරා පුද්ගලයෙක් මෙලෙස පැවසුවේය. ‘සල්ලි දැක්කම, ගල්පිළිමත් ඔළුව වනනවා’. මෙම
කියමනේ අර්ථය නම් සාමාන්‍යයෙන් ගල්පිළිමයක් යනු නොවෙනස්වන ස්ථාවර දෙයකි. ගල්පිළිම
කිසිවිටෙක චලනය නොවනබව අපට සක්සුදක්සේ ස්ථිරය.
එහෙත් මුදලට ඇති හැකියාව කෙතරම්දයත් ගල්පිළිම වැනි නොවෙනස්වන්නාවූ පුද්ගයෝ
පවා ධනය හා බලය ඉදිරියේ හිසනමන බවය. යාකොබ්තුමා මෙහිදී දොස්පවරන්නේ දෙවියන්වහන්සේ
නොදන්නා අන්‍යභක්තිකයන්ට නොව, කිතුනුසභාවේ නායකයින් හා ඇදහිලිවතුන්ටය).
යේසුස්වහන්සේද මතෙව් 19: 24 දී ප්‍රකාශ කළේ ‘h OkmØfhl=g foœhka
jykafiaf.a rdcHhg we;=½ ug jvd TÛfjl=g bælÛ u,ska úx.d hdu myiÜ h’ යනුවෙනි. මෙහිදී උන්වහන්සේ පවසන්නේ ධවතුන්ට හා බලවතුන්ට ස්වර්ගයට යා
නොහැකි බව නොවෙයි. ඔවුන්ගේ ධනය හා බලය ඊට බාධාවක් විය හැකි බවයි.
අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා
බලන්න)
සාතන් විසින් ඇදහිලිවන්තයාට
පහරදිමට යොදාගන්නා ආයුධ අතරින් ධනය හා බලය ඉතා ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබයි. සදාකාල
ජිවනය ලැබීමට ධනය හා බලය බධාවක් විය හැකිය.
අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)
මෙම කොටස තුළ ධනවතුන්ට
සිදුවන අවාසනාවන්ත සිදූවීම් කීපයක් ගැන සඳහන් කරයි. එනම් ඔවුන් ඉතාමත් වෙහෙස
මහන්සියෙන් උපයා ගත් වස්තුව දැනටමත් විනාශවී ඇති බවයි. අටුවල රැස්කළ ආහාර
දිරාගොසන්ය. අනර්ඝ හා මිළ අධික වස්ත්‍ර කාවුන් විසින් කා දමා ඇත. රණ් හා රිදී මලකඩ
කා ඇත. යම් ලෝහයක් මලකඩබැඳි විට එහි වටිනා කම නැතිවී යයි. සාමාන්‍යයෙන් රණ් හා
රිදී යන ලෝහ වර්ග දෙක මලබඳින්නේ නැත. ඉන් කියැවෙන්නේ වස්තුවේ ඇති අස්ථාවරබාවයයි.
එලෙසම 3වන පදය අවසානයේ යුගයක් පිළිබඳව යාකොබ්තුමා සඳහන්
කරයි. එතුමා පවසන ලෙස ධනවතුන් විසින් මෙලෙස වස්තුව ගබඩා කර ඇත්තේ ඉතාමත් කෙටි
කාලයකට වන අතර මෙම යුගය ඉතාමත් ඉක්මනින් අවසන් වනු ඇත. කිතුනුවන් ලෙස අපි
යේසුස්වහන්සේගේ පුණරාගමනය හෙවත් දෙවැනි පැමිණිම බලා සිටිමුව. මෙම සිදුවිම මේ
මොහොතේ දී වූවත් සිදුවිය හැකිය. එබැවින් අපි විසින් මෙම පොළොවේ රැස්කරන කිසිදු
දෙයක් සදාකාලයට ගෙන ගිය නොහැකිය. යෝබ්තුමාට තම සකල වස්තුවම අහිමිවූ මොහොතේ ප්‍රකාශ
කලේ “uu Ùis;a keØ j u› l=iska wdfj–á Ùis;a keØ j fmr hkafk–' i–¹fK` ³ka fialá i–¹fK`
.;a fialá i–ºka kug .re meiiÜ• f› jd” (යෝබ් 1:21). ඔහුගේ වස්තුව ඔහුගේ දෙවියන් නොවිය. වස්තුව මාගේ
සේවකයෙක් මිස මා වස්තුවේ සේවකයෙක් නොවිය යුතුය.
4 හා 5 වගන්ති තුළ ධනවතුන් විසින් සිදුකරන අයුක්තීන් 2 ක් පිළිබඳව සඳහන් කරයි. එනම් කම්කරුවාට
හිමි නියමිත දෛනික වැටුප් නොගෙවිම හා අවංක
හා නිර්දෝශී අයට වරද පැටවීටය. එදා සමාජයේ පැවතියේ කෘෂිකාර්මික ආරථිකයක් වන අතර වැඩි
වශයෙන් ගොවීන් දක්නට ලැබීය. බොහෝ දෙනා තම දෛනික වැටුපෙන් ජීවත්වන අය විය. එහෙත් ගොවිබිම්
හිමි ධනවත් පුද්ගලයෝ මෙම අසරණ ගොවින්ට වංචාවෙන් සලකන ලදි. ඔනෑම සමාජයක යම් කිසි
රැකියාවටහිමි නියමිත හා පිළිගත් වැටුපක් ඇත. දෙවියන්වහන්සේගේ කැමැත්ත නම් සේවකයා
තමාට හිමි මිලය ලැබිය යුතුය යන්නයි (ලූක් 10:7). අපි බොහෝවිට පුරුදුවී ඇත්තේ කීයක්
හරි අඩුවෙන් වැඩ කරවා ගැනීමයට. කිසිවෙක් වැඩිපුර ගෙවීමට සූදානම් නැත. දෙවියන්වහන්සේ
අපට සපයන්සේ මැනබලා හෝ කිරාබලා නොවෙයි. එසේනම් අපිද යම් පුද්ගලයෙකුට ගෙවිමක් කරනවිටදී නිසි මුදල හෝ ඊට වැඩියෙන් ගෙවිය යුතුය.
එලෙසම යමෙකුට ත්‍යාගයක් දෙන විටදී ඉතා
අනර්ඝ හා වටිනාදෙයක් දීම වැදගත්ය.
එලෙසම ධනවතුන් හා බලවතුන් තම
හැකියාව යොදාගෙ අහිංසක හා අසරණ පුද්ගයෝ වැරදි කරුවන් බවට පත්කරති. මෙය එදා මෙන්
අදටත් සිදුවනු ඇත. එහෙත් මෙලෙස ක්‍රියාකරන අයගේ තත්වය ඉතාමත් උපහාසාත්මකව යාකොබ්තුමා
විස්තර කරයි. එනම් මස් සඳහා ඇතිකරන සතුන් නිතරම ආහාර කමින් බොමින් සැපට හැදෙයි. ඔවුන්ට
නිතරම ඉතාමත් පිරිසිදු, අනර්ඝ හා වටිනා ආහාර පාන ලැබෙයි. එලෙසම ගොවිපොළේ හිමියන්ගේ
හා සේවකයන්ගේ අවධානය මෙම සතුන්ට ඉතාමත් ඉහලින් ලැබෙයි. එහෙත් තමන් මස් පිණිස කොයි
මොහොතේ හෝ ගෙන යන බව මෙම සතුන් නොදනී. එලෙසම
වැරදිලෙස බලය හා ධනය හසුරුවන අයගේ ඉරණමද මේ හා සමානය. ඔවුන් නොදන්නා පැයකදී දෙවියවහන්සේගේ
උදහසට ලක්වෙති.
ආ ද ර් ශ ය හා අ දා ළ කි රී ම
1. සැබෑ ධනවත් කම නම් ස්වර්ගයේ වස්තුව රැස්කිරීමයි.
2. දේවරාජ්‍යයේ ඇති ඔබගේ ගිණුමේ වටිනාකම කොපමණද?
3. සැබෑ බලය ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පූර්ණවීමයි.
4. ඔබත් දිනපතා ශුද්ධාත්මබලයෙන් පූර්ණවන අයෙක්ද?
5. ඔබගේ වස්තුව ඔබගේ දෙවියන්ද?
6. ඔබ වස්තුවට සේවය කරනවාද? වස්තුව ඔබට සේවය කරනවාද?
7. ඔබ යටතේ සේවය කරන අයට ඔබ නියමිත වැටුපක් ගෙවනවාද?
8. ඔබත් යම් කිසි දිනක ඔබගේ බලය, ධනය හා හැකියාව යොදාගෙන අහිංසක හා අසරණ පුද්ගයෝ
වැරදි කරුවන් බවට පත්කර තිබෙනවාද?