Monday, February 20, 2012

කොපමණ කලක් ඉවසන්නද?



 යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)
 
මාතෘකාව :-  කොපමණ කලක් ඉවසන්නද?’

ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 5:7-11
(මෙම කොටස ශෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

7 tneœka ify`orfhÚ" i–¹Kka jykafiaf.a wd.ukh olajd bjis,af,ka is‡kak' mbjis,af,ka is‡hs' 8 tfia u Tn o bjis,af,ka is‡kaká i–¹Kka jykafiaf.a wd.ukh ±ka 9 ify`orfhÚ\" Tn œÚYaphg ,la fkdjk ms×i tÙfkldg œreoaO j fp`okd fkdlrkak' fukak" œÚYaph-ldrhdfK` f°rlv is‡k fial' 10ify`or-fhÚ" i–¹Kka jykafiaf.a kdufhka l;d l< æjeisjrhkaf.a mSvd œ£u o bjiSu o wdoÈYhg .kak' 11ia:§r j is‡ wh wdYSÈjdo ,oafo` hhs wms Ùhuq. fc`’ ia:êr j is‡ ye‡ Tn wid we;' Tyq .ek i–¹Kka jykafiaf.a ;SrKh o Tng meyeæ,s h" i–¹Kka jykafia ohdkÜl•mdfjka wl f,i fmdfydi;a  is‡k fial'

හැ ඳි න් වි :

අපි ජීවත්වන යුගය තාක්ෂණික වශයෙන් ඉතාමත් ඉහල දියුණුවක් ලබා ගෙන ඇත. ‍මුළු ලෝකයම එකම ගම්මානයක් තරමට ලංවී ඇත. තමාට අවශ්‍යකරන ඕනෑම දෙයක් ඉතාමත් කෙටි කලකින් ලබා ගත හැකිය.  කිසිවක් ගැන ඉවසිල්ලෙන් බලාසීටීමට හෝ කාලය ගතකිරීමට වුවමනා නැත. අධිවේගී මහා මාර්ග, අධිවේගී දුම්රිය මාර්ග, අධිවේගී දුරකථන හා සන්නිවේදන මාර්ග හා අධිවේගී ගුවන් ගමන් ආදී සීඝ්‍රගාමී විසඳුම් දක්නට ලැබෙයි.
මීට වසර කීපයට කලින් යම් පුද්ගලයෙකුට ආහාර පිසීමට අවශ්‍යනම් දර සොයාගෙන ඒවා කැබලිකොට දුම් බටයෙන් හුළං පිබ ලිප ගිණි මොලවා ගනී. පසුව අවශ්‍ය අහාරය ගෙන සෝදා තබ්බා ගනු ලබයි. ඉන් පසුව ඊට අවශ්‍ය කරන ව්‍යංජන වර්ග සාදා ගනු ලබයි. මේ සඳහා අවම වශයෙන් පැයක් එනම් විනාඩි 60 පමණ කාලයක් ගතවෙයි. එහෙත් වර්තමානයේ ගෘහණියන්ට ඕනෑම වර්ගයක ආහාරයක්  විනාඩි 2න් පිළියෙල කිරීමට පහසුකම් ලැබී ඇත. මෙම දියුණුවත් සමඟම මිනිසුන්හට ඉවසීම හෙවත් බලාසිටීම යන ගුණය නැතිවී ගොසින් සෑම දෙයක්ම ක්ෂනිකව සිදුවිය යුතුයයි විශ්වාස කරයි.  
 
අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

දේශනාකරුවා පවසන ආකාරයට yeu fohg u m%ia;djla (අවස්ථාවක්) o, f• uy fmdf’ (දේශනාකාරයා 3:1)' එබැවින් එම අවස්ථාව හා කාලය උදාවනතෙක් ඉවසිල්ලෙන් හා යාච්ඤාවෙන් බලා සිටීට අපට ඇති එකම සැනසිල්ලයි.

න් ර් : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

මෙම කොටස තුළ ඇදහිලිවන්තයාගේ ඉවසීමේ ගුණය වර්ධනය කිරිමට අවශ්‍ය උපදෙස් ලබා දෙයි. ්‍රධානවශයෙන් උදාහරණ 3 ක් ආශ්‍රයෙන් යාකොබ්කුමා එය විස්තර කරයි. එනම් ගොවියා, දිවැසිවරු හා යෝබ්තුමා යන පුද්ගලයන්ය[1].
 
ගොවියා
කිසිදු ඵලදාවක් එක් රැයකින් හෝ ඉබේම හට නොගනී. ඒ සඳහා දින සති හා මාස ගතවන අතර දිවා රෑ දෙකේ හොඳම ශ්‍රමය අවශ්‍යය වනු ඇත. එදා ගොවියාට අද මෙන් දියුණු උපකරණ හෝ කාලගුණ අනාවැකි ඵලකරන මධ්‍යස්ථාන ආදිය, ජලය රැස්කර තැබීමට හෝ බෙදාහැරීමට ජලාශ හා වාරිමාරග ක්‍රම නොවීය. ඔවුන් 100% ක්ම ස්වභාවිකව ලැබෙන වර්ෂාව මත යැපීමට සිදුවිය. සැප්තැම්බර්, ක්තෝබර් හා නොවැම්බර් යන සරත් කාලය (autumn) තුළ ලැබෙව වර්ෂාව, ‘පළමු වර්ෂාවලෙස සලකන ලදි. මෙම කාලයේදී ගොවීන් පොළව සකසා බීජ පැළකරනු ලබයි. පසුව උදාවන වසන්ත කාලය (spring) වන මාර්තු, අප්‍රේල් හා මැයි යන කාලයේදී ලැබෙන වර්ෂාව අන්තිම වර්ෂාවලෙස සලකන ලදි. මෙම වර්ෂාව හේතුවෙන් කලින් වගා කළ අස්වන්න හොඳින් වර්ධනය හා කැපීමට සුදුසු තත්නයට මෝරනු ලබයි. මෙම ක්‍රියාවලියේදී ගොවියාට ඉවසීම හෙවත් බලාසිටීමයන ගුණය වැඩියෙන් අවශ්‍යය වනු ඇත.
ඇදහිලිවන්තයාද ‘ආත්මික ගොවියෙකි’. අපගේ හදවත පොළොව වන අතර දේව වචනය නැමැත් බීජ පැළවී ඒවා ඵල දැරීමට කාලය ගත වනු ඇත.

දිවැසිවරුන්
පැරණි ගිවිසුම තුළ සෑම දිවැසිවරයෙක් වාගේම පීඩාවන් හා අමාරුකම්වලින් ගමන් කරන ලදි. එහෙත් ඒ සෑම මොහොතකදීම ඔවුන් දෙවියන්වහන්සේගේ සැලැස්ම හා කැමැත්තට මුළුමනින්ම කීකරුවී දේව පණිවුඩය දේශනා කළහ.

යෝබ්තුමා
ජීවිතයේ යථාර්ථය රැදී ඇත්තේ දෙවියන්වහන්සේගේ හස්ථයේ බව යෝබ්තුමා හොඳින් දැන සිටියේය. සියල්ල අහිමි වූ මොහො‍තේ ඔහු ඉවසී‍මෙන්’ දෙවියන්වහන්සේ දෙස බලාසිටීයේය. යෝබ්තුමාගේ ඉවසිලිවන්තබාවයේ අවසාන ප්‍රතිථලය වූයේ නැතිවීගිය සෑම දෙයක්ම දෙගුණයකින් ලැබීමය.


ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම
1.   මේ මොහොතේ ඔබ පොරබදින ප්‍රශ්ණය හා ඔබට ඉවසිමට සිදුවී ඇතිදේ කුමක්ද?
2.   ඉවසීම තනිව හෝ පාඨමාලාවක් හරහා ප්‍රගුණ කළ නොහැකිය. පරීක්ෂාවන් හා බාදාවන්ට මුහුණදෙන විටදී එය ඉගෙන ගැනීම හා වර්ධනය කළ හැකිය.
3.   සටනක් නොමැතිව ජයග්‍රහණයක් නොමැත මෙන්ම කන්දකට පසුව බෑවුමක් පැමිණෙයි. එලෙසම පීඩාවිදීමකින් තොරව ආශිර්වාදය උරුම නොවෙයි.
4.   මේ ලෝකයේ අපට බාධා හා පරීක්ෂා ඇතිබව යේසුස්වහන්සේ වසර 2012 කටත් කලින් ප්‍රකාශ කලසේක. ‘‍f,`lfhys Tng ³la.eyeg Øf’' tfy;a ffOÈhj;a jkaká uu f,`lh wNsnjd ch.Ø–÷÷hs j°< fial\'’ (යොහන් 16:33).
5.   ඊට ‍හේතුව අප සිටින්නේ පාපයට වැටුනාවූ ලොවක බැවිනි. අපට සම්බන්ධතා පවත්වන්න සිදුවී ඇතේද වැටුන ස්වභාවය ඇති පුද්ගලයින් සමඟය.
6.   එබැවින් සියල්ලෙන්ම සර්ව සම්පූර්ණ ලොවක් අපට දැනට හිමි නැත. යේසුස්වහන්සේගේ දෙවැනි පැමිණිමත් සමඟ මෙම සම්පුර්ණත්වය අපට ලැබෙනු ඇත.
7.   ගැලවිම අපට නොමිලේ ප්‍රධානය කළද, දේවරාජ්‍යයට ඇතුලුවීම පහසු දෙයක් නොවෙයි. ඊට ‘ඉවසීම’ හෙවත් ‘බලාසිටීම’  යන මිලය ගෙවිය යුතුය. ööwm fndfy` ³la œ¢–ka foœhka jykafiaf.a rdcHhg we;=½jkakg «kE h (ක්‍රියා 14:22).


වසරේ ඍතු බෙදීම

Spring               වසන්ත කාලය   (මාර්තු - අප්‍රේල් - මැයි)                           - අන්තිම වර්ෂාව
Summer           ගිම්හාව කාලය   (ජුනි - ජූලි - අගෝස්තු)
Autumn            සරත් කාලය      (සැප්තැම්බර් - ක්තෝබර් - නොවැම්බර්)            - පළමු වර්ෂාව
Winter              ශිත කාලය        (දෙසැබම්බර් - ජනවාරි - පෙබරවාරි)        



[1] The Bible Exposition Commentary. Copyright © 1989 by Chariot Victor Publishing, and imprint of Cook Communication Ministries.