යාකොබ්
තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට)
මාතෘකාව :- ‘කලු , සුදු හා අළු?’
ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 5:12
(මෙම කොටස ශෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
12 f• ish,a,g jvd\" udf.a ify`or-fhÚ\" wyi .ekj;a\"
fmdftfia h÷÷ Ùhd o\" ööke;÷÷ k• ööke;÷÷
Ùhd o f› jd\'
හැ ඳි න් වි ම :
ඉහත රූප සටහනේ සුදු තිත් හා
කලු තිත් කීයක් තිබෙනවාද? මෙම අධ්‍යනයේ ඉදිරි කොටස කියවා බැලීමට පෙර තිත් ගණන්
කිරීමට කාලයක් ගන්න.
ඇත්තෙන්ම මෙහි ඇත්තේ සුදු
තිත් පමණි. කලු තිත් පෙනෙන හේතුව නම් පසුබිමේ ඇති අළු වර්ණයයි. අළු වර්ණය සෑදෙන්නේ
සුදු හා කලු යන වර්ණදෙක එකට එකතුවීමෙනි. මෙහිදී සිදුවී ඇත්තේ කුමක්ද? එනම් අළු වර්ණය අපව නොමඟ යවා ඇත. එලෙසම සත්‍ය වසන්කර වැරදි චිත්‍රයක් නිරූපණය කර
ඇත. කලු පසුබිමේ සුදු තිත් පමණක් තිබුණේනම් මෙවැනි වියවුලක් හට නොගනී.
දෙවියන්වහන්සේගේ මැවිල්ලේ කථා
කිරීමේ හැකියාව ඇත්තේ මිනිසාට පමණයි. සන්නිවේදන ක්‍රියාවලියේදී වාචික සන්නිවේදනය
ඉතාමත් වැදගත් ස්ථානයක් ගනු ලබයි. අප විසින් කථා කරන වචනය ඉතාමත් වැදගත්බව යාකොබ්
ලිපිය තුල දිගින් දිගටම විස්තර කරයි. යේසුස්වහන්සේ දේශනා කලේ '–Úid flf,ikÜ ,enSug fya;= jkafka lgg we;=½ jk foa
fkdj" l‡ka Úlafuk foa h÷÷hkqfjks. (මතෙව්
15:11)
අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා
බලන්න)
කලු හා සුදු වර්ණ දෙක මෙන්,
කිතුනුවාටද ඇත්තේ පිළිතුරු දෙකක් පමණයි. එනම් ‘ඔව්’ හා ‘නැහැ’ පමණයි. මෙයට අමතර
පිළතුරක් ඇතිනම් එය යක්ෂයාගෙනි.
අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)
වර්තමානයේ යම් පාර්ශවයන් අතර
ගිවිසුමක් හෝ සම්මුතියක් ඇති කර ගන්නාවිටදී නිත්‍යානුකූල ලියවිල්ලකට අත්සන් කරනු
ලබයි. එහෙත් අතීතයේදී සියලු ගිවිසුම් හා සම්මුතියන් ඇතිකර ගත්තේ වාචිකවය. මෙහිදී
වචනයෙන්කරනු ලබන ප්‍රකාශනය ඉතාමත් විශ්වාසවන්ත හා ස්ථිර දෙයක් විය. පැරණි
ගිවිසුමේද මෙම තත්වය දක්නට ඇති අතර සියලුම ගිවිසුම් දෙවියන්වහන්සේගේ නාමයෙන් කරන
ලදි[1].
දසපනතේ 3න් වැනි පනත වන öökÜU foœ
i–¹Kka jykafiaf.a kduh w.re f,i Ndœ;d fkdlrj' hfula ta kduh w.re f,i Ndœ;d
lrkafka o Tyqg uu o~qj• lr–'÷÷ (නික්මයාම 20:7) යනුවෙන්
අදහස් කරනුයේ ගිවිසුම් කඩ කිරීම සම්බන්ධයෙනි. එනම් අප විසින් යම් පුද්ගලයෙක්, ආයතනයක් හෝ සංවිධානයක් සමඟින් යම් පොරොන්දුවක් හෝ ගිවිසුමක් ඇතිකර
ගත් පසු එය යම් හෙයකින් මුලුමනින්ම හෝ අර්ධවශයෙන් ඉටුකිරීමට අපොහොසත්වන්නේ නම් එය
දෙවියන්වහන්සේගේ නාමය කෙලසිමකි.
ගිවිසුමක් හෝ
පොරොන්දුවක් අප අතින් කැඩුනු මොහොතේ අපගේ ක්ෂනික ප්‍රතිචාරය කුමක්ද? නිදහසට කාරණා
ඉදිරිපත් කිරීම හෝ යම් බොරුවක් ප්‍රකාශ කිරීමය. එහෙත් යාකොබ්තුමා අපට උගන්වන්නේ සත්‍ය
ඒ සැටියෙන්ම ප්‍රකාශ කරනලෙසටය.
ඔබට යමක් කිරීමට නොහැකි
වූයේනම් ‘ආත්මික-බොරු’ කියනවා වෙනුවට ‘නැහැ මට ඒ දේ කිරිමට බැරිවුනා - මට
සමාවෙන්න’ කීම දෙවියන්වහන්සේට ප්‍රිය කටයුක්තකි. මනුෂ්‍යන් සතුටු කිරීමට වඩd සමිඳානන්වහන්සේ
සතුට පත්කිරීමට අප වගබලා ගත යුතුය. මිනිසාට ඇති දුර්වලකම් වලින් පැරණිතම ගැටළුවද
මෙයයි. එනම් නිදහසට කරුණු කිමය. ආදම් විසින් තම වරද පිළිගැනිම වෙනුවට, ඒවට හා
දෙවියන්වහන්සේට වරද පටවන ලදි. එලෙසම ඒව විසින් තම වරද පිළිගැනිම වෙනුවට සර්පයාට
වරද පටවන ලදි. එදා මෙන් අදටත් අපි බොහෝදෙනාද විසින් කරනුයේ ‘ඔව්’ මම ඒ දේ කලා; හෝ ‘නැහැ’ මම ඒ දේ කලේ නැහැ කීම වෙනුවට නිදහසට කාරණා
ඉදිරිපත් කිරීමය.
ආ ද ර් ශ ය හා අ දා ළ කි රී ම
1. කලු හා සුදු වර්ණ දෙක මෙන්, කිතුනුවාටද ඇත්තේ පිළිතුරු
දෙකක් පමණයි. ‘ඔව්’ හා ‘නැහැ’ පමණයි.
2. බොරුකීම යනු කුමක්ද?
·
සත්‍ය දැන
ගෙන එය ප්‍රකාශ නොකර සිටීම.
·
සත්‍ය
අර්ධවශයෙන් ප්‍රකාශ කිරීම
·
නැහැ හෝ
ඔව් යන පිළිතුරු දෙකට අමතර පිළිතුරු.
3. ඔබ විසින් කඩා ඇති පොරොන්දු මොනවාද? ඒ වෙනුවෙන් ඔබ කුමක්
කරනවාද?
4. ඔබ විසින් බොරු කියා තිබෙනවාද? ඒ වෙනුවෙන් ඔබ කුමක්
කරනවාද?
5. යේසුස්වහන්සේගේ ලේවලට අපගේ සියලු පාප සෝදා දැමිය හැකිය.
6. මේ මොහොතේ ශුද්ධාත්මයාණන්වහන්සේට ක්‍රියා කරන්නට ඉඩ
දෙන්න.
7. දෙවියන්වහන්සේගෙන් මෙන්ම, අදාල පුද්ගලයන්ගෙන්ද සමාව
අයදින්න.
[1]
IVP Bible Background Commentary: New Testament by
Craig S. Keener Copyright © 1993 by Craig S. Keener. Published by InterVarsity Press.
All rights reserved.)