මාතෘකාව :- ‘හිස් වූ සොහොන අංක 1’
ශුද්ධලියවිලි පාඨය
:- මෙතව් 28:1-10
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
‘in;a æk Úu iØfha mභh fkdjkak" Tn l=reisfhys
weK .eiÝ fÐiÜia jykafia fidhk nj oÚ–á 6Wka jykafia fuys ke;á Wka jykafia j°<
f,i u W;a:dk jQ fial\' tkak" i–¹Kka jykafia ;ekam;a l< ia:dkh n,d"
7jyd u f.dia" öWka jykafia u වී Wka jykafiaf.a md
je<|f.k" Wka jykafiag mió msysÛjd kuialdr lභh fkdjkaká udf.a ify`orhka fj;g f.dia" .,S,h n,d hkak Tjqkag
Ùhkaká tys ¡ Tjqka ud oÙkÜ we;e÷÷hs j°< fial'’
හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)
බයිලයේ
ඇති මංගල්‍යයන් අතරින් පාස්කු මංගල්‍ය ඉතාමත් පැරණි මංගල්‍යයකි. නික්මයාම 12 වැනි
පර්ච්ඡේදයේ මේ පිළිබඳව සවිස්තර වාරතාවක් ඇත. ඵාරාවෝගේ සිත් දැඩිකම නිසා මිසරට පැමිණි
පීඩා 10 න් අවසන් පීඩාව වන ‘කුලුඳුලන් නැසීම’ දිනයේදී ඉශ්‍රායෙල් කුලුඳුලන් ආරක්ෂාවූයේ
(ගැලවූනේ) පාස්කු බැටළුවාගේ ලේ හේතුවෙනි. මෙම මංගල්‍ය යුදෙව්වෝ සෑම වසරකම
පැවැත්වූහ. එලෙම අද සකල මිනිස් වර්ගයාට ගැලවිම හෙවත් පව් කමාව ඇත්තේ මහ සිකුරාදා
දින දුක්විඳ, කුරුසියේ මැරී, පසුව තැන්පත් කරනු ලැබ දින තුනකට පසුව පාස්කු ඉරුදින
නැවත නැගිටි යේසුස්වහන්සේ හා එතුමාගේ රුධිරය තුළින් පමණි.
අ ව ධා න ය :
(මෙම බයිබල්
කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)
පාස්කුවේ
සැබෑ අර්ථය නම් දෙව්යන්වහන්සේ විසින් මිනිසාට දුන් ගැලවිම (පව් කමාව) සිහිකිරීමය.
අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ
අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)
මෙතව්
28:1-10 දක්වා ඇති සිදුවීමම අපට මාර්ක්තුමා, ලූක්තුමා හා යොහන්තුමා යන තිදෙනාද තවත්
සවිස්තරව වාරතා කරයි. මෙහි සඳහන් කරන ආකාරයට මෙම ස්ත්‍රීන් උදෙන්ම සොහොනට ගියේ
යේසුස්වහන්සේගේ මෘත දේහය ආලේප කරන අදහසිනි. සාමාන්‍යයෙන් එදා සමාජයේ යම් අයෙක් මිය
ගිය විට දින 3ක් යනතෙක් සොහොන වෙත ගොස් වැලපිම දක්නට ලැබූ සිදුවිමකි.
සොහොන
විශාල ගලකින් ආවරණය කළ බව දැන දැනත් මෙම කාන්තාවෝ පැම්ණියේ ඇයි?
එහෙත්
මෙම ස්ත්‍රීන්ට සිදුවූයේ තම වේදනාව තවත් වැඩිවන සිදුවිමකට මුහුණදිමටය. එනම් තමා
අනුගමනය කළ හා ප්‍රේම කළ නායකයාගේ දේහය සොහොන තුළ නොතිබීමය.
මෘත
දේහය වෙනුවට ඔවුන්ට දැකගත හැකිවූයේ දොර විවර වූ හිස් සොහොනකි. දේවදූතයා කරුණු
පැහැදිළි කළ සැනින් මෙම විශ්වාසවන්ත කාන්තාවෝ වහාම ක්‍රියාත්මක විය. ඔවුන්ගේ පළමු ඉලක්කය වූයේ හැකි ඉක්මනින් ගොලයන්
සිටින සිථානයට දිව ගොස් දේව දූතයා කී ඔවුන් හට ප්‍රකාශ කිරීමය. මේ වන විටත් ඔවුන් සතුව යේසුස්වහන්සේ නැවත නැගිට
ජීවමානව වාසය කරන බවට ඇසින් දුටු කිසිදු සාක්ෂියක් නොවීය.
ගතවූයේ
තත්පර කීපයකි. මෙම විශ්වාසවන්ත කාන්තාවන්හට ජීවමාන සාක්ෂියක් අද්දැකීමට හැකි විය. එනම්
නැවත නැගිටි යේසුස්වහන්සේම මුණ ගැසීමය. දේවදූතයා හා යේසුස්වහන්සේ යන දෙදනාගෙන්ම
මෙම කාන්තාවට පැවරුණේ එකම වගකීමකි. එනම් සොහොන හිස් වී ඇති බව සෙසු ගෝලයන්ට
ප්‍රකාශ කිරීමය.
එදා
සමාජයේ කාන්තාවකගේ සාක්ෂියට කිසිදු වටිනාකමක් හෝ බලපෑමක් නොවීය. එහෙත් මෙම
කාන්තාවෝ නැවත උත්ථානවූ පණිවුඩය රැගෙන ගිය පළමු සාක්ෂිකාරියන් විය[1].
ආ ද ර් ශ ය හා අ දා ළ කි රී ම
1. දෙවියන්වහන්සේගේ වටිනා කම් මිනිස් වටිනාකම් හා සමාන කළ නොහැකිය. එදා
සංස්කෘතිය කාන්තාවකගේ සාක්ෂිය පිළිනොගත්තද, යේසුස්වහන්සේ තම නැවත නැගිටීම ගැන මුලින්ම
සාක්ෂි දැරීමට තෝරා ගත්තේ කාන්තාවන්ය. දෙවියන්වහන්සේ අප දෙස බලන්නේ සමාජය අප දෙස
බලන ආකාරයෙන් නොවෙයි.
2. පාස්කුවේ සැබෑ අර්ථය සොහොන හිස් වී ඇති බව ලෝකයාට ප්‍රකාශ කිරීමය. සොහොන
හිස් වීම යනු සේසුස්වහන්සේ මැරී නැවත නැගිටි බවය.
3. පැරණි ගිවිසුම තුළ පාස්කු මංගල්‍යයේදී බැටළු පැටියකුගේ ලෙයින් ලද පව් කමාව
තාවකාලික හා වසරක් පතා නිතරම කිරීමට සිදුවිය. එහෙත් ලොවෙහි පාපය දුරුකරන දෙවියවන්වහන්සේගේ
බැටළු පැටවා එකවරක් පූජාවීමෙන් සදාකාලයටම වලංගුවන පාප කමාවක් නොමිලේම දුන් සේක.
[1]
IVP Bible Background
Commentary: New Testament by Craig S. Keener Copyright © 1993 by Craig S.
Keener. Published by InterVarsity Press.