Thursday, March 8, 2012

ඔබටත් හැකිය


හැ ඳි න් වි :
(මෙම බයිබල් අධ්‍යනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

අද දවසේ අපගේ අධ්‍යනයේ පසුබිම පසුගිය සතියේ පාඩම වන තෙල්, වතුර හා තැඹිලි හා කෙලින්ම සම්බන්ධ බැවින්, පළමුව එය නැවත වරක් සිහි කරන්න. ‍ඇතැම් රෝග වලට හේතුව විශබීජ වන අතර තවත් විටක පාපය හේතුකාරකයක් වෙයි. මෙහිදී යාකොබ්තුමා සඳහන් කරන්නේ පාපය නිසා ඇතිවන රෝගී තත්වයන් පිළිබඳය. එලෙසම සැබෑ පසුතැවීම ඇති තැන සම්පූර්ණ සුවය ඇත. බයිබලය තුල සඳහන් කර ඇති සෑම බලවත් ක්‍රියාවක්ම කර ඇත්තේ ඔබත් මමත් වැනි සාමාන්‍ය මිනිසුන්ය. ඔවුන්ද අප හා සමානම හැඟිම් දැනීම් ඇති, අපි මුහුණ දෙන ආකාරයේම ප්‍රශ්න හා අභියෝග වලට ලක්වූ අය වෙති. එකම රහස නම් ඔවුන් ගත කළ ධර්මීශ්ඨ ජීවිතය හා ඇදහිල්ලෙන් නොපසුබටව කළ යාච්ඤාවයි.


අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

බයිලය තුළ සඳහන් කර ඇති සෑම හාස්කමක්ම අදටත් එලෙසින්ම හෝ ඊටත් වැඩියෙන් ඔබටත් කළ හැකිය. එසේ කිරීමට අවශ්‍ය සුදුසුකම් නම් ධර්මීශ්ඨ ජීවිතය හා ඇදහිල්ලෙන් නොපසුබටව කරන යාච්ඤාවයි.

අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

මෙම කොටස ආරම්භ වන්නේ එබැවින්යනුවෙන් සඳහන් කරමිනි. ඉන් අදහස්වන්නේ පෙර ඇති බයිබල් කොටස හා  මෙම කොටස අතර සම්බන්ධයක් ඇති බවයි (පසු ගිය පාඩම සිහිගන්වන්න).

අප අතර සිටින ඇතැම් සහෝදර සොයුරියන් දිර්ඝ කාලයක් සුව නොවන රෝග හෝ නොවිසෙදන ප්‍රශ්න වලින් ගමන් කරනවා විය හැකිය. කොපමණ යාච්ඤා කළත් පෙනෙන තෙක්මානයක විසඳුමක් දැකිය නොහැකිය. මෙයට හේතුව ඇතැම් විට රහස් පාපයක් හෝ පාපොච්චාරණය නොකළ වරදක් සමඟින් පොරබඳිමින් සිටීම විය හැකිය. යාකොබ්තුමා අපට උගන්වන්නේ මෙවන් අවස්ථාවලදී විශ්වාසවන්ත එක් අයෙක් සමඟ තම පාපය හෝ වරද එළිකර ගණන්දීමෙන් යුතුව ක්‍රියා කරමින් සුවය ලබන ලෙසටය.  මෙම ලිපිය ආරම්භයේදිම එතුමා මතක් කර දෙන්නේ fufia ;DIaKdj ms<="" mdmh="" span="">බිys lrhs' mdmh o uqyql=rd f.dia urKh is³ lrhs'’  (යාකේබ් 1:15) යනු වෙනි.

මෙහිදී මතක තබා ගතයුතු දෙයක් නම් බොහෝ විට දෙවියන්වහන්සේ සමාව දුන්නත් මිනිසුන් සමාව නොදෙන බැවින් නිවැරදි පුද්ගලයා හා පමණක් අපගේ ප්‍රශ්න සාකච්ඡා කළ යුතු බවය.  හැම විටම පුරුෂයෙක් පුරුෂයෙක් සමඟ ද, ස්ත්‍රීයක් ස්ත්‍රීයක් සමඟ ද, පමණක්ම මෙවැනි සංවේදී කරුණු සාකච්ඡා කළ යුතුමය. ඔබ තෝරා ගනු ලබන තැනැත්තා ආත්මිකව පරිණත අයෙක් වීමද තවත් වැදගත් කරුණකි. එවිට එම තැනැත්තාට නිවැරදි අනුශාසනාවක් හා නිවැරදි යාච්ඤාවක් කළ හැකි වනු ඇත.

wmg mdmhla ke;e hs Ùhuq k•" wms wm u rjgd.Úuqá i;Hh o wm ;=< ke;' 9tfy;a wms mdfm`ƒpdrKh lruq k•" œYajdijka; jQ o" OÈ–IaG jQ o" foœhka jykafia ish® mdmj,ska o wo–Ûl•j,ska o wm mœ;% lrk fial' 10wms m› lr ke;e hs Ùhuq k•" wms Wka jykafia fndreldrfhl= lruq( Wka jykafiaf.a jpkh o wm ;=< fkdmjØh’ (1 යොහන් 1:8-10).

පැරණි ගිවිසුම තුළ එළියා දිවැසිවරය ඉතාමත් ප්‍රබල පුද්ගලයෙක් විය. ඔහුගේ ජීවිතය දෙස බලන විට අද දවසසේ ඔබත් මමත් මුහුණ දෙන සෑම අර්බුදයකටම ඔහුද මුහුණ දෙන ලදි. අපි වාගේම කලකිරිම්, බිය, පරාජය හා අධෛර්ය තුළ ගමන් කළේය. එහෙත් ඔහු උනන්දුවෙන් හා ඇදහිල්ලෙන් අත්නොහැර කළ යාච්ඤාවේ ප්‍රතිථලයන් ඉමහත්ය.

ර්  හා   දා කි රී

1.   ඔබත් දිර්ඝ කාලයක් සුව නොවන රෝග හෝ නොවිසෙදන ප්‍රශ්න වලින් ගමන් කරන අයෙක්ද?
2.   කොපමණ යාච්ඤා කළද තවමත් එය සුවවී හෝ විසදී නැද්ද?
3.   ඇතැම්විට යාච්ඤාවට පිළිතුරු ප්‍රමාදයට හේතුව රහස් පාපයක් හෝ පාපොච්චාරණය නොකළ වරදක් විය හැකිය.
4.   එසේනම් දැන්ම ආත්මිකව පරිණත, ඔබේම ලිංගයේ අයෙක් තෝරාගෙන පාපොච්චාරණය කර ආත්මික, මානසික හා ශාරීරික සුවය උදෙසා යාච්ඤා කරන්න.