Saturday, March 3, 2012

තෙල්, වතුර හා තැඹිලි


යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)


මාතෘකාව :-  ‘තෙල්, වතුර හා තැඹිලි’

ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 5:14-15බී
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

14Tn w;frka hfula fr`.S j is‡kafka k•" Tyq iNd uQ,slhka le|jd.kS jd' ta uQ,slfh`
i–¹Kka jykafiaf.a kdufhka Tyq f;,ska wdf,am fldg" Tyq Wfoid hdƒÆ lr;a jd' 15tœg weoys,af,ka mÜok hdƒÆfjka fr`.shdg iÜjh ,ef’' i–¹Kka jykafia Tyq keósÛjkÜ we;'


හැ ඳි න් වි :
(මෙම බයිබල් අධ්‍යනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

වර්තමානයේ කිතුනු සභාවන් තුල විවධාකාර වූ සම්ප්‍රදායන් හා චාරිත්‍ර දැක ගත හැකිය. මෙවා අතරින් බොහොමයක්ම බයිබලයට පටහැනි හා බයිබලීය සත්‍යයන් විකෘති කර ඉදිරිපත් කරයි. එබැවින් කිතුනු නාමයෙන් අප විසින් කරන දේ විමසීමකට ලක්කර, එය දේව වචනයට අනුකූලදැයි නිතරම බැලිය යුතුව ඇත. ඇතැම් සභාවන් වල ‘යාච්ඤා කරන ලද’ හෝ ‘ආශිර්වාද කරන ලද’ ‍තෙල්, වතුර, හා තැඹිලි ඇදහිලිවතුන්හට ලබා දෙති. එහෙත් එවැනි ඉගැන්වීමක් බයිබලය තුල දක්නට නැත.


අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

ශාරීරික, හෝ ආත්මිකව රෝගීවී ඇති පුද්ගලයා සුවය ලබන්නේ ‍‘යාච්ඤා කරන ලද’ හෝ ‘ආශිර්වාද කරන ලද’ තෙල් හෝ වතුර හෝ තැඹිලි නිසා නොව ඇදහිල්ලෙන් කරන යාච්ඤාව අසන දෙවියන්වහන්සේගේ කරුණාව මතය.


අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

යාකොබ්තුමා තම ලිපිය තුළ එවකට පැවති එක් යාච්ඤා සම්ප්‍රදායක් සඳහන් කරයි. එනම් යම් පුද්ගලයෙක් රෝගී වූ අවස්ථාවකදී සභාවේ වැඩිමහල්ලන් විසින් කරනු ලබන ක්‍රියාවකි. මුල් ග්‍රීක් පිටපත්වල සඳහන්වන ආකාරයට මෙහි විස්තර කරන්නේ ශාරීරික ‍රෝගී තත්වයක් ගැන පමණක්ම නොවෙයි. යාකොබ්තුමා යොදාගෙන ඇති ග්‍රීක වචනය වන  Astheneí - ඇස්-තෙ-නෙයි’  යන්නෙහි අර්ථය ‘දුර්වලකම’ යන්නයි. එනම් ඕතෑම ආකාරයේ දුර්වලකමකදී යාච්ඤාවෙන් එම තත්වය වෙනස් කර ගත හැකිය. මෙම දුර්වල කම ශාරීරික, ආත්මික හෝ මානසික රෝගී තත්වයන් විය හැකිය[1].

මෙහිදී යාකොබ්තුමා උගන්වන ආකාරයට රෝගී පුද්ගලයා සුවය ලබන්නේ තෙල් ආලේප කළ නිසා නොව නායකින් යාච්ඤා කළ විටය[2]. එලෙසම එම යාච්ඤාව ඇදහිල්ලෙන් යුතුව කළ යුක්තක් බව සඳහන් කරයි. ඇත්තෙන්ම සුවය ප්‍රධානය කරන්නේ ස්වාමීන්වහන්සේ විසිනි. i–¹Kka jykafia Tyq keósÛjkÜ we;’. එනම් රෝගී පුද්ගලයෙක් වෙනුවෙන් ඇදහිල්ල ඇති ඕනෑම අයෙකුට යාච්ඤා කළ හැකිය. නායකයෙක් හෝ වැඩිමහල්ලෙක් පැම්ණෙනතෙක් බලා සිටීමට අවශ්‍ය නැත. දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් කරන ඕනෑම යාච්ඤාවක් අසන සේක.

බයිලයේ සඳහන්වන ආකාරයට තෙල් ආලේපයක් ලෙසත් බෙහෙතක් ලෙසත් බාවිතා කරන ලදි. විශේෂයෙන් ඔලීව තෙල් මෙහිදී යොදා ගන්නා ලදි. පැරණි ගිවිසුමේදී රජවරුන් හා දිවැසිවරුන් පත්කිරීමේදී මෙන්ම යම් කිසි නිලයක් තහවුරුකිරීමකදී තෙල් ආලේප කිරිමක් දක්න ඇත.

අප ජිවත්වන්නේ අන්‍යාගමික වත්පිළිවෙත් වලින් බහුල සමාජයකය. එබැවින් ඔවුන් විසින් තෙල්, වතුර, නූල් හා තැඹිලිවලට කරන යම් යම් මන්ත්‍ර, ජීවන් කිරීම් හා ගුරුකම් වලින් ආතුරයන්ට (රෝගීන්ට) සුවය දෙන ආකාරයට අපගේ යාච්ඤාව පත්නොකිරීමට අප දැඩිව වග බලා ගත යුතුය. අපගේ යාච්ඤාව මේවාට කොහේත්ම සමාන කළ නොහැකිය.

දෙවියන්වහන්සේ අසන්නේ ධර්මිෂ්ධ පුද්ගලයින් ඇදහිල්නේ කරන යැදීම් පමණි. යාච්ඤා කරන පුද්ගලයාගේ ජීවිතයේ ශුද්ධකම මෙන්ම යාච්ඤාව ලබන පුද්ගලයාගේ ඇදහිල්ල යන දෙකම මෙහිදී වැදගත්ය. එහෙත් සුවය ලැබෙන්නේ අපගේ ශුද්ධකම හෝ ඇදහිල්ල නිසා නොව දෙවියන්වහන්සේගේ කරුණාව මතය.

බයිබලය විශ්වාස කරන කිතුනුවන් ලෙස අප ශාරීරික, ආත්මික හෝ මානසික යනු ඕනෑම රෝගී තත්වයන් වලදී ‘දිව්‍ය සුවය’ මෙන්ම ‘වෛද්‍ය සුවයද’ විශ්වාස කරන්නෙමුව. ඊට හේතුව අප කුමණ බෙහෙතක් පානය කළත් අවසානයේ සුවය දෙන්නේ දෙවියන්වහන්සේ විසින් වන බැවිනි. වෛද්‍යවරුන් හා වෛද්‍ය විද්‍යාවේ දියුණුව ගැන අප දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමු.


ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

1.    ඔබත් ‘යාච්ඤා කරන ලද’ හෝ ‘ආශිර්වාද කරන ලද’ ‍තෙල්, වතුර, හා තැඹිලි සොයා යන අයෙක්ද?
2.    සුව කිරීමේ බලය ඇත්තේ යාච්ඤාවට මිස ‍තෙල්, වතුර, හෝ තැඹිලි වල නොවෙයි.
3.   රෝගී පුද්ගලයෙක් වෙනුවෙන් ඇදහිල්ල ඇති ඕනෑම අයෙකුට යාච්ඤා කළ හැකිය.
4.   කවුරුන් යාච්ඤා කළත් සුවය දෙන්නේ ස්වාමීන්වහන්සේ විසිනි.
5.   අපි ‘දිව්‍ය සුවය’ මෙන්ම ‘වෛද්‍ය සුවයද’ විශ්වාස කරන්නෙමුව.







[1] Bible Knowledge Commentary/New Testament Copyright © 1983, 2000 Cook Communications Ministries.
[2] ජාතික ක්‍රිස්තියානි ධර්මදාන ආයතනයේ දූතන අංශයේ සේවය කරන ජෙබසින් මරේ හා කළ සාකච්ඡාවක් ඇසුරෙන්.