මාතෘකාව
:- ‘දේව කැමැත්තට පිටුපෑම
අංක 1’
ශුද්ධලියවිලි පාඨය :- ජෝනා 1:1-6
(මෙම කොටස සෛලය තුලදී
හොඳින් ශබ්ද නගා කියවන්න)
1i–¹Kka
jykafiaf.ka w–;a;hsf.a mÜ;a fc`kdg me–× m×jqvh fufia h( 2öökeósg
ÚÚjh k• fYa%IaG k.rhg f.dia Bg œreoaO j fudr.ikaká ukao\" tys jeishkaf.a
³Iaglu ug b;d fyd¢ka fmfka'÷÷ 3tfy;a\" fc`kd i–¹Kka jykafia uó yer m,d
hk ms×i ;ÈIsIag hkakg msg;a œh' ta i|yd Tyq fcdmamdjg .sfha h' tys ¡
Tyqg ;ÈIsIag hk kejla yuqවී" Bg
.dia;=j f.jd i–¹Kka jykafia fjØka m,d hk ms×i ;ÈIsIa n,d hk kejlg keó=fKa h'
4 tfy;a"
i–¹Kka jykafia uqyqo msg ;o iÜ<óla yukak ie,eiÝ fial' thska uqyqfoa uyd
l=KdÛjla weØ kej" බිf|kakg œh'
5tœg kdœlfh` "h"
tl tld ;u ;udf.a foœhkag fudr.eiÜfj` h\' T›yq kej ieye,a® lr.kak ms×i tys ØnqKÏ
nvq uqyqog වීis lf<`
h\' tfy;a\" fc`kd kef› my; ;†Ûjg nei f.dia nr Úkaolg jeˆ yqkafka h\'
6 tœg ke›mØhd
Tyq <óg wjq;a\" ööTn fyd|g u Ú°f.k isˆf• f;areu l=ula o@ keósg Tf’
foœhkaf.ka msysg b,a,kak\' iuyr œg Wka jykafia wm œkdY fkdjk f,i wm .ek i,lkÜ
we;e÷÷hs lS h\'
හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ
පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)
නිනීවය
යනු එදා පැවති බලවත් අධිරාජ්‍යයක් වන අසිරියාවේ අග නගරයි. අසිරියාව යනු ඉශ්‍රායෙල් ජනයාගේ සතුරෙක් වන අතර
ඔවුන් හට බලවත් සේ හිංසා කල රාජ්‍යයකි. මොවුන් විවිධ අවස්ථාවන්හී ඉශ්‍රායෙල් ජනයා වහල්කමට
රැගෙන ගියහ. ජෝනා යන නමේ අර්ථය ‘පරවියා’ යන්නයි. දෙවියන්වහන්සේ නිනීවය
පිළිබඳ උදහස් වී ඇති බවත්, ඒ බව ඔවුන්ට දැනුම් දෙන ලෙස ජෝනාට පවසියි.
අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින්
අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)
දේව කැමැත්තට පිටුපා
ගමන් කරන් කල අපට කුණාටු වලට මුහුණ දීමට සිදුවෙයි.
අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ
අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)
1.
දෙවියවන්වහන්සේ ජෝනාට
ඉතාමත් පැහැදිළිව කථා කරයි. උන්වහන්සේ පොළොවේ සෑම ජාතියක් දෙසම බලා සිටින සේක. නිනීවයට විනිශ්චය
පැමිණීම ආසන්න බැවින් එතුමා ඔවුන්ට අනතුරු ඇඟවිමක් කරන පිණිස ජෝනා දිවැසිවරයා තෝරා
ගනු ලබයි.
2.
එහෙත් ජෝනා
දෙවියන්වහන්සේගේ සැලැස්මට පිටුපා තමන්ට කැමති දිශාවකට ගමන් කරයි. ඔහු මෙසේ කළේ ඇයි? දෙවියන්වහන්සේට ජෝනා
යන ස්ථානය හෝ ඔහුගේ සිතුවිලි දැනගත නොහැකි වනු ඇතැයි ඔහු සිතුවේද? මෙය බැලූබැල්මට අඥාන (මෝඩ) ක්‍රියාවකි. කිසිවෙකුට
දෙවියන්වහන්සේගෙන් සැඟවිය නොහැකිය.
3.
ජෝනා දෙවියන්වහන්සේ කී ලෙස නැගිට
පිටත්වී ගියේය. එහෙත් ගියේ උන්වහන්සේ කී ස්ථානයට නොවෙයි. ඔහු මෙසේ වෙතන්
දිශාවකට ගියේ ඇයි? තමා දේවකැමැත්ත තුළ සිටිව බව අන් අයට ඒත්තු ගන්වන පිණිස
මෙය කළා විය හැකිය.
4.
එහෙත් අවසානයේ
දෙවියන්වහන්සේ හෝ තමා අවට සිටින අය රැවටීම වෙනුවට තමාවම රවටා ගැනිමට ජෝනාට සිදුවිය.
5.
ජෝනාගේ අකීකරුකම නිසා
නිසා මුළු නැවේ සිටි අයටම කුණාටුවම මුහුණ දී අලාභ සිදුවිය. දේවදරුවන්ගේ කිකරු
කමෙන් ඔවුන් අවට සිටින අන්‍ය භක්තිකයන් ආශිර්වාද ලබනවාසේම දේවදරුවන්ගේ අකිකරු කම
නිසාද ඔවුන් අවට සිටින අන්‍ය
භක්තිකයන් පීඩා පැමිණිය හැකිය.
6.
නැව්පතියා දන්වන තුරු කුණාටුව
පිළිබඳව ජෝනාට කිසුදු හැඟිමක් නොවූ අතර ඔහු සැපට නිදා ගෙන සිටියේය.
ආ ද ර් ශ ය හා අ දා ළ කි රී ම
1.
දෙවියන්වහන්සේ පොළොවේ
සිටින සෑම ජාතියක් විනිශ්චය කරන සේක. උන්වහන්සේ නොදන්නා අය අනිවාර්‍යයෙන්ම විනාශයට යන අතර
ඔවුන්ට සුභාරංචිය ප්‍රකාශකිරීම හා එය පිළිගන්නා අය ගෝලත්නවය ගෙන ඒමට ඔබට
දෙවියන්වහන්සේ අණ කර ඇත. එම කැඳවීමෙන් අපට ඵලා යා නොහැකිය.
2.
ඔබත් දේවකැමැත්තට
පිටුපා ගමන් කරන අයෙක්ද? දෙවියන්වහන්සේගේ ඇස්වලින් කිසිවක් සැඟවී නැත.
3.
ඇතැම්විට මමත් ජෝනා
මෙන් දේවකැමැක්ත මට අවශ්‍ය ලෙස වෙනස් කර, මට කැමති දිශාවකට ගමන් කරන අයෙක් විය හැකිය.
4.
අනුන් රවටන්නා තමාවම
රවටා ගනී. දෙවියන්වහන්සේ රැවටීමට කිසිවෙකුට නොහැකි වන අතර මිනිසා
තමා වපුරන දේම කපා ගනු ලබයි.
5.
දෙවියන්වහන්සේට කීකරුවන
පුද්ගලයාගේ පරම්පරා දහස් ගණනකට ආශිර්වාදය ගලායන්නාසේ, උන්වහන්සේට
අකීකරුවන්නාගේ තුන්වන හතර වන පරම්පරාව දක්වා ශාපය උරුම කර ගනී.
6. දේවකැමැත්තට පිටුපා ක්‍රියා කරන විට අපගේ ආත්මික ඇස් වැසීයන
අතර සත්‍ය වටහා ගැනීමට හෝ නිවැරදි දේ දැකීමට ඇති හැකියාව අපගෙන් ඈත්වීයයි. මෙය ආත්මික මුලාව
යෑමකි.