Monday, August 13, 2012

දේව වචනය හා මම අංක 3 ‘කටුගස් සහිත පස’


දේව වචනය හා මම අංක 3 ‘කටුගස් සහිත පස’

ශුද්ධලියවිලි පාඨය :- මතෙව් 13:1-9
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

7 wka iuyrla lÛ .ia w;r je‡×á lÛ .ia jeවීtajd hglr ±— h' 22 m×jqvh wid" f• ãœ;fha lrorj,ska o jia;= udhdfjka o m×jqvh hgm;a u Úid" flfkla , fkdorØ' lÛ w;r jeÛK" බීc hkafkka woyia lrkÜfha tjeÚ wh h'

හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

පසුගිය සති දෙක තුළදී අපි බීජ වැටුනාවූ පස් වර්ග 2 ක් ගැන සාකච්ඡා කලෙමු. එනම් තද පස හා ගල් සහිත පසයි. මෙම ස්ථාන දෙකේදීම සිදුවූයේ බීජ විනාශ වීමය. තද පසේ බීජ වහාම කුරුල්ලන්ට ගොදුරු වූ අතර, ගල් සහිත පසේ වැටුනාවූ බීජ පැළවුවත් පස නොගැඹුරු බැවින් එයද හිරු රශ්මියෙන් විනාශ විය. එහෙත් අද දිනයේ සඳහන් වන ස්ථානය මඳක් වෙනස්ය. එහි දැනටමත් ගස් වෑවී ඇත. එනම් ඉන් හඟවන්නේ මෙම ස්ථානයේ පස සරුබවය. එහෙත් සිදුවූයේ ටික දිනකට පසු එහි වැටුනාවූ බීජ ද කලින් ඒවා මෙන්ම විනාශවී යාමය.

අ ව ධා න ය : -
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

හදවත නැමැති පස කටු ගස්වලින් පිරී ඇත්නම් නම් අසන දේව වචනය ජීවිතය තුළ‍ට කා වැදුනද එය වැඩිකල් නොපවතිනු ඇත.

අ න් ත ර් ග ත ය :-
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

1.තෙවැනි වර්ගයේ පස සරු පසකි. ඊට හේතුව දැනටමත් එහි ගස් වැවී තිබීමය. එහෙත් ගැටළුව නම් එහි වැවී තිබුණේ කිසිවෙකුටත් ප්‍රයෝජනයක් ඇති ගස් වර්ගයක් නොවීමය. ඒවායේ හටගත් ඵලද විෂ සහිත විය. මන්ද ඒවා කටු ගස්විය.

2.මෙම පසේ වැටුනාවූ බීජ වහාම පැළවිය. එහෙත් ඵල හට ගැනීමට පෙර ඒම ගස් විනාශවී ගියේය.

3. 22 වැනි පදයේ සඳහන් කරන ආකාරයට යේසුස්වහන්සේ මෙම උපමාව විස්තර කරමින් කටු ගස් වලට සමාන කරන්නේ කුමක්ද? එනම්
ü  ජීවිතයේ කරදර හා
ü  වස්තු මායාවටය.

4.   ජීවිතයේ කරදර:
    i. කරදර වලින් පිරී නැති ජිවිතයක් සොයාගැනිමට ඉතාමත් දූෂ්කර දෙයකි.
  ii. මේලෝකයේ කරදර ඇති බව දේව වචනය ඉතාමත් පැහැදිළි ලෙස සඳහන්       කරයි (යොහන් 16:33).
   iii. එහෙත් අවසානය දක්වා විශ්වාසවන්තව සිටින්නා පමණක් ජයගනු ඇත /          ගැලවෙනු ඇත.
   iv. අපගේ ජීවිතයට එන සෑම ප්‍රශ්ණයකටම දිව්‍යමය සැලැස්මක් ඇත.
  v. මෙම සැලැස්ම පෙනෙන්නේ ආත්මික ඇස් ඇති අයට පමණි.
vi. බයිබලය සඳහන් කරන ආකාරයට දෙවියන්වහන්සේට ප්‍රේම කරන       පුද්ගලයාගේ ජීවිතයේ සිදුවන සෑම දෙයක්ම යහපතට සිදුවනු ඇත (රෝම         8:28).

5.   වස්තු මායාව:
        i.  වස්තුව හා ධනය පිළිබඳව බොහෝ විට අපට ඇත්තේ වැරදි ආකල්පයකි.
         ii.  වස්තුව හා ධනය යනු අපවිත්‍ර හෝ ශුද්ධකමට බාධකයක් යයි ඇතමුන් විශ්වාස කරති.

 iii. එහෙත් බයිබලය අපට උගන්වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. බයිබලයේ සඳහන් වන ‘ෂාලොම්’ යන වචනයේ අර්ථය නම් ශාරීරික, සමාජීය හෙයවත් භෞතිකමය හා ආධ්‍යාත්මිකව දෙවියන්නහන්සේගෙන් ලැබෙන ආශිර්වාදයයි.
 iv. එහෙත් ගැටළුව වන්නේ අපි ආශිර්වාදය දුන් තැනැන්වහන්සේ අමතක කර ආශිර්වාදයට නමස්කාර කිරීමට යොමුවීමය.
   v.    ලොත්ට හා ඔහුගේ භාර්‍යාවට මෙන්ම දිමස් හට (2 තිමති 4:10) විනාශය අත්වූයේ ඔවුන් තිදෙනාම වස්තු මායාවෙන් මුලාවීමය.
 vi. දෙවියන්වහන්සේ කෙරෙහි දිනපතා යැපෙන්න ඉගෙන ගත් පුද්ගලයාට වස්තුව හා ධනය කිසි විටක බාධාවක් නොවනු ඇත.

ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම :-
(මෙම බයිබල් කොටසින් මට ඇති වැදගත් කම විමසා බලන්න)

1.   කටු හා ගොකටු ඇතිවූයේ පාපය ලොවට ඇතුල්විමත් සමඟය.

2.   අපගේ ජීවිතයේ ඇති කටු ගස් ගලවා ඉවත් කිරීම ඉතාමත් වැදගත් දෙයකි. එනම් දෙවියන්වහන්සේ හා මගේ අතර ඇති සම්බන්ධයට බාධාවන ඕනෑම දෙයක්,  පුරුද්දක්, ඇබ්බැහිකමක්, සම්බන්ධතාවයක් හෝ පුද්ගලයෙක් වියහැකිය.

3.   යේසුස්වහන්සේ තම දුක්විදීමේ ක්‍රියාවලියේදී කටු ඔටුන්කන් පැළඳි අතර අපගේ සියලු කරදර හා ශාපය උන්වහන්සේ මතට ගත්සේක.   

4.   එබැවින් උන්වහන්සේගේ මරණය හා නැවත නැගීටීමෙන් ලැබෙන නව ජීවිතය වීශ්වාස කරන පුද්ගලයාට පාපයට කමාව හා ඵල දරන පසක්  සහිත බිමක් වැනි හදවතක් ලැබෙයි.