Saturday, August 4, 2012

දේව වචනය හා මම අංක 2 'ගල් සහිත පස'


දේව වචනය හා මම අංක 2 ගල් සහිත පස’

ශුද්ධලියවිලි පාඨය :- මතෙව් 13:1-9
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

mi ;=kS .,a" බි•j, jeˆ" mi .eUqre kÜjQ neœka jyd u me< œh' 6tfy;a" ysre keó=KÏ l," tajd ± uq,a keØ neœka œh\

හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

මෙම උපමා කථාවට අනුව බීජ (දේව වචනය) වැටුන ස්ථාන (අපගේ ජීවිත) කොටස් 4 කට බෙදා දක්වයි. එනම් තද පස (මාර්ගයේ වැටුන බීජ), ගල් සහිත පස, කටුගස් සහිත පස හා සරු පසය.  පසුගිය සතියේ අපි විසින් තද පස හෙවත් මාර්ගයේ වැටුන බීජ පිළිබඳව සාකච්ඡා කළ අතර අද දිනයේ  ගල් සහිත පස පිළිබඳව විමසා බලමු.

අ ව ධා න ය : -
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

හදවත නැමැති පස ගල්වලින් පිරී ඇත්නම් නම් අසන දේව වචනය ජීවිතය තුළ‍ට කා වැදුනද එය වැඩිකල් නොපවතිනු ඇත.

අ න් ත ර් ග ත ය :-
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

1.   ගල් සහිත බි‍ම වැටුනාවූ බීජ මඟ වැටුන බීජ වලට වඩා පියවරක් ඉදිරියට ගමන් කරයි. ඒවා වහාම පැළවුන බව සඳහන් කරයි.

2.   මෙම ගල් සහිත ප‍සේ ඉතා ස්වල්ප ප්‍රමාණටකට පස් තිබූණ නිසාත් එම පස තුනී හා ‍නොගැඹුරු බැවින්, එය බීජ ඉක්මනින් පැළවීමට පිටුවහලක් විය.


3.   එහෙත් දින කීපයට පසුව හිරු රශ්මිය නිසා මෙලෙස පැළවූ බීජ වියළී ගියේය. ඊට ‍හේතුව ‍‍‍‍ලෙස දක්වා ඇත්‍තේ පස තුනී හා නොගැඹුරුවීම මෙන්ම මුල් නොමැතිකමය. ගසක ශක්තිමත් බව හා පැවැත්ම රඳා පවතින්නේ එහි මුල් මතය. දුර්වල මුල් ඇති ගස ඉතාමත් පහසුවෙන් විනාශ වී යනු ඇත.

4.   ගල් සහිත පසක මුල් ඇදීමට ඇති හැකියාව ඉතාමත් අඩුය. ගල් නිතරම මුල් ඇදීමට බාධාවක් හා අවහිරයක් වනු ඇත. ගල් සහිත පස නිසරු වන අතර එහි ජලය රැඳී නොපවතින අතර ඉකිමනින් වියළි තත්වයට පත්වෙයි.


ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම :-
(මෙම බයිබල් කොටසින් මට ඇති වැදගත් කම විමසා බලන්න)

1.      ආත්මික ඵල දැරීමට ආත්මික ගැඹුරත්වය අවශ්‍ය ‍වෙයි. 20-21 වැනි වගන්තියට අනුව යේසුස්වහන්සේ විසින් මේ පිළිබඳව විස්තර කර ඇත. සුභාරංචිය ඇසූ සැනින්ම එය ඉතාමත් උනන්දුවෙන් පිළිගෙන පසුව මඳ කලකින් එය අතහැර යන අය ගල් සහිත පසේ වැටුන බීජ වලට සමාන කර දක්වයි.

2.      අපගේ ජීවිතයේද මෙවැනි ගල් පවතිනවා විය හැකිය. දේව වචනය ජීවිතයේ අභ්‍යන්තරයට ගොස් එය නිරන්තරයෙන් දෛනික කටයුතු හා සම්බන්ධවී ක්‍රියා කිරීමට මෙම ගල් බාධාවක් වනු ඇත. මේ ගල් සැබවින්ම කුමක් විය හැකිද? අතනොහරින ලද වැරදි පුරුදු, ඇබ්බැහිකම්, වැරදි ආකල්ප හා විශ්වාසයන්,  වෙනත් ආගමික හා දාර්ශනික අදහස් හා ඉගැන්වීම් ආදියයි.

3.      මොවුන් මෙලෙස ඇදහිල්ල අතහැර යන්නේ ඇයි? තමා ඇසූ වචනය සිතේ තැන්පත් කර නොගැනීම ඊට ප්‍රධානතම හේතුවයි. තමා අසූ පණිවුඩය නිසා පැමිණෙන පීඩාවන් පිළිබඳව යේසුස්වහන්සේ සඳහන් කරයි.

4.      එනම් අපගේ ඇදහිල්ල සෝදිසිකරන පරීක්ෂාවන්ය. යේසුස්වහන්සේට සාතන් විසින් මෙවන් පරීක්ෂා 3 නක් ගෙනාවේය. සාතන් ඒ සියල්ලම දේව වචනය වැරදි ලෙස යොදාගෙන ඉදිරිපත් කළද, යේසුස්වහන්සේ ඒවාට නිවැරදිව පිළිතුරු දුන් අතර පරීක්ෂාවෙන් ජය ගත් සේක.

5.      සාතන්ගේ උපාවලින් ගැලවිමට හා ආරක්ෂා විමට දේව වචනය නැමැති කඩුව අත දැරිය යුත්බව පාවුල් තුමාද අපට මතක් කර දෙයි (එපිස 6:10-18).


6.      ආත්මික ගැඹුරත්වය ඇතිවන්නේ තම ජීවිතය ‍දේව වචනය මත ගොඩ නගන විටදී පමණි. ඒසේ නොමැති විට සිදුවන්නේ වැලිමත නිවස ගොඩනැගූ පුද්ගලයාට සිදුවූ දේමය.

7.      සැබෑ කිතුනුවා හැඳින ගත හැක්‍කේ ඔහුගේ හෝ ඇයගේ ජිවිතයට හිරු පායා රශ්මිය දැනෙනවා සේ ප්‍රශ්ණ හා කරදර වලට මුහුණ පාන විටදි පමණි.

8.      හිරු රශ්මිය යනු දිගටම පවතින දෙයක් නොවන අතර එය පැය කීපයකදී නැතිවී යනු ඇත.  එලෙසම ජිවිතයට එන කුණාටු හා ප්‍රශ්න පවතින්නේද කෙටි කාලයකට පමණි.

9.      ඔබේ ජීවිතයේ ඉවත් කිරීමට ඇති ‘ආත්මික බලකොටු’ හෙවත් ‘ගල්’ මොනවාද?