Monday, March 18, 2013

මානසික පීඩනයෙන් නිදහස !

පෙර වදන
සමිඳුන් කෙරේ විශ්වාසය තබන පුද්ගලයා වටකර කො‍තෙක් ප්‍රශ්න පැවතියද, ඒවා කිසිවිටක ඔහු ගිල නොදමයි. ජීවිතයේ කරදර ඇතිවිට අපට නින්ද නොයන අතර, මෙම ගීතයේ 5 වන පදයට අනුව සමිඳුන්හට තම ප්‍රශ්න භාර කරන පුද්ගලයාට සුව නින්දක් ලැබෙනු ඇත. 

ගීතාවලිය 3 වන පරිච්ඡේදය 
1 සමිඳුනි, මට සතුරෝ ගණනින් බොහෝ වන්නෝ ය; මට විරුද්ධ වන්නෝ එන්න එන්න වැඩි වන්නෝ ය. 
2 ''
දෙවි පිහිටක් ඔහුට නැතැ''යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය. 
3
සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක. 
4
මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි; එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක.
5
මම වැදහෙව නිදාගනිමි; යළි අවදි වෙමි. මන්ද, සමිඳාණෝ මට රැකවරණය දෙන සේක.
6
දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.
7
සමිඳුනි, වැඩිය මැනව; දෙවිඳුනි, මා මුදාලුව මැනව. මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක; දුදනන්ගේ දළ බිඳලන සේක. 
8
ජය සිරි එන්නේ සමිඳුන්ගෙන් ය. ආසිරි ඔබ සෙනඟ කෙරෙහි වේ වා!

ශුද්ධ බයිබලය.