ධනය හා බලය යනු ජීවිතයට තෘප්තිය ගෙන දෙන
මුලාශ්‍ර නොවන අතර මේවා වැඩිවන තරමට අපට තිබෙන තෘප්තියත් ගිලිහී යනු ඇත. සැබෑ තෘප්තිය පැමිණෙන්නේ
සමිඳුන් තුළ භාවනා කරන්නාට පමණි. මෙම ගීතයේ
7 වන වගන්තියට අනුව ‘පැදුරු සෙවිලි කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ...’
ගීතාවලිය 4 වන පරිච්ඡේදය
1 මා රක්නා
මාගේ දෙවිඳුනි, මේ යාදින්නට පිළිතුරු දුන
මැනව. විපතේ දී ඔබ මා මිදූ සේක, මට කරුණාකර මේ යැදුමට සවන් දුන මැනව.
2 මිනිසුනි, ඔබ මට කොපමණ කල් හරසර වෙනුවට ගැරහුම් දෙන්නහු ද? නිෂ්ඵල දෙයට නැමී, මුසාවාදයට ඇදී යන්නහු ද?
3 සමිඳාණන් දැහැමි අය තමන්ට ම තෝරාගත් බව සිතට ගන්න. එතුමාණෝ මාගේ යැදුමට සවන් දෙන සේක.
4 බියෙන් ඇලළී ගියත් පාපයෙන් දුරු වන්න; සංසුන් සිතින් යහනට වී භාවනා කරන්න.
5 නියමිත පූජා සමිඳුන්ට පුදන්න; එතුමන් කෙරේ විශ්වාසය තබන්න.
6 ''අපට ප්‍රීතිය පෙන්වන්නේ කවරෙක් දැ''යි බොහෝ දෙන කියති. සමිඳුනි, අප වෙත ඔබ කුළුණැස යොමු කළ මැනව.
7 ධන ධාන්‍ය, මිදිපැන් බහුල ව ඇති අයට වඩා, ඔබ මසිත ඉමිහිරි ප්‍රීතියෙන් පුරවා ඇත.
8 මම ශාන්ත සිතින් සැතපී, වහා නින්දට යමි. මන්ද, සමිඳුනි, ඔබ පමණක් මට සුරැකි ව විසීමට වර දෙන සේක.

ශුද්ධ
බයිබලය.